03 කොටස….
අයියෝ ඒයි…
මාර වැඩේනෙ….
මං කල්පනා ලෝකෙ අස්සෙ ඉද්දි එක දිගටම ෆෝන් එක රින්ග් වෙනවා…
😃😃😃😃මගෙ යක්ශනී ගන්නෙ…
ගත්ත ගමන් එයා මොනවද කියන්න හදන්නෙ….
ඇයි සුද්දි මොකද්ද උනේ …
නැන්දම්මා ලේලි ප්‍රශ්නයක් වත් ද…
අනේ නෑ හොල්මන ඒක නෙවෙයි ….
එහෙනම් ….
රිලා මොටයො
වැඩේ ඉවරයි ….
මොකද්ද අනේ ….
කිය්ස්නවකෝ තේරෙන්න…
මොකද්ද වෙලා තියෙන්නෙ කියලා …
වෙලා තියෙන්නෙ
ඔහේ ගෙදර ඇවිත් ගියා ගියාමයි …
තවම ලෙඩ උනේ නෑ ඕයි…..
අඩේ නියමයිනේ…
මට නම් එහෙම්මම කියවුනා…
සතුටටම….
ඔහේට මොකද ඇවිත් ඇවිත් ලමයි හදලා මාරු වෙනවා…
මෝඩයා මං එපැයි සේරම තනියම කරගන්න …
නෝනෙ…
මොකෝ…
ඕක ඔහොම තනියම කරගත්තු දෙයක් නෙවෙයි නේද …
හරි එච්චරයි අපේ එකී ෆෝන් එක තිබ්බා …
මං කොහොමත් ආසයි පුංචි පුංචි පැටවු ගොඩාක් ඉන්නවා ට…ඒත් මගෙ එකම කරුමෙ මේ රස්සාවක් හින්දා උන්ගෙ ලගට වෙලා ඉන්න නැති එක ….
අනේ මගෙ පුංචි පැටව් බෝල එක්ක කෝලම් කර කර ඉද්දි මගේ නිවාඩු සේරම ඉවර වෙනවා දැනෙන්නෙවත් නෑ ….
පුංචි උන් මතක් වෙලා හීල්ලෙද්දි ආයෙ අපෙ එකී මට ගන්නවා ….
ඔන්න ඉතින් මාස දහය ඉවර වෙලා දරුවා ලැබිලත් මාස හයක් යනකල් දැන් ඉතින් අපේ එකීට ආස ආස දේවල් කන්න ඕනි …
කියන්න මැණික …
පලයන් යන්න …ගොනා….
අපි කොහොමත් ආදරෙන් කතා කරෙත් එහෙමයි…
ආදරෙන් මැණික පණ කිව්වෙ බොහොම කලාතුරකින් …
ඒත් ආදරය කිසිම අඩුවක් නෑ …
ඕ මැණික …
ඔයා දැන් කේන්ති ගන්න හොද නෑ …
අනේ ඒයි මට දුක කොල්ලා ගැන …
එයා තවම පොඩී…
මට එයාව තව හුරතල් කරන්න ඕනි කියලා හිතෙනවා …
අන්න අපේ නෝනෙගෙ වේදනාව කොල්ලා වෙනුවෙන් …දෝනි ඉපදිලා අවුරුදු තුනහාමාරෙන් පුතා ලැබුනෙ …ඒත් දැන් අපේ පුතාට අවුරුදු හතරක්….එන්න ඉන්න පොඩ්ඩා එද්දී අවුරුදු පහකට ලං වෙනවා …ඒත් අපේ නෝනෙට කොල්ලා හුරතල් කරා මදුලු….
මං ඒකනෙ කියන්නෙ අම්මගෙයි පුතාගෙයි ආදරය ලොකු බැදීමක් කියලා …ඒක මට කවදාවත් කියන්න තේරෙන්නෙ නෑ ….
අනේ සුදු නෝනා එයා දැන් ලොකුයි…
රෙද්ද තමයි මගෙ අහිංසක පුංචි පැටියා …
හරි හරි දැන් කරන්න දෙයක් නෑනෙ මැණික …
මට ලොකු චොක්ලට් පහක් එවන්න…
තව බයිට් එවන්න …
එතකොට බිස්කට් එවන්න ….
බුදු අම්මෝ උබට මෙච්චර ඉක්මනට දොලදුකත් ආවද…
ඔව් ඔව් එවනවා….
හ්ම් හ්ම් ….
හැම වේදනාවක් ම හිතේ තියාගෙන පුංචි පැටව් වෙනුවෙන් ආදරය හිර කරගෙන හැමදාම හූල්ල හූල්ල ඉන්නෙ කවද්ද ගෙදර යන්න පුලුවන් කියලා ….
සුදු නෝනා ඉල්ලපු හැම දෙයක්ම කූරිය සර්විස් එහෙක ගෙදර ඇඩ්‍රස් එකට යැව්වා…
මගේ නෝනා වගේම පුංචි පැටව් දෙන්නා හොදටම දන්නවා ඉල්ලපු හැම දෙයක්ම මේ අප්පච්චි කොහොම හරි ගෙනත් දෙනවා කියලා ….
දැන් මට කිසිම නින්දක් නෑ ..
අලුත් පුංචි පැටියා ඉක්මනට එනවනම් කියලා හිතට දැනෙනවා…
ඇත්තටම මේ වෙද්දී මට හිතෙනවා කොහොම හරි රස්සාවක් ගෙවල් පැත්තෙන් හොයාගන්න …
ඒ නිසාම දන්න හුගාක් දෙනෙකුට කියලා තියෙන්නෙ කොහොම හරි හොද රස්සාවක් හොයලා දෙන්න කියලා ….
ටික ටික දවස් ගෙවෙද්දි මගෙ මැණිකගෙ පුංචි බංඩිය ටික ටික ඉස්සරහට ඇවිත් …
මට මතක් වෙන්නෙ ඉස්සර පුංචි දෝනි වගේම පුංචි පුතා ලැබෙන්න ඉද්දි …
ඒ වගේම මගෙ මැණික බොහොම අමාරුවෙන් ,පරිස්සමෙන් හැම දෙයක්ම තනියම කරගන්නවා….
කිසිම වෙලාවක මං බලාගෙන කිසිම වැඩක් එයා අතපසු කරගත්තෙ නෑ ..
අනේ කකුල් වල නහරත් ගැට ගැහිලා…
ඒත් එයා හැමදාම උදේම ඇහැරිලා පැටව් වෙනුවෙන් දෝනි ඉස්කෝලේ යවන්න උයනවා ….
උදේම නැගිට්ටම ඕක් ඕක් ගගා වොශ් රූම් එකට දුවන්නෙ ගෙදර අය ඇහැරෙයි කියලා ….
අම්මපා මට නින්ද යන්නෙ නෑ ….
මේ වෙද්දී ඕකිම ගෑනියෙක් ආස තමන්ගෙ මිනිහා ඇදේදි විතරක් සිපගන්නවට නෙවෙයි …
මේ වගේ බැරි වෙලාවක වමනෙ යද්දී අනේ කොන්ද ටිකක් ආදරෙන් අතගාන්න,වතුර ටිකක් ගෙනත් දෙන්න ….අනේ උයාගන්න බැරි වෙලාවට පොල් ටිකක් වත් ගාලා දෙන්න …ඒක තමයි ගෑනියෙක් බලාපොරොත්තු වෙන්නෙ….
එහෙම නැතුව යන යන හැම තැනම තුරුළු වෙලා ෆෝන් එකෙන් ෆොටෝස් ගහලා ෆේස් බුක් අප්ලෝඩ් කරාට ඒ කතා අස්සෙ ලස්සන ආදර කතා නෑ …..
ජීවිතය ලස්සන ඒ ආදරය සතුට හිමින් ලස්සන විදිද්දි .අපි විදින හැම දෙයක්ම ෆෝන් එකෙන් ෆොටෝස් අරගෙන ඒවා අප්ලෝඩ් කරාට ඒකෙ ඇති දෙයක් නෑ …
සර් …….
කියන්න මොකද්ද ප්‍රශ්නය …
සර් මට කොහොම හරි මේකෙන් අයින් වෙන්න ඕනි …
ඇයි මොකද්ද ප්‍රශ්නය …
අනේ සර් මට තව මෙහෙම ඉන්න බෑ …
පුංචි පැටව් එක්ක මැරෙන්න කලින් සතුටින් ඉන්න ඕනි ….
උබට පිස්සුද කොල්ලො…
හැමදාම ගානට වෙලාවට පඩි එද්දී ඔය තියෙන හිතෙන දේවල් එහෙ ගිහින් අගහිගකම් දැනෙද්දි නෑ ….
ඒත් මගෙ හිත කියන්නෙම කොහොම හරි ගෙදර යන්න ඕනි කියලා ..ඒ නිසාම රස්සාවට සමු දීලා ගෙදර ඉදලා යන්න පුලුවන් රස්සාවක් හොයාගෙන මං එන්න තීරනය කරා …
සුදු නෝනා කිසිම වෙලාවක හා කිව්වෙ නෑ මං රස්සාවෙන් අයින් වෙන එකට…
ඒත් එපා කිව්වෙත් නෑ …
ඔයා ඔයාට කැමති තීරනයක් ගන්න …
එච්චරයි එයා කිව්වෙ…
වෙනදා වගේ ලොකු පඩියක් නැති උනාට මං ගෙදර එන්න තීරනය කරා ….
කවදාවත් නැති ලොකු සතුටක් මට දැනුනෙ …
සුදු නෝනා වගේම පුංචි පොඩ්ඩො දෙන්නා හැමදාම වගේ පාර බලාගෙන උන්නා…
හ්ම් ගෙනාව සේරම දේවල් පැත්තකට වෙලා ඉවර කරනවා මං බලාගෙන …
අපේ ගෙදර කඩචෝරු කන්න පටන් ගත්තාම අම්මා පුතා දුව හොයාගන්න බෑ ..සේරම එකයි…..
අන්න එහෙම කොහොම හරි මාත් ගෙදර ආවා….
ඒයි…
නැගිටින්න අනේ ඉක්මනට …
දෝනි ලෑස්ති කරලා තියෙන්නෙ …
කෝ ඉක්මනට ලෑස්ති වෙන්න අනේ …
පරක්කු වෙනවා….
ඔය ඉතින් සරම පෙරෝගෙන ඉන්නෙ නැතිව නැගිටින්න …
එකම කාලගෝට්ටියයි….
අපේ යක්ශනී උදේම දුම්මල වරම අරගෙන ….
එනවා හොල්මන ඉක්මනට ….
අම්මපා මට දෙන වදයක් ….
නැගිටිනවා ….
අම්මපා මේ යක්ශනී බලන්න මාත් ආවනේ…
දැන් ඉතින් කරන්න දෙයක් නෑ ….
බොහොම අමාරුවෙන් ඉක්මනට ලෑස්ති වෙලා දෝනි ඉස්කෝලේ දාන්න ගියා ..
දැන් ඉතින් ගෙදර ඉද්දි ඉස්කෝලේ ,පංති …..මේවා තමයි ….
ඒ අස්සෙ අපේ නෝනට ඕනි කෑම ඒවත් මං හදලා දෙනවා…
බුදු අම්මෝ එදාට එයාගෙ සතුට….
අපේ මහත්තයා ….
හෑ ඒ මොකාද….
අනේ මේ ඔහේට තමයි ගොනෝ කතා කරේ….
කියන්නකෝ….
මං දරුවා ලැබෙන්න ගිහින් හදිස්සියේම මැරුනොත්….
ඔයා ආයෙ කවදාවත් කසාද බදින්න එපා…
උබට පිස්සුද ගෑනියේ…..
අම්මපා මේකිට දෙන්න හිතෙනවා එකක්…
මාවත් අඩවනවා….
ඊට පහුවදාම ගේනවා….
ලමයි ඉතින් තනියම බලාගන්න බැරි නිසා ලස්සන එකක්….
එහෙම උනොත් නම් හොල්මන් කරනවා මං ….
ඇත්තටම මට එහෙම උනොත් මගෙ කොලු පැටියා දාලා යන්න තමයි දුක….
යකෝ මෙච්චර ආදරය කරන මිනිහා පැත්තක,දෝනි පැත්තක…
මේකි කොලු පැටියා දාලා යන්න බෑ කියලා අඩනවා….
අනේ සුදු නෝනා උබට පිස්සුද …
උබගෙ වෙලාවෙ කියලා තිබ්බා අවුරුදු හැත්ත හයක් ඉන්නවා කියලා ….
මං එහෙම කියලා හිනා උනා ….
ඒත් හිතින් හිතුවෙ කවදාවත් මගේ නෝනා නැතිව එක දවසක් වත් මට ඉන්න වෙන්න එපා කියලා ….
යාලුවනේ ඊලග කොටසින් හමුවෙමු .
නිර්මානයේ සම්පූර්ණ අයිතිය කතෲ ඩී ඒ ආර් ලක්ශිකා වන මා සතු යි….
ලයික් කමෙන්ට් කරන්න …
බුදු සරණයි