සිතින් විතරක්..

විසි හත…. 27

හොස්පිට්ල් එක ඉස්සරහින් වාහනේ නතර කරලා වාහනෙන් බහිනක ම්ම මම ආයිම මොනවත් කතා කරන්න ගියෙ නෑ.

මොකද කතා කරන්න තරම් සන්සුන් හිතක් මට ඉතිරි වෙලා තිබුනෙ නෑ. මම හිටියේ අවුල් වෙන්න පුළුවන් උපරිමේටම අවුල් වෙලා මට තවත් අවුල් වෙන්න ඉඩක් තිබුනෙ නෑ.

සෙත් හොස්පිට්ල් එකට ගියෙත් මගෙ අතකින් අල්ලගෙන. මම අවුලෙන් ඉන්නවා කියලා එයාට දැනෙන්න ඇති.

රෝහල් කොරිඩොවෙ ඉස්සරහට අඩියක් තියන හැම මොහොතකම මගෙ පපුව මහ හයියෙන් ගැහුනා. මොකද විහඟට මොකක් හරි කරදරයක් වෙලා ඇති කියලා අනියත බියක් මාව වෙලාගත්ත නිසා.

ඔහොම බය වෙලා වගේ ඉන්න එපා ඒන්ජල් ටිකක් රිලැක්ස් ඉන්න..

සෙත් මගෙ කනට කරලා කීවේ මම අන්ද මන්ද වෙලා වගේ බලාගෙන හිටපු නිසාද කොහෙද..

එයාට…. එයාට හුඟක් අමාරුද….?

මම ඇහුවෙ ඇත්තටම හිතට ලොකු බයක් දැනුන නිසා.

ඒන්ජල් මේ අහන්න හුඟක්ම අමාරු නිසා තමා අයිසීයූ ඉන්නෙ.. ඒක නිසා ඔයා කලබල වෙලා.. තවත් අවුල් හදන්න එපා තේරුනාද…

ඒ ගමන එයා එහෙම කීවේ ටිකක් විතර සැර හඬකින්. ඉතිං මම තවත් මොනවත් කියන්න ගියෙ නෑ. අපි දෙන්නා අයිසීයූ එක ලඟට යනකං ආයිම කතා කලේ නෑ. අහන්න මහ හුඟක් දේවල් තිබුනා. ඒත් කතා කරන්න මට දැනුනෙ බයක්.

අයිසීයු එකේ වීඳුරු අතරින් විහඟව දකිද්දි ඇත්තටම මම ගැස්සුනා. සෙත් මොන තරම් කීවත් එයාට ඒ තරම් අමාරුයි කියලා මම එයාව දකින තුරුම හිතුවෙ නෑ.

මැෂින් වලින් බට වලින් එයාව වැහිලා ගිහින් කියලායි මම හිතුවෙ. මම මොන තරම් බය උනාද කියනවා නං පපුව ගැහෙන සද්දෙ පිටට ඇහෙන්නෙ නැතුව තියාගන්න මට පුදුම මහන් සියක් වෙන්න සිද්ධවුනා.

අනේ එයාට හුඟක් අමාරුයිනෙ… මම කීවේ සෙත්ගෙ ඇගේ එල්ලිලා.

ඒක තමා මම මුල ඉදන් කීවේ..දැන් මෙතන නටන්න තියා ගන්නෙ නැතුව ඉන්න ඒන්ජල්… හීනි හඩකින් උනත් සෙත් කීවේ තරවටු හඬකින්.

මට.. මට එයාව බලන්න ඕනි… මම ආයිම කෙඳිරිගෑවා.

පිස්සු නටන්නෙ නැතුව ඉන්නවා ඒන්ජල්… ලඟට ගිහින් බලන්න ත\මු\සෙ ඩොක්ටර් කෙනෙක්ද.. ඔහොම බලාගත්තම මදිද.. සීයා පප්පා තමා මේ විකාර කරන්න පුරුදු කරන්නෙ මෙයාට…

ඒ ගමන එයා මටයි සීයා පප්පටයි දෙන්නටම බැන්නා. ඒත් එක්කම අයිසීයූ එක ඇතුලෙ ඉදන් ආවෙ ඩොක්ටර් කෙනෙක්. අපි ඉන්නවා දැකලා එයා සෙත්ට කතා කලා.

පේෂන්ට්ට ඉක්මනින්ම සර්ජරි එකක් කරන්න වෙනවා.. ඒකට එයාට බලඩ් දෙන්න වෙනවා.. මේ වෙලාවෙ එයාගෙ බලඩ් ගෲප් එක හදිසි යෙන් හොයා ගන්න අමාරුයි..

පුළුවන් තරම් ඉක්මනින් බලඩ් දෙන්න පුළුව න් කෙනෙක් හොායා ගන්න.. තව පැයක් ඇතුල ත සර්ජරි එක කරන්න ඕනි.

ඩොක්ටර් කියවගෙන ගියෙ සෙත් දිහා බලා ගෙන.

මම හැමතැනම හෙව්වා ඩොක්ටර් හදිසියෙන් ඕ නෙගටිව් බලඩ් තියන කෙනෙක්ව හොයා ගන්න අමාරුයිනෙ.. තේරෙන්නෙ නෑ මොනවද කරන්න ඕනි කියලා… සෙත් කියවගෙන ගියෙ හුඟක් කලකිරුණු හඬකින්.

ඉන්ටර්නල් බ්ලීඩින් එකක් තියෙන්නෙ ඉක්ම නින් සර්ජරි එක කලේ නැත්තං..පේෂන්ට්ට අමාරුවෙයි තව..

ඩොක්ටර් කීවා. එයාට තවත් කොහාටද අමාරු වෙන්න තියෙන්නෙ කියලා මට හිතා ගන්න බෑ. විහඟ උන්නෙ හුඟක්ම අමාරුවෙන් කියලා මට හිතුනෙ.

ඩොක්ටර් පේෂන්ට මම බලඩ් දෙන්නද මගෙ බ්ලඩ් ගෲප් එක ඕ නෙගටිව්…

මම කියවගෙන ගියෙ දෙපාරක් හිතන්නෙ නැ තුව. අමුතු සතෙක් දිහා බලනවා වගේ එක පාරම මගෙ දිහා බයවෙලා බලපු සෙත් ඊලඟට කලේ මට රවපු එක.

පිස්සුද ඒන්ජල්.. ඔයා හොඳටම වීක්.. ඔයාට බෑ බලඩ් ඩොනේට් කරන්න..

සෙත් කියවගෙන ගියෙ මට විතරක් ඇහෙන්න හීනි හඬකින්.

ඔයා තාම පොඩි ළමයෙක්නෙ.. පොඩි අයගෙන් අපි බලඩ් ගන්නෙ නෑ.. තව ටිකක් ලොකු වෙ ලා ඇවිත් ලේ දෙන්න…

ඩොක්ටර් කියවගෙන ගියෙ මගෙ දිහා බලා ගෙන. මට පොලව පලාගෙන යන්න හිතුනා. දෙයියනේ මෙයාලට මාව පේන්නෙ ඒතරම්ම පොඩි එකෙක් වගේද.

මම පොඩි නෑ ඩොක්ටර්.. මට දැන් අවුරුදු දහ නවයයි.. මට බලඩ් ඩොනේට් කරන්න පුළුව න්.. අනේ මගෙන් ලේ ගන්නකො.. හදිසියෙන් කෙනෙක් හොයා ගන්න බැරි උනොත්…

මම කියාගෙන ගියෙ අයාචනාත්මක හඬකින්. ඒ ගමන ඩොක්ටර් මගෙ දිහා බැළුවෙ කලින්ට ත් වඩා විමසිලි ඇස්වලින්.

ඔයා දිහා බැළුවම පේන්නෙ පොඩි එකෙක් ව ගේනෙ..කැමති නම් අපි ඔයාගෙන් බලඩ් ගන් නම්… ඊට පස්සෙ එයා එහෙම කීවම තමා හිතට සැනසීමක් දැනුනෙ.

ඒන්ජල්..විකාර කරන්න තියාගන්න එපා… මෙයා හොඳටම වීක් ඩොක්ටර්.. මෙයාගෙන් එක බලඩ් පයින්ට් එකක් ගත්තොත් ආපහු දෙකක් දෙන්න වෙයි මෙයාට.. ටික නැත්තං පේන්ට් වෙනවා..

තවත් මෙතන කරදර නොකර කට පියාගෙන ඉන්නවා ඒන්ජල්..

සෙත් ඩොක්ටර්ටයි මටයි දෙන්නටම කීවේ එක පාර. ඒත් මට එයා කියන දේ අහගෙන නිහඬ වෙන්න හිතුනෙ නෑ. මට හිතුනෙම එයා එක්ක මුරණ්ඩු වෙන්න පුළුවන් කියලමයි. සමහර විට විහඟ එහෙම කීව නං මම නිහඬව ඉදීවි.

අනික මේ වෙලාවෙ විහඟ ඉන්නෙ ජිවිතයත් අතර සටනක. බලඩ් දුන්නා කියලා මට ඒ තරම් බරපතල හානියක් වෙන්නෙ නෑ කියලා මට විශ්වාසයි ඉතිං එතකොට වැඩියම සාධාරණ දේ මොකක්ද.. මම ගැන හිතලා නිහඬ වෙන එකද..?

මම එහෙම වීක් නෑ ඩොක්ටර්… මට fලේgg බලන්න ටිකක් අමාරුයි එච්චරයි.. මෙයාලා බොරුවට බය වෙලා.. අනේ මගෙන් බලඩ් ග න්නකො…

මම සෙත් දිහා බලන්නෙවත් නැතුව ඩොක්ටර් එක්ක කියවගෙන ගියා.

මෙච්චරම කියන එකේ අපි මෙයාව ටිකක් චෙක් කරලා බලමුකො.. එයාට රිස්ක් එකක් එනවා නං අපි එයාගෙන් බලඩ් ගන්නෙ නෑ.. ඒක නිසා බය වෙන්න එපා…

ඒ ගමන ඩොක්ටර් කීවේ සෙත්ගෙ පිටට තට්ටු කරන ගමන්. මම සෙත් දිහ බලලා හිනාවුනත් එයා කලේ මට රවපු එක. ඊට පස්සෙ ඩොක්ටර් මාව එක්කගෙන වෙන රූම් එකකට ගිහින් එතන උන්න කෙනෙකුට මොනවද කියලා එයාලට මාව භාරදුන්නා.

එයාලා මාව පරීක්ෂා කරලා අවසානෙ බලඩ් ගත්තට ප්‍රශ්නයක් නෑ කියලා කියපු නිසා ම ගෙන් ඉ/ලේ ගන්න ලෑස්ති වුනා. හිතට දැනුනෙ ලොකු සතුටක්.

කෙනෙක්ගෙ ජිවිතයක් බේරගන්න මේ වගේ දෙයත් කරන්න පුළුවන් වෙනවා කියන්නෙ මොන තරම් සතුට හිතෙන දෙයක්ද..

ඒ කෙනා හිතතට හුඟක් ලඟම කෙනෙක් උනාම. එයා නැති උනොත් මට මොනා වෙයිද කියලා හිතා ගන්න බැරි විඳිහෙ කෙනෙක් උනාම හිතට දැනෙන හැඟීම වචන වලින් කියන්න මට තේරෙන්නෙ නෑ.

මේ ජීවිතේ දි මට කවදාවත්ම ඔයාගෙ වෙන්න බැරිවෙයි විහඟ. ඒත් ඒත් මේ හිත ඔයාවම මේ විඳිහට හොයන එක නතර කරගන්න මට බෑ. ලැබුනත් නොලැබුනත් මම හිතන්න දන්නෙ ඔයා ගැන විතරයි.

සමහර විට මම වැරදි ඇති. ඒත් හිතේ හැඟීම් වලට සීම මායිම් දාන්න මම දන්නෙ නෑ. මට තේරෙන්නෙ නෑ.

මම බලඩ් දකින්න බයයි කියපු නිසා. එයාලා කිවා මට එක්කො ඇස් පියාගෙන නැත්තං අහක බලාගෙන ඉන්න කියලා. මුලින්ම මම කලේ තදින් ඇස් පියා ගන්න එකා.

ඔහොම ඇස් තද කරලා පියා ගන්න එපා… නෝ මල් ඇස් පියාගෙන රිලැක්ස් ඉන්න.. ඔහොම ඉන්නකොට අමාරුයි ඔයාට…

ඒ ගමන එයාලා එහෙම කීවා. ඊට පස්සෙ ය න්තමට ඇස් පියා ගත්තා හිතට සැහැල්ලුවක් දැනුන නිසාම මට නිදිමතක් ආවා.

ඔයාට.. ඇස් පියන්න විතරයි කීවේ නිදන්න නෙවී..ඒ ගමන නිදනවද ඔයා.. කෝ මේ පැත්ත හැරලා ඇස් අරින්නකො.. එතකොට පේන්නෙ නෑ…

මට නින්ද ගිහින් කියලා හිතල ද කොහෙද එක් කෙනෙක් කීවා. මම ඔළුව විතරක් එයා කියපු පැත්තට හරවලා හිමීට ඇස් ඇරියා. මම එයාල දිහා විතරක් බලාගෙන හිටියෙ වටපිට බලන් න බය හිතුන නිසා.

ඔයාට රිදෙන්නෙ නෑනි..බය නැතුව ඉන්න..

ඔයාට කරදරයක් වෙන්නෑ.. හැබැයි බය වෙලා පෙෂර් ආවොත් නං.. ප්‍රශ්නයක් වෙයි….

ඒ ගමන එයාලා කීවේ හිනාවෙවි. මම මො නව ත්ම නොකියා හිනාවුනා. හිතට දැනුනෙ බයක් නෙවී සැහැල්ලුවක්. ඒ නිසාම මට කිසිම වේද නාවක් දැනුනෙ නෑ. ඒත් මම බැරිවෙලා වත් ට/ලේ එක දිහා නං බැළුවෙ නෑ.

කවුද ඒ ඔයාගෙ හස්බන්ඩ් ද.. එයා හොඳටම බය වෙලා ඉන්නෙ..

ඒ ගමන එතන හිටිය කෙනෙක් මගෙන් ඇහු වෙ සෙත් ගැන වෙන්න ඕනි. නෑ කියන්න මම ඔළුව වැනුවා.

එහෙම නං බෝයි ප්රෙන්ඩ් ද…

අපෝ මෙයාලටත් ඕනි නැති දෙයක් නෑ. මම මොනවත් කියන්න ගියෙ නෑ. ඇයි දන්නෙ නෑ සෙත්ව එහෙම මගෙ කවුරු හරි කියලා කාට වත් අදුන්වලා දෙන්න මට හිතෙන්නෙ නෑ.

සොරි අයියා වෙන්න ඇති නේ… එයා ටිකක් බය වෙලා ඉන්නෙ.. බය වෙ න්න දෙයක් නෑ.. ඔන්න දැන් අපේ වැඩේ ඉවරයි.. ඔයා දැක්කෙත් නෑ.. ඔයා ට රිදුනෙත් නෑ..

එකපාරම ඇදෙන් බහින්න එපා.. ටිකක් ඔහො ම ඇලවෙලා ඉන්න.පොඩි කැරකිලි ගතියක් එයි දවසක් දෙකක් වැඩිය මහන්සි නොවී රෙස්ට් කරන්නකො.. හරියයි එතකොට…

එහෙම කියාගෙන එයාලා එතනින් ගියා. මම ටික වෙලාවක් එහෙමම හිටියෙ ඇඳෙන් බහි න්න එපා කීවා නිසා. හිතට ලොකු සැහැල්ලු වක් සැනසීමක් දැනුන නිසා.

වෙහෙසක් අමාරුවක් දැනුනෙ නෑ. අනේ දෙයියනේ විහඟගෙ ජීවිතේට නං මොනවත් කරදරයක් වෙන්න එපා. ඒ අතරෙත් මම දෙවියන්ට කීවා. එයාට මේ හැම කරදරයක්ම මම නිසා. ඉතිං කොහොමද හිතන්නෙ නැතුව ඉන්නෙ.

ඒන්ජල් ඔයා හොඳින් නේද..බබා..

ටික වෙලාවකින් එහෙම අහගෙන සෙත් මගෙ ලඟට ආවා.

ඔව්… මම හොඳින් මේ ඩොක්ටර්ස්ලා එකපාර ඇඳෙන් නැඟිටින්න එපා කීවා එකයි ටිකක් හිටියෙ.. දැන් හරි.. එහෙම කියාගෙන මම ඇඳෙන් නැඟිටින්න හැදුවා.

පිස්සි ඔහොම එකපාරම නැඟිටින්න එපා..

හිතුවක්කාර කම ඉවරයක් නෑ.. එහෙම කියලා එයා හරි පරිස්සමින් මාව ඇඳෙන් නැඟිටවලා බිමට බැස්සුවා.

ඔයාට අමාරුවක් නෑනි.. එහෙමනං අපි ගෙදර යමු…

ඒ ගමන එයා කීවේ මාව එයාගෙ ඇඟට වාරු කරගන්න ගමන්.

මට එහෙම අමාරුවක් නෑ.. මම හොඳින්.. මට ඕනිවුනේ එයාගෙන් ඈත් වෙන්න.

හොඳින් උනාට කමක් නෑ ඒන්ජල් කියන දේත් ටිකක් අහන්න.. ටික ඇත්තං පේන්ට් වෙනවා.. ඒ මදිවට දැන් ටලේත් දීලා.. මුරණ්ඩුකම තියලා ගෙදර යමු දැන්. ගිහින් දවසක් දෙකක් රෙස්ට් කරන්න. එහෙ මෙහෙ දඟලන්නෙ නැතුවා…. තේරුනාද පණ්ඩිත ආච්චිට…

එයා කීවෙ මට එයාගෙන් ඈත් වෙන්න ඉඩක් දෙන්නෙම නැතුව. ඒත් මට ඕනි වුනේ ගෙදර ගිහින් රෙස්ට් කරන්න නෙවී. විහඟගෙ සර්ජරි එක ඉවර වෙනකං මෙහෙට වෙලා ඉන්න. හිත හොඳටම බරයි. මට ගෙදර ගිහින් රෙස්ට් කර න්න තරම් සැනසීමක් තිබුනෙ නෑ.

අනේ සර්ජරි එක ඉවර වෙනකං අපි මෙහෙ ඉමුකො…මම එයාට ඇවටිලි කලා.

පිස්සු නටන්න හදන්න එපා ඒන්ජල්.. පොඩි එකෙක් වගේ දඟලන්නෙ නැතුව ඉන්නවා.

මේක ජෙනරල් හොස්පිටල් එකක්… අපිට ඕනි ඕනි විඳිහට ඉන්න දෙන්නෙ නෑ…. කතාව තියලා යමු දැන් ගෙදර..

එයා කියවගෙන යනවා ඉතින් මට තවත් කිය න්න දෙයක් තිබුනෙ නෑ. මම එයා එක්ක රෝහ ලෙන් පිටවුනා. ඒත් හිතට නං බෑ බිඳක්වත් විහඟව අමතක කරන්න. එයා ඇඳේ ඉන්න විඳිහ මැවිලා පේනවා. දෙයියනේ එයාට මොන තරම් අමාරු ඇතිද..? එයා මෙහෙම දුක් විඳින්නෙ මම නිසා.

මගෙ අප්පච්චිව අල්ලන්න ගිහින් එයාට එහෙ ම වුනේ. එයා අප්පච්චිව අල්ලන්න ගියෙ මට කරදරයක් කරයි කියලා ඉතිං මේ හැමදේටම වැරදිකාරි මම. මට දුකයි හුඟාක් දුකයි මම නිසා විහඟ දුක් විඳිනවා. ඇයි මම හින්දා මේ හැමෝටම මෙච්චර කරදර වෙන්නෙ.
හමුවෙමු