රාගව් ඔයා හොදින් නේද….

මන්දිරා සුපුරුදු ලෙස දේශන අවසන් වී විශ්වවිද්‍යාලයෙන් පිටත පැමිණ රාගව්ගේ මෝටරථය ගොඩවන අතරතුර විමසන්න වුයේ …….

රාගව්ගේ මුහුණේ වු හැගීම් ඇයට තෝරා

ගැනීමට අපහසු වු බැවිනි..

රාගව් වදනක් හෝ කතා නොකර නිහඬව රිය ඔවුන් රැදි උන් බොඩිම වෙත රැගෙන ගොස් ඔහු රථයෙන් බැස බෝඩිම් කාමරය වෙත ගොඩ වුයේ මන්දිරා එනතුරු හෝ නොහිදය….

මේ මනුස්සයාට මොනා වේලාද……..

මන්දිරා තනිවම මුමුනමින් රියෙන් බසින්නට විය………

රාගව් ………….

ඇයි මේ…………………..

අනේ දෙයියෝ කතා කරන්නකෝ මාව බය නොකර ……..මොක්කද ප්‍රශ්නේ …..

කාමරයට පා තැබු මන්දිරාගේ නෙත ගැටුනේ සැහැල්ලු කලිසමක් පමණක් ගත දවටන් යහන මත දිගා වී දෑස් පියන් හිදින ඔහුයි..

කිසි දිනක ඔහුගේන් මෙවන් හැසිරීමක් ඈ දැක නොතිබු නිසා ඇයට දැනෙන්න වුයේ තිගැස්මකි…………………

රාගව් නිහඬව යහනෙහි හිද ගත් මන්දිරාගේ උකුල මතින් සිය හිස තබාගෙන ඇගේ දෑතක් ගෙන සිය ලය මතින් තබා ගෙන් ගැඹුරු සුසුමක් වාතලයට පා කරන්නට විය………

මැණික ………..

ම්……කියන්න රන්……….

හදිස්සියෙන් හරි ඔයාලගේ ගෙදරින් මේ සම්බන්දේට අකමැති උනොත් ඔයා මොකද කරන්නේ…….

රා…රාගව් ……..

හුම්…එහෙම උනොත් ඔයා මාව දාල යනවද….

මොනාද මේ කියවන්නේ…මන් මැරුණොත් ඇරෙන්න ඔයාව නම් දලා යන්නේ නෑ..

මන් මේ විහිලුවක් නෙවෙයි කරන්නේ..මට ඇත්ත කියන්න..මේ ප්‍රශ්නේ ටික් සීරියස් අරන් මට උත්තරයක් දෙන්න මැණික මේක සැහැල්ලුවට ගන්නේ නැතුව ………

අනේ රාගව් මන් කොහොමද එහෙම දෙයක් හීනෙකින්වත් හිතන්නේ ….කවදාහරි ගෙදරින් ඔයාට අකමැති උනොත් මන් වෙන කෙනෙක් කසාද බදින්නේ නැ .මැරෙනකන් ඔයා එක්ක මෙහෙම ඉන්නවා…….

මැණික විකාර කතා කියන්න එපා..ඔයා ගුරුවරුවරයෙක්…මේ මන් වගේ මැරෙයෙක් එක්ක ඔයා එහෙම ඉද්දී මිනිස්සු ඔයාට මොනා නොකියයිද ……..

මිනිසුන්ට නම් මොනවා කියන්න බැයිද…අපිට එයාලට ඕනි විදිහට ජිවිත් වෙන්න අපි එයාලගෙන් කාල බීලා ඉන්නේ නෑනේ රාගව් අපි හම්බකරගන්නවන්ම් අපි දෙන්නට අපි දෙන්න හොදට තේරුම් අරන් ඉන්නවානම් අපිට කාගෙවත් කතා වලින් වැඩක් නෑනේද ……

මොනද දේ උනොත් මන් ඔයාවනම් අතාරින්නේ නෑ …..එක ස්ථිරයි………..

එත් ඇයි ඔයා එකපාරටම එහෙම ඇහුවේ .

මන් අද ඔයාලගේ ගෙදර ගියා……

මොනවා ………

හුම්………..

අ..අම්මා අප්පච්චී මොනාද කිව්වේ .ඔයා අපි ගැන කතා කරන්නද ගියේ …..අප්පච්චී නම් ඔයාට කෑගන්න ඇති …ඇයි රාගව් හදිස්සි උනේ …….

කවදාහරි යන්න ඕනිනේ..මැණික ….මොකද හැමදාම මෙහෙ හොරෙන් ආදරේ කර කර ඉන්නද……..කසාද බදින්නේ නැද්ද ……

ඉතිං මොනාද කිව්වේ ………

ම්……..

පොඩ්ඩක් ඉන්න රාගව් …..අප්පච්චී කෝල් කරනවා……

අ…අප්පච්චී ……….

” මේ දැන්ම ගෙදර එනවා…..”

” එ..එ…එ..එත් අප්පච්චී මේ දැන්…..”

” සුදු මැණිකේ මගේ යකා අවුස්සගන්නේ නැතුව මේ දැන්ම එනවා.මන් සිරිපාල එවාල ඇත්තේ එ මනුස්සයා දැන් ඔය ලග පාතම ඇති ..රස්සාවට කියලා ඇවිත් මගුල්නේ නටන්නේ…..තව වචනයක්වත් කතා නොකර ගෙදර එන්න……..”

” හ…හරි අප්පච්චී මන් එන්නම් …….”

ඇයි මැණික අන්කල් කතා කරේ …..

අ…අප්පච්චී මේ දැන් ගෙදර එන්නලු……

මොනවා මේ දැන් …..

ඔව් අප්පච්චී ඩ්‍රයිවර් එව්වලු…..

මන් මෙහෙම්ම යන්නම් නේද…….

ඊට කලින් මට කියන්න මොක්කද අපේ ගෙදර ගිහින් උනේ …….

අපි එ ගැන කතා නොකර ඉමු මැණික ….මන් වගේ අනාථ්යෙක්ට ඔයා වගේ කෙනෙක්

දෙන්න එයාල පොඩ්ඩක්වත් කැමති නෑ……

රා….රාගව් ………..

ශ්….ශ්……ඔය ඉතිං අඩන්න එපා..මැණික මටත් දුකයි.එත් මොනා කියලා කරන්නද..ඔයා ගෙදර ගිහින් එන්නකෝ අපි ඊටපස්සේ මේ ගැන කතා කරමු….

මාත් එන්නම් ඔයා එක්ක යන්න…..

එපා..රාගව් අප්පච්චී ඔයාට ගහයි….

එකට කමක් නෑ….මැණික ..ඔයාව මෙහෙම රෑ වෙලා තනියම යවනවට වඩා එක හොදයි.ගිහින් වොශ් එකක් දාන් ලෑස්ති වෙන්නකෝ…අපි දෙන්නම යන…මන් ටවුන් එකෙන් බහින්නම් එතකොට කවුරුත් දන්නේ නෑනේ…..

හුම්…..

ආ…..ඔය එන්නේ මලෙන් උපන් කුමාරිහාමි ..තොට ලැජ්ජාවක් කියලා එකක් නැද්ද ..කිසිම දෙයක් නොදන්න බබා වගේ ගෙට රින්ගම ලස්සන…කිසිම විලිසන්ගයක් නැතුව පොඩි එව්වෝ එක්ක මගුල් නටලා නටලා..ගෙට එන ලස්සන……

අම්මා ……..

ඔව් ඔව් උබලට මන් මොනා හරි කිව්වහම වැරදි මේකි නටන්න පුලුවන් වන්නම් දහඅටම නටලා ආවහම උබලා එකතුවෙලා මෙකිද පිලිගනිල්ලා ඉහෙ මුදුනේ තියාගෙන.

සුදු මැණිකේ …ගිහින් ඇග පතා හෝදන් ඇදුමක් දාගෙන එන්න මට පොඩ්ඩක් කතා කරන්න ඕනි…….

හ..හරි අප්පච්චී……

දැන් කොච්චර කාලයක් වෙනවද ඔය සම්බන්දේට …….

අ..අප්පච්චී ……..

මේ..මේ අවුරුද්දකට කිට්ටුයි…

ම්….දැන් ඔය ලමයා ගැන හැමදේම සුදු මැණිකේ දන්නවද….

ඔ..ඔව් අප්පච්චී …..

එ ලමයාගේ කොහොම කෙනෙක්ද…අතීතේ කොහොමද කියලාත් දන්නවද…..

ඔව්..අප්පච්චී මන් දන්නවා අප්පච්චී එයාව හදාගත්තේ කියලා …

හරි …..

එතකොට සුදු මැණිකේ හිතනවද එ වගේ දරුවෙක්ට අපි කැමති වෙයි කියලා….

මන්දිරා අපහසුවෙන් උවත් හිස දෙපසට සොලවන්න වුයේ .කෙදිනකවත් ඔහු හා සිය විවාහය කැමැත්ත නිවෙසින් නොලැබෙන බව හොදින්ම දන්නා නිසාවෙනි …….

බොහොම හොදයි…එහෙනම් ඒ දරුවව අමතක කරලා ලෑස්ති වෙන්න අපි ලෑස්ති කරන කෙනා කසාද බදින්න ….

අප්පච්චී ………

ඔව් කියන්න…………..

මට එයාව බදින්න ඔයාලා කැමැත්ත දෙන්නේ නැත්නම් මන් කවමදාවත් කසාද බදින්නේ නෑ…………මට සමාවෙන්න අම්මා අප්පච්චී ………..

මොක්කද එයාට දුන්න හදවත තව කෙනෙක් දෙන්න මට බෑ………ඔයලා බය වෙන්න එපා මන් තාම මේ ගෙදරින් ගිය දෝණීම තමයි..මට කොච්චර ආදරේ කරත් රාගව් අද වෙනකන් මාව ගෙදරින් ගිය විදිහට පරිස්සම් කරා……

එත් මට වෙන කෙනෙක් එක්ක කසාද බදින්න නම් බෑ……ඔයාලා මට එහෙම කරන්න කියලා බල කලොත් මට සමාවෙන්න අම්මා අප්පච්චී මන් ජිවත් වෙන් එකක් නැති වෙයි…….

සුදු මැණිකේ ……

තමුන් හදන්නේ අපිව බය කරලා ඔයාට ඕනි දේ කරන්නම් එවා මේ අප්පච්චී එක්ක බෑ……හෙට එ දරුවාගේ ගෙදරින් එනවා..අපි හැමදේම ලෑස්ති කරලා තියෙන්නේ .

හෙට ඔය දෙන්නාගේ කසාදේ වෙනවා එක ස්තීරයි ….

යන්න දැන් ගිහින් අම්මා එක්ක නිදා ගන්න හෙට වැඩ වැඩි දවසක්……….

අප්පච්චී …………

කතාව ඉවරයි..මගේ තිරණේ අන්තිම තිරණේ හෙට මේ ගෙදර ඔයාගේ කසාදේ වෙනවා එච්චරයි……

මතුසම්බන්ධයි