37 වන කොටස

ඇය ධනුකට ලංවී වේගරිද්මයේ ගීතයට නටන අයුරු දිසෙන් බලාගෙන සිටියේ රිදුම් දෙන සිත වාරු කර ගැනීමට නොහැකිවය…

ඔහුට දැනුණේ කිසිවකු තම සිත කොනිති ගසනවාක් මෙනි..

වෙනදා ධනුකව ගණනකටවත් නොගන්නා ඇය අද මෙසේ ඔහු සමඟ නටන්නේ තමාගෙන් පලි ගැනීමට බව ඔහුට සිතිණි..

ඔහු මධුවිත වඩියෙන් වඩිය හිස් කලේ ඈ ගැන සිතට දැනුණු කෝප සිතුවිල්ලෙනි..

දිසෙන්ගෙන් පලිගැනීමට ධනුකට ලන්වූයේ ඇයිදයි සෙහන්සා සිතුවේ ධනුක මේ වන විට ඇයට වදයක් වූ නිසාවෙනි.

උවමනාවෙන් ඇඟේ හැපෙමින් නටන ධනුක දෙස සෙහන්සා රවමින් බැලුවේ ඇගේ අකමැත්ත පෙන්වීමට වුවත් ධනුක එය මදක්වත් ගණනකට නොගත්තේ සෙහන්සා තමා සමඟ නැටුමට කැමත්ත දැක්වීම නිසා හටගත් සතුට නිසාමය.

වේග රිද්මයේ ගීතය නැවතී ඒ වෙනුවට ආදරණීය බටහිර ගීයක් වාදනය වීමත් සමඟ ධනුකගේ දෑස් ඇගේ දෑස් වලට එබුනේ සෙහන්සා තව තවත් අපහසුතාවයට ලක් කරමිනි..

“ධනුක.මට යන්න ඕනේ..”

සෙහන්සා එසේ කියමින් ඔහුගෙන් මිදී යන්නට උත්සහ කරද්දී ධනුකගේ දෑත් ඇගේ ඉන වටා තදින් එතුණේ ඇයට ඔහුගෙන් ගැලවීමට කිසිදු අවස්ථාවක් ලබා නොදීමය…

“ඕ..බේබී…ඇයි මාව මෙහෙම දාලා යන්නේ…?මම අවුරුදු කීයක් ඔයා හින්දා බලන් හිටියද?.අයි ලව් යූ බේබී…”

තමා සමඟ නැටුමට ඈ පැමිණි නිසාවෙන් දිරිමත් ව සිටි ධනුක එසේ මිමිණුවේ ඇයට පමණක් ඇසෙන්නටය..

“මට ත/මු/සෙ/ව පෙන්වන්න බෑ..මාව අතෑ/ර/ප/න්..”

“මොකක්ද බේබී මගේ තියෙන අඩුව…මට කිසිම කෙ/ල්/ලෙ/ක් මේ වගේ කරලා නෑ ..”

“ඒක තමයි.ත/මු/සේ තාම හැදුනේ නැත්තේ…”මම එක පාරක් කිව්වානේ මාව අතාරින්න කියලා…අතාරිනවා මාව…”

සෙහන්සා කීවේ ඒ ස්පරශය ඇයට දැඩි පිලිකුලක් ගෙන ආ නිසාවෙනි..

මදුවිත පානය කරමින් හුන් දිසෙන් සෙහන්සා දෙස නෙතු යොමා සිටිද්දී දුටුවේ සෙහන්සාගේ ඉඟ වටා තද වී සිටින ධනුකගේ දෑත්ය..

දිසෙන් තරහෙන් දෑත් මිට මෙලෙව්වේ සිතට දැනුණු ආවේගය පාලනය කිරීමට නොහැකිවය…මදුවිත නිසාවෙන් දිසෙන් හුන්නේ වෙන්දා මෙන් සන්සුන්ව නොව ආවේගශිලීවය..

ඇය තමාගේ පමණකි.තමා මේ අයුරින් ඇයව ස්පර්ශයකින් පවා ඉඳුල් නොකර ආරක්ෂා කරද්දී වෙනකෙකුගේ දෑත් මෙසේ ඇයගේ සියුමැලි සිරුරේ දැවටෙනා අයුරු තමන් බලන් ඉන්නේ කෙසේදැයි ඔහු සිතන්නට වුවේ ඒ දෑස් තරහෙන් රත් පැහැ ගැන්වෙද්දීය..

ඔවුන් දෙදනා දෙස විමසිලිමත් දෑසින් බලද්දී දිසෙන් දුටුවේ සෙහන්සා අපහසුවෙන් මෙන් ධනුකගෙන් මිදෙන්නට තැත් දරන අන්දමය..

ඔහු ස්වයං පාලනයෙන් මිදුණේ ඒ සමඟමය..

දිසෙන් හිදහුන් අසුනින් නැගිට ඩාන්සින් ෆ්ලෝ එකට ගියේ අසිහියෙන් මෙනි.

සෙහනසාව දැඩිව ග්‍රහණය කරගෙන ඉන්නා ධනුකට දෑත් මිට මොළවා ඔහු පහරක් ගැසුවේ සෙහන්සා දෙසම දැඩිව අවධානයෙන් සිටි ධනුකව තිගැස්වමිනි..

“ඇයි මොකද ත/මු/සේ…ඉල්ලන් කන්න යනවද?..”

“ඔය කෙ/ල්/ල/ව අත ඇ/ර/ප/න් ..”

“ඇයි උ/ඹ කවුද?..එයා මා එක්ක ඩාන්ස් කරන්න ආවේ එයාගේ කැමත්තෙන්…උ/ඹ/ට තියෙන අමාරුව මොකද?.”

ධනුක කීවේ ඇයගේ ඉඟවටා තද කර හුන් දෑත්වල ග්‍රහණය තව තවත් තද කරමිනි..

“ශේෂා මගේ ..ත/මු/සේ එයාව අතඇරියේ නැත්නම් මම උ/ඹේ ඔය අත් කඩලා දානවා..”

“මාව අතහරිනවා ධනුක.මට රිදෙනවා..

දිසෙන් ධනුකට පහර පිටපහර ගැහුවේ මුළු සමාජ ශාලාවම මොහොතකට නොසන්සුන් කරමිනි…සෙහන්සාගේ ඉඟවටා තද වී තිබූ ධනුකගේ දෑත් මිදුණේ ඒ ඇසිල්ලෙනි..

දිසෙන් ධනුකට පහරපිට පහර ගහන් ගියේ අසිහියෙන් මෙනි..

“දිසෙන් එන්න අපි යමු…”

සෙහන්සා දිසෙන්ට එසේ ඇවිටිලි කළත් දිසෙන් ධනුකව අත් හැරියේ නම් නැත.
ඔහු එක පිට එක පහර ගැසුවේ එක් ක්ෂණයකිනි…

දෙදෙනාගේ ගුටි පොරය නවත්වාගැනීමට සමාජ ශාලාවේ සිටි කිහිප දෙනෙක්ම එක් රැස් වූවත් ඔවුන්ට දෙදෙනා පාලනය කිරීමට පහසු නොවුයේ දිසෙන් මෙන්ම ධනුකත් පොරබඳිමින් සටන් කරන්නට වූ නිසාවෙනි.

සෙහන්සා යටි සිතෙන් ඇයටම දොස් පවරමින් සිටියේ මේ සියල්ලක්ම සිදුවූයේ ඇයගේ අනුවණකම් නිසාවෙනි…

“ප්ලීස් ඔයාලා රණ්ඩු වෙනවා නම් එලියට ගිහින් රණ්ඩු වෙන්න අනික් අයට කරදර කරන්නේ නැතුව…”

සමාජ ශාලාවේ සේවකයන් පිරිසත් ,කළමනකරුත් දෙදනා දෙපසට කරේ රණ්ඩුව වලක්වා ගැනීමට උත්සහා කරමිනි.

“අපි යමු දිෂ්…”

“මම උ/ඹ/ට හොඳ මට්ටුවක් කරනවා බ/ලා/ග/නි/න්..අ/හු/වෙ/ය/න්/කෝ මට එළියේ..”

“අනේ මම බය වෙයි…”

සෙහන්සා දිසෙන්ගේ අතින් අල්ලාගෙන ඔහුව වත්තම් කරගෙන රාත්‍රී සමාජ ශාලාවේ කාර් පාර්ක් එකට ගෙනගියේ අසීරුවෙනි..

“නගින්න කාර් එකට…”

“මට බෑ…මට අ/රූ/ගේ හොම්බ තලලා එන්න ඕනේ…”

සෙහන්සා දොර ඇර ඔහුව රිය තුලට නැගවීමට උත්සහ කරත් ඔහු සෑදුවේ රියට නොනැග ධනුක සොයා ගොස් සටන් කිරීමටය..

“නගින්න.මේක මෙතනින් නවත්වන්න දිසෙන්”

සෙහන්සා ඔහුව රියට නැගවූයේ එසේ පවසාලම්නි.රිය පදවන ගමන් ඇය හොරෙන් බැලුවේ සීරී * ගලන ඔහුගේ අතපය දෙසය..

මේ සියල්ලම සිදුවූයේ තමා නිසාය..ඔහු නිකරුණේ මදුවිත පානය කළේත් සටනට පෙළඹුණේත් තම හිතුවක්කාරී අදුරදර්ශී ක්‍රියා නිසා යැයි සිතුණු සෙහන්සා කඳුළු සලන්නට වූයේ දුකිනි..

“මොකටද අඬන්නේ අ/රූ එක්ක ඩාන්ස් කරන්න බැරි උන නිසාද?..ප/ල/ය/න් ඒ/කා ලඟට….

බීමතින් ඔහු එසේ ඇයට බැන වැදෙද්දි සෙහන්සාගේ මුවට හිනාවක් ආවේ දෑසේ කඳුළැලි අතරිනි..ඒ ඔහු මෙතුවක් දවස් හිතේ සඟවාගෙන තදකරගෙන හුන් ආදරය අද මෙසේ එළියට පැමිණීම නිසාමය…

❤️❤️❤️❤️❤️❤️❤️❤️

ඔහුගේ ඇනැක්සියේ මිදුලේ ඇය රිය නැවත්වූවේ ඔහුගේ තුවල වලට බෙහෙත් දමායෑමට ඈ කල්පනා කළ නිසාවෙනි…

“ඇයි බැහැලා එන්නේ යන් නැද්ද?..?”

දිසෙන් ඇසුවේ රියෙන් බැස සෙහන්සා තමා හා ඇනෙක්සිය දෙසට ගමන් කල නිසාවෙනි.ඔහු කලිසම් සාක්කුවෙන් එළියට ගත් යතුරෙන් ඇනෙක්සියේ දොර විවර කළේ ඒ සමඟමය..

“ඔයාට තුවාල වුණේ මම නිසානේ..මම බෙහෙත් දාලාම යන්නම්…”

“කරන්න ඕනේ සේරම කරලා දැන් එනවා මෙතැන බෙහෙත් දාන්න..යනවා ගිහින් අ/රූ/ට බෙහෙත් දානවා..”

“තියෙන ඉරිසියාවක තරම්.මම හිතුවාට වඩා ඔයා මට ආදරේ නේ…”

ඈ එසේ කීවේ ඔහුව තුරුල් කර ගනිමින් ඔහුගේ ඇඟේ දැවටෙමිනි…

“Please go home..you are a big liar .. “

(කරුණාකරලා ගෙදර යනවා… ත/මු/සේ මහ බොරු කාරියෙක්..)

කවදාවත් නැති පරිද්දෙන් මෙසේ ඉංග්‍රීසියෙන් කතාකරන දිසෙන් දෙස සෙහන්සා බලා සිටියේ පුදුමයෙනි..ළඟදී ඉංග්‍රීසි ඉගෙන ගත්තත් කතාකරේ සරල වාක්‍යක් වූවත් ඔහු එය නිවරදි ලෙස උච්චාරණය පවා කරන අයුරු ඈට ගෙනආවේ පුදුමයකි.

“Don’t say that I love you..”

(එහෙම කියන්න එපා මම ඔයාට ආදරෙයි).

“ආදරේ…ත/මු/සේ ආදරේ නම් මට මෙහෙම කරයිද?.”

දිසෙන් එසේ කීවේ ඈව පසෙකට කරලමිනි..

“ඔයා මාව රිද්දුවා නේ දිෂ් පහු ගිය දවස් ටිකේම .ඒකයි මම ඔයාව රිද්දන්න එහෙම කලේ…”

“සෙහන්සා තමුන් හිතන්නේ මම දෙකටම නැති එකෙක් කියලාද ?මම ආදරේ කරන කෙ/ල්/ල ..වෙන එ/කෙ/ක් එක්ක තුරුල් වෙලා ඩාන්ස් කරනවා ඇස්කන් ඇරන් මට බලන් ඉන්න පුළුවන්ද?..යනවා යනවා මට මෙතන තව පව් දෙන් නැතුව…”

“සොරි රන්…මම ආයේ එහෙම කරන්නෑ..කවුද දන්නේ ඔයා මට මෙච්චර ආදරෙයි කියලා..ඔයා වොෂ් දාන් එන්න.මම ඔයාගේ තුවාල වලට බෙහෙත් දාලා යන්නම්..”

දිසෙන් නිහඬව තුවායත් ගෙදරට අදිනා කෙලිසමකුත් රැගෙන නාන කාමරයට වැදුණේ කියන කිසි දෙයක්වත් නාහන ඇය යන්නේ තමාට බෙහෙත් ආලේප කරමින් පමණක් බව දන්නා නිසාම නිහඬවය.

ඇඟ පත දොවා ගත් ඔහු කෙටි කලිසම පමණක් ඇඳ උඩුකය තුවායෙන් ආවරණය කරගෙන පැමිණියේ වෙනද ඔහුට ටීෂර්ට් එකක් ගැනීමට අමතක වූ නිසාය ..

ඔහු ඇනෙක්සියේ කුටියට පැමිණ අල්මාරිය විවර කළේ ටීෂර්ට් එකක් සොයාගෙන ගත දවටා ගැනීමටය..

“මොනාද හොයන්නේ…?..”

සෙහන්සා ඇසුවේ කලබලයෙන් අල්මාරිය ඇරගෙන යමක් සොයන ඔහු දෙස කුතුහලයෙන් මෙන් බලමිනි..

“ටීෂර්ට් එකක්…”

“මැට්ටෝ ටීෂර්ට් ඇඳන් පුලුවන්ද බෙහෙත් දාන්න..ඕනේ නැහැ…මට කියන්න කොහෙද ඔයාගේ බෙහෙත් තියෙන්නේ..”

“ඔය තියෙන්නේ..ඔය කබඩ් එකේ දෙවනි තට්ටුවේ ..”

ඇය එය විවර කර බලද්දී දුටුවේ ඇගේ වෛවාරණ ඡායාරූප රැසක් එහි තුල ඇති අන්දමයි..ඔහු මේ ජායාරූප ගත්තේ කවදා කොයි මොහොතේදැයි ඇය කල්පනා කරන්නට වූයේ විමතියෙනි..

“මොනවාද කරන්නේ.මම කීවේ දෙවනි ලාච්චුව බලන්න කියලා..?”

කබඩ් එක ඇතුළේ වූ ජායාරූප ගෙන බලමින් ඉන්නා ඔහු එසේ ඇසුවේ කබ්ඩ් එක විවර කිරීමට ඇයට තමා පැවසුවේ ඇයිදැයි පසුතැවීමෙන් මෙනි…

ඇය එම ජායාරූප පිරිමදිමින් කල්පනා කරන්නට වූයේ දිසෙන් තමාට මේතරම් ආදරය කරන්නේදැයි පුදුමයෙන් මෙනි..ධනුක හා නටද්දි ඔහු ඊර්ෂියාවෙන් ඒ දෙස බලා සිටි ආකාරය, රණ්ඩු වූ ආකාරය ඇයට ඒ සමඟම සිහිපත් විය..

එසේ නම් ඔහු ඒ ආදරය සිතේ සිරකරගෙන මෙසේ තමාව නොසලකා හරිමින් වෙන්වන්නට තැත් දරන්නේ ඇයි දැයි ඉන් අනතුරුව සෙහන්සා කල්පනා කරන්නට වූවාය..

ඇය නිහඬව ජායාරූප කබඩ් එක තුළට දමා දෙවනි ලාච්චුවේ වූ බෙහෙත් පෙට්ටිය දෝතට ගෙන ඔහු අසළට ගියේ අබිනයෙන් ඇදේ වාඩි වෙන ලෙස ඔහුට පවසමිනි..

“ඇයි මේ තරම් මට ආදරේ කර කර මගෙන් ඒ ආදරේ හන්ගන්නේ..මගෙන් ඈත් වෙන්න හදන්නේ..?”

ඇය එසේ ඇසුවේ ඔහුගේ සීරූම් පහරවල් ඩෙටෝල් දමා පිස දමනගමන් ඔහුගේ දෑස් දෙස එක එල්ලේ බලමිනි..ඔහු බිම බලාගත්තේ ඒ බැල්ම මඟ හරිමිනි..

“ත/මු/සේ ඒක දන්නවා..ශේෂා.දැන් ඔය කතාව ඇති…ඉක්මනට බෙහෙත් දාලා යනවා.මට පාඩුවේ ඉන්න දීලා.ක/රු/මේ…”

ඇය නිහඬව ඔහුගේ අත්බාහු වල තැනින් තැන වූ සීරූම් පහරවල් වලට බෙහෙත් දමන්නට වූයේ මොහුව තේරුම් ගැනීම අපහසු දෙයක් නොව කිරීමට නොහැකි දෙයක් බව සිතමිනි..

ඇය බෙහෙත් ආලේප කර එය කබඩ් එකට නැවත දමා ඔහුගේ නානකාමරයට වැදුණේ දෑත්සෝදාගෙන ඒමටය.නුපුරුදු නානකාමරයේ පහල වූ ජලකරාමය විවර කිරීමට ගොසින් ඇය ෂවර් එක විවර කළේ අතපසුවීමකිනි..

“දැන් මොකක්ද කරන්නේ.කොහොමද ගෙදර යන්නේ ..ගවුමෙන් බගෙකට වඩා තෙමුනා.කොණ්ඩෙත් තෙමුනා..මොනවාද කරන්නේ?..”

ඇය ෂවර් එක හැකි ඉක්මනින් වසා දමා නානකාමරයේ වූ කැඩපතින් පෙනෙන සිය රූපය දෙස බලා සිටියේ එසේ කල්පනා කරමිනි…

ඇය නාන කාමරයේ දොර විවර කරන් එන අන්දම දෙස දිසෙන් බලා සිටියේ පුදුමයෙනි..ඇගේ ගවුමෙන් හරි අඩකට වඩා තෙමුණේ කෙසේදැයි ඔහු කල්පනා කරන්නට වූයේය…

“දැන් ත/මු/සේ කොහොමද ගෙදර යන්නේ.මුලු ඇදුමම තෙමිලා…කොණ්ඩෙත් තෙමිලා…”

“ඒකනේ…මම ටැප් එක කියලා වැරදිලා ෂවර් එක ඇරලා තියෙන්නේ..”

ඇගටම ඇලුණු ඇගේ ගවුම තුළින් ඉස්මතු වන ඒ නාරි දේහය ඔහුගේ සිත කළඹන්නට වූ හෙයින් ඔහු ඇගෙන් දැස් ඉවත් කරගෙන බිම බලාගත්තේ එක් ඇසිල්ලකිනි..

“මම අද මෙහේ ඉන්නම්..හෙට උදේ යන්නම්…මට මෙහම ගෙදර යන්න බෑනේ…”

ඇය කීවේ වෙන කිරීමට දෙයක් සිතාගත නොහැකිවය..

“පි/ස්/සු/ද ත/මු/සේ මේ දැන්ම ගෙදර යන්න ඕනේ…”

ඔහු එසේ කීවේ ඔහුගේ තුරුණු හැඟීම් වෙනදා මෙන් ඔහුටම පාලනය කිරීමට නොහැකි බව සිතුණු නිසාවෙනි…

ඇය එය නෑසුණු පරිද්දෙන් ඔහුගේ කබඩ් එක විවර කරේ ඇදීමට ඇදුමක් සොයමිනි..
අවසානයේ ඇයට හමුවූයේ ඔහුගේ තරමක් පරණ අත් දිගු ෂර්ට් එකකුත් කෙටි කලිසමකුත් ය.ඇය එයත් තුවායත් දෝතට ගනිද්දි ඔහු ඈ දෙස බලාසිටියේ පුදුමයෙන් මෙනි..

“ශේෂා ත/මු/සේ මොකක්ද කරන්න යන්නේ..”

ඇය ඔහුගේ වදන් නෑසුණු පරිද්දෙන් එතැනින් පිටවී නාන කාමරයට වැදුණාය..
මදවෙලාවකින් නානකාමරයේ සිට අත්දිගු ෂර්ට් එකකුත් කෙටි කලිසමකුත් ඇඳ පැමිණෙන ඇය දෙස ඔහු බලා සිටියේ කැළඹීමෙන් මෙනි..

වෙනදා අදින ඇදුම්වලටත් වඩා අද ඇය ඇද සිටින මේ ඇඳුමට ඇය සුන්දර යැයි සරාගී යැයි ඔහුට සිතුණි.

ඉන් අනතුරුව ඇය හැද සිටි ගවුම ඔහුගේ කාමරයේ තිබු ඇදුම් රැක් එකක දමා එය සිවිලිම් ෆෑන් එක යටට වෙන්නට තැබුවේ වේලා ගැනීමටය..

ඇය තමා වෙතට එන අයුරු ඔහු බලා සිටියේ සැලෙන සිතිනි…ඇය නිහඬව සයනයේ ඔහු අසල හිඳගත්තේ ඔහුගේ දෑතේ එල්ලීගෙනමය..

“ශේෂා කරුණාකරලා මගෙන් ඈත් වෙනවා..”

ඔහු කීවේ ගිනි ගෙන පුපුරන්නට තැත්කරන සිය තුරුණු හැඟුම් හසුරුවා ගැනීමට නොහැකිව තරහෙනි..

“මට බෑ…ඔයා මගේනේ.ඇයි මම ඔයාගෙන් ඈත් වෙන්නේ…”

ඈ කීවේ ඔහුගේ නි/රු/ව/ත් උරහිස් පිට මත ඇගේ දෙඇඟිලි වලින් රටා මවමිනි.ඔහුගේ සිරුරේ හීගඩු පවා පිපෙන්නට වූයේ ඇගේ ඒ ස්පර්ශයටය..

ඔහුගේ මුළු සිතම ගතම ඇගේ පහස අපේක්ෂා කරද්දී ඔහු ඒ සිතට දැනුණු නුහුරු හැගුමන් පාලනය කර ගැනීමට උත්සහ කරන්නට වූවේ අසීරුවෙනි.

“ත/මු/සේ නම් කිසිම ලැජ්ජාවක් නැති කෙ/ල්/ලෙ/ක්..මාත් කො/ල්/ලෙ/ක් .මම කොහොමද මාව කොන්ට්‍රෝල් කරගන්නේ..මෙහේ ඉන්නවානම් කරුණාකරලා මගෙන් ඈත් වෙලා ඉන්නවා..”

දිසෙන් සයනයේ හිඳගෙන හුන් තැනින් නැගිට්ටේ සෙහන්සාව පසෙකට කරමිනි…

හමුවෙමු මීළඟ කොටසින්