මේක ඇත්තටම කිව්වොත් ඉරිසියාවක් …
මං රස්සාව කරන්නෙ හුගාක් ඈත ..
ගෙදර ආවා ගියේ මාසෙකට එකහමාරකට සැරයක් ….
මගෙ පුංචි පුතා වගේම දෝනි මං එනකල් හුගාක් සතුටින් මග බලාගෙන ඉන්නෙ …
ඒ දෙන්නා විතරක් නෙවෙයි මගෙ ආදරනීය බිරිඳ එයත් මං එනකල් මග බලාගෙන ඉන්නෙ …
ආව දවස දෙක පුංචි පුතා වගේම දෝනි මගෙ පස්සෙන්මයි..කොටින්ම කිව්වොත් වොශ් රූම් එකට ගියත් අප්පච්චි එන්නකෝ.ඔයා මොකද්ද කරන්නෙ කියලා දොර කඩන්න හදනවා…
හැබැයි ඉතින් ඊට පස්සෙ ආයෙ අම්මා අම්මා අම්මා …කන්න ගියත් බොන්න ගියත් හැම වෙලේම අක්කා වගේම මල්ලි දෙන්නම හොයන්නෙ අම්මා …
මං කවදාවත් කිසිම වෙලාවක මගෙ පුංචි කොලු පැටියට වගේම දෝනිට රිදෙන්න පාරක් වත් ගහපු නැති තරම් …
ඕනි ඕනි හැම දෙයක්ම ගෙනත් දෙන්නෙ ඇත්තටම කිව්වොත් බඩක කාලා නම් නෙවෙයි …
මං එහෙ රුපියල් පනහෙ බත් පැකට් එක කාලා කීයක් හරි ඉතුරු කරගන්නෙ ගෙදර එද්දී පැටවුන්ට ඕනි දෙයක් අරගෙන එන්න…
කිසිම දවසක මං ගෙදර එද්දී මගෙ පුංචි දෝනි ,පුතා වගේම බිරිඳ නිදියගෙන ඉන්නෙ නෑ …
රෑ එකට දෙකට ගෙදර ආවත් ඒ තුන් දෙනාම දොර ඇරගෙන එලියට දුවගෙන එනවා…
එවලෙට මං ගෙනාව දේවල් දුන්නම තුන් දෙනාම එක හුස්මට ඒ සේරම කාලා බැරිම උනොත් තමයි උදේට ඉතුරු කරන්නෙ…
මං කවදාවත් ගැහුවෙ නැති උනාට දරුවො එක්ක එයාලා බලාගන්න දුක් විදින්නෙ මගෙ බිරිඳ ..ඒ නිසාම එයා දරුවො වැරැද්දක් කරාම මං වගේ හුරතල් කරේ නෑ ..බනින්න ඕනි වෙලාවට බැන්නා.ගහන්න ඕනි වෙලාවට ගැහුවා…
මට තේරෙන්නෙ නෑ ඒත් මුන් දෙන්නා.එහෙම ගහද්දිත් අම්මටම පණ ඇරලා ආදරේ කියලා …
මගෙ පුතාට අම්මා ගැහුවාම…මං ගිහින් ආදරෙන් එයාව තුරුළු කරගන්නවා ..හැබැයි ඒකට අම්මගෙන් අල්ලන්න තියෙන සේරම මගෙන් තමයි පිරිමහන්නෙ….
කේන්තියට මට තමයි පුංචි පුතා ගහන්නෙ…එච්චර ගුටි කාලා තියෙද්දි එයාගෙ අම්මා පුංචි පුතා ලගට ගිහින් අම්මගෙ නහය මගෙ පුංචි පුතාගෙ නහයට ලං කරලා ගාව ගාව හිනා වෙද්දී …අන්න පුංචි පුතා කිසිම තරහක් නැතුව අම්මා එක්ක යාලු වෙලා …
ඇත්තටම ඒක පුදුම බැදීමක් …
ඉරිසියාවක් දැනෙන තරමටම…
මගේ නෝනා ඉතින් කොහොමත් කේන්ති යන කෙනෙක් …
ඇත්තනෙ ඉතින් ….
සුදු නෝනා …
මේ සපත්තු කොහෙද ගැලෙව්වෙ ආ….
මං එන්න ඉස්සෙල්ලා සපත්තු රැක් එකෙන් තියෙනවා ….
ඒක තමයි අම්මා දෝනිට දෙන අවසාන නියෝගය…
අනේ මංදා කොහොමද කියලා ..ඒත් ඉතින් දෝනි ඉක්මනට ඒක ගිහින් තියන්න ඕනි තැනින්ම තියනවා…
ඒත් ඉතින් මං දෙයක් කිව්වොත් නම් එහෙම වෙන්නෙ නෑ ….
මගෙ පුංචි පැටව් දෙන්නම අසනීප වෙලා …
ඒක නිසාම ගිහින් බෙහෙත් අරගෙන ආවා…
පුතාට නම් කිසිම වදයක් නෑ …
දුන්නු ගමන් බෙහෙත් ටික බොනවා…
ඒත් ඉතින් අපේ දෝනි ගෙදර අක්කා උනාට …වෙලාවකට අම්මා වගේම යක්ශනී තමයි ….
😃😃😃😃😃😃😃😃😃😃
සුදු නෝනා එන්න මැණික බෙහෙත් ටික බොන්න….
මට ඕනි බෙහෙතක් නෑ …
යකෝ පොඩි උනාට මේකිගෙ සැර….
ඒයි මෙන්න දෝනිට බෙහෙත් බොන්න බැරිලු….
මාත් ඉතින් වෙන කරන්න දෙයක් නැති නිසා බිරිඳ ට කතා කරා….
සුදු නෝනා මං එන්න ඉස්සෙල්ලා ඔය බෙහෙත් ටික බොනවා….
ආවොත් සේරම ඔබනවා එක සැරේ කටට….
අපේ නෝනා ඉතින් අන්න කුස්සියේ ඉදන් කෑගහනවා…
වෙලාවට අහල පහල ගෙයක් නැත්තෙ…
නැත්නම් අපේ නෝනාගෙ සද්දෙට එහා ගෙදර උලු ටිකත් උඩ ගිහින් කැඩිලා මේ වෙද්දී ….
😃😃😃😃😃😃😃 අම්මපා …
අම්මගේ සද්දෙට දෝනි ඉක්මනටම බෙහෙත් ටික බිව්වා…
අද නම් දෝනි ඇත්තෙ අම්මා එක්ක මල පැනලා ….
ඒ නිසා ගිහින් බලන්න හිතාගෙන කෑම කාලා ගිහින් දෝනි ලගට ගත්තා ….
අම්මා හොද නෑ නේද ….දෝනි …
සැරයිනෙ….
අපි හොද අම්මා කෙනෙක් ගේමු….
දෝනි නලවගන්න එහෙම කියලා අනිත් පැත්ත බලද්දී අපේ නෝනා ඉන්නවා …මල යක්ෂණී වගේ කොස්සත් අරගෙන කාම්බරයට ඇවිත් .. ..
ඔව්
ඔව් ….
තමුසෙට ඒක තමයි දැන් ඕනි වෙලා තියෙන්නෙ ….
කාලා කාලා තෙල වැඩි වෙලා …..
ඉවරයි ඉතින් අනිත් නිවාඩු දවස් ටික….
සුදු දෝනි වගේම පුංචි පුතා හැමදාම පොරකන්නෙ අම්මා බෙදාගන්න….
අම්මා මං ලග…
අම්මා මං ලග….
කිසිම වෙලාවක තාත්තා මගේ තාත්තා මගේ කියලා මුන් දෙන්නා රංඩු කරලා නෑ ….
බැරිම තැන මගෙ නෝනා නිදාගන්නෙ පුංචි දෙන්නා මැද්දෙ….මං ඉතින් ඇහැරගෙන ඉන්න ඕනි මේ යක්කු දෙන්නා නිදාගන්න කල්…
ඒ දවස් වලටත් හුගාක් දවස් වලට නෝනෙටත් එහෙම්මම නින්ද ගිහින් ….
මගෙ පුංචි පුතාට හැමදාම හොරෙන් හොරෙන් අම්මිගෙ කුක්කු අල්ලන්න ඕනි ….රෑ හීනෙන් අම්මා තුරුළු කරගන්නවා….අම්මගෙ කුක්කු උම්මා දෙනවා…ඇත්තටම ඒක මාරම බැදීමක් …..
අම්මගෙයි පුතාගෙයි තියෙන්නෙ පුදුම බැදීමක් ….ඇත්තටම හුගාක් වෙලාවට මට හිතෙනවා මගෙ නෝනා මටත් වඩා පුංචි පුතාට ආදරෙයි කියලා ….
හැමදාම වැරැද්දක් දැක්කම ගහන බනින මගේ නෝනා දෝනිට වගේම පුංචි පුතාට මං ගැහුවොත් බැන්නොත් මෙන්න මේ ගෑනු සේරටම ඉස්සෙල්ලා අඩනවා….
ඔයා දැන් දරුවන්ට ආදරේ නෑ කිය කිය…..
එතකොට තමුසෙ හැමදාම උන්ට ගහන්නෙ.බනින්නෙ…..
ඔන්න ඉතින් මාත් ඇහුවා මගේ ප්රශ්නය ….
මං උන්ගේ අම්මා මාස දහයක් බඩේ තියාගෙන ,මැහුන් දාගෙන උන් ගෙනාවෙ…හැමදාම මං එයාලව බලාගන්නවා.එතකොට එයාලා හදාගන්න ගහනවා බනිනවා …
ඒත් ඔයා ඔයා ගෙදර ඉන්නෙ මාසෙකට එකහාමාරකට දවස් පහක් හයක් …ඒකවත් ඔයාට දරුවො එක්ක ආදරෙන් ඉන්න බැරිද ….
ඔන්න ඉතින් අපේ ගෑනිගෙ උත්තරය ….
මොනා කියන්නද….
මේවට උත්තර දීලා අදත් එහා මෙහා නිදාගන්න වෙන්නෙ…මං කිසිම දෙයක් කියන්න ගියේ නෑ …
ඇත්ත මෙන්න මේකයි කිසිම අම්මා කෙනෙක් එයාලා දරුවන්ට ගැහුවට බැන්නට අඩුම තරමෙ දරුවන්ගෙ තාත්තා වත් දරුවන්ට ගහනවට බනිනවට කැමති නෑ …..
මගෙ පුංචි පුතා හැමදාම කක්කා දාලා කතාකරන්නෙ අම්මට …
ඒත් මං ගියාම එපාලු…අම්මටම එන්නලු…
මොකද්ද මේ මෙච්චර අම්මටම පස්ස හෝදන්න කියන්නෙ කියලා මාත් කල්පනා කරා….එයාගෙ අම්මා පුතාගෙ කක්කා හෝදන්න වොශ් රූම් එකට ගියාම මාත් හොරෙන් බලාගෙන හිටියා …..
හ්ම් හ්ම්…..
එයාගෙ අම්මා සබන් දාලා හොදට පුංචි පුතාගෙ පස්ස හෝදනවා…ඒ අස්සෙ පුංචි පුතාගෙ ඔලුව එහෙම උම්මා දිදී කෝලම් කර කර….ඒකයි මේ දරුවා අම්මම හොයන්නෙ….
මේ බැදීම පුදුම එකක්….
මං කාම්බරයට ආවෙ එහෙම හිතාගෙන …
අපි ඉතින් දරුවා කක්කා දාලා පස්ස හෝදන්න ගියා නම් ආයෙ ඉතින් වෙන ඒවා නෑනෙ වතුර ටැප් එක ඇරලා අරගෙන හොදට පස්ස හෝදනවා මිසක්…
මං බැලුවේ කොහොම හරි දරුවො දෙන්නගෙන් එකෙක් යාලු කරගන්න…කොහොම උනත් අම්මට බෑනේ නිදාගන්න වෙලාවට දරුවො දෙන්නම එක සැරේම තුරුළු කරගන්න ….
ඉතින් මං උන්නෙ රෑ වෙනකල් …
වෙනදා වගේ පුතා වගේම දෝනි පොරකනවා අම්මා බෙදාගන්න …
හරි අපේ නෝනා දරුවො දෙන්නගෙ මැදින් නිදාගත්තා …අත් දෙකින් දරුවො දෙන්නම තුරුළු කරගත්තා ….
ඊලග කොටසින් හමුවෙමු ….
මේ ලස්සන කැදැල්ලට මොකද්ද උනේ කියලා දැනගන්න …
ඔයාගෙ අදහස් ලයික් කමෙන්ට් කරන්න …
ඊලග කොටසින් හමුවෙමු …
නිර්මානයේ සම්පූර්ණ අයිතිය කතෲ ඩී ඒ ආර් ලක්ශිකා වන මා සතු යි