ආදරණීයම ඔයා…27

තාදී මගෙ මැණික..

ලිපිය ඇරඹී තිබුනේ එහෙමය. හොඳටෝම ආද රය දැනෙනා විට ධනුක මා ඇමතුවේ එහෙමය. දෙපයින් හටගන්නා වෙව්ලුමක් මුළු ගතම වෙ ලාගත් නිසා මා යහන මත හිද ගතිමි.

මම දන්නවා ඔයා මේ ලියුම කියවද්දි මං ජීවතු න් අතරෙ නෑ කියලා. මොකද මං ජීවතුන් අතර හිටියොත් මේක ඔයාට කියවන්න ලැබෙන්නෙ නැති බව දන්න නිසා. ඉතිං රත්තරං සමාවෙ න්න යන්නං කියලා යන්න බැරි වෙනවට නං.

අඬන්න එපා මැට්ටියෙ උ ඹ ඔහොම හොටු පෙරාගෙන අඬනකොට හරි කැතයිනෙ. කෝ කෝ ඉතිං හිනාවෙනවා දන්නවනෙ මං ඔය හිනාව දකින්න කොච්චර ආසද කියලා. මෝ ඩි වගේ අඬන්න එපා ඔහොම.

ජීවිතේ කවදාවත් කිසිම දෙයක් අතාරින්න මට මේ තරං අමාරු වෙලා නෑ මැණික. පපුව පැලෙ න්න තරං දුකයි. දාලා යන්න වෙනවා කියලා හිතද්දි මාව ගිනි ගන්නවා.

ඒත් රත්තරං මට යන්නම වෙනවා. බය වෙන් න එපා ගියාට මං පුළුවන් තරං ඉක්මනින් ලගට එනවා. දාලා යන්න ලෝබයිනෙ ඉතිං.

පිස්සි මොනවද ඔය කරන්න හදන්නෙ.. මෝ ඩි දැන් නං මං ඇත්තටම තරහා වෙනවා. යනවා යන්නම කොහෙන්වත් හොයන්න බැරිවෙන්න.

පිස්සු නටන්න හදන්න එපා. මටත් වඩා මට උ ඹ ව වටිනවා. මට මොනා උනත් උ ඹ ජීවත් වෙ න්න ඕනි. අර ලස්සන හිනාව ඔය ඇස්වල හැමදාම තියෙන්න ඕනි.

සෝනු මට වඩා දහස් ගුණයක් ඔයාට ආදරේයි තාදි ඔයා එයා හින්දා හිනා වෙලා ඉන්න ඕනි. මං වගේ කාලකණ්නියෙක් හින්දා ජීවිතේ නාස් ති කර ගන්න එපා.

ඇත්තටම සෝනුගෙ ආදරේ මැද්දට කඩාගෙන වැටිලා මමයි ඒකගෙ ආදරේ නැතිකරේ. ඒකා එ ක වකාවක් කීවනං ඒකා ආදරේ කරන්නෙ ඔයාට කියලා මම කවදාවත් ඔයාලා අතරට ⁣එන්නෙ නෑ එහෙම නං අපි කාටවත් අද මෙහෙ ම විඳව න්න වෙන්නෙ.

ඒත් ඒ කා ඔයාලෙ සතුට ගැන හිතලා ඒ හැම දේම හිතේ හංගගෙන තනියම දුක් වින්දා. ආද රේ කියන්නෙ එහෙම දෙයක් මැණික. සෝනු හිතුවා ඒ කා ලඟ ඉන්නවට වඩා මගෙ ලඟ ඉන්නකොට ඔයා සතුටින් ඉදී කියලා.

මම ඒක දැනගත්තෙ ඔයා මට ආදරේ කරන්න පටන්ගත්තට පස්සෙ. එතකොට නං ඔය ආද රේ නැතිකර ගන්න මට ලෝභ හිතුනා මැණික

ඔයා ආදරේ කරන විඳිහට කාටවත් ඔයාව අතෑ රගන්න හිතෙන්නෙ නෑ . ඔයා සෝනුව මැරි කරපු දවසෙ ඉදන් හැමදේම සෝනු මාත් එක්ක කීවා මම හැමදේම අතාරින්න හිත හදාග ත් තෙ ඔයා සෝනුත් එක්ක සතුටින් ඉන්නවා කිය ලා දැන ගත්තට පස්සෙ.

ඒකා ඒ තරං සතුටින් ඉන්නවා මම ඊට කලින් දැකලා නෑ. ඒක නිසා මගේ තීරනේ හරි කියලා මං හිතුවා සෝනුගෙන් උඳුරගත්ත ඒකගෙ ආදරේ ආපහු දීලා යන්න මට දැන් පුළුවන්.

දන්නවා කියන්නෙ නැතුව හිටපු ගමන් පැනලා ගියාට මාත් එක්ක තරහින් ඉන්නෙ කියලා. කිව්වනං කවදාවත් මෙහෙම යන්න වෙන්නෙ නෑ කියලත් දන්නවා.

ඒත් ඔය හිතට දුකක් දෙන්නෙ කොහොමද මං. මං වෙනුවෙන් අඬනවට වඩා ඔයා මට වෛර කරන එක මට දරා ගන්න පුළුවන් තාදී

මගෙ මුළු ජීවිත කාලෙම ඔයා වගේ කවුරුවත් මට ආදරේ කරලා නෑ මගෙ ජීවිතේ ලස්සනම දවස් ගෙවුනෙ ඔයා එක්ක ඔයාගෙ හිනාව එක් ක. ඔය හිනාව අමතක කරන්න මං මොන තර ම් මහන්සි උනත් අවසාන තත්පරේ වෙන කං මට ඒක කරන්න පුළුවන් වෙන එකක් නෑ.

ඉස්සරම දවස්වල වගේ මොකක් හරි කට කැඩිච්ච කතාවක් කියලා ඔයාව අවුස්සන්න මූණ බෙරි කරගෙන ඔයා බනිනවා අහන්න. බැනලා බැනලා අන්තිමට බොරුවට අඬනවා බලන්න ආයිම මට කවදාවත් එන්න වෙන්නෙ නෑ රත්තරං. මං වගේ කාලකණ්ණියෙකුට අර තරං ආදරේ දුන්නට ඔයාට පිං.

ඔයා වගේ කෙනෙක් ලබන්න මං පින් කරලා නැතුව ඇති. මේ කාලකණ්ණි අසනීපෙ දවසින් දවස මාව ජිවිතෙන් ඈතට අරගෙන යනවා. ඉතිං ආයිම ඔයා ලඟට එනවා කියලා පොරො න්දු වෙන්න මට බෑ. ලියන්න හුඟක් දේවල් තියනවා. ඒත් ඇඟිලි පණ නෑ දිගට ලියා ගන්න බෑ.

මං හින්දා අඬන්න වැලපෙන්න එපා. මෙච්චර දවසක් කතා නොකර හිටියා කියලා බනින්න එපා. මට ඕනි වුනේ ඔයාට මාව අමතක කර වන්න. මට වෛර කරන්න. මගෙන් ඈත් වෙලා ජීවත් වෙන්න හිත හදා ගන්න අවස්ථාවක් දෙන්න

ඔයාව කාට හරි භාර දෙන්න ලෝභයි තමා.ඒත් සෝනු ඒකට උ ඹ ව දෙන්න මං බය නෑ. මොක ද දන්නවා ඒකා මට වඩා ඔයාට ආදරෙයි

ඔයා මැරි කලා කියලා දැන ගත්තම මේ ලෝ කෙ වැඩියෙන්ම සතුටු වුනේ මං. මට තිබුන එකම බය ඔයා මං වෙනුවෙන් ජීවිත කාලෙම දුක්විඳී කියලා විතරයි. දැන් ඒ බය නෑ. මට සතුටින් මැරෙන්න පුළුවන්.

මම සෝනු ගෙන් පොරොන්දු වකක් ගත්තා මං ගැන මොනාත් ඔයාට කියන්න එපා කියලා
ඒක නිසා මේක කියවලා ඒකා එක්ක රණ්ඩු කරන්න එපා

පොරොන්දු වෙන්න ඔයා සෝනු එක්ක සතුටි න් ඉන්නවා කියලා. අර අපි හැමදාම හීන දැක් ක රෝස බෝනික්කිව මේ ලෝකෙට ගේනවා කියලා. ඔයා වගේ කෙනෙකුට ආදරේ නොකර ඉන්න කාටවත් බෑ

හැබැයි මං එයාට ඔයාව දෙන්නෙ මේ ආත් මෙ ට විතරයි. ලබන ආත්මෙ මං ඔයාව එයාගෙන් ඉල්ල ගන්නවා තේරුනාද.. ඒක එයාට කියලා තියන්න.

මේ ටික ලීවට පස්සෙ මගෙ හිතට ලොකු සැන සීමක් දැනෙනවා. දැන් යන්න හදන ගමන සතුටින් යන්න පුළුවන්. කෝ ඉතිං හිනාවෙ න්න කො.. ඔය හිනාව අන්තිම වතාවට දැකලා යන්න.

උ ඹ ලා දෙන්නම නැතුව එහෙ හරි පාළු ඇති තාදි පුළුවන් තරං ඉක්මනින් මාවත් ඔයාලා ලගට ගන්න එතකොට අපිට හැමදාම සතුටින් ඉන්න පුළුවන්.

තව දුරටත් එය කියවාගෙන යන්නට තරම් ඉවසීමක් මට තිබුනේ නැත. දෑස් නිලංකාරව යනවා මට යන්තමට මතකය. මාව කොහේ දෝ පාව ගි​යේය.

මා ඉදිරියේ සිටියේ ධනුකය. මම ඔහු වෙතට දිව ගි​යෙමි.

යන්න තාදි ඔයාට මෙ​හෙ ඉන්න බෑ යන්න..
ධනුක කීවේ රළු හඬකිනි.

බෑ මට ඔයා ලගට එන්න ඕනි…. මම ඔහුගේ සුර​තේ එල්ලුනෙමි. එය අයිස් මෙනි හීතලය.

ඔ​යා හීතල වෙලා…

ඔයත් හීතල වෙයි…තාදී යන්න මෙහෙන්

කමක් නෑ මට ඔයා ලග ඉන්න ඕනි…

ඔයාට මෙහෙ ඉන්න බෑ යන්න සෝනු ලගට ඒකට කවුරුත් නෑ…

මට සෝනු එපා මට ඕනි ඔයාව…

ඔයා සෝනු ලගට යන්න මං එන්නං ඔයාලා ගාවට..

බෑ මට මෙතන හොඳයි…

යන්න තාදී … ධනුක මා පහලට තල්ලු කලේය

හිස පුපුරන්නට එනවා සේය මුළු ගතම ගිනි ගෙන ඇවිලෙන්නේය. දෙතොල් වියලීම නිසාම එකට ඇලිලාය.

දෑස් විවර කරන්නට උත්සහ කලත් ඒවාත් එකට ඇලී ඇත.

අනේ ම​ගෙ කෙ ල් ල ට කොහොම කියපං ශාන්
…එයා එයා හොඳින් නේද….

ඒ හඬ සෝන්‍යගේය ඔහු උන්නේ වේදනාවෙ නි.

අපි හැමදේම කරනවා මචං ඒත් කෙ ල් ල ට සිහිය එනකං මොනවත් කියන්න බෑ…

දෙයියනේ දැන් දවස් හතරක්…

කලබල වෙලා මොනාත් කරන්න බෑ මචං ඉව සීමෙන් බලන් ඉන්නවා ඇ​රෙන්න..

කවදා වෙනකං ද ශාන් මේ කෙ ල් ල වි​ඳෝනවා උ ඹ ට තේරෙන්නේ නෑ…

මට උ ඹේ වෙදනාව තේරෙනවා සෝනු..අපි තව ටිකක් ඉවසමු…

හැබැයි මගෙ කෙ ල් ල ට මොනා හරි වෙලා තිබු නොත් ….

සෝන්‍ය එතරම් එතරම්ම මට ආදරය කරනා වග මම දැන සිටියේ නැත. දෙවියනි පසු ගිය කාලයේ ඔහු කෙතරම් වේදනාවක් දරා හිදින්න ට ඇතිද…

හමුවෙමු.

ආදරෙයි කතාව කියවන ලයික් කමෙන්ට් කරන හැමෝටම.