හයවන_කොටස❄️💦

රජරට අහස් කුස රෝස පැහැති වලාකුළු රටා මවමින් සිටින අතර අවසන් හිරු කිරණයත් බැස ගොස් රාත්‍රී අඳුර වැටෙන විට තුහින්‍යා සහ සෙහන්ස්‍යා කාමරයෙන් පිටතට පැමිණියේ සුදෝසුදු ඇඳුමින් සැරසීය………..

” ලොකු දුව ලෑස්තියිද……… එහෙනම් දෙන්නත් එක්ක මල් ටික ගන්න……

” අම්මා දුවී ආවේ නැද්ද තාම……….

දුවීන්‍ය යනු තුහින්‍යාගේ මල්ලීය………

” ඔයාට ටිකක් නින්ද ගිහින් හිටිය නිසා එයා කතා කලේ නෑ ලොකූ……. දැන් ඔන්න නාන්න කියලා ගියා…… පහල ලිඳට……. එයි ඉක්මනින් අපිත් එක්ක යන්නම………

අම්මාගේ කතාව නවත්තන්නත් කලින්ම දුවීන්‍ය පිටුපස දොරටුවෙන් ඇතුළු වුනා….. ඔහු අක්කා දෙස බැලුවේ සමාව අයදින බැල්මකින්……..

” දුවී………….

අක්කාගේ කාරුණික හඬින් දුවීන්‍යගේ හිතට තවත් දුකක් එක් වුනා…… දූවි හුඟක්ම වෙනස් වෙලා කියලා තුහින්‍යාට හිතුනේ ඔහුව ඇය දකින්නේ වසරකට විතර පසු නිසා………. තුහින්‍යා වසරකින් විතර අම්මා තාත්තා දකින්න වත් ආවේ නෑ……. ඒකට හේතුව වේදේශ්ට එන්න වෙලාවක් නැති එක……. තනියෙන් ගමට එන්න අැයගේ හිතක් තිබුනෙත් නෑ……. ඒත් අන්තිමේදී වුනේ ඒ දේමයි කියලා තුහින්‍යාට හිතුනා………. රජරට විශ්විද්‍යාලයේ පලමු වසර සිසුවෙකු වන මල්ලි තවත් උස ගිහින් වෙනස් වෙලා………

” අක්කි……. ඔයාට මේ හැමදේම වුනේ මං නිසා…….. මගේ අක්කිගේ ජීවිතේ විනාශ වුනේ මං නිසා……….

දුවී ඇවිත් තුහින්‍යාට තුරුළු වුනේ හරිම දුකෙන්……….

” මොනාද මේ කියන්නේ මල්ලි………. මගෙ ජීවිතේ විනාශ කලේ කිසිම කමකට නැති මිනිහෙක්…….. ඒකට ඔයා මොනවා කරන්නද……. අනික මං අකැමැත්තෙන් නෙවේනේ එයාව බැන්දේ………. මං වේදේශ් අයියාට ඇත්තටම ආදරය කලානේ එයා මට ආදරය කලේ නැති වුනාට……….. කෝ ගිහින් ඉක්මනින් ලෑස්ති වෙන්න….. පරක්කු වෙනවා……. අපි යන ගමන් කතා කරමු……….

තුහින්‍යාගෙන් මිදුන දුවී ඉක්මනින් ලෑස්ති වෙලා ආවේ අක්කලා එක්කම යන්න හිතාගෙන………

තුහින්‍යා දුවීන්‍ය හා සෙහන්ස්‍යා අම්මත් එක්ක එළියට බැස්සේ අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස පැවැත්වෙන පූජාවට සහභාගී විම සදහා…… එය අද රාත්‍රිය පුරාම පැවැත්වීමට නියමිතයි………

” අක්කි දැන් මොකද කරන්න හිතාගෙන ඉන්නේ………. digree එක complete කරගමුද අක්කි………. අපි කොහොම හරි මොනවම හරි කරලා සල්ලි හොයාගමු…..

දුවින්‍ය පවසන දේවල් අසාගෙන තුහින්‍යා යි සෙහන්ස්‍යායි ගමන් කලේ නිහඩවමයි…….

” අක්කි…… එක්කො ඔයාගේ රිසල්ට් වලට හොඳ ජොබ් එකක් බලමු……. ගෙදර ඉදන් යන්න පුළුවන් එකක්……

” අපි බලමුකෝ දුවී……….. මොනාම හරි කරමු……

” බැරි වුනොත් වගා කරමු නේද ලොකූ……

සෙහන්ස්‍යා කිව්වේ ඇගේ ප්‍රියතම දේ වගා කිරීම නිසා……….. නිවසේ වත්ත පුරාම තියෙන්නේ සෙහන්ස්‍යා විසින් වගා කල දේවල්……… ගෙදර මල් පැල වෙනුවට තියෙන්නේ එළවළු පලතුරු ගස්…….. සරුවට වැඩුණු එළවළු කොරටු බලන්න ආසවේ බෑ…….. පුදුම ලස්සනක්…….

” ඒකත් නරක නෑ බැරියැ අක්කටයි නංගිටයි දෙන්නට වගා කර කර ඉන්න……

” ඇයි අයියේ ඔයත් අපිට උදව් කරන්න……..

” හරි ඉතිම් බෑ කිව්වේ නෑනේ……… මොංගලේ ඔය වගා කරනවා වගේම තමුන් මේ අවුරුද්දේ විභාගේ කියලත් මතක තියාගන්නවා හරිද

කට්ටිය කතාවෙන් කතාව රුවන්වැලි මහා සෑය අභිමුවටම පැමිණ සිටියා…… සුදෝසුදු මහා සෑය දැකීමත් පින්බරම දසුනක්………. හිතේ තියන දුක් කම්කටොලු මොහොතකට අමතක කරවන්න සමත් වන මේ පූජා භූමිය ඉතාමත් නිස්කලංකය……… තවමත් පූජාව ආරම්භ කර නැත…….. ඔවුන් මළුවේ කොණකට වී මහා සෑය දෙස බලාගෙන සිටියේ අතීතය සිහි කරමින්………

” දුටු ගැමුණු මහ රජතුමාට පින් සිද්ධ වෙන්න ඕනි……….

අම්මා ඈත කොත් කැරැල්ල දෙස බලමින් වදිමින් කිවාය……….

” අක්කේ…….. ඉස්සරහ බලපන්……. අන්න අර දයාවතී මේ පැත්තට එනවා…… දෝනියැන්දෑත් ඉන්නේ ඔය……..

නංගී ඇස් වලින් පෙන්නුවේ නැන්දා සහ විනුශිය……….. ඇය තුහින්‍යාගේ පියාගේ අක්කාය……. විනුශි ඇගේ දියණියයි….. ඔය එන්නේ තමා නිවසට පැමිණ ඇති බව ඉව වැටීය……….

” ආ……..මේ දෙව් නේ………… මං ඒත් බැළුවා කවුද කියලා……. මොකෝ මේ ඇදිලා ගිහින් කළු වෙලා……….. ලෙඩක්ද ළමයෝ…………

නැන්දාගේ අනුකම්පාව පුදුම සහගතය…… මෙය රුවන්වැලි සෑ පුද බිම නොවෙන්නට ඇය සෙහන්ස්‍යගෙන් හොද දෙකක් අහගනු ඇත………..

” කෝ මහත්තයා……….

ඇගේ උකුසු දෑස් ඒ මේ අත යන්නේ වේදේශ් සොයමින්ය……….
නැන්දාගේ අවඥාසහගත සිනාව සෙහන්ස්‍යාගේ හිතේ ඇති කලේ කෝපයක්…….

” එයා මේ….. ආවේ නෑ නැන්දේ..

” අපිට නම් ආරංචි වුනේ වෙන එකක්……. කසාදේ කඩාගෙන ආවා කියන්නේ ඇත්තද ලොක්කියේ……….

එයට නම් තුහින්‍යාටත් කේන්ති ගියේය……. පූජා භූමියකවත් අනුන්ගේ දේවල් නොසොයා ඉන්නට බැරි මොවුන් මොන ජාතියක මිනිසුන්දැයි ඇයට පුදුමය………… නමුත් කිසිවෙකු වචනයක් වත් නොකියා සිටියහ…….

” ඈ…….ලොක්කියේ දැන් දික්කසාද නඩුවකුත් දාලාද ආවේ……….. මොකෝ….. වේදේශ්ට වෙන ගෑණියෙක් ඉන්නවද නැත්තම් ලොක්කිට වෙන කෙනෙක් හම්බ වෙලාද…………

එයට නම් තුහින්‍යා හට මේ ඉන්නේ රුවන්වැලි මහා සෑය ගාව කියන එකත් අමතක වුනා……….ඇය වෙව්ලන්නට වුනේ ඇති වුන කෝපයෙන්මයි………. විවාහය කැඩිලා අසරණ වුන කාන්තාවකට සමාජය ඉදිරියේ ලැබෙන ගැරහුම් නම් නිමක් නෑ……….. ඒ සියල්ලම ලැබෙන්නේ තවත් ගැහැණියක්ගෙන්මයි….. කණගාටුවට කරුණත් එයමය………

” මේ නැන්දේ……… මං ආවේ නම් ආපහු යන්න නෙවේ තමයි……. ඒත් ඒ මගේ වරදින් නම් නෙවේ…… අනික මට පද හදන්න කලින් ඔයත් හොදට මතක තියාගන්න ඔයාගේ මේ දුවත් අද වෙද්දි තුන්පාරක් ඇබෝෂන් කරගෙන ඉන්නේ කසාදත් නොබැඳ කියලා………

එයට නම් සඳරේනුගේ කට වැහිලා මුහුණ ලැජ්ජාවෙන් බරව ගියා…….. වටේ පිටේ ඔය පිලිසදර අසා ගෙන සිටි අය ඇය දෙසට හෙළුවේ සරදම් සිනාවක්……තවත් එතැන නොසිට සඳරේනුත් විනුශිත් පිටව ගියේ ඔවුන් දෙස නොබලාමයි……

” යසයි මේ දැරිවි කීව ටික……. ආවා මෙතන අනුන්ගේ ඒවා හොයන්න……

ලඟ සිටි කාන්තාවක් කීවේ එතැනින් පිටව වන සඳරේනුටත් විනුශිටත් ඇහෙන්නමයි……….

” මේ අක්කා…….. තමුසේ මාරයිනේ හලෝ…………. කෝමද මේ තරම් කට සැර වුනේ……….

නංගි ඇහුවේ ඇයට වැලමිටෙන් අනිම්න්……… ඇය සෙහන්ස්‍යා දෙසට හෙළුවේ නොරිස්සුම් බැල්මක් වුනත් තුහින්‍යාට මද සිනාවකුත් මුවගට ආවේ ඇය කීව වදන් යලි මතක් වී………

පූජාව ඉවරවුනේ නැතත් තුහින්‍යා නංගියි මල්ලියි අම්මයි එක්ක ආවේ රාත්‍රි එකොලහත් පහු වෙලා………..

නිදාගන්න ඇදට ගියත් ඇයට නින්දක් ආවේ නෑ…….. තමන් ආවද කියලා නිකමටවත් වේදේශ් හොයලා බැලුවේ නැති වීම හිතට මද දුකක් එක් කලත් ඒ කුරිරු වේදනාත්මක බැඳීම් දැන් අවසන් බැවින් ඇය හිත හදාගෙන ඔහු ගැන සිහි නොකර සිටීමට උත්සහ කලා…….. ඇත්තටම ඇගේ හිතේ ඔහු ගැන තියෙන්නේ මොන විදිහේ හැගිමක්ද කියලා වෙන් කර හඳුනගන්නට තුහින්‍යා උත්සහ කලා……… නමුත් හදවත පාරාගෙන එන හදපතුලින් කැකෑරී එන කැක්කුමක් වන් දැඩි ආදරයක් නම් ඔහු ගැන කවදාවත් ඇති වී නැති බව තුහින්‍යා හට ඉඳුරාම විශ්වාසය………..

” ඒකත් හොඳයි……. ඔයා වගේ කෙනෙක්ට ආදරයක් ඇති නොවුන එක….. නැත්තම් මං තවත් දුක් විඳින්න ඕනැනේ……. ඔයා නැති වුනාට මොකද මං ආයෙම අළුතින් ජීවිතේ පටන් ගන්නවා………… අප්පච්චි තව මාස දෙකකින් pension යනවා…….. එතකොට මේ පවුලේ බර හුඟක් මගේ කරට ගන්න වෙයි……….. ඒ හින්දා මං මෙහෙම කඩා වැටෙන්නෙ නෑ………. මං මොනවම හරිකරනවා………. මේ පවුලම මං ගොඩ දානවා………….

තුහින්‍යා සිතුවේ කවුළුවෙන් පේන කළුවර දිහා බලාගෙන……….

මන්දාරමෙන් වෙළුන සීතල නුවරඑළිය නගරයට තවත් එක් තෙතබරිත වුන උදෑසනක්……….. කොල්ලෝ ටික සීතලට තව තවත් ඇතිරිලි වලට ගුලි වුනේ වෙලාව වත් බලන්නෙ නැතුව………. නමුත් තෙනුකත් භූමිත් උදෙන්ම සුදානම් වුනේ ඔවුන්ට නියමිත කාර්යයන් වලට යන්නට…………

භුමිට ලැබිලා තිබුණු වත්ත නම් පුදුමාකාරයි………. එය පිහිටා තිබුනෙත් පුදුම ලස්සන ස්ථානයක.. එතැන නම් සුදුසු වන්නේම සුන්දර හෝටල් සංකීර්ණයක් ඉදි කිරීමටයි….

” භූමි…….. මෙතැන මාරම ලස්සනයි බං…….. හොඳට මල් වවන්න පුළුවන් මේ ඉඩ ප්‍රමාණයේ ඉතිරි ටික අපි තේ දාමු….. මේ වතු වලින් එන තේ දළු වලින් අපිට පුළුවන් වෙයි හොඳ තේ මාර්කට් එකට දාන්න…..

” ඒක හොඳ අදහස බං………..මේ මල් වලිනුත් කරන්න හුඟක් දේවල තියනවා. මං නම් function decorations වලට තමයි කැමති……………

” ඒ side එක හොඳයි මචං…… අපිට පුළුවන් අපිට ඒක කරන්නම පුළුවන්…….. අනිවාර්යෙන්ම අපි ඒක කරන්න ඔනි.

භුමි තෙනුකගේ වදන් අනුමත කරම්න් කඳුයාය හාත්පසම නෙත් යැවුවා…….. අහස උසට කරන්න දේවල නම් එමටයි…….. නමුත් හිතට දැනෙන පාළුව කාන්සිය මඟ හරවා ගන්න ආදරණිය හදවතක් ලඟ හිටියා නම් කියලාත් භූමිට හිතුනා…………..

ජීවිතය ජය ගැනීම හිතන තරම් ලේසි නෑ කියලා වැටහුනෙ වැඩ පටන් ගත්තට පස්සෙදියි…………. රජිව්ගේ හෝටලය නම් හුඟක් සාර්ථකව ඉදිරියට යද්දි භූමි ඔහුගේ ඉගෙනීම් අවසන් කරලා මල් වැවීමත් සමග තේද වවන්න ආරම්භ කලා………….. මාස හතක් විතර ගත වෙනකොට ඔවුන් යම් ස්ථාවර තත්වයකට ආවේ හිතාගන්න බැරි තරමට වේගයෙන්………. දැන් නම් ඔවුන්ටත් ආසයි මේ කටයුතු ඉදිරියට කරගෙන යන්න………… මාස හතක් යද්දි එකතු කරගත්ත මුදලින් භූමි ඔහුගේ FAIRY FLORA ආයතනය ආරම්භ කලා………….

සුන්දර කඳුපන්තිය මුදුනේ සුදු පාට කාර්යාලය හා යායට තියන මල් වගාව අතිශයින්ම සුන්දරව දිස් වුනා………. සමහර මල් හැම කාලයටම නොවැවුනත් සමහරක් මල් නම් මුළු අවුරුද්ද පුරාම පිපෙනවා

මාස හතක් පමන නිවසේම රැඳී සිටි තුහින්‍යා කලේ නංගිත් එක්ක එකතු වෙලා ගෙවතු වගාව කිරීමයි…….. ඉන් ලද අස්වනු වලින් ඔවුන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා කොටසක් ඉතිරි කරගෙන ඉතිරිවා විකුණුවේ අමතර ආදායමක් ලෙසය………… දිනක් තුහින්‍යාගේ නිවස අසල සුඛෝපභෝගී මෝටර් රථයක් පැමිණ නැවැත්තුවේ එළවළු කොටුවේ සිටි තුහින්‍යා හා සෙහන්ස්‍යා පුදුමයට පත් කරමින්…………

••••මතු සම්බන්ධයි•••••