හත්වන_කොටස❄️💦
නිවස ඉදිරිපිට නැවැත්තූ සුඛෝපභෝගී මෝටර් රථයෙන් බැස ආවේ #සාකේත් ඔහු සඳරේනු විජේසිංහගේත් නාරද විජේසිංහගේත් වැඩිමල් පුතා….. ඒ කියන්නේ තුහින්යාගේත් සෙහන්ස්යාගේත් මස්සිනා…………
” ආහ්…… ආවා කියලා ආරංචි වුනා ඒකයි මේ බලලා යන්න ආවේ……..
සාකේත්ගේ කුපාඩි හිනාවට තුහින්‍යා කවදත් අකැමතී………. ඒ හින්දාම ඇය ඔහු හා වැඩි කතාවකට ගියේ නෑ………
” මොකද මේ යකෙක් දැකලා වගේ බය වෙලා……. ඒයි හන්සයා මොකෝ මේ අක්කා ඩිම් වෙලා………
” මේ මෝඩ ගොන්කේතයෝ……. මං හන්සයා නෙවේ මගේ නම සෙහන්ස්‍යා… හරියට නම කියන්න බැරි නම් වදේ කතා නොකර ඉන්නවා…..
සෙහන්ස්යාගේ කස පාරවල් වගේ වචන වලට සාකේත් නිහඬ වුනේ ඇය දෙසට තරවටු බැල්මක් හෙලමින්…….
” හරි හරි වාඩිවෙන්න අයියේ………
අම්මේ…………
සෙහන්ස්‍යා කීවේ අම්මටත් කතා කරමින්………… අම්මා ඇතුලේ ඉඳන් එලියට ඇවිත් සාකේත් දෙස බැලුවේ පුදුමයෙන්
” ආ….. මේ සාකේත් ලමයානේ…… මොකද මේ පැත්ත මතක් වෙලා…….
නන්දිතාගේ උපහාසය කැටි වුන කතාව වටහා ගන්නට සාකේත්ට හැකි වුනත් ඔහුට මේ වෙලාවේ තිබුනේ වෙනත් අරමුණක්………… ඒ තුහින්‍යා…… සාකේත් ඇයට කොතරම් කැමැත්තකින් සිටියත් තුහින්‍යාගේ පියාගෙන් ඔහුට කිසිදු අනුමැතියක් නොලැබුන බැවින් ඔහු සිටියේ තුහින්‍යාගේ පවුල සමගින් තරහකින්……….. විවාහය අත්හැරී පැමිණි තුහින්‍යා දකින්නට සාකේත් මේ පැමිණියේ අන්තිම පහත් සිතුවිලි පෙරදැරි කරගෙනය………….
” ජීවිතේ හැටි ඔහොම තමා නංගි…… ගනන් ගන්න එපා….. දැන් ඔයා මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ………..
සාකේත් ඉතාම හොඳ පුද්ගලයෙක් බවට පත්ව ඇසුවේ විනීතවයි……..
” මොනවත් නෑ අයියා….. බලමු ඉස්සරහට………
” නැන්දේ මං මේ ආවේ වැදගත් දෙයක් කියන්නත් එක්ක……..
” මොකක්ද ළමයෝ……….
” මට පුළුවන් ඕනැ නම් දෙව්සිත්මිට හොඳ ජොබ් එකක් හොයලා දෙන්න…….
නමුත් නන්දිතා ඊට නිසි පිලිතුරක් නොදුන්නාය………
” මාමා ආවම අහලා කියන්නම්……. මේ වෙලාවේ එයාව රස්සා වලට යවන්න මාමා කැමති වෙන එකක් නෑ……….
සාකේත් මොහොතක් නන්දිතා දෙස බලා හිඳ සුසුමක් හෙළුවේය……..
” මං හැදුවේ උදව් කරන්න…….. නංගි හොදට ඉගෙනගෙන තියන නිසා හ්ම්ම්ම්ම්.. මාමා එක්ක කතා කරලා බලලා මට කියන්නකෝ….. මං එහෙනම් ගිහින් එන්නම්…….
සාකේත් ආව කාරණය ඉෂ්ඨ නොවුන බැවින් එළියට බැස්සේ මදක් කනස්සල්ලෙන් වගේම ඔවුන් ගැන ඇති වුන කෝපයෙන්…….
” කසාදේ කඩාගෙන ඇවිල්ලත් මේකිගේ ලොකුකමයි ආඩම්බර කමයි නම් අඩුවක් වෙලා නෑ…….. බලමුකෝ…… මං උඹව එක දවසකට හරි මගේ කරගත්තේ නැත්තම් මං සාකේත් නෙවේ දෙව්සිත්මි…….
සාකේත් ගියේ තමාටම මුමුණගනිමින්…… නන්දිතා ඔහු යන දෙසට අවඥාසහගත සිනාවක් පා දියණියන් දෙදෙනා දෙස බැලුවාය……
” පුදුම මිනිස්සු…….. මං හිතුවා අම්මා විතරයි කියලා නරක බලපුවම පුතන්ඩියත් ඒ වගේ………ආවා මෙතන රස්සාවල් හොයලා දෙන්න….. යකෝ මගේ දරුවන්ට කන්න අදින්න දෙන්නේ මුන්ද
නන්දිතා කෝපයෙන් පවසා ගෙතුලට යන විට තුහින්‍යාත් සෙහන්ස්යාත් මුහුනෙන් මුහුණ බලාගත්හ…..
” පරෙස්සම් වෙලා ඉන්නවා ලොකූ…… ඔය ගොන්කේතයා මහ වල් කුපාඩියා……
සෙහන්ස්‍යා කීවේ ඇතුලට යන ගමන්……. තුහින්යාටත් එය නොසිතුනා නොවේ………. සමාජය ගැන කවර කතාද තමන්ගේම නෑදෑයින් තමන්ට වුන ඛේදවාචකයෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදන විට……..
සාකේත් තුහින්‍යාගේ පියා හමුවුනේ වටවන්දනා මාවතේදීයි……… සුඛොපභෝගි වාහනය ඔහු ඉදිරියේ නැවැත්වූ සාකේත් වීදුරු කවුළුව පහත් කලේය……….
” ආ මාමේ….. මං මේ ඒ පැත්තේ යන්නේ නගින්න………
රණසිංහ මහතා වාහනයට නැගුනේ අකැමැත්තෙනි……..
” මොකද මාමේ පයින්ම කෝ අර ඔයාගේ දඬුමොණරය………..
රණසිංහ සිනාසුනා පමණි……..
” අනේ මන්දා මාමේතනි රස්සාවෙන් අද කාලේ හැමදේම කරගන්න බෑ තමයි ඒකනේ මං දෙව්සිත්මිට හොඳ ජොබ් එකක් කතා කලේ…… කෝ ඉතින් කවුරුත් කැමති නෑනේ………..
” ලොක්කි කොහේවත් වැඩකට යවන්නෑ සාකේත්……… එයාට මං ජොබ් කරන්න දෙන්නෑ………
එය ඔහුගේ අවසන් තීරණයයි……….. සාකේත් කේන්තිය පාලනය කරගෙන වාහනයේ වේගය වැඩි කලේය……කරන කිසිවක් හරියන්නේ නැත…….. තුහින්‍යාගේ පියා නිවසට ඇරලවා ඔහු මද වේලාවක් ඇගේ.නිවසේ රැදී සිට පිටව ගියේය………….
ඔහු කෙලින්ම ගියේ ඔහුගේ නිවාඩු නිකේතනයටයි…….
” සාකි……. උඹ ආවද……. මොකද නිකම් අවුලෙන් වගේ……….
ඔහු එන පෙරමගට පැමිණි නවීන් අැසුවේය……
” කරන කිසි දෙයක් හරියන්නෑ බං…… ඒකිගේ ගෙදරවුන්ගේ පුදුම ලොකු කමක් තියෙන්නේ යකෝ……….
” මචං සාකි……… මොකක්ද උඹ ඔය නටන්න හදන නාඩගම…….. දෙව්සිත්මි කියන්නේ දික්කසාද වෙන්න ඉන්න කසාද ජීවිතය කඩා ගත්ත ගෑණියක් බං…… උඹ කොච්චර පස්සෙන් ගියත් ඒකි උඹට කැමති වෙන්නෙත් නෑ…… උඹේ අම්මලා ඒකට කැමති වෙන්නෙත් නෑ……………
එය අසා සිටි සාකේත් ඔහු වෙත හෙළුවේ සරදම් සිනාවකි………
” කවුද බං බැඳපු ගෑණියක්ව බඳින්නේ…… මට ඔිනි ඒකිගේ ලොකුකම බස්සලා පොඩි ෆන් එකක් ගන්න විතරයි……….
” පිස්සුද සාකි……. තවත් ඒ මනුස්සයෝ අසරණ කරන්න එපා……. දැන් ඔය වෙලා තියන හරිය හොඳටම ඇතිනේ….. කොහොමත් ලොකුකම බැහැලා ඇත්තේ……….
” උඹ උඹේ වැඩක් බලාගනින් මගෙ වැඩ වලට ඇඟිලි නොගහ………..
කෝපයෙන් පැවසූ සාකේත් පිටව ගියේ නවීන් දෙස එක් වරක් බලාය……..
” මොකෝ බං නවී අයියේ අරෑ උඹට සද්දෙන් කෑ ගැහුවේ……
සාකේත්ගේ මල්ලි කවීෂ් ඔහු ලඟට ආවේ සිය පෙම්වතියත් සමගින්…..
” දන්නැද්ද මල්ලි…… ඌ ඉතින් කෝමත් ඉන්නේ එහෙමනේ…..
නවීන් මේ කිසිවක් ඔහු හා පැවසුවේ නැත……… අහිංසක දෙව්සිත්මි ගැන ඔහුට ඇති වුනේ දුකකි……..
______💜️_____
යායට සැදුන රෝස පොහොට්ටු නික්ම යාමට නියමිතය………. අද භූමි ඔහුගේ පළමු මල් අස්වැන්න විදේශගත කිරීමට සැරසෙයි…………..විදේශීය මල් සැකසුම් හා අපනයන ආනයන සමාගමක් වන Golden flora ආයතනය මගින් ඔහුගේ රෝස මල් ලබා ගැනීමට තීරණය කලේ ඒවා නියමිත ප්‍රමිතියට ඉතාමත් සාර්ථක මට්ටමේ තිබුණු බැවින්……. එම ආයතනයේ නියෝජිතයින් දෙදෙනෙකු හා සේවකයින් කීප දෙනෙක් පැමිණියේ ඒවා රැගෙන යාමටයි……..
“ෂා…….. Mr වික්‍රමනායක හිතුවටත් වඩා හොදට තියනවා……… red roses white roses වගේම yellow pink වලටත් හොඳ market එකක් තියනවා……… මං හිතුවා ඇත්තටම වික්‍රමනායක කියද්දි වයසක මනුස්සයෙක් කියලා……. ආවමනේ දන්නේ මේ නියම කොල්ලෙක් කියලා….. මොනා වුනත් මල් ටික නම් ඉතාම හොඳයි…… අපි දිගටම මල් ගන්නවා…….
Golden flora හි නියෝජිත රාමනායක මහතා ඔහුව සෑහෙන්න වර්ණනා කලේය……… එපමණක් නොව ඔහු පහත බෑවුම් වල ඇති ක්රිෂාන්තිමම්,,, බේබිස්බ්රෙත් හා ඩේසි මල් වගාවන්ද නිරීක්ෂණය කලේය…….. ඊටත් පහලින් ඇති ඇස්ටෝරියා මල්ද හොඳ මට්ටමේ තිබුණි………..
” එහා පැත්තේ කොටසේ ලිලී ටිකක් දැම්මොත් මොකද Mr වික්‍රමනායක……
” ඔව් මාත් හිතාගෙන ඉන්නේ එහෙම තමයි………. මේ මං හිතන්නේ මට භූමි කියලා හරි අහස්ගව් කියලා හරි කතා කරනවා නම් හොඳයි…….. වික්‍රමනායක කියලා කියන්න ඔිනි නෑ…………
” ආහා ඒකත් එහෙමද එහෙනම් අහස් මහත්තයාත් මට නිහාර කියලා කතා කරන්න…. අපි ඉතින් එකම වයස් වල කොල්ලෝනේ…….
භූමි කොහොමත් ඉතා සුහදශීලි අයෙකි……. කොහොමත් ඔහු ඇති කරගන්නා මේ මිතුරුකම් කිසිදා බිඳෙන්නේ නැත……… ඔහු වෙනුවෙන් සියල්ල අත්හැර නව ජීවිතයක් සොයා තෙනුක ධනු තරුන් හා රජීව් ආවේද එනිසාමයි……… ඒ ලෙංගතු මිතුදම නිසාමයි………..
” මෙච්චර ලස්සන රෝස මල් හදන අහස්ගේ රෝස මල කෝ අපි දැක්කෙ වත් නෑනේ……. නෝනා ගෙදර වෙන්න ඇති…….අපිත් ආසයි නෑනව දකින්න……
නිහාර කියද්දි භූමිට හරි ලස්සන හිනාවක් ගියා……….
” තාම රෝස මලක් තියා නිදිකුම්බා මලක් වත් නෑ බං…….
” නෑහ්…… වෙන්න බෑනේ………
නිහාරට පුදුම සිතෙන එක සාධාරණය….. හරි විදිහට බැලුවා නම් දැන් භූමිට විවාහ වී දරුවන්ද සිටිය යුතුය……… ඔහුට වයස අවුරුදු විසි අටකි…………
” මොනවා වුනත් අහස්ට ආදරය කරන කෙල්ල හරි වාසනාවන්තයි…….. මලක් වවන්න හිතෙන කෙලේලෙක්ගේ හිතත් ඒ වගේම වෙන්න ඕනි….. මං කියන්නේ මලක් වගේ…… ඉතින් අහසා……. පරක්කු වෙලා ලැබෙන දේවල් තමා ජීවිත කාලය පුරාම තියෙන්නේ……..
නිහාර කීවේ භූමිගේ උරහිසට තට්ටුවක් දමමින්………..
” ඔක්කොම මල් ටික දැම්මා…….
තෙනුක ඔවුන් දෙසට අාවේ තේ බන්දේසියත් අරන්……..
” මං තේ එක මෙතෙන්ටම ගෙනාවා……..
” Thanks තෙනුක……..
නිහාර තේ එක ගනිමින් කීවේය……..
” මේ යාළුවෝ ටිකට එකතු වෙලා වැඩ කරන්න ලැබුන එක සතුටක් අහසා……
ඇත්තටම නිහාර සිටියේ ඉතාම සතුටින්……..
“මං අදම චෙක් එකත් දීලා යන්නම්…..
ඔවුන් යලිත් කාර්යාලය දෙසට ගියේ හීන් හිරිපොදක් වැටෙන්නට වූ බැවින්………..
වට වන්දනා මාවතෙන් හැරී බසවක්කුලම වැව් ඉවුර වෙත දිවෙන හුදෙකලා පාළු වනතීරයට සේන්දු වන විටම පිටුපසින් පැමිණි මෝටර් රථය ඇය පසු කර ගොස් නැවතුනි……… ඉන් බැස ආ සාකේත් අනවසරයෙන්ම ඇගේ අතකින් අල්ලා ගත්තේය……
” යමු……ටිකක් කතා කරන්න ඕනි…..
නමුත් තුහින්‍යා අත ගසා දැමුවාය…….
” පිස්සුද ඔයාට කතා කරන්න තියන දෙයක් ගෙදර ඇවිත් කතා කරන්න…. මට තැන් තැන් වල ගිහින් ඔයා එක්ක කතා කරන්න ඕනි නෑ…….
තුහින්‍යා එලෙස සැරෙන් කතා කරතියි ඔහු කිසිසේත්ම බලා පොරොත්තු වුනේ නෑ……….
” උඹ එදත් ඔය වගේම ආඩම්බරයි……. මතකද උඹට මං උඹෙන් යාළු වෙන්න අහද්දි උඹ මට දාපු ගෙමිබර්….. මතකද උඹ මගේ යාළුවෝ ඉස්සරහ ගහපු කම්මුල් පාර……. හොදට මතකයි මට අද වගේ මතකයි…….. මට තෝ වගේ පිළුනු වෙච්ච වහන්තරාවක් බැදගන්න ඕනි නෑ….. මට ඕනෙ තොට හොඳ පාඩමක් උගන්නන්න ප$$ බැ @@
සාකේත් තුහින්‍යා ඇදගෙන පාළු වන රොදට ඇදෙද්දි ඇය ඔහු හා පොරබදින්නට වුනා……….. නමුත් හැඩිදැඩි සාකේත්ගේ අත්වලින් මිදෙන්න තුහින්‍යාට පුළුවන් කමක් තිබුනේ නෑ……………
බුදු රජාණන් වහන්සේට උතුම් බුදු බව ලබන්නට උපකාර කල පූජනීය බෝධින් වහන්සේ වැඩ සිටින,,,,
උන් වහන්සේලාගේ ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේ වැඩ සිටින පාරිශුද්ධ වූ අනුරාධපුර පූජා නගරය තුළ තවත් එක් ගැහැණියක් ලෙස අසාධාරණයෙන් කුරිරු වේදනා විඳි තවත් එක් අහිංසකියකගේ ඉරණම තව තවත් ඛේදජනක වෙමින් පැවතුනි……….
••••මතු සම්බන්ධයි•••••