දෝනි එන්නකෝ මගෙ ලගට අප්පච්චි තුරුළු කරගන්නම්….

කොහොම හරි එකෙක් හරි යාලු කරගන්න හිතාගෙන මං එහෙම කිව්වෙ ….

.මට බෑ …මට ඕනි අම්මා ….

ඒ පාර දෝනි අඩනවා ….

සුදු මහත්තයා ඔයා එන්නකෝ අප්පච්චි ලගට ….

බෑ බෑ අක්කා ගන්න ඔයා …

අම්මා මගේ….

ඒ පාර සුදු මහත්තයා ඒකත් අඩනවා…

ඒත් ඉතින් ඔයාලෑ අම්මට බෑනේ ඔයාලා දෙන්නම එක පාර තුරුළු කරගන්න ….

මං හිනා වෙලා එහෙම කිව්වම දෝනි වගේම පුතා ඒ ගමන අම්මගෙ අත් ඇද ඇද කෑ ගහනවා තුරුළු කරගන්න කියලා ….

මං හිනාවෙනවා ….

උරුලෑවා …..

බුදු අම්මෝ අපේ නෝනා රැව්වා රැවිල්ලක්….

ලමයින්ට හමන් මේ හොල්මන ගෙදර ආවම…

මේ මහ රෑ ලමයි අවුස්සනවා ….

ගස්ගෙම්බා….

මටත් රවලා අපේ නෝනා අත් දෙක පොඩ්ඩො දෙන්නගෙ ඇග අස්සෙන් දාලා දෙන්නම අත් දෙකින් තුරුළු කරගත්තා ….

මට බැලුනෙ මේ ගෑනිගෙ මොලේ කියලා ඒ පැත්ත…අන්න ඒ ගමන මට විරිත්තනවා….

මහ රෑ ඇහැරගෙන ඉදලා බොහොම අමාරුවෙන් අපේ නෝනා අල්ලගත්තෙ….

සුදු නෝනා ….

මොකෝ මේ එන්න එන්න කෝලම් වැඩි….

අහනවකෝ ….

මොකද්ද

අපිට තව පොඩ්ඩෙක් හිටියා නම් හොදයි නේද ….

ඔයාට පිස්සුද අනේ ….

යක්කු දෙන්නා නිදි වෙලාවට විතරයි මට පුලුවන් මගේ නෝනා අල්ලන්න,ලගට ගන්න,තුරුළු කරගන්න….

අනිත් වෙලාවට අල්ලන්න ගියොත් පොඩි යක්කු දෙන්නා…රංඩු ….

දවසක් පුතා අම්මගෙ කුක්කු අල්ල අල්ල,උම්මා දිදී ඉන්නවා ….

අක්කා නෑ ඉස්කෝලේ ගිහින් ….

සුදු මහත්තයා මටත් දෙන්නකෝ කුක්කු ටිකක්….

දුන්නා නේද පුතා මූණට එකක්….

අම්මපා මුන්ගෙ පුංචි අත් වලින් දුන්නම හොදටම රිදෙනවා ….

අද නම් මට 😃 සතුටු දවසක් ….

අපෙ පුතාගෙ බයිසිකලේ කැඩිලා …..

අද ඉතින් සුදු මහත්තයා කොහොම හරි අප්පච්චි යාලු කරගෙන බයිසිකලේ හදාගන්න දගලනවා කියලා මං හොදටම දන්නවා ….

අප්පච්චි …..

ඇයි මොකෝ….

පොඩ්ඩක් එනෝකෝ….

මට බෑ ….අම්මට කියලා ඕනි දෙයක් කරගන්න එකයි ඇත්තෙ..

අනේ අප්පච්චි එනෝකෝ….

මං සුදු මහත්තයා පස්සෙන් ආවා…

එයා වාහනය ඒ වෙද්දිත් අනිත් පැත්ත හරවලා….

අප්පච්චි ට එහා….සේරම මජන් ඇදුම් වල ගාගෙන …..

අත් දෙකම කලු වෙලා ….

මං කරන දේවල් එයා බලාගෙන ඉන්නවා කියලා මට දැනුනා….

මට හිතට ලොකු සතුටක් දැනුනෙ …

මං නැති දවසක අම්මා අක්කා බලාගන්න මේ පුංචි පුතාට පුලුවන් කියලා මට අද දැනුනා ….

එයා තමයි මට ඕනි දෙයක් ලගට අරගෙන ඇවිත් දෙන්නෙ….

අපේ නෝනට කියලා මල් ඉස්කුරුප්පුව,අඩුව කිසිම දෙයක් ගෙන්න ගන්න බෑ ..මොකද අපේ නෝනා ඒවා දන්නෙ නෑ ….

මල් ඉස්කුරුප්පුව ඉල්ලුවොත් ෆ්ලැට් එක දෙනවා….යතුරක් ඉල්ලුවොත් අඩුවක් දෙනවා…

ඒත් පුතා එහෙම නෑ …

තවම හුගාක් පොඩි උනාට එයාට මං කරන හැම දෙයක්ම ලස්සනට හුරු වෙනවා කියලා මට තේරෙනවා…

නිවාඩු ඉවර වෙලා ආපහු ආවෙ සතුටින් නම් නෙවෙයි …ආසයි හැමදාම මගෙ පැටව් ලගට වෙලා ඉන්න .ඒත් ඉතින් මොකද්ද කරන්නෙ …එයාලා ජීවත් කරන්න සල්ලිත් හොයන්න ඕනිනෙ…

ඔයාලට කියන්න බැරි උනානෙ අපේ නෝනා ගැනත් ටිකක්….ඇත්තටම කිව්වොත් ඕනි කෙනෙක්ට උදව් කරන කෙනෙක් ….හැබැයි ඉතින් යුද්දෙ නම් යුද්දෙ සාමෙ නම් ඉතින් සාමෙ…

ඒක තමයි එයාගෙ විදිය ….

අපේ ගෙදර අය වගේම මගෙ යාලුවො ඉස්සර මගෙ වාහනය ,ඇදුම් ,සපත්තු සෙරෙප්පු ඔරලෝසුව පවා අරගෙන යනවා….

ඒත් ඉතින් දැන් ඒ කිසිම දෙයක් එහෙම නෑ ….මට මතකයි දවසක් අපේ ගෙදර වාහනය අරගෙන ගෑනිත් එක්ක කොහෙද යන්න එකෙක් ආවා….

ගෙදර කවුද ……

මගෙ වෙලාව හොද කම නිසා එවලෙ මං නිදි….

කවුද …..

අපෙ නෝනා තමයි ඉස්සරහට ගියේ…..

ආ නංගී ….

සුමේද ගෙදර නැද්ද….

එයා වොශ් රූම් එකේ අයියෙ….

මොකද්ද ප්‍රශ්නය ….

අනේ නංගී මං සුමේද ට කිව්වා….

වාහනය පොඩ්ඩක් ඉල්ලගන්න ….

කවද්ද අයියෙ ….

අද නංගී ….

අනේ එහෙම ද අයියෙ ….
ඒත් අද වාහනය ගරාජ් එකට දාන්න ඉන්නෙ…

අනේ ඒ මොකද නංගී ….

කැඩිලා ….

හරි හරි මං ගිහින් එන්නම් නංගී …..

අපේම තව එකෙක් ඒත් දවසක….

සුමේද අයියෙ …..

සුමේද අයියේ…..

කවුද මේ ….

ආ නංගී …..අනේ බයිසිකලේ පෙට්‍රල් ඉවර උනා ….

අනේ එහෙම ද….

ඉතින් අයියෙ ඉඩමෙ ගිහින් ගෙදර යන්න පෙට්‍රල් ගහගෙන එන්න එපෑ…

මොකද්ද කරන්නෙ ඔහොම්මම තල්ලු කරගෙන යන්න …..

නංගී මේ වාහනයෙන් ටිකක් ඇදගන්නද….

එතකොට තමයි අපේ නෝනට 100 නැග්ගෙ….ඇත්තනෙ මුන් සේරම මෙච්චර දවසක් ඔහොම තමයි හැමදාම හැමදේම අරගෙන ගියේ …..

අනේ අයියෙ මේ ගෙදර ඉන්නෙත් සේරම අසනීප අය….හදිස්සියේම ඉස්පිරිතාලෙට වත් යන්න තමයි තෙල් පොඩ්ඩක් තියෙන්නෙ ….

ඒකත් එහෙම්මම ඉවරයි ….

මූණ රතු කරගෙන යක්ශනී කුස්සියට ගියේ…..

ගෙවෙන හැම දවසකම හිත කිව්වෙ මගෙ දරුවො එක්ක ඉන්න තිබ්බා නම් කොච්චර හොදයි ද කියලා …

කවදා හරි දවසක මං ගෙදර ඉන්නම යද්දී මගෙ පුංචි පුතා දෝනි ලොකු වෙලා ඉදී….

එදාට එයාලා අද වගේ හුරතල් නෑ …එයාලා එයාලගෙ ලෝකේ ඉදී….

මං කිසිම ගිහින් ටික දවසක් යද්දී එයාලා එයාලගෙ ලෝක හදාගෙන යන්න යයි….

මායි මගෙ නෝනයි විතරක් තනි වෙයි….

මගෙ නෝනට නම් පුංචි දෝනි පුංචි පුතා කරපු ආදරය හැමදාම හදවතේ තියාගෙන එයාට අවසාන කාලෙ සතුටින් ඉන්න පුලුවන් වෙයි..

ඒත් මට කවදාවත් පුංචි දෝනි පුංචි පුතා නොදුන්න ඒ ආදරය සෙනෙහස නැතුවම දුක් වෙන්න වෙයි…..

ගෙදරට කෝල් ගන්න හැම මොහොතකම පුංචි පුතා දෝනි කිව්වෙ අප්පච්චි ඔයා කවද්ද ගෙදර එන්නෙ කියලා ….

ඒ වචන ඇහෙද්දි අනේ එවලෙම දුවලා ගෙදර යන්න හිතෙනවා …සේරම දමලා ගහලා …..

මං ගෙදර ඉදලා වැඩට ඇවිත් මුල් සති දෙක තමයි දෝනි වගේම පුංචි පුතා අප්පච්චි ගෙදර එන්න කියලා දුකින් අඩන්නෙ….පස්සෙ පස්සෙ….

අප්පච්චි එක්ක පුතා තරහයි කියලා සුදු මහත්තයා ෆෝන් එක තියෙනවා ….

අනේ මගෙ පුංචි පුතා ට තේරෙන්නෙ නෑ එයාට ,අක්කට ,අම්මට ඕනි දේවල් ගන්න,ඕනි දේවල් කන්න අප්පච්චි මෙච්චර වේදනාවක් හිතේ තියාගෙන උදේට කිරි එකක් බීලා දවල්ට රුපියල් පනහෙ පත් පැකට් එකක් කාලා රෑට මොනවා හරි කාලා කීයක් හරි ඉතුරු කරගන්නෙ කියලා ..

මගෙ පුංචි පැටවුන්ට ඕනි එයාලගෙ අම්මා වගේම තාත්තා ලගට ව්ෙයි හුරතල් වෙන්න …ආදරය කරන්න …අනිත් යාලුවන්ගෙ අම්මා තාත්තා වගේ ඉස්කෝලේ ලගට යන්න ….

අනිත් යාලුවො අම්මා තාත්තා එක්ක ඇවිදින්න ගිහින් ඇවිත් ඒ තැන් ගැන කියද්දි අනේ මගෙ අප්පච්චි හිටියා නම් කියලා දැනෙන හිත කොයි තරම් අප්පච්චි මතක් කරනවා ඇතිද….

ඒත් මොකද්ද කරන්නෙ ….

හිතුනු ගමන් ගෙදර දුවන්න පුලුවන් රස්සාවක් නෙවෙයි මේක ….

යාලුවනේ ඊලග කොටසින් හමුවෙමු ..

අනිවාර්යයෙන් ලයික් කමෙන්ට් කරන්න …

නිර්මානයේ සම්පූර්ණ අයිතිය කතෲ ඩී ඒ ආර් ලක්ශිකා වන මා සතු යි