ආදරණීයම ඔයා…26
කුමක් කල යුතුදැයි කුමක් නොකල යුතුදැයි මට තේරුම ක් නැත. සෝන්‍ය හිඳින්නේ වේදනා වෙනි.
නැති නම් ඔහු කෙදිනකවත් එසේ හැසිරෙන් නේ නැත. මා නිසා හැමෝම වේදනාවෙනි. එහෙත් මේ අසරණකම එය මා දරා ගන්නේ කෙසේද..
සෝන්‍ය දකිනා වාරයක් පාසා මා ගැනම උපන් පිලිකුල් සහගත හැඟීමකින් මා වේදනා විදිමි. එහෙයින්ම ඔහු සමීපයට යන්නට මා බියය.
අනේ මන්දා මෙහෙමත් ගෑ නු මැරිච්ච මි නි හෙ ක් මත්තෙ නැහෙනවා. ඉන්න මි නි හ ව මරා ගෙන
මුතු අම්මා ඔය ඇනුම්පද කියන්නේ මටය.
ඇගේ කතාවේ වරදක් නැත කුමක් කෙලෙස සිදු උවත් මා දැන් සෝන්‍ය ගේ බිරිඳය. එහෙයි න්ම මා මුලින්ම සිතිය යුත්තේ ඔහු ගැනය. එ හෙත් මේ අසරණකම මට දරා ගන්නට බැරිය.
ධනුකගේ මව මා දකින්නට පැමිණියේ ඔය අ තරය. ඇය කවදාටත් මට මහා හුඟක් ආදරය කලාය. ඈ මට සැලකුවේ තමාගේම දියනියට මෙන්ය.
ධනුකත් සමඟ මට ඇයද අහිමි වූවායැයි මට සිතිනි. ඇයට ද මුහුණ දෙන්නට නොහැකි සෙ යක් මට හැගෙන්නට විය.
අනේ අම්මා…
මා ඇයව වැලඳගෙන ඉකිබිඳිමින් හඬන්න ට වී මි. ඇයත් මා මෙන්ම හඬාවැටුනාය. අවුරුදු විසි හතක් තිස්සේ හදාවඩා ගත් පුතු අහිමි වීම ඈ කෙසේ දරාගන්නට ඇතිද..
අනේ අම්මා ධනූ…මම නැවතත් ඉකිබිඳින්නට වීමි.
නාඬා ඉන්නකො මැනික ඔහොම අඬ ලා ලෙඩ වෙනවා ඒ ගමන… ඈ කීවේ මහිස පිරිමදිනා අතරය.
මං කොහොමද අම්මා නාඬා ඉන්නෙ මගෙ ධනූ එයා මොන තරම් විඳවන්න ඇතිද.. මං කොච්ච ර ජරා ගෑ ණි යෙක් ද…
අහන්න කො දෝණි දුකයි තමා ඒත් අපි කො ච්චර ඇඬුවත් ධනූ ආපහු එන්නෙ නෑ…
අම්මා..
සෝනු මට කීවා ඔයා ධනුක ගැන හිත හිත තාමත් විඳවනවා කියලා…
ඇයි අම්මා ඔයාලා එහෙම කලේ ඇයි මාව ධනූගෙන් ඈත් කලේ ඇයි අච්චර වේදනාවෙන් හිටපු ධනූව තනි කලේ…
ඒ හැමදේම වුනේ ධනූනෙ කැමැත්තට දෝණි.. එයා කැමති වුනේ නෑ එයාගෙ අසනීපෙ ගැන ඔයා දැන ගන්නවට.. ඔයා එයා ගැන හිතල දුක් වෙනවට…
බොරුකාරයා හැමදාම දුකෙත් සැපෙත් මාත් එක්ක ඉන්නවා කියලා…තනියම දුක්විඳලා මාව දාලා ගියා…
නාඬා අහන්නකො රත්තරං ඔයා ධනූ ගැන හිත හිත ඔහොම අඬන්න අඬන්න ධනූට බෑ සැනසීමෙන් ඔයාව දාලා යන්න ඉන්න තැනක ඉදන් ඒ කො ල් ලා විඳෝනවා දෝණි…
ඔයා කැමති ද ඔයාගෙ ධනූ එහෙම විඳෝන වට..
නෑ දෙයියනේ…නෑ… මට මට….
සෝනු මගෙ ලඟට ගිහින් ඔයා ගැන කීවෙ අඬ අඬා දෝණි ඒ කො ල් ල ත් විඳෝනවා…
මං මං මොනවද කරන්නෙ අම්මා…මට තේරෙ න්නෙ නෑ..
සෝන්‍ය අහිංසකයි දෝණි.ධනූට තරම්වත් ඒ කො ල් ල ට දරාගන්න බෑ. දන්න දවසෙ ඉදන් ඒ කො ල් ලා වින්ඳෙ දුක තවත් ඒකව රිද්දන්න එපා….
අනේ අම්මා ඒත් මම කොහොමද..ධනූට…
ධනූට යන්න දෙන්න රත්තරං… එයාව නිදහස් කරන්න ඔයා එයාව මතක් කරකර ඔහොම අඬන්න අඬන්න එයාටත් සැනසීමක් නෑ…
ඔයත් විඳෝනවා එහෙන් ධනුත් විඳෝනවා මෙ හෙන් සෝනුත් විඳෝනවා ..මොකක්ද දෝණි මේකෙ තේරුම…
අම්මාගේ හඬේ තිබුනේ කවරාකාර හැඟීමක් දැයි මා දන්නේ නැත.
එහෙත් ඈ කියනා සියල්ල ඇත්තය. මා විඳව න්නේ තනිවම නොවේ. මා නිසා ධනුත් සෝන්‍ය ත් දෙදෙනාම වේදනාවෙනි.
මට ආයිම ඔයාව බලන්න එන්න වෙන් නෙ නෑ මැණික ඒකයි අවසාන වතාවට ඔයා ව බලලා යන්න ආවේ…
අම්මා…
අපි කැනඩා යනවා දෝණි.ආයිම එන්න කල්ප නාවක් නෑ සිද්ධ වෙන්න තියන දේවල් වලක්ව න්න බෑ..මැණික… අපි කොච්චර ඇඬුවත් ධනූ ආපහු එන්නෑ ..ඒකයි ඇත්ත …
දැන් ඔය ඇඬුවා ඇති දෝණි මේ අම්මා ඔයා ගෙන් ඉල්ලන අවසාන ඉල්ලීම…
අම්මා..
ධනූ ගැන හිතලාවත් සෝනු එක්ක සතුටින් ඉන්න..නැත්තං ධනූටත් සැනසීමක් නෑ ඒ කො ල් ලා දුක් වින්ඳා ඇති දෝණි… අම්මා කීවේ අඬ අඬාමය.
සෝනු එපාම කීවා ඒත් මං මේක ඔයාට දීලා යනවා ඒකෙන් ඔයාට හිත හදාගන්න ලේසි වෙයි
ඈ කීවේ කුඩාවට නවන ලද කොල කෑල්ලක් මා අත තබමිනි.
හමුවෙමු