අනේ කෝ මහත්තයා …

දෝනි වගේම මගෙ කොලු පැටියා එක්ක අම්මා බලන්න ආවෙ නැත්තෙ මොකද…

එයාලා හොදින් ඉන්නවා ඇති නේද …

හැම මොහොතකම මතක් වෙන්නෙ ඇයි මෙයාලා ඉස්පිරිතාලෙට ආවෙ නැත්තෙ කියලා …

අද දවල් ගෙදර යන්නත් පුලුවන් …

ඒත් ඇයි මේ කිසිම කෙනෙක් මාව වගේම පුංචි පැටියා බලන්න ආවෙ නැත්තෙ….

දරුවා බිහි කරපු වේදනාව ට වඩා සැමියා වගේම දරුවො දෙන්නා ආවෙ නැති වේදනාව මගෙ නෝනට දැනෙන්නෙ…

හැම වෙලේම බලාගෙන ඉන්නෙ දොර පැත්ත…

දැන් එයි දැන් එයි කියලා …

දවල් වෙද්දී නෝනෙගෙ ටිකක් කැපුවා…

පුංචි පැටියා

තුරුළු කරගෙන බලාගෙන ඉන්නෙ දැන් එයි දැන් එයි කියලා …

බැරිම තැන ගෙදර ෆෝන් එකට කෝල් ගත්තා ඒත් ෆෝන් එක වැඩ නෑ …

මොකද්ද කරන්නෙ …

සේරම ලියවිලි ගත්තා …

වෙන කරන්න කිසිම දෙයක් නෑ ..

මං තනියම ගෙදර යනවා…

සමහර විට පුතා අසනීප වෙලා වෙන්න ඇති….

අලුත උපන් පුංචි පැටියා වඩාගෙන බොහොම අමාරුවෙන් බෑග් එකත් අරගෙන එහෙම්මම වීල් එකක් අරගෙන ගෙදර එන්න ආවෙ මහත්තයා වගේම ගෙදර කිසිම කෙනෙක් ඉස්පිරිතාලෙට ආවෙ නැති නිසා…

පැය දෙකක් ගෙවෙද්දි ගෙවල් ලගට කිට්ටුයි …ඒත් මොකද්ද මේ සුදු කොඩියක් තියෙන්නෙ ….

කිසිම දෙයක් හිතාගන්න එහෙම්මම වීල් එක ඉස්සරහට ඇවිත් ගෙවල් වල පාරට වාහනය දාද්දි හිතට ලොකු මොකද්ද බයක් දැනුනෙ …

මහත්තයාගෙ අම්මා අසනීපෙන් ඉන්න නිසා එයාට වත් කරදරයක් ද…වීල් එක එහෙම්මම ඉස්සරහට ඇවිත් ගේ ඉස්සරහ නතර වෙද්දී ….

අම්මා කෙනෙක් මෙහෙම දෙයක් දරාගන්නෙ කොහොමද …..

වීල් එක එහෙම්මම මිදුලේ නතර උනා ….

කවුද ඇවිත් පුංචි අලුත උපන් දරුවා ගත්තා ….

කිසිම දෙයක් හිතාගන්න බැරුව එහෙම්මම ආවෙ ගේ අස්සට ….

මං ගෙදරින් යද්දී ලස්සනට උන්නු මගෙ ලස්සන රත්තරන් පුතා ,ලස්සනට අන්දවලා පෙට්ටියක තියලා….

නෝනෙ මොනවද හිත හිත ගේ අස්සට එද්දී මං උන්නෙ පුංචි පුතාගෙ පෙට්ටිය ලග..

මං ඉස්පිරිතාලෙට ගියේ නැත්තෙ..

මං එනකල් දවසක් දෙකක් නෝනෙ ඉස්පිරිතාලෙට වෙලා ඉදී කියලා …..

එයා කිසිම සද්දයක් නෑ …

එහෙම්මම පුංචි පුතා ලගට ආවා….

සුදු මහත්තයා ….

මගෙ රත්තරන් ….

අම්මා ගෙදර ආවා….

කෝ නැගිටින්නකෝ….

මගෙ නෝනෙ එහෙම්මම පුංචි පුතා පෙට්ටියෙන් අරගෙන වඩාගත්තා ….

සුදු මහත්තයා ඔයාට චූටි මල්ලියෙක් ගෙනාවා…

ඔයා කිව්වා වගේම ලස්සනම ලස්සනයි ….

සුදු නෝනා පුතා වඩාගෙන එහෙම්මම කාම්බරයට එක්ක යන්න හදන්නෙ….

මං ගිහින් එයාව නවත්තන්න හැදුවෙ …

ඒත් මට නෝනෙගෙ මූණ බලන්න කිසිම ශක්තියක් නෑ ….

මැණික පුතා මෙතනින් තියන්න….

මෙතනින් තියන්න….

මේ ඉන්නෙ මගෙ පුතා

මගෙ රත්තරන් එක්ක තමයි මං කාම්බරයට යන්නෙ…..

සුදු නෝනා කාම්බරයට පුතා එක්ක ගිහින් පුතාව ඇදෙන් තිබ්බා….

මට දරාගන්න බෑ දෙවියනේ නෝනා මේ කරන දේවල් ….

මලගෙදර ආව මිනිස්සු හැම කෙනාම හොදටම අඩනවා ..කිසිම කෙනෙක් කිසිම දෙයක් කතා කරගන්න බැරුව අඩනවා….

නෝනා කාම්බරයට ගිහින් පුතා තුරුළු කරගෙන එහෙම්මම නිදි…

ඔයා ලග හුගාක් හීතලයිනෙ මැණික ….

එන්නකෝ මං ඔයාට බෙඩ් ශීට් එක පෙරවන්න….

නෝනා පුංචි පුතාට බෙඩ් ශීට් එක පෙරවගෙන එයා පුතාව තුරුළු කරගෙන නිදි….

කෝ මහත්තයා ….

පුතාගෙ මිණීය….

අලුතින් මළ ගෙදරට ආව මිනිස්සු මිනීය හොයනවා….

කොහොමද කියන්නෙ මගෙ නෝනා දරුවා තුරුළු කරගෙන නිදි කියලා ….

පුතේ ඔයා ගිහින් දුවට ටිකක් කතා කරන්න …

එයාගෙ හිත හදන්න …

දරුවා ගෙනත් පෙට්ටියෙන් තියන්න….

මගෙ අම්මා ඇවිත් උපදෙස් දෙද්දි අම්මපා මට ආවෙ තරහක්….

එච්චර එදා කියලා මං දෝනි ගේන්න ගිය ඩින්ගට මගෙ කොල්ලා බලාගත්තා නම් අද මෙහෙම දෙයක් වෙන්නෙ නෑ ….

ඉස්සර දෝනි විතරක් ඉද්දි අපේ නෝනා දරුවා දාගෙන යන්න බෑග් එකක් අරගෙන තිබ්බා…මගේ නෝනා පොලට ගියෙත් ඒකේ දරුවා දාගෙන බඩේ දරුවා එල්ලගෙන …

පුතා ඉපදුනාම දෝනිට පුතා දීලා දරුවා දෙන්නම අරගෙන හැම තැනම ගියේ ….

එච්චර පරිස්සමෙන් පැටව් රැක්කෙ…

එක දවසකට මට බැරි උනා ඒ දේ කරන්න …

කවුද මේ මගෙ සුදු මහත්තයාගෙ අත් වලට මේස් දැම්මෙ ….

මොකාද….

සුදු නෝනා මහ 💪 හයියෙන් කෑගහද්දි මං එතනට දිව්වෙ….

ඒ වෙද්දිත් එයා පුතාගෙ අතේ මේස් ගලවලා ….

අනේ මැණික ඔයා මොනවද මේ කරන්නෙ ….

මොනවද මොනවද මේ මං නැති දවසට මගෙ කොල්ලට කරලා තියෙන්නෙ …

අනේ නෝනා ….

සුදු නෝනා මගෙ රත්තරන් පුතා ආසම ඇදුමක් අරගෙන එයා ලගින් වාඩි උනා ….

අර ඇදුම් අයින් කරන්න එයා හදන්නෙ…

ඔයා මොනවද නෝනෙ මේ කරන්නෙ …

අනේ එහෙම කරන්න එපා….

මේ ඉන්නෙ මගෙ පුතා …

එක දවසකට මං ඔයාට භාරදීලා ගියේ…

මේ ඇදුම් අන්දවලා එයාට කැතයි …

නෝනෙ ලස්සන ඇදුමක් අන්දවලා …එයාට ලස්සන කලු සපත්තු දැම්මා…

දෙවියනේ මං මැරිලා ගිහින් මගෙ කොල්ලා ඉතුරු උනා නම් කියලා මට හිතෙන්නෙම….

සුදු මහත්තයා ….

කෝ එන්නකෝ….

අනේ කෝ කතා කරන්න මැණික ..

ඔයා නැතුව අම්මා හිටියේ හොදටම පාලුවෙන් …

ඔයා අම්මට කිව්වා නේද චූටි ගෙනාවාම ඔයාට කුක්කු ඕනි කියලා …

ඔන්න දැන් අම්මා ලග කුක්කු තියෙනවා ….

අනේ පුතේ ඔය දරුවා දැන් මැරිලා …

එයා ගිහින් තියන්න…

අර පෙට්ටියෙන් ….

කවුද ඇවිත් ඒ අස්සෙ මගෙ නෝනෙට කිව්වා….

මොකද්ද කරන්නෙ ….

පිස්සුද ….

මගෙ කොල්ලා මේ ඉන්නෙ …

අම්මා එයා නැතුව ජීවත් වෙන්නෙ නෑ ….

එයා නැතුව එයාගෙ අම්මා ජීවත් වෙන්නෙත් නෑ ….

කවුද මගේ කොල්ලගෙ කට….

දෙවියනේ මගෙ කොල්ලගෙ කට….

මේ කවුද මගෙ පුතාගෙ කට මොකද්ද මේ වෙලා තියෙන්නෙ …

එයාගෙ කට ඇරෙන්නෙ නෑ ….

කතා කරන්න පුතේ අනේ ….

නෝනෙ පුතාව වඩාගෙන ගෙදර හැම තැනම යනවා.මේ දේවල් බලාගෙන ඉන්න හැම කෙනාම අඩනවා විතරයි …..

අනේ නෝනෙ පුතා නැති උනා …

අනේ මට සමාවෙන්න ….

එයා ඔයාට නැතුව දොලට ගිහින් ..

එයා එහෙම්මම වතුරට වැටිලා …

අනේ ඉස්පිරිතාලෙට එක්ක ගියා ..

ඒත් ඩොක්ටස්ලා කොච්චර උත්සහ කරත් අපේ පුංචි පුතා බේරගන්න බැරි උනා …

මං එහෙම්මම මගෙ නෝනෙගෙ කකුල් දෙක අල්ලගෙන ඇඩුවා ….

නෝනෙ එහෙම්මම දරුවා අරගෙන නැගිට්ටා….

දරුවා තුරුළු කරගෙන නෝනෙ එහෙම්මම මහ හයියෙන් අඩන්න ගත්තා ….

අනේ මගෙ රත්තරන් දරුවා …

අනේ මගෙ අහිංසක පැටියා ….

උබලට බැරි උනා මගෙ පැටියා එක දවසක් බලාගන්න …..

අනේ මගෙ රත්තරන් අම්මා නැතුව එක දවසක් උබට ඉන්න බැරි වෙන තරමටම මගෙ රත්තරන් උබ අම්මට ආදරෙයි ….

මගෙ සුදු මහත්තයා නැතුව මං මේ ගෙදර ඉන්නෙ නෑ ….

මං ඉන්නෙ නෑ ….

උබලා මගෙ අහිංසක දරුවා මරාගත්තා ….

මාවත් මගෙ කොල්ලා එක්කම එකම වලේ දාපල්ලා….

අනේ රත්තරන් නාඩ ඉන්න …

කිසිම දෙයක් කතා කරන්න බෑ …වාවන්නෙ නෑ …

පුංචි පුතා පොඩ්ඩක් වත් නෝනෙ කොහෙන් වත් තියන්නෙම නෑ …

තුරුළු කරගෙන අඩනවා ඉබිනවා ….

අලුත ගෙනා පුංචි පුතා හොදටම අඩනවා කියලා කවුද අරගෙන ආවා….

ඒත් නෝනෙ ඉන්නෙ කිසිම දෙයක් තේරෙන්නෙ නැති වෙලාවක…

මගෙ කොල්ලා බිමින් තියන්න බෑ …

මුන් මුන් සේරම මට විශ්වාස නෑ ….

නෝනා එහෙම්මම බිම වැටෙද්දි වටේ උන් සේරම ඉක්මනට දරුවා වගේම නෝනා අල්ලගත්තා ….

නෝනෙ දරුවගෙන් කොච්චර අතාරින්න හැදුවත් ඒක කරන්න කිසිම කෙනෙක් ට බැරි උනා …..

මගෙ නෝනෙ හුස්ම ගන්නෙ නෑ ….

අනේ දෙවියනේ ඉක්මනට ඉස්පිරිතාලෙට එක්ක යමුකෝ…..

මගෙ පුංචි පුතා නැතුව නෝනෙ ගෙදර හිටියේ නෑ …මගෙ පුංචි පුතා නෝනෙගෙ පෙට්ටියේම එයාට තුරුළු වෙලා අවසන් ගමනත් යන්න ගියේ ….

ඒ දෙන්නගෙ ආදරය එච්චර ලොකුයි …කවදාවත් හිතාගන්න වත් බැරි තරමටම අම්මා පුංචි පුතා ටත් පුංචි පුතා අම්මට ත් ආදරය කරා….

අදත් මගේ දෝනි වගේම අලුතින් ගෙනා පුංචි පුතා බලාගෙන මගෙ නෝනා කිව්ව විදියටම තනියම මං ඉන්නවා ….

එයා මගෙ රත්තරන් අනිත් පුතා එක්කම එයාව බලාගෙන ඉන්නවා ඇති….

(අද කතාව මං ලිව්වෙත් යාලුවනේ අඩ අඩ…මොකද මාත් අම්මා කෙනෙක් ..මේ කතාව හුගාක් සංවේදී නිසා දරාගන්න අමාරුයි ලියන මටත්….)

ඔයාට මේ කතාව හදවතට දැනුනා නම් ලස්සනයි කියලා නොකියා හිතට දැනිච්ච දේ මට කමෙන්ට් කරන්න …

බුදු සරණයි .නිර්මානයේ සම්පූර්ණ අයිතිය කතෲ ඩී ඒ ආර් ලක්ශිකා වන මා සතු යි…