එදින හවස හදිසියේම පාසලේ විවාද තරගයක් සදහා සහභාගි වීමට මිහින්ට සිදු වුනා.
අනේ බෑ කියන්නෙපා බං මේකට අනුශ් එන්න හිටියෙ. ඒත් ඌට අද එන්න විදිහක් නෑලු. අනේ උබ වරෙංකො හොද එකා වගේ. සෙනාල් මේ කන්නලව් කරන්නෙ සියවෙනි වතාවට.
පිස්සුද බං හරියට ලෑස්ති වෙන්නෙත් නැතුව ඩිබෙට් කරන්න පුලුවන්ද?
අනේ පලයං ඩෝ. එදා අර කෙල්ල මූට අච්චර ලෙක්චර් එකක් දුන්නෙ ලෑස්ති වෙලා ඇවිල්ල යැ. වරෙන්කො හොද එකා වගේ. බිතුම් කීවේ කිලාන්ව දක්වමින්.
උබලටත් ඕනෙ මගුලකට උදාහරනෙ ඒක තමයි නේද? දසුන් අතේ තිබ්බ වතුර බෝතලයෙන් බිතුම් වෙත දමා ගසමින් කිලාන් කිව්ව.
ඌහ්. ඒක නම් රිදුන. හිටපං තොට රිටන් එක දෙන්නම් තව ටිකකින්.
අනේ මොකද්ද බං වරෙංකෝ. සෙනාල් ආයෙත් ඇවිටිලි කරා මිහින්ට.
වද නොදී හිටපල්ලා යකුනේ මම ඕකට හිටියම මෙහන්සව ගෙදර එක්ක යන්නෙ උබද?
අදට විතරක් ඒකිට තනියම යන්න කියපංකෝ. ඒ අදීශ.
පිස්සුද පිස්සුද එයා බලං ඉදී මං එනකම්. ඇයි මාවම ඇදගෙන යන්න හදනෙ මේ දසුනා ඉනෙ. ඌ එක්ක පලයංකො විවාදෙට.
අනේ මචං මේ. නාට්ටියක රගපාන්න වගේ නම් මං එන්නම්.ඔය ගිරිය කඩාගෙන කෑ ගහන්න මට බෑ. මෙන්න වැන්ද.
ඔව් ඉතින් තෝ නිකම් කතා කරන්නෙත් රගපානව වගේනෙ.
අනේ බං වැඩිය ලෑස්ති වෙන්න දෙයක් නෑ. ලේසියෙන් දිනන්න පුලුවං. උබ ඩිබෙට් කරල තියෙන එකානෙ. හොද එකා වගෙ වරෙංකො බං.
අපෝ හරි හරි මං එන්නම්. ඔයි ඇඩියාව නවත්තපල්ලා.
හුරේ….
අන්න එහෙම ඉදපංකො එවරෙඩි පූසො වගේ. බිතුම් කිව්ව. මේ සැරෙත් අපි තමයි දිනන්නෙ.
උබල දිනුවොත් මං ගානෙ පාටියක් දෙනව. කිලාන් කිව්ව.
එල තමයි ආ.. අපි දිනනව. බිතුම් කිව්වෙ මේසෙටත් ගහල.
බලපංකො දිනන්නත් ඉස්සෙල්ල මූට ගිහිං තියෙන ජොලියක්.න්
දිනුවොත් පුපුරයිද දන්නෙ නෑ.
දිනුවොත් නෙමේ අනිවාරෙන්ම දිනනව. ඇයි උබට ජෙල ද?
අනේ බං උබ කවද්ද තරගෙකිං දිනුවෙ. උසෙනාල් උබ පරදින්න බලාගෙන නේද බිතුමව එක්ක යන්න තීරනේ කලේ? කිලාන් ඇහිවෙ බිතුම් කෝප කරවන්න.
අහ්.. උබ එහෙමද හිතං ඉන්නෙ. බලපංකො මූ එක පාරක් තරගෙකින් දිනල ඇවිල්ල අයිය වෙලානෙ. මේ ඕවට එන්නෙපා හරිද මස්සිනා.
මේ මේ උබ නම් මට මස්සිනා කියන්න එන්න එපා. උබට බන්දල දෙන්න මට නංගිල නෑ. තොගෙ නංගිත් මට එපා.
අනේ යකෝ තොගෙ මස්සිනා වෙන්න ඕනෙයැ මට. ඊට හොදයි මං අපෙ නංගිව බන්දල දෙනව බූරුවෙකුට.
අහක ඉන්න අර අහිංසක නංගිව ගාවගන්න එපා යකෝ තොපිලගෙ රන්ඩු වලට. ඒ කිව්වෙ මිහින්.
ඈ යකෝ තෝ ඒ කිව්වෙ මට වඩා බූරුවෙක් හොදයි කියලද? හිටපං මං පෙන්නන්නම්. කිලාන් කිව්වෙ බිතුම් දෙසට යන්නට අසුනෙන් නැගිටිමින්.
ශහ්. ඒක තේරුම් ගන්න තරම් මොලේකුත් උබට තිබුනද? නියමයි. බිතුම් කිව්වෙ ඉවතට දුවමින්.
ඇති ඇති දැන් නවත්තපල්ල මල ඉලව්ව. සෙනාල් කිව්ව. මොකක් හරි වැද ගැම්මකට නැති මල ඉලව්වක් ඇති උබලටත් දවසම අල්ලගෙන කියවන්න. බිතුම් දෙවියනේ කියල අද වත් පිලිවෙලකට ඉදින්. උබ ඩිබෙට් එකට යන්න හදන්නෙත් සතා වගේද?
හරි හරි කැප්ටන් බය වෙන්න එපා. මගෙ ඇඩුම සවුත්තු උනොත් මම මේ දසුනගෙ එක හරි ඇදගෙන එන්නම්කො. බිතුම් කිව්වෙ ආයෙ වාඩි වෙල.
අනෙ අනේ මේ උබ මාසෙකට වත් නාන්නෙ නෑ. මම හොදට නාල කරල පිරිසිදුව ඉන්න එකා. තොගෙ ඔය ගද ගහන ඇදුම් මට එපා.
අනේ මේ උබ මගෙන් අහගන්නෙපා ගද ගහන එකා කවුද කියල.
ඇති ඇති බං නවත්තගනිල්ලකො. මිහින් කිව්ව. එක්කො ඩිබෙට් එක ගන කතා කරපල්ල
ඒකෙ කතා කරන්න දෙයක් නෑ. නිකම් ගිහිල්ල කියල එන්න විතරයි තියෙන්නෙ. බිතුම් ආයෙ කිව්ව.
උබට නැති උනාට මට තියෙනව. කවුරු කවුරුද දැන් ඩිබෙට් එකට ඉන්නෙ.
මායි උබයි බිතුමයි අදීශයි
එතකොට මොන ඉස්කෝලෙත් එක්කද තියෙන්නෙ?
මාලිගාකන්ද මහා විද්‍යාලය සමග ය උතුමානනි. බිතුම් කිව්ව.
ඔය කියන්නෙ අර කැලුමගෙ ඉස්කෝලෙ නේද?
අහ්. ඔව් යකෝ. මට ඒක මීටර් උනේ නෑනෙ. හිටු ඕක නම් දිනන්නම ඕනෙ.
එතකොට මට කතා කරන්න තියෙන්නෙ කී වෙනියට ද?
උබ කැමති වෙනියෙක්ට කතා කරපං අදීශ කිව්ව.
එහෙම නෙමේ බං. මිහින් උබ 4 වෙනියට කතා කරපං උබට හොදට තර්ක බිදින්න පුලුවන්නෙ සෙනාල් කිව්ව.
හා එහෙනම් මම දෙක උබ තුන වෙයන්. අදීශ කිව්වෙ බිතුම්ට .
එතකොට ඒක හරි. මොකද්ද මාතෘකාව.
අනෙ අම්මප මිහින් උබ මෙච්චර වෙල ඉදල මාතෘකාව අහන්නෙ දැන්ද? කිලාන් ඇහුවෙ මෙච්චර වෙල නිහඩව ඉදල.
අහන්නෙ කොහෙද උබ මෙතන බිටුමව අල්ලගෙන බයිල කිය කිය හිටියෙ
මාතෘකාව තමයි කිලාන් මහතා බූරුවෙකි කිලාන් මහතා බූරුවෙක් නෙවේ. බිතුම් කීවෙ ආයෙත් දුවන්න බලාගෙන.
සෙනාල් අන්න අරූ නම් අද මගෙන් කනව
අනේ බං උබලත් එක්ක වැදගත් විදියට එක වචනයක් කතා කරන්න බෑනෙ. මිහින් කිව්වෙ බැරිම තැන. හැබැයි හරියට විස්තර කිව්වෙනැත්තං මං එන්නෙ නෑ. උබල ඕනෙ එකෙක් එක්ක පලයං.
අනෙ අනේ එහෙම කරන්නෙපා පුතේ. මම ඔබ හට මාතෘකාව සපයන්නම්. ඉක්මනට ඇවිල්ල ආයෙත් පුටුවක් ඇදගෙන ඉදගනිමින් බිතුම් කිව්ව.
නූතන තාක්ශනය ලමා මනස විකෘති කරයි නොකරයි. අපි ප්‍රතියෝජක පිල ඒ නිසයි උබට 4 වෙනියට ඉන්න කිව්වෙ. ඒ පිලේ ඔක්කොම කතා කරල ඉවරයිනෙ එතකොට. උබට කරුනු ලෑස්ති කරගන්නත් වෙලාව තියෙනව. සෙනාල් කිව්වෙ ඔක්කොම සැලසුම් කරල.
හරි එහෙනම් මට දැනගන්න තිබිච්ච ඒව ඔක්කොම හරි.
අනේ බං එහෙනම් වෙන මොකක් හරි කතා කරහල්ලකො. මට දැන් ඕක අහං ඉදල ඇති වෙල දසුන් කිව්වෙ ඈනුම් යවමින්.
පුලුවන් නම් තොට එපා නොවෙන දෙයක් කියහංකො බලන්න.
කන පැලෙන්න නිදාගන්න එක නම් ලොවෙත් එපා වෙන්නෙ නෑබං. මං මේ විභාගෙ ඉවර වෙනකම් ඉන්නෙ සතියක් විතර එක දිගට නිදාගන්න.
නෙදකින් තෝ නම් කාලකන්නිය.
ඒක නෙමේ බං කීයටද අපි එතෙන්ට යන්න ඕනෙ.
අපි කොහෙවත් යන්න ඕනෙ නෑ බං උං එනව අපෙ ඉස්කෝලෙට. දෙකාමාරට පටං ගන්නෙ.
හරි එහෙනම් මං ඉක්මනට ඉස්කෝලෙ ඇරුනු ගමන් මෙහන්සට කියල එන්නම්. නැත්තම් මං එනකම් බලන් ඉදල එයා බය වෙයි.
කට්ටියම මිහින් දිහා බැලුවෙ ඔහු අගයන ලෙස. ඔහු මොනම හේතුවකට වත් මෙහන්සා අපහසුතාවයට පත් වන ලෙස කටයුතු නොකරයි. තමන්ටත් කොච්චර දේවල් ඔහුගෙන් ඉගෙන ගන්න තියෙනවද කියල ඔක්කොම හිතුව.
හරි මචං ගිහිං වරෙං ප්‍රශ්නයක් නෑ.
මං මේ උබලගෙ වදේ නිසාඉන්නව මිසක් මට හිතක් නෑ කෙල්ල තනියම යවන්න එදා කැලුම්ලගෙ ප්‍රශ්නෙන් පස්සෙ. කොයි වෙලේ මොනා කරයිද දන්නෙ නෑනෙ.
ඔව් ඒක ඇත්ත. සෙනාල් කිව්වෙ කල්පනාකාරීව.
මම නිසා තමයි ඔක්කොම. කිලාන් කිව්වෙ සුසුම් හෙලමින්
ඇත්තටම කිලාන් මොකද්ද කැලුම එක්ක උබේ තියෙන ප්‍රශ්නෙ. මාධවී එක්ක උබේ මුකුත් නෑනෙ?
පිස්සුද බං එහෙම මුකුත් නෑ. මාධවී මගෙ පස්සෙන් ආවට මම මොනා කරන්නද? අනිත් එක ඒ ඉස්සර. ඒකි කැලුමට කැමති උනාට පස්සෙ එහෙම එකක් නෑ දැන්. ඌට පිස්සු. අනිත් එක ඒකි අපෙ අම්මගෙ යාලුවෙක්ගෙ දුවෙක්. මට ඉතින් කතා නොකර ඉන්නත් බැහැනෙ. පොඩි කාලෙ ඉදන් අදුරන එකේ.
ඌ මහ පිස්සෙක්නෙ ඇයි ඉතින් උබ ඕක ඌට තෝරල දෙන්නෙ නැත්තෙ?
උගෙ මොලේ තියෙන්නෙ ඔලුවෙ නෙමෙයි මම දන්න සින්හලෙන් කියල දීල තියෙන්නෙ. ඌ ඒක තේරුම් ගන්නෙ නැතුවට මම මොනව කරන්නද? මාධවීගෙන් අහන්නත් ඌ බයයි.
ඒ උනාට කතා කරල ඔය කියන කෙල්ලට හරි කියල ඕක ඉවරයක් කරගනින් කිලාන්. නැත්තම් මල ඇනයක් වෙනවනෙ. පොඩි දෙයක් තමයි. අන්තිමට ඉවර වෙන්නෙ කොහොමද කියල අපි දන්නෙ නෑනෙ. මිහින් කිව්වෙ කල්පනාකාරීව.
මන්ද බං.
උන් වගේ එවුන්ට කියල හරියන්නෙ නෑ තමයි. මෙහන්සට කවුරුහරි යාලුවෙක් වත් හිටියොත් හොදයි. අපේ ගෙවල් පැත්තට යන එකෙක් වත් මට මතක් වෙන්නෙ නෑනෙ.
නමුත් කිලාන් හිතන් හිටියෙ කාටවත් කියන්නෙ නැතුව කෙල්ල පරිස්සමි ගෙදර යනවද කියල බලන්න.
පාසල් වෙලාවෙන් පස්සෙ මෙහන්සා මිතුරිය බිසේකා සමග හිටියෙ මිහින් එන තුරු.
ප්‍රශ්න පත්තර මේ සැරෙ කලාපෙන්ලු හදන්නෙ. බිනූ කිව්ව. ඒක හොදයි මමන හිතන්නෙ.
ඔව් ඉතිම් නැත්තංඅපේ මිස්ල හැදුවොත් එන ඒව ටික කලින්ම කියල අපි බලාගන්නීඅ ටික විතරනෙ.
අර මිහින් නේද කලබලෙන් වගේ දුවන් එන්නෙ. බිනූ තමයි මුලින්ම මිහින් එනව දැක්කෙ.
කලබලෙන්. ඒ මොකද? මෙහන්සත් බැලුව.
මෙතෙන්ට ආවම අහපං මොකද කියල මං යනව. කුමාරය එනවනෙ.
උබ දැන් මෙතන නැවතුනේ අයියගෙන් මොනවද පේපර්ස් වගයක් ඉල්ලගන්න මිසක් මගෙ තනියට නෙමෙයි නේද? ඔහොම හිටපං කොහෙද දුවන්නෙ?
අහ්. ඔව්මයි බං මට අමතක උනානෙ.
මිතුරිය කිසියම් වෙනසකට ලක් උනාදෝ කියල ඇය දෙස බලං හිටපු මෙහන්සට හිතුන. නමුත් ඒ ගැන වැඩිය හිතන්න නොලැබුනේ එවෙලෙම මිහින් එතනට ආපු හින්ද.
හරි වැඩේනෙ උනේ.
ඇයි මොකද අයිය.
මේකයි අද හදිසියෙම ඩිබෙට් එහෙකට යන්න උනා. ඔයාට තනියම තමයි ගෙදර යන්න වෙන්නෙ. මම මේ දුවන් ආවෙ ඒක කියන්න.
ඉතිං ඕක ප්‍රශ්නයක් යැ මම තනියෙන් යන්නම්.
ප්‍රශ්නයක් තමයි. මට බයයි ඔයාව තනියම යවන්න කැලුම්ල හින්ද. මිහින් කියද්දි කෙල්ලත් බැලුවෙ බය වෙල.
ඒගොල්ල ආයෙත් එයිද?
ඒක තමා ශුවර් නැත්තෙ.
මම කියන්නද මිහින්. දෙන්නගෙ කතාව අහං ඉදල බිසේක කිව්ව. මං යන්නම් මිහී එක්ක.
ඔයාට පුලුවන්ද? මිහින් කිව්වෙ මහත් සහනයකින්. අනේ ලොකු උදව්වක්.
ඔව් අපේ ගෙදරට ඕගොල්ලන්ගෙ ගෙවල් පැත්තෙනුත් යන පුලුවන්. හැබැයි ටිකක් දුරයි. එක දවසනෙ කමක් නෑ.
අනේ තෑන්ක්ස් බිනූ.
ඕක මොකද්ද මේ වගේ වෙලාවට උදව්වක් කරන්න බැරි නම් වැඩක් තියෙනවයැ
හොද වෙලාවටබිනූ හිටියෙ පේපර්ස් ටික නිසා.
අනේ ඔව්මයි මට ආයෙත් ඒක අමතක උනා බං
ඔව් ඔව් මට පේනවෑක පාරටම ඔක්කොම අමතක වෙන ලෙඩක් හැදිල කියල.
මොන පේපර්ස්ද?
අනේ අයිය. මෙයාටත් අර අඕඅ චූටි මාම ගෙනත් දීපු කලාපෙ කලින් පේපර්ස් ටික ඕනෙ කිව්ව.
මං බෑග් එක ඉස්කෝලෙ දාලනෙ ආවෙ. ඔයාට හෙට දුන්නම ඇතිද?
අනේ ඒකට කමක් නෑ. ඔයා එහෙනම් ඩිබෙට් එක දිනල එන්නකො. බිනූ කිව්වෙ සුභ පතමින්.
හරි එහෙනම් දෙන්නම පරිස්සමෙන් යන්න.
මිහින් එහෙම කියල ගියා.
හරි හිද කොල්ලෙක්. මිහින් යන දෙස බලමින් බිනූ කිව්ව. මටත් ඒ වගේ එක්කෙනෙක් හිටියනම් කොච්චර හොදද? උබ නම් මාර වාසනාවන්තයි මිහී.
ඇයි ඒ?
වෙන කොල්ලෙක් නම් තකහනියක් ඔය පනිවිඩේ කියන්න එයිද? කෙල්ල ඔහෙ රස්තියාදු වෙච්ච දෙන් කියල ඉන්නවනෙ. මිහින් එහෙම නෑ.
ඉතින් උබත් හොයාගනින් ඒ වගෙ එක්කෙනෙක්.
මම උබ තරම් ලකී නෑනෙ ඉතිම්. ඒවගෙ කොල්ලෙක් ලේසියෙන් හොයාගන්න බෑ. ඒක හරියට පිදුරු ගොඩේ ඉදිකටුවක් හොයනව වගෙ වැඩක්. ඒ නිසා පරිස්සම් කරගනින්.
මෙහන්සා හයියෙන් හිනා උනා ඒ කතාවට. මිහින් කවුද කියා මිතුරිය ඇත්තටම දනී නම්. උබත් ඉදල හිටල හරි ලොකු කතා කියනව නේද? මට හිතෙනව බිනූ කවදහරි ඒ ඉදිකටුව හොයාගන්න තරම් වාසනාවන්ත වෙන්නෙ උබද කියල. මගේ අනාවැකිය හරිගියොත් එදාට කියපං මට.
මොකද්ද ඒ හතරබීරි කතාව.
මුකුත් නෑ කතාව තියල දැන් යමං.
දෙමිතුරියෝ මගට පිවිසුනා.
මිහින් බය වෙච්ච එක සාදාරනයි වගේමිහී. අරබලපං අතන ඉන්නෙ කවුද කියල. අරූට නේද කැලුම් කියන්නෙ. හදිසියෙම බිනූ කිව්වෙ ඔවුන් ප්‍රධාන මංසන්දිය අසලට ලං වෙනකොට.
ඔව්මයි. ඒ උනාට අපි අපේ පාඩුවෙ යමු. ඒගොල්ලන්ට ගිය රට යැ.
ඔව් ඉතිං උබ නම් කියයි මං එපැයි මිහින්ට උත්තර දෙන්න.
අනේ මෙන්න මෙහෙ වරෙන් බං. මිතුරියගේ අතින් අල්ලගත්තු කෙල්ල සැරසුනේ ඉක්මනට ඇයවත් ඇදගෙන එතනින් යන්න.
ආ අද කුමාරය නෑ වගෙ නේද? හිදගෙන හිටපු බැම්ම මතින් බිමට පනිමින් කැලුම් කිව්ව.
අරූ ඉන්නකොට මෙයාගෙ මාර ගෑස් බං ඇයි අද කට වැහිලද?
කෙල්ලො දෙන්න ඒත් හැදුවෙ ඇහුනෙ නෑ වගේ එතනින් යන්න.
කොහෙද යන්න හදන්නෙ. ඇයි ඔච්චර හදිස්සි. ඔහොම ඉන්නව ටිකක්. ඔවුනට යන නොදී මග හරස් කරමින් කැලුම් කිව්ව.
අනේ අපිට යන්න දෙන්න ප්ලීස්. බිනූ කිව්වෙ බය වෙලා. මෙහන්සා නම් තාමත් වචනයක් වත් කිව්වෙ නෑ. බිනූ වත් ඇදගෙන යන්න හැදුව මිසක්.
ඇයි මං කිව්ව දේ තමුසෙට ඇහුනෙ නැද්ද? කෙල්ලගෙ අතින් ඇදල නවත්තල කැලුම් කිව්ව. ඒත් එතකොටම කෙල්ලගෙ අත නතර උනේ කැලුම්ගෙ මූනෙ.
මාව අල්ලන්න කොහෙන් ආපු හයියක්ද? මෙච්චර වෙල කියපු ඒව ඇහුනෙ නෑ වගෙ හිටියෙ බයට නෙමෙයි. ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න එන්නෙපා. කෙල්ල කිව්වෙ සෙමෙන් නමුත් දැඩි හඩකින්.
උබට එහෙනම් මට අත උස්සන්නත් පුලුවන් උනා නේද බැල්ලි. හිටපං මං උබට.. මෙහන්සා ලගටම එමින් කැලුම් කිව්වෙ.
ඕක නවත්තපං කැලුම්. කවුරුහරි කියනව ඇහුන හින්ද ඔක්කොම බැලුවෙ.කිලාන් එමින් හිටියෙ ඔවුන් අසලට.
ඇයි නැවැත්තුවෙ නැත්තම් උබ මොනා කරන්නද?
කිලාන්ගෙ ඉවසීම නැති කරන්න ඒ වචන වලට පුලුවන් උනා. වහාම මෙහන්සව පිටිපස්සට කරපු කිලාන් කෙලින්ම අල්ලගත්තෙ කැලුම්ගෙ කොලර් එකෙන්.
කැලුම්ගෙ යාලුවො ඒ එක්කම එන්න හැදුවත් කිලාන් අතින් සන් කරල ඔවුන්ව නැවැත්තුව. මේක මගෙයි මුගෙයි ප්‍රශ්නයක්. අපි දෙන්නට විසදගන්න දීල උබල පැත්තකට වෙල හිටපල්ල. ආයෙ මං කිව්වෙ නෑ කියන්නෙපා.
කොල්ලො ටික ආයෙ පැත්තකට උනේ කිලාන්ග් හැටි දන්න නිසා.