38 වන කොටස

“මම ඔයාගේ දිෂ්..ඔයා මාව ඔයාගේ කරගන්න.එතකොට මාව ඔයාගෙන් වෙන් කරන්න කාටවත් බෑ.”

“නෑ ශේෂා…හදිසියේ මට මොනවා හරි දෙයක් වුනොත් ඔයාට වෙන්නේ මොකක්ද ??මට මොනවා හරි වෙච්ච දවසක ඔයා නම්බු පිටින් වෙන පිරිමියෙක් ලගට යන්න ඕනේ..”

ඔහුගේ ඒ වදන් ඇගේ සිත රිදවන්නට විය ..

ඇය ඔහුගේ පපුවට මිට මොළවා ගසන්නට වූයේ හිතට දැනුණු ආවේගය වැඩිකමටය.

“ඔයා මට ඇත්තටම ආදරේ නෑ..ඔයා මට ඇත්තටම ආදරේ නම් ඔයාට මම වෙන කෙනෙක් ළඟට යනවා කියල හිතන්නවත් බෑ ..”

“නෑ ශේෂා මම ඔයාට ආදරේ නිසායි මම ඔයාව මේ පරිස්සම් කරන්නේ…ඒක තේරුම් ගන්න..ඔයාගේ වටිනාකම නැති කරන්න මට ඕනේ නැහැ…ඔයාව මම මගේ කරගන්නේ මෙහෙම නෙමේ…ශේෂා…”

දිසෙන් එසේ කීවේ හඬමින් සිටිනා ඇගේ දෑස් පිසදමමිනි…ඈ කදුලැලි අතරින් සිනාසුණේ තමන් ඔහු ගැන වැරදියට සිතුවත් ඔහු තමාට කෙතරම් ආදරේදැයි සිතමිනි.

“අපි නිදාගමු ශේ….”

ඇය ඔහුගේ ළයේ හිස තබාගෙන ඔහුට තුරුළු වී හුන්නාය.විටින් විට ඈ ඔහුගේ නිරුවත් ළය සිපගනිමින් සුරතල් වෙද්දි දිසෙන් සිටියේ අසීරුවෙන් සිතට දැනුණු හැඟිම් යටපත් කරගනිමිනි…

ඔහු ඇගේ මුහුණට නැඹුරු වී ඒ පිරුණු රෝස දෙතොල් දෙස මොහොතක් බලා සිටියේය ඔහු ඇයගේ ගැහෙන දෙතොල් වලට බරවූයේ එක් ඇසිල්ලකිනි..

ඇයද ඔහුගේ හිසකෙස් දෑගිලි වලින් පිරිමදින් ඔහුට තව තවත් අනුබල දෙද්දී ඔහු හුන්නේ ලොවම මොහොතකට අමතක වු පරිද්දෙනි…

මදුවිත හැමදේකටම වඩා ඇය මත් බෙහෙතක් බඳු යැයි ඔහුට සිතුණේ ඒ චුම්බන වලින් ඔහුගේ මුළු ගතම රත්වී යද්දීය…

මොහොතකින් ඔහු ඇගෙන් මිදුණේ තවත් මේ චුම්බන වලට නතු වූවොත් තමාට තමා අමතක වී යනු ඇතැයි සිතා බියට පත්වීමෙනි…

“ශේ.මාව අවුස්සගන්න එපා කෙ/ල්/ලේ.මට මාව කන්ට්‍රෝල් කරගන්න බැරිවෙයි…”

සැබෑ පිරිමියා සිය ගැහැණියව,පෙම්වතියව ඇහිපිල්ලමේ තබා රකින බව ඈ මීට පෙර අසා තිබුණත් එය සැබෑවක් බව ඇයට සිතුනේ අදය මේ මොහොතේය..

ඇය ඔහුගේ පපුවට බරවී එහි හිස තබාගෙන ඇස් පියාගෙන සිටියේ මේ තරම් ආදරයක් විඳීමට තමා කෙතරම් වාසනාවන්තදැයි සිතමිනි…..

සෙහන්සා පාන්දරම නිවසට පැමිණියේ කිසිවෙකුවත් ඇහැරීමට පළමුවය..ඇය තමා ළඟ වූ අමතර යතුරෙන් දොර විවර කර ගෙට ඇතූළු වුයේ ශබ්දයක් නොනැගෙන පරිදිනි..

ඇය කුටිය තුළට නිහඩව පිවිසියත් ඇඳ මත වාඩිවී හුන් තැනත්තිය දැක ඇය එක්වරම තිගැස්සි ගියාය..

“ශේෂා..දැන් වෙලාව පාන්දර පහයි..මෙච්චර වෙලා තමුන් මොනවාද කරේ.?.”

“අම්මා දන්නවානේ මම අම්මාට කියලානේ ගියේ ..ක්ලබ් යනවා කියලා…”

සෙහන්සා එසේ කීවේ තමා දෙස ගිනිපිටවෙන දෑසින් බලා සිටින මවගෙන් දෑස් ඉවතට ගෙන බිම බලාගෙනමය..

“ක්ලබ්. ..ක්ලබ්..ඔයානම් කවදාවත් මට්ටු වෙන කෙනෙක් නෙමෙයි ශේෂා…ඔයාට ඔහොම ඉන්න දුන්නා හොඳටම ඇති….මම තව වැඩි කාලයක් ඔයාට නටන්න දෙන්නේ නෑ ඒක මතක තියාගන්න ශේෂා….”

“අම්මේ ..ලෙක්චර්ස් දුන්නා ඇති.මට දැන් නිදාගන්න ඕනේ…”

“මේ සේරම අපේ වැරදී.ඕනාවට වඩා හුරතල් කරා සැපට හදලා මේ සේරම වුණේ….”

ජයන්ති සෙහන්සාගේ කුටියෙන් නික්මුණේ සෙහන්සාට එසේ බැන වැදීමෙනී…

“අක්කේ…අම්මා කතා කරනවා ඉක්මනට එන්න….”

දුලන්සා කීවේ සෙහෙන්සාගේ කුටියට එබෙමිනි…සෙහන්සා හිටියේ ඇඳමත වාඩී වී කඳුලැලි සලමිනි..

ඔහුට ආදරය කරමින් මෙසේ වෙනකෙනෙකු වෙත යාමට හිත හදාගත නොහැකිව ඇය සිටියේ ලතැවෙමිනි..

“මට බෑ..ත/මු/සේ යනවා..

“මාව බලන්න නෙමෙයිනේ..ත/මු/සේ/ව බලන්නනේ ඇවිත් තියෙන්නේ…යනවා අම්මාව තරහ ගස්සන්නේ නැතුව..”

“මම මේකට කැමති නෑ…”

සෙහන්සා කීවේ ඇඳ විට්ටමට හිස තබාගෙන දෑස් පියාගෙනමය.

දුලන්සා හැඬීමෙන් රත් පැහැ ගත් සොයුරියගේ මුහුණ දෙස බලා සිටියේ නිහඬවය.

දිසෙන් සැබැවින්ම බෙහෙවින් කඩවසම්‍ ය..ඕනෑම යුවතියක් ඔහුගේ පෞර්ෂය ඉදිරියේ වසඟවීම සාමාන්‍යය.තමසිත පවා දිසෙන් ඉදිරියේ සසල වූ අන්දම දුලන්සාට අද ඊයේ මෙන් මතකය.මෙතෙක් දවස් තමා සොයුරියට බැන වැදුණත් ඇයට පළමු වතාවට සොයුරිය ගැන අනුකම්පා සිතිණි…

දුලන්සා සෙහන්සාගේ සයනයේ ඈට යාබදව හිඳ ගත්තේ නිහඬවමය.

“අක්කේ ඔය හිතේ තියෙන දේවල් අමතක කරලා දාන්න…ඕවා කවදාවත් වෙන දේවල් නෙමෙයි කියලා දන්නවානේ…මම හිතුවේ ඔයා ඕක ජොලියට කරනවා කියලා..”

සෙහන්සා හිස ඔසවා දුලන්සා දෙස බැලුවේ කඳුළු පිරි දෙඇසිනි…

“එයා මගේ ජීවීතේම නංගී.මම එයාට ගොඩක් ආදරෙයි…මට එයා නැතුව ඉන්න බෑ නංගී…”

සෙහන්සා දුලන්සාගේ උරහිසට හිස තබාගෙන ඉකිබිඳින්නට වූවේ සිතට දැනුණු දුක පහවී යනතුරාය..

“මම අක්කාට මුල ඉඳන් කිව්වා අක්කා..ඕක හරියන දෙයක් නෙමෙයි කියලා …නොගැලපෙන දේවල් පස්සේ ගියාම ඉතුරු වෙන්නේ දුක විතරයි …”

මෙතෙක් දවස් තමාටත් දිසෙන්ටත් ඇනුම් පද කියමින් දුලන්සා එසේ හැසිරුනේ ඒනිසා වියයුතුයැයි සෙහංසාට සිතුණි…

කවුරුන් කෙසේ විරුද්ධ වුණත් හිත නැවතෙන්නේ ආදරය දැනුනු තැනය ..කෙතරම් පවුරු වළලු තහංචි වැටකඩොලු බැන්දත් එක සිතින් පෙම් කළ ඇත්තන්ව වෙන් කිරීමට කිසිවෙකුට නොහැකි යයි සෙහන්සාට සිතුනි…තමන්ව බැලීමට මනමාලයන් එක් අයකු නොව දසදෙනකු පැමිණියත් තම සිත වෙනස් කිරීමට කිසිවෙකුට නොහැකි යැයි සෙහන්සා සිත දැඩි කර ගත්තාය ..

දෑසට ඉනූ කඳුළු සෙහන්සා පිටි අල්ලෙන් පිස දැමුයේ එක් ක්ෂණයකිනි.සෙහන්සා ගේ අගුලු නොදැමූ කුටියේ දොර ඇරගෙන ඒ සමඟම කුටියට පිවිසියේ ජයන්තිය …

ජයන්ති සිය වැඩිමහල් දියණියත් බාල දියණියත් දෙස බැලුවේ නොරිස්සුම්සහගත බැල්මකිනි.

“මොනවද ඔය දෙන්නා කරන්නේ ..අක්කා නැති තැන මම නංගිව එව්වා..දෙන්නාම ඒ ගමන කාමරේ අස්සට වෙලා ඉන්නවා…ශේෂා ඔයා තාම ලෑස්ති වුණේ නැද්ද ?”

“කොහේ යන්න ලැස්ති වෙන්න ද ?..”

සෙහන්සා එසේ ඇසුවේ කිසිවක් නොදන්නා පරිද්දෙන් යැයි ජයන්තිට සිතිණි..ජයන්ති තම වැඩිමහල් දියණියගේ මුරණ්ඩු අනම්‍යශීලී බව ගැන යටි සිතින් තමාටම දොස් පවරා ගත්තේ තමාගේ සුබසාධන වැඩ නිසා සෙහන්සා ව හරිහැටි හසුරුවගැනීමට ඇයට නොහැකි වීම නිසාය ..

“මොකුත් දන්නැති විදිහට කතා කරන්න එපා ශේෂා..ඩීඅයිජී සේනාධීර ගේ පවුලේ අය අද මෙහේ එනවා කියලා ඔයා කලින් ඉඳන් දැනගෙන හිටියා නේ …අන්න ඒ මිනිස්සු ඔයාව හොයනවා ..”

“මට බෑ මම ඔය මැරේජ් එකට කැමති නෑ…”

“සෙහංසා මම මෙච්චර කල් ඉවසන් හිටියා …ඒත් තවත් මේ දේවල් ඉවසන් ඉඳියි කියලා හිතන්නෙපා..ඔයා අර කො/ල්/ල/ත් එක්ක මොන වගේ සම්බන්ධයක් තිබ්බත් අපි ඒකට කවදාවත් කැමැත්ත දෙයි කියලා හිතන්නවත් එපා … ඔයා මෙච්චර දවස් කලේ ඔයාට ඕන දේවල් …ඒත් මීට පස්සේ කරන්න ඕනේ අපිට ඕනේ දේවල් .. “

ජයන්ති එසේ කීවේ සෙහන්සා වෙත සිය දබර ඇඟිල්ල දිගු කරමිනි..

මව මෙසේ සෙහන්සා යනුවෙන් අමතන්නේ පාලනය කරගත නොහැකි තරමට කෝපයෙන් පසුවන අවස්ථාවල යැයි සෙහන්සා දන්නා නිසා සෙහන්සා මද වේලාවක් නිහඬව හිටියාය.. ..

“හොඳ ඇඳුමක් දාගෙන සාලෙට එනවා …’..

“ඒක හරි අසාධාරණයි..මට අවුරුදු 18 ට වැඩියි..මම වැඩිහිටියෙක්…මම මැරි කරන්නේ කාවද කියලා තීරණය කරන්න මට අයිතිය තියෙනවා …ඇයි ඒ අයිතිය මගෙන් උදුර ගන්නේ.මම ජීවත් වෙන්නේ වෙන්නේ කා එක්කද කියලා මට තීරණය කරන්න ඉඩදෙන්න …”

“ඔයාලා මේ සමාජයේ තැලිලා පොඩිවෙලා හැදිච්ච අය නෙවෙයි ..ඔයාලට මිනිස්සු ගැන ජීවිතය ගැන තේරෙන්නෙ නෑ …ඒකයි ඔයා ඔය කො/ල්/ලා මත්තෙ නැහෙන්නේ …ඔයාට මේ අම්මවයි තාත්තවයි ඕනේ නම් ඔයා වැඩ කරන ඕනේ අපිට ඕනේ විදිහට ..හැබැයි ඔයා වැරදිලා හරි ඒ කො/ල්/ලා/ව තෝරා ගත්තොත් එදා ඉඳලා ඔයාට අපිත් නෑ මේ කිසිම දෙයක් නෑ ….අපිට ඔයා වගේ ළමයෙක් හිටිය නෑ කියලා හිත හදාගන්නවා..මේ සේරම නංගීගේ නමට ලියලා දෙනවා..එතකොට බලමුකෝ අර හි/ඟ/න්/නා එක්ක සතුටින් ජීවත් වෙන විදිහ ..”

සෙහන්සා මවගේ වදන් ඉදිරියේ මොහොතක් නිරුත්තරව සිටියාය …

මේ මොහොතේ ඇයව තරහා ගැන්වීම නොව සිදුකල යුත්තේ මොළයෙන් කල්පනා කර ක්‍රියා කිරීම යැයි සෙහන්සා සිතුවාය…

“මට චේන්ජ් කරගන්න බෑ …මේ ඇඳුම හොඳයි ..මම පල්ලෙහට එනවනම් එන්නේ මේ ඇඳුම ඇඳගෙන..”

“ශේෂා තමුන් දවසක විනාශ වෙන්නේ තමුන්ගේ හිතුවක්කාරකම නිසා ..ඒක හොඳට මතක තියාගන්නවා..ඇඳුම නම් කමක් නෑ..ඒත් බලන්න ඔය මූනේ හැටි ..අඩලාම මූණ තඩිස්සි වෙලා රතු වෙලා..අඩුම ගානෙ මූණ හෝදගෙන වත් එනවා..”

“මම අක්කා ව එක්කගෙන එන්නම්..අම්මා පහලට යන්න ..”

දුලන්සා එසේ කිමත් සමග ජයන්ති සෙහන්සා ගේ කුටියෙන් නික්ම පහළ මාලයට ගමන් කළාය..

සෙහන්සා නිහඬව නාන කාමරය වෙත ගොස් මුව කට දොවා ගෙන පැමිණ අවුල් වූ හිසකෙස් පීරා ගත්තේ ඕනෑවට එපාවට මෙනි..

“අක්කේ වෙන ඇඳුමක් ඇඳ ගන්න ..”

“මට බෑ මේක හොඳයි ..”

සෙහන්සා කන්නාඩි මේසයේ වූ කැඩපත ළඟට ගොස් සිය මුහුණ බැලීමටවත් කාලය මිඩංගු නොකොට දුලන්සා සමගින් පහළ මාලයට ගමන් කළාය …

සෙහන්සා තමා දෙස බලාගෙන සිටින උසේ තරමටත් වඩා මහත ශරීරයක් හිමි ඒ තලෙළු තරුණයා දෙස බලාගෙන සිටියේ නොරිස්සුම්සහගතවය..

දිසෙන් ගේ පැත්තකින් වත් ඔහුව තැබීමටවත් නොහැකි යැයි සෙහන්සා ට සිතුනි…මොහු ළඟ නැති බොහොමයක් දේ දිසෙන් ලඟ ඇත ..අඩුවට ඇත්තේ දුප්පත්කමත් ඉහළ පෙළේ රැකියාවක් නොමැතිකම පමණි.

මව විසින් පිළිගැන්වූ තේ පානය කරමින් ඔහු තමා දෙස ඇසිපිල්ලන් නොගසමින් බලා සිටින්නේ මීට පෙර කාන්තාවක් නොදුටු පරිද්දෙන් යැයි ඇයට සිතිණි …ඇය කට කොනකින් සිනා සුණේ අපහාසයට මෙනි….

“එහෙනම් රෙජිනෝල්ඩ් අපි ළමයි දෙන්නට කතා කරන්න දෙමු නේද ?..”

“ඒක හොඳයි …එහෙනම් ඔය ළමයි දෙන්නා ගාඩ්න් එකට ගිහින් කතා කරලා එන්න..”

රෙජිනෝල් එසේ කීවේ සෙහන්සා දෙසත් ඒ තරුණයා දෙසත් බලමිනි.

සෙහන්සා මිදුලට ඔහු හා පියමන් කළේ ජයන්ති ඈ දෙස තරවටුවාත්මක බැල්මක් හෙළුවාටත් පසුවය.

“ශේෂා..අපි මෙතනින් වාඩි වෙලා ටිකක් කතා කරමු…”

ඔහු කීවේ මිදුලේ වූ උද්‍යානයේ ඇති සිමෙන්ති අසුනක් පෙන්වමනි.සෙහන්සා එක් අසුනක හිඳ ගත්තේ නිහඬවමය.ඔහු ඊට යාබද අසුනේ හිඳගත්තේ සෙහන්සාගේ රූබර මුහුණ දෙස වසඟවමෙන් දෑස් දල්වා බලමිනි…

හමුවෙමු මීළඟ කොටසෙන්