මේ විස්තරේ නංගිට කියන්න ඕනේ. මිහින් හිතුවේ පහුවෙනිද පාසල් යන්න සුදානම් වෙමින්. නැත්තම් එයාට මුණ දෙන්න වෙන්නේ මිට වඩා ලොකු හිත වේදනාවකට. ඒ නිසා දැන්ම මේක කියන එක හොදයි. නොහඩා සිටින්නට උත්සහ කරමින් හිත තද කරගෙන මිහින් හිතුව. තත්වේ බරපතලකම් අඩු කරලා අම්මට විස්තරේ කියන්න පොඩි මාම බාර ගත්ත.

නංගී…….. මිහින් කාමරේ ඉදන්ම කෑගැහුවෙ දෙතුන් පාරක්ම කතා කරලත් කෙල්ල තාම ආවෙ නැති නිසා.

මේ එනවා. අයිය. චුට්ටක් ඉන්ඩෝ………… කෙල්ලත් කෑ ගහනව කුස්සියේ ඉදන්.

ඔයා ඉස්සෙල්ලත් කිව්වේ මේ දැන් එනවා කියලනේ. මොනවා කරනවද මෙච්චර වෙලා? මිහින් ආයේ කෑගැහුව.

එතකොට කෑම ලැස්ති කරන්නේ ඔයාද? කෙල්ලත් අත අරින්නේ නෑ එකට එකම කියනව.

මොකද මොකද මේ කෑ ගහන්නෙ දෙන්නත් එක්ක උදේ පාන්දර. අම්ම ඇවිල්ල ඇහුවේ දෙන්නම නවත්තන්නේ නැති නිසා.

මේ කෙල්ලත් එක්ක කතා කරලා දිනන්න බෑ අම්ම බලන්නකෝ

එහෙනම් ඉතීම් කතා නොකර ඉන්නනෙ තියෙන්නේ. කෙල්ල ආවේ දෙන්නගේ කෑම පෙට්ටි දෙකත් අරගෙන. මෙන්න ඔයාගේ කෑම එක.

මොනවද අද තියෙන්නේ කන්න? මිහින් ඇහුවේ කෑම එක අතට ගනිමින්.

කැරපොත්තොයි හැකරල්ලොයි එකට දාල උයල ගෙම්බෝ කිරි හොදි හදල කෙහෙල් කොළ මැල්ලුමක් තියෙනව. කෙල්ල කිව්වේ ගානක් නැතුව. අම්මටත් හිනා.

ශික් විතරක් මට කන්නත් එපා උනා. මේකිගේ කට තමයි කට. මිහින් කිව්වේ කෙල්ලගේ කොන්ඩේ ඇදල.

ආව්. රිදෙනවා අනේ. අවුල් කරලා ආයේ පීරන්න වෙලා ගියාම කියන්නෙපා පරක්කු වෙනවා කියල හරිද.

හපෝ ඔය කේශ කලාපේ පිරනකම් මට ඉන්න බෑ දැන් යං. දෙන්නම අම්මට වැඳල පිටත් උනා.

පරිස්සමින් යන්න දෙන්නම.

බය වෙන්නෙපා මමී. මම බලාගන්නම් අයියත් එක්කම.

හපෝ ඔව් ඔව් බලාගනී කියල තමයි බය.

ඇයි මොකද?

නෑ නෑ මුකුත් නෑ. යමු දැන්.

කෙල්ලගේ දගකාර සැහැල්ලු බව දැක්කම මිහින්ට තමන් කියන්න හිතපු එක කියන්නත් බැහැ වගේ දැනුන. කොල්ල ටිකක් වෙලා කල්පනාවට වැටුනේ ඒ හින්ද

මොකද අයිය වෙලා තියෙන්නේ.

ඇයි?

ඔයා ඊයේ හරියට නිදාගත්තේ නැද්ද?

අහ්. ඇයි ඒ?

මට නිකමට හිතුන. දැන් මොකද මෙච්චර වෙලා කට පියාගෙන ආවේ?

මුකුත් නෑ

බොරු කියන්න එපා අනේ. නින්ද නැති කරගෙන කල්පනා කරන්න තරම් මොකද්ද ඔයාට තියෙන ප්‍රශ්නේ?

ඔයාගේ ජිවිතේ ගැන තමයි මට තියෙන එකම ප්‍රශ්නේ? මිහින් කිව්වේ තව දුරටත් මේක හංගගෙන ඉදල තේරුමක් නැති හින්ද.

ඒ කිව්වේ? මොකද්ද අනේ කෙලින්ම කියන්නකෝ?

කෙල්ල දිහා ටිකක් වෙලා බලන් හිටපු මිහින් වෛද්‍යවරයා කියපු විස්තර සේරම හංගන්නේ නැතුව ඇයට කිව්වේ ඒ නිල් ඇස් වලින් නොනවත්වා කදුළු වැටෙද්දී.

අනේ අයිය. ඇයි එහෙම. මම එච්චර පවු කරලද? නෑ වෙන්න බැහැ. ඩොක්ට එහෙම කිව්වේ නැහැ නේද? ඒගොල්ලන්ට මොකක් හරි වැරදීමක් වෙන්න ඇති නේද? කියන්නකෝ අයිය. ඒ විස්තර බොරු නේද? කෙල්ල අඩ අඩ අහනකොට මිහින්ටත් ඇඩුනා. මොන අයියටද මේ වගේ ඉවසන්න පුළුවන්.

කෙල්ල අඬමින්ම පාරේ බිම ඉදගත්තා.

නංගි අනේ මේ මොකද? නැගිටින්න දරුවෝ.

ඒ කියන්නේ මට සාමාන්‍ය ජිවිතයක් ඕනෙම කෙල්ලෙක් බලාපොරොත්තු වෙන විදියේ ජිවිතයක් මට කවදාවත් ලැබෙන්නේ නැහැ කියලද? අනේ අයිය මට බැහැ. ඇයි මම එච්චර පව් කරලද ගිය ආත්මේ? කෙල්ල අඬන එක නවත්තන්නෙම නැහැ. අඩන්න එපා බබා ප්ලීස්. ඔයා ලෙඩ වෙයි. ඉස්කෝලේ යන්න ඕනේ නැහැ අපි යමු ගෙදර.

මිහින් මොනවා කිව්වත් කෙල්ලගෙ හැඩුම නවත්තන්න පුළුවන් උනේ නැහැ. ඒ හැඬුම බලන් ඉන්න බැරි තැන කෙල්ලව තුරුළු කරගත්ත මිහින්. නංගි ඔයා ගොඩක් ශක්තිමත් කෙල්ලක්. මෙහෙම වැටෙනවද? කෝ දැන් හිනාවෙන්න ඇති ඇඬුව. ඔයා අවාසනාවන්ත නැහැ. කාලය අපිට විසදුමක් දෙයි. මිහින් කිව්වේ ඔහුගේ දුක කෙල්ලට පෙන්නන්නේ නැතුව.

කෙල්ල අයියට තුරුළු වෙලා හිටිය. දැන් නම් ටිකක් සන්සුන් වෙලා. තාම ඉකි ගහනව ඒ උනාට. මට ඉන්නේ චන්ඩි නංගි කෙනෙක් මොකටවත් යකාටවත් බය නැති. එයා බය නැහැ මොකක් උනත්. කෝ දැන් ඇති නේද බබා. අපි අද ඉස්කෝලේ යන්නේ නැද්ද?

දෙන්නම මේ ඉන්නේ ඔවුන්ගේ ගෙවල් පාරේ.

අද යන්න බැරි නම් ආපහු ගෙදර යමු නංගි. අපි තාම ගේ ලගනේ ඉන්නේ.

අම්ම දන්නවද මේ විස්තරේ? කෙල්ල ඇහුවේ මදක් සන්සුන් වෙලා.

පොඩි මාම අම්මට කියන්නම් කිව්ව.

හ්ම්ම්ම්. දැන් ආයේ ගෙදර යන්න බැහැ. අම්ම බලයි මොකද කියල. අපි ඉස්කෝලේ යමු.

හරි කදුළු පිහිදාගන්න එහෙනම්.

හ්ම්ම්ම්ම්ම්ම්.

ඔයාට මම ඉන්නවනේ බබා

ගිය ආත්මේ නම් මම ගොඩක් පවු කරන්න ඇති නේද අයිය. කමක් නැහැ මේක මට උරුම දෙයක්. මට දරාගන්න පුළුවන්. ඇත්තමයි. මම මට ලැබිල තියෙන දේවල් වලින් සතුටු වෙනව. කෙල්ල කිව්වේ මිහින්ගේ හිතට සහනයක් ගෙනල්ල. ඇය එහෙම කිව්වොත් ඒ දේ කරන බව මිහින් දන්නවා. ඔහුගේ නංගි වෙන කාටවත් වඩා විශේෂ ඒ හින්ද. ඇයට ඉතාම හොද දරාගැනීමේ ශක්තියක් තිබුනේ පෙර පිනකට.

ඔයාට අම්මයි තාත්තයි මමයි ඉන්නවනේ නංගි

ඔව් මම දන්නවා අයිය මට ඒ හොදටම ඇති. වෙන මුකුත් මට ඕනේ නෑ
දෙන්නම කියව කියව බස් නැවතුමට ආව.

එතකොට ඔයා මගේ බෝයි ෆ්‍රෙන්ඩ් වගේ ඉන්න කියපු එකේ එකම අරමුණ කිලාන්ගෙන් පරිස්සම් කරගන්නම නෙමෙයි නේද? කෙල්ල අහනකොට මිහින් බැලුවෙ තිගැස්සිල.

ඔහොම පුදුම වෙලා බලන්න එපා මට තේරෙනවා ඔයා හිතන දේවල් මේ තත්වේ ඉගෙන මම කාටවත් බලාපොරොත්ටු දෙන්න හොද නැහැ කියල මම දන්නව

මට සමාවෙන්න නංගි.

පිස්සුද අයිය ඔයා කවදාවත් සමාව ඉල්ලන්න ඕනේ නැහැ ඔයා කලේ හරිම දේ. මම වගේ කෙනෙක් වනුවෙන් එහෙම කැපකිරීමක් කරන්න කවුරුත් කැමති වෙන්නේ නැහැ. අනිත් එක එහම කෙනෙක් හිටියත් ඒක ගොඩක් පව්. ඔයාටත් හැමදාම මාව බලාගන්න බැහැ අයිය. ඔයාටත් ඔයාගෙම ජිවිතයක් තියෙන්න ඕනේ.

ඔයයි අම්මයි තාත්තයි තමයි මගේ ජිවිතේ. කවදාහරි මට වඩා හොදට ඔයාව බලාගන්න කෙනෙක් හම්බුනොත් එදාට මම ඔයාව එයාට මගේ අත් දෙකෙන්ම බාර දෙනව

ඔයාට වඩා හොදට කවුරුත් මාව බලාගන්නේ නැහැ අයිය, එහෙම අය මේ ලෝකේ නැහැ. හිටියත් මම වෙනුවෙන් තව කෙනෙක්ගේ සතුට කැප කරන්න මට බැහැ

මිහින් ඊට මුකුත් කිව්වේ නැහැ. ඊට පස්සේ දෙන්නම පාසල ගාවට එනකම් මොනවත් කතා කලේ නැහැ. ඔවුන් දෙන්න මෙච්චර සංවේදිව අදහස් හුවමාරු කරගෙන නැහැ මිට කලින්. ඒ හින්ද කෙල්ලගේ ඉස්කෝලේ ගාවට එනකම් දෙන්නම හිටියේ තමන්ගේ ලෝක වල.

මෙහන්සා…. සිතිවිලි වලම හිර වෙලා ඉස්කෝලේ ලගටම ආව. දෙන්නම හැරුනේ කවුරුහරි කෙනෙක් කතා කරනවා ඇහුන හින්ද. ඒ කෙල්ලගේ මිතුරිය. බිසේකා. ඇය ඔවුන් දෙන්න ලගට ආවේ මිහින් දිහත් බලමින්.

ගුඩ් මොනින්ග් බිනු.

ගුඩ් මොනින්ග් මිහී.

අයිය මේ බිනු. මගේ හොදම යාළුවා.

මට මතකයි අපේ සයන්ස් ඩේ එකට ඔයත් ආවනේ. මම මිහින්.

හරි ශෝක් නම් දෙකක්නේ ඕගොල්ලන්ට තියෙන්නේ. ගැලපෙනවා.

එහෙනම් ඔය දෙන්නට යන්න පුළුවන්නේ?

හා. අපි යනවා. පරිස්සමෙන් යන්න අයිය බුදු සරණයි.