37 කොටස
ඔව් අම්මා කියන කතාව ඇත්ත .උබ කොහොමද මිනිහෝ කිසිම බයක් නැතුව මගේ කෙල්ල ඉල්ලන්නේ .උබ හිතන් ඉන්නේ මන් උබ ගැන කිසි දෙයක් දන්නේ නෑ කියලද රාගව් ………..
අපේ මහත්තයා ……..
විශාඛා කටවහන් ඉන්න..මන් මේක මු එක්ක බේරගන්නම්…මට කියපන් ඉතිං උබ කොහොමද හිතුවේ මගේ එකම කෙල්ල උබ වගේ එකෙක්ට දෙයි කියලා…
අනේ අප්පච්චී මන් වැදලා ඉල්ලන්නම් අනේ..සුදු මැණිකේව මගෙන් ඈත් කරන්න එපා ….මගේ පණත් හරි මැණිකත් හරි .
මන් අප්පච්චී කියන ඕනි දෙයක් කරන්න අනේ එත් සුදු මැණිකේ අතාරින්න කියලා කියන්න එපා……
කියන්න දෙයක් නෑ .යකෝ කොහොමත් මන් එ දේ කරනවා.කෙල්ලට මගුලක් කතා කරලා කියලා දැන දැනත් උබ එකි ගැන අහන්නේ මොන හයියකටද..මන් උබව පොඩි කාලේ ඉදන් කන්න බොන්න උගන්නන්න දීලා හැදුවේ මේවාගේ වැඩ කරන්නද..
ආ….කියපන් රාගව් …….
අනේ අම්මා ඔයාවත් අප්පච්චීට කියන්නකෝ.සුදු මැණිකේ මට හම්බුනේ නැති උනොත් මන් පිස්සෙක් වෙයි….
කිසිම දවසක ආදරයක් සෙනෙහසක් නොවින්ද මට අම්මෙක් වගේ ආදරේ කරන්නේ එ මැණික …..මන් කොහොමද එහෙම මට එච්චරම පිස්සුවෙන් වගේ ආදරේ කරන ඒ කෙල්ල නැතුව ජිවත් වෙන්නේ..
එ විකාර කතා වලින් වැඩක් නෑ….
ආපු විදිහට බැහලා ගියානම් හොදයි මන් ඇදලා දන්න කලින් …….
අප්..අප්පච්චී ඔයා ඔය ඇත්තටමද කියන්නේ .දෝණීව මට දෙන්නෙ නැද්ද…
නෑ…..යකෝ ..
උබ කොයි වගේ එකෙක්ද කියලා දැන දැනත් උබට මගේ කෙල්ල දෙන්න මට තාම පිස්සු නෑ……
හරි අප්පච්චී ….මන් එහෙනම් යන්නම් ..
අම්මා මන් යන්නම් .පුලුවන් නම් එක විනාඩියක් මට තුරුල් වෙන්න දෙන්න .මොකද අයි කවදාවත් මට ඔය උනුසුම විදින්න වෙන එකක් නෑ……
පුතේ මොනවද මේ කියන විකාර කතා .මන් ජිවත් වෙලා ඉන්නකම් පුතාට ඕන වෙලාවක මේ අම්මාගෙ තුරුල තියනවා…
අම්මා ජිවත් වෙලා හිටියට මන් ජිවත් වෙන්න එපැයි අම්මා ඔය උනුහුමට එන්න….
චාටාස් ……….
අ..අම්මා …….
අම්මා තමයි මොනාද ඔය කියන මූසල කතා .ඔයිට වඩා හොදයි අපිව මරලා දන්නවා..
අම්මා මොනවද මේ කියවන විකාර කතා .ඔයාලා දෙන්නා මගේ අයුශත් අරන් ජිවත් වෙන්න් ඕනි…
එහෙනම් මොන විකාර කතාවක්ද දැන් කිව්වේ .
මන් කිව්වේ ඇත්ත අම්මා…සුදු මැණිකේ නැතුව මන් ජිවත් වෙලා වැඩක් නෑ..සුදු මැණිකේ කසාද දවසට පස්සේ දවසේ ඉදන් මේ ලොකේ රාගව් කෙනෙක් නැති වෙයි …
පුලුවන් කමක් තිබ්බොත් මගේ මරණෙට ඇවිත් යන්න..නාවත් මගේ තරහක් නෑ…..
පුතා ……………….
අනේ හොදයි තමුන් වගේ කාලකණ්ණියෙක් ජිවත් වෙනවට වඩා මැරෙන එකමයි හොද…
අම්මා..ඔය හොදටෝම ඇති තව එක වචනයක් හරි මේ දරුවට කිව්වොත් බලාගමු…
ඇයි උබ මට මොනා කරන්නද..සුදු මැණිකේ කවදාහරි කසාද බදින්න ඔනි මන් හොයලා දෙන කෙනවා.උබලා එකිව කොලඹ යවන්න හදනකොටම මන් කිව්වා..ඔකි අපේ මුණේ දැලි ගාවි කියලා..දැන් පේනවනේ.මේ හොයන් තියෙන්නේ කොහෙටවත් නැති කාලකණ්ණියෙක් ……..
අම්මා…………..
සුදු මැණිකේ කසාද බදිනවනම් බදින්නේ.මේ දිර්වන්ව විතරයි…..
මහත්තයා ……….
ලොකු පුතා ………
අ…අ…අන්…අන්කල් ………..
මේ නිහාල් උබට අමුකැවිලාද..මුට සුදු මැණිකේව බන්දලා දෙන්න හදන්නේ .ආ..කියපන් මට…..දැන් උබ කිව්වා නේද සුදු මැණිකේව මේ කාලකණ්ණියට දෙන්නෙ නැ ..කියලා දැන් මොක්කද මේ කියන්නේ ……….
අම්මා මන් දැන් එක පාරක් කිව්වා නේද.මන් සුදු මැණිකේ මේ ලමයාට බන්දනවාකියලා හිතුවේ මේ කොල්ලව මේ වලව්වට ගේන දවසේමයි …
මේ දෙන්න දැන අදුන ගන්න ඕනි නිසාමයි මන් සුදු මැණිකේව බලා ගන්න කියලා මේ දරුවටම පැවැරුවේ .
අ..ප්..අප්පච්චී ………………
ඔව් පුතේ ඔයා තරම් හොදට කාටවත්ම සුදු මැණිකේව බලා ගන්න බෑ….
එක කාටත් වඩා හොදට දන්නේ මන්…..
ඉතිං ඔයා දරුවාට සුදු මැණිකේව දෙන්න මන් දෙපාරක් හිතන්නේ මොකටද …..
අප්පච්චී …….
රාගව් නිහාල් තදින් වැලදගන්න වුයේ .ගෙවි ගිය මිනිත්තු කිහිපය තුල දැනුනු අවිනිශ්චිතතාව හා බිය එක මොහොතකින් නැතිවි ගිය නිසාවෙන් දැනුනු සතුටටය….
හරි හරි බන්……
ශික් උබ කොලු කමටත් නින්දාවක් ..මන් හිතුවේ සුදු මැණිකේ දෙන්න බෑ කිව්වහම මටත් දෙකක් ඇනලා සුදු මැණිකේ බැදන් මෙහාටම එයි කියලා…..
මොකද එහෙම සද්ද නැතුව බැහැල යන්න හැදුවේ ..කොල්ලෝ ඔහොමද අප්පා තමන් කැමති කෙල්ලව ගන්නේ….
අප්පච්චී ……..
සුදු මැණිකේගේ අම්මා අප්පච්චී වෙන කෙන්කෙක් උනානම් මන් එ දේ කරන්න දෙපාරක් හිතන්නේ නෑ ……එත් එ ඔයාගේ දුව ..මන් කොහොමද ඔයාට ද්‍රෝහි වෙන්නේ.
අප්පච්චීට මන් පොරොන්දු වෙනවා..සුදු මැණිකේ මගේ ඇස් දෙක වගේ බලාගන්නවා..
මන් දන්නවා පුතේ ඔයා එක මට අමුතුවෙන් කියන්න ඕනි නෑ……
නොනේ ගිහින් මේ දරුවට බොන්න සීතල දෙයක් අරන්න එන්න…….කොල්ලා දැන් ඇත්තේ සැහෙන්න රත් වෙලා……
අනේ මන්දා මහත්තයා ඔයත් කරන වැඩ….
ඉතිං පුතා …..මොකද දැන් කරන්න ඉන්නේ..දෝණීට මේ ගැන…….
ම්…..මන් හිතන්නේ අප්පච්චී හිතන් ඉන්න විදිහටම කරානම් හරි …..
උබත් දැන් මන් හිතන විදිහ පවා දන්නවානේ..
හුම්……අවුලක් නෑ…..ඉතිං මගේ හිත කියෙව්වත් ……
බෑනා පුතානේ……..
මතුසම්බන්ධයි