04 කොටස….
බලාගෙන ඉද්දි ලස්සන බෝලෙ වගේ සුදුම සුදුවට උන්නු මගේ නෝනා ටික ටික කැත වෙනවා…මූණ කකුල් සේරම ඉදිමිලා ..කකුල් වල අනේ නහර කැටි ගැහුලා..ඒ අමාරුවටම සුදු නෝනා හැම වෙලේම ඉන්නෙ කෙදිරි ගගා…
එයාට වගේම ගෙදර සේරටම හොදටම සෙම හැදිලා …කිසිම අඩුවක් වෙන්නෙ නෑ ..නෝනෙට උදේම දත් මදිද්දි වමනෙ යනවා…
ඇස් වලින් කදුලු පෙරි පෙරී හොදටම වමනෙ දානවා ..
මං ඉක්මනට දුවලා ගියේ ඕක් ඕක් ගාන සද්දෙට…
බැරි වෙලා හරි වමනේ දාන වෙලාවට මං සද්ද නැතුව හිටියොත් එහෙම නිදාගෙන …
බුදු අම්මෝ මෙතන ඉදලා ඉවරයි …අඩලම…
මං ගිහින් පිට අතගාද්දි ඔන්න ඉතින් මගේ නෝනෙ සතුටින් …
වතුර එකක් ගිහින් දීලා වමනෙ දාලා ඉවර වෙනකල්ම ලගට වෙලා උන්නම අම්මෝ මගෙ නෝනෙගෙ සතුට…
ටික ටික දවස් ලං වෙද්දී මං උන්නෙ හුගාක් සතුටින් මගෙ පුංචි ගෙදරට ලස්සන පැටියෙක් ඉක්මනට එනවට මං හුගාක් ආසයි …
මොකද දෝනි වගේම දැන් ඉන්න පුතා පුංචි කාලෙ මං ගෙදර උන්නෙ නැති නිසා මට හුගාක් ආසයි පුංචි පැටියා නාවන එකේ ඉදලා කරන්න ..
මගෙ නෝනා හැම වෙලේම දෝනිට වගේම පුංචි පුතා ට කිව්වෙ අම්මා මල්ලි ගේන්න ගිහින් එනකල් අම්මා වගේම මල්ලි බලාගන්න කියලා ..
මොකද මගේ නෝනා හැම වෙලේම මගෙ පුංචි පුතා ගැන බයයි..ඒ වගේම එයා නැතුව මගෙ නෝනට වගේම අම්මා නැතුව පුංචි පුතාට බෑ …
ඒ ආදරය ඒ බැදීම නිසාම හැම වෙලේම අක්කා ඉස්කෝලේ ගියාම අම්මා පුංචි පුතා තුරුළු කරගෙන හුරතල් කරනවා ..ඔලුව ඉබිනවා…පපුවට තුරුළු කරගෙන ඉන්නවා ….
හිමින් නහය විකනවා…බඩට පිබිනවා…
මගෙ පුංචි පුතා තමයි එයාගෙ අම්මව හොදටම බලාගන්නෙ…මගේ නෝනා නාද්දි පුංචි පුතා එයාගෙ පුංචි බාල්දිය අරගෙන ගිහින් අම්මා බිමින් වාඩි කරලා එක එක වතුර අම්මට නාන්න දානවා…
අනේ මගේ නෝනා අඩනවා…
පුංචි පුතා අම්මගෙ ඔලුවෙ සබන් ගානවා,රෙදි කෑල්ලක් අරගෙන කුණු අතුල්ලනවා…
තුවාය අරගෙන ඇවිත් අම්මව පියදානවා…
අනේ මට මැරෙන්න බයක් ..නෑ .මගෙ කොල්ලා අම්මා අක්කා වගේම ගේන්න ඉන්න අලුත් පුංචි පැටියා ආදරෙන් බලාගනී…මට එහෙම හිතුණා …
පුංචි පුතාට අවුරුදු හතරක් නිසාම අපි එයාව පෙරපාසල් යවන්න හිතුවා …එයාව ටිකක් හුරු කරගන්න ඕනි නිසා…
එහෙම නැති උනොත් කොහොමද නෝනෙ ඉස්පිරිතාලෙ ගිහින් එනකල් වත් කොලු පැටියා තියාගන්නෙ…
මගේ නෝනෙ ටීවී බලද්දී පුංචි පුතා ඉන්නෙ එයාගෙ උකුලෙ…
නෝනෙ උයද්දි පුංචි පුතා කුස්සියේ …අම්මා වොශ් රූම් එකට ගියාම කොලු පැටියා අම්මා එනකල්ම ඉන්නෙ වොශ් රූම් එකේ දොර ගාව…
ඒයි….
මහ හයියෙන් මගෙ නෝනා කෑ ගහද්දි අම්මපා අතේ තිබ්බ බත් එක බිමට වැටුනා ..
අනේ මගෙ රත්තරන් බඩ අල්ලගෙන ඉන්නවා ..ඇස් වලින් කදුලු වැටෙනවා …
මොකෝ රත්තරන් මේ …
එයාට වඩා මට ඇදුම් ඇවිත් ඉවරයි …
සුදු මහත්තයා …
මට අමාරුයි …
ඉක්මනට ඉස්පිරිතාලෙට යන්න ඕනි …
හරි හරි ඔහොම ඉන්න ..
මං එහෙම්මම කාම්බරයට දිව්වෙ වාහනයෙ යතුර ගේන්න …
මහත්තයා ඔයා එන්න එපා දෝනි ඉස්කෝලෙන් ගන්න ඕනි අනේ මගෙ පුංචි කොලු පැටියා …අනේ එයා ආදරෙන් බලාගන්න මහත්තයා ඒ තමයි මගෙ හුස්ම ටික …
නෝනෙ මේ අස්සෙ අඩන්නෙ වේදනාවටත් වඩා දරුවො දාලා යන්න බැරුව …
මං ඉක්මනට අපේ අම්මට කියලා නෝනෙ අරගෙන ඉස්පිරිතාලෙට ආවා…
එහෙම්මම නෝනෙ දරුවා ලැබෙන්න අමාරු නිසාම අස්සට ගත්තා …
මගෙ නෝනා මගෙ අත අල්ලගත්තා …
මහත්තයා අනේ මගෙ කොලු පැටියා මං නැතුව අඩයි…
අනේ බලාගන්න …
එකක් වත් ගහන්න එපා…
එහෙම කියද්දි ඇස් වලින් හෝ ගාලා කදුලු ගලනවා මගෙ නෝනෙගෙ…
රත්තරන් ඔයා බයවෙන්න එපා…
ඔයා පුංචි පැටියා අරගෙන එන්න…අපි තුන් දෙනාම එන්නම් ඔයාලා දෙන්නා බලන්න …
මගෙ නෝනෙ අස්සට අරගෙන ගියා …
මට දැනුනෙ මගෙ රන් කද මගෙන් ඈතට උදුරාගෙන ගියා වගේ හිස් හැගීමක් …
මං ඉක්මනට ගෙදර එන්න ආවෙ පුංචි පුතා ගෙදර ගේන්න වෙලාව කිට්ටු නිසා ..
ගෙදර එද්දී අම්මා නැති උනාම කොලු පැටියා කොහොම දරාගනීද කියලා මට හිතාගන්න බෑ …
සුදු පැටියො
කෝ මගෙ අම්මා ….
අම්මියෝ….
අම්මියෝ…
හැමදාම පෙරපාසල් ගිහින් එද්දී පුතා එනකල් අම්මා බලාගෙන ඉන්නවා …
අද මගෙ අම්මා කෝ කියලා පුංචි පුතා ඒකයි මේ හොයන්නෙ….
සුදු අම්මියෝ…
අනේ පැටියො ඔයාට චූටි මල්ලි පැටියෙක් ගේන්න අම්මා ඉස්පිරිතාලෙට ගියා …
අපි අම්මයි චූටියයි බලන්න ඉක්මනට යමු….
බෑ බෑ බෑ …
මට දැන්මම යන්න ඕනි …
අනේ මගෙ අම්මියා….
සුදු මහත්තයා එක දිගටම අඩනවා..
හිනා වෙවී ආව පුංචි පුතා අම්මා නැතුව එක දිගටම අඩනවා….
අනේ පුංචි පුතා එයාට අරගෙන දුන්නු චොක්ලට් එක අරගෙන ආවා අම්මා එක්ක කන්න….
කිසිම දෙයක් කියලා පුංචි පුතා නලවන්න බෑ …එහෙම්මම කාම්බරයට ගිහින් ඇදට උනා …එතනින් එහාට කිසිම දෙයක් කන්න බොන්න තියා පුංචි පුතා කිසිම කෙනෙක් එක්ක වචනයක් කතා කරේ නෑ ….
හවස සුදු නෝනා බලන්න යද්දී දෝනි වගේම කොලු පැටියා එක්ක යන්න මං තීරනය කරා ….
එහෙම්මම ඇදට වෙලා පුංචි පුතා නිදි….
මගෙ අම්මට දරුවා පොඩ්ඩක් බලන්න කියලා ඉක්මනට මං ආවෙ දෝනි ඉස්කෝලෙන් අරගෙන යන්න ….
දෝනි අරගෙන ගෙදර ගිහින් ඊලගට බෑග් එක ලෑස්ති කරේ නෝනෙ බලන්න යන්න ….
ඒත් මට බැලුනෙ ….
දෙවියනේ කෝ මගෙ රත්තරන් කොලු පැටියා …..
මට කිසිම දෙයක් හිතාගන්න බෑ …
සුදු මහත්තයා ….
සුදු මහත්තයා ….
දෙවියනේ කෝ මගෙ රත්තරන් උබ නැතුව අම්මා මාව මරලා දායි….
කොච්චර බැලුවද ඒත් පුතාගෙ කිසිම සද්දයක් නෑ ….
අනේ තාත්තේ….
දෝනි කෑගහද්දි ඒ පැත්තට දිව්වෙ…..
අනේ රත්තරන් …..
සුදු මහත්තයා තනියම දොලට ගිහින් ….
එයා එහෙම්මම වතුරට වැටිලා ….
අනේ මගෙ පුතේ…
කිසිම දෙයක් මට මතක නෑ ..කොහොමද පුංචි දෝනි ඉස්පිරිතාලෙට එක්ක ආවෙ කියලා …
මට මතක් වෙන්නෙම නෝනා අඩ අඩ අන්තිමට මට කිව්ව දේ….
අනේ මගෙ අහිංසක කොලු පැටියා …ඒ තමයි මගෙ හුස්ම ටික …එයා පරිස්සමෙන් බලාගන්න ….කියලා ….
දෙවියනේ මගෙ රත්තරන් පුංචි පුතා එක දවසක් නෝනෙ නැතුව මට බලාගන්න බැරි උනා ….
අනේ දොස්තර මහත්තයා කොහොම හරි මගෙ පුංචි පුතා අනේ බේරලා දෙන්න ….
අනේ බුදු මහත්තයා ….
කොහොම හරි මට දරුවා බේරලා දෙන්න බුදු මහත්තයා …..
අනේ මගෙ පැටියො ….
අම්මා ඇවිත් ඔයා අහද්දි මං මොකද්ද කියන්නෙ ….
ඔයාගෙ අම්මගෙ පපුව පැලෙයි….
හැමදාම අම්මා පණ වගේ ආදරය කරේ මට නෙවෙයි උබට ….
අනේ මගෙ මැණික ඇස් අරින්න ….
දොස්තර මහත්තුරු පුංචි පුතා වටකරගෙන….
කෝ මේ දරුවගෙ අම්මා …
අනේ සර් අම්මා දරුවා ලැබෙන්න ඉස්පිරිතාලෙ ගිහින් අද උදේ….
සමාවෙන්න ඒත් අපිට දරුවා ගැන කිසිම දෙයක් කියන්න බෑ …..
අනේ බුදු මහත්තයා ….
මගෙ කොල්ලා…..
ඔයාට ලස්සන පුතෙක්…..
හැම වේදනාවක් ම උහුලගෙන ලස්සන පුංචි පුතෙක් මගෙ නෝනෙ ගෙනත්….
මගෙ නෝනෙ හැම තැනම හොයන්න ඇත්තෙ මං කෝ කියලා ..මොකද මං දරුවො එක්ක ඇවිත් ඇති කියලා …
ඒත් මං කොහොමද ඔයා බලන්න යන්නෙ….
සුදු නෝනා බත් ටිකක් ඉස්පිරිතාලෙන් අරගෙන වත් කයි….
මං තවම ඉන්නෙ කිසිම දෙයක් දරාගන්න බැරුව …
අනේ මගෙ වීරයා …
අම්මා නාවලා බලාගත්තු මගෙ පුංචි රත්තරන් ….
අනේ දෙවියනේ කොහොමද මේ දේවල් උහුලන්නෙ ….
අවසාන කොටසින් හමුවෙමු ….
ගෙවෙන හැම දවසක්ම සතුටින් ආදරෙන් ගෙවන්න …ඊලග තප්පරය මොකද්ද වෙන්නෙ කියලා දන්නෙ නෑ …ඒ නිසා හැම මොහොතක් ම ආදරනීයන් එක්ක සතුටින් ගෙවන්න ….
අවසාන කොටසින් හෙට එන්නම් ..
නිර්මානයේ සම්පූර්ණ අයිතිය කතෲ ඩී ඒ ආර් ලක්ශිකා වන මා සතු යි….
ලයික් කමෙන්ට් කරන්න