එතකොට මොහාන් ඔයා කියන්නෙ මේ පුංචි පැටියා ඔයාට ඕනි නෑ කියලා ද…

ශෙරීන් බොරුවට හොදටම අඩනවා …

කියන්න මොහාන් මේ ඉන්නෙ අපේ ආදරය නෙවෙයි ද…

කියන්න මොහාන් …

ඔයාට අර ගෑනු කවදාවත් සතුටක් දුන්නෙ නෑ ..

ඒත් මං කොච්චර ඔයාට ආදරෙයි ද…

ඔයා කියන්නෙ මේ පැටියා ඕනි නෑ කියලා ද…

මොහාන්ට කිසිම දෙයක් හිතාගන්න බෑ ..

මොකද්ද කරන්නෙ කියන්නෙ කියලා වත්…

අපි බලමුකො ශෙරීන් ….

“බලමු…

බලමු නෙවෙයි කොහොම හරි තමුසෙ මාව මැරි කරන්න ඕනි එච්චරයි …”

ශෙරීන් තනියම එහෙම හිතුවා….

අප්සරාගෙ දරුවො දෙන්නා හුගාක් පරිස්සමෙන් අප්සරා බලාගන්නෙ…

අම්මට පණ තරම් පුංචි පොඩ්ඩො දෙන්නා ආදරෙයි …

මේ වෙද්දී මොහාන්ටයි ශෙරීන්ට යි ලස්සන පුංචි දුවෙක් ඉන්නවා ….

හැබැයි ශෙරීන් හැමදාම රංඩු කරනවා මොහාන් එක්ක …

ලංකාවට ගිහින් වයිෆ් ඩිවෝස් කරලා ඇවිත් ශෙරීන් මැරි කරලා ගෙදර එක්ක යන්න කියලා ..

මොහාන් එක්කො ඔයා තීරනයක් ගන්න …

එහෙම නැත්නම් මං යනවා යන්න …

දරුවා අරගෙන හැබැයි කවදාවත් ආයෙ එන්නෙ නෑ …

හැම පැත්තෙන්ම මොහාන් මේ වෙද්දී හිර වෙලා තියෙන්නෙ …

හරි මං ලංකාවට ගිහින් අප්සරා කොහොම හරි ඩිවෝස් කරන්නම් …

මොහාන් අප්සරා ඩිවෝස් කරලා ශෙරීන් මැරි කරන්න තීරනය අරගෙන තමයි ලංකාවට එන්නෙ….

අප්සරා පුංචි දරුවො දෙන්නා එක්ක හුගාක් සතුටින් මොහාන් පිලිගන්නවා …

අනේ ඔන්න ආයෙ නම් යන්න එපා …

අප්සරා ආසයි දරුවො එක්ක මොහාන් දැන්වත් රට නොයා ඉන්නවා නම්….

අප්සරා ….

මොකෝ මේ මෙච්චර ලස්සනට ඇදගෙන …

පුතා ගිහින් දාන්න මෙච්චර ලස්සනට අදින්න ඕනිද….

මං නැති අස්සෙ මොකෙක් හරි ලෑස්ති කරගත්තා වත් ද මෙච්චර ලස්සන ට ඇදලා යන්නෙ…

මොහාන්ට ඕනි මොකක් හරි ප්‍රශ්නයක් ඇදගෙන රංඩුවක් දා ගන්න….

අනේ පිස්සුද ඔයාට මොහාන්

මේ හුගාක් පරන ඇදුමක්…

අප්සරා දරුවො පෙරපාසල් ගිහින් දාලා ඇවිත් ඇදුම් මාරු කරගෙන කුස්සියට ආවා…

ඇත්තටම මොහාන් කොච්චර රංඩු වෙන්න හැදුවත් අප්සරා මොහාන් එක්ක කිසිම දෙයක් නිසා රංඩු වෙන්නෙ නෑ …

ඒත් ශෙරීන් නම් හැම වෙලේම මොහාන් එක්ක රංඩු …

පුංචි පුතා ඇවිත් කුක්කු ඉල්ල ඉල්ල අඩද්දි අප්සරා මොහාන්ට කෑම බෙදලා දරුවා නිදි කරන්න ආවෙ…

මොහාන් කල්පනා කරන්නෙ කොහොමද අප්සරා එක්ක ඩිවෝස් එකක් ගැන කතා කරන්නෙ කියලා ….

පුංචි පුතා නිදි අස්සෙ මොහාන් කාම්බරයට ආවෙ….

මොහාන් ….

මොකද්ද ප්‍රශ්නය ….

අප්සරා ඇහුවෙ මොහාන් කල්පනා කර කර ඉන්න නිසා…

අප්සරා මට ඔයා ඩිවෝස් කරන්න ඕනි …

මොකද්ද ….

ඔව් ….

ඔයාට පිස්සුද අනේ …

මෙහෙම විහිලු කරන්න …

විහිලු නෙවෙයි අප්සරා ….

අප්සරාගෙ මූණ වෙනස් උනේ එක විනාඩියට ….

මං මොකද්ද මොහාන් ඔයාට කරපු වරද….

ඔයා කියන විදියට ඉන්නවා ,

දරුවො බලාගෙන මගෙ පාඩුවේ …

ඇයි මෙහෙම තීරනයක් ගත්තෙ ….

මට සමාවෙන්න අප්සරා ….

ඒත් මට ඩිවෝස් වෙන්න ඕනි …

බෑ බෑ බෑ …

මං කීයට වත් ඩිවෝස් වෙන්නෙ නෑ …

මගෙ දරුවන්ට අම්මා තාත්තා දෙන්නම ඉන්න ඕනි …

එච්චරයි …

මාව මැරුවත් කමක් නෑ …

ඒත් මං ඩිවෝස් වෙන්නෙ නෑ ….

ආව තරහට අප්සරා මහ 💪 හයියෙන් අඩනවා …

මොකද්ද උබ කියන්නෙ …
ආ….

අප්සරාගෙ කොන්ඩෙන් ඇදලා අරගෙන මොහාන් ඇයට දුන්නා හොද පරවල් දෙකක්….

මොහාන් කියන්නෙ කරාටි හොදටම දන්න කෙනෙක් …

අප්සරාට නැගිටගන්න වත් බෑ …

එච්චර අමාරුයි ….

ආයා අම්මා යවලා පුතාව පෙරපාසලෙන් ගෙන්න ගත්තෙ ..

මොහාන්ට ඕනි වෙලා තියෙන්නෙ ඉක්මනට කොහොම හරි ශෙරීන් ලංකාවට ගෙන්න ගන්න…

ඒත් අප්සරාගෙ තීරනය නිසා ඒ දේ කරගන්න බෑ …

මොහාන් අවසානයට තීරනයක් ගන්නවා ….

දරුවො දෙන්නා හොදටම නිදි….

අනිත් අයත් හොද නින්දෙ ….

අප්සරා ත් නිදි දරුවො දෙන්නා තුරුළු කරගෙන ….

පුංචි පුතා අම්මගෙ කුක්කුවේ එල්ලිලාම නිදි…

ඒත් මොහාන් මේ වෙද්දිත් වෙන ගෑනියෙක් එක්ක රාගයෙන් මත් වෙලා ඉන්නෙ ..

තමන්ගෙ අහිංසක පුංචි දරුවො දෙන්නගෙ අම්මා ඉන්න ඕනි නේද කියලා මේ තිරිසන් තාත්තා ට හිතුනෙ නෑ ….

අප්සරාගෙ කට රෙදි කෑලි ඔබලා ගැට ගහනවා …

පස්සෙ ඇයට කරාටි වලින් ගහලා ඇගේ අස්ති බිදිනවා….

පස්සෙ ඇගේ මේස රෙද්දෙන්ම ඈ හොදටම නවලා නවලා ඔතනවා…

රට ඉදලා අරගෙන ආව ලොකු බෑග් එහෙක අප්සරා පැක් කරලා රෑම මහ කැලේට ගිහින් දානවා….

කිසිම දෙයක් දන්නෙ නෑ වගේ පාඩුවේ මොහාන් නිදි….

අම්මා ….

අම්මා ….

උදේ ඉදලා පොඩි දරුවො අම්මා නැතුව අඩනවා ….

මොහාන් අර හැම දෙයක්ම කරන්න ඉස්සෙල්ලා කැමරා සේරම ඕෆ් කරනවා….

කොච්චර ඇඩුවත් අම්මා හොයාගන්න බැරි වෙද්දි පුංචි දරුවො බත් කන්නෙ නැතුව අසනීප වෙනවා….

මොකද්ද උනේ අප්සරාට …

කිසිම දෙයක් නොදන්න ගානට මොහාන් අප්සරා හැම තැනම හොයනවා…

පොලිසියට ගිහින් ඇන්ට්‍රියක් දානවා…

අහම්බෙන් පොලිසියට කෝල් එකක් එනවා හුගාක් ඈත ගමකින්….

නාදුනන මල සිරුරක් තියෙනවා කියලා …

පොලිසියට හොයාගන්න ලැබෙනවා…

ලොකු සූට් කේස් එකක්….

ඒත් ඒ වෙද්දිත් මල සිරුර හොදටම නරක් වෙලා ….

අප්සරාගෙ අම්මා තාත්තා අක්කා වගේම මොහාන් එතනින් ගෙන්නනවා…

මොහාන් එදා ඇත්තටම කැලේට ඇවිත් මේ සූට් කේස් එක වලදාන්න හදන්නෙ…

ඒත් මොකද්ද සද්දයක් එනවා…

ඒක නිසා කවුරු හරි දකී කියලා මොහාන් ඉක්මනට එහෙම්මම යනවා…

අනේ දෙවියනේ කොහොමද අදුනගන්නෙ එහෙම්මම මිනීය කුනු වෙලා ….

අනේ අම්මා මේ නංගිගෙ මේසෙ රෙද්ද තමයි ….

අනේ දෙවියනේ මගෙ අහිංසක නංගී …

අප්සරාගෙ අක්කා අදුනගන්නවා…

අප්සරා ඔතලා තිබ්බ ඉටි රෙද්ද අප්සරාගෙ මේසෙ ඉටි රෙදි කෑල්ල කියලා ….

ඒ විදියට අප්සරාගෙ මිනීය හම්බ වෙද්දිත් පොලිසියට පුලුවන් වෙනවා මොහාන්ට දෙක තුනක් අනිද්දි සේරම වමාරගන්න….

සර් මං අප්සරාට කිව්වා ඩිවෝස් එක දෙන්න කියලා ..

ඒත් අප්සරා කියන්නෙ මට පොඩි වැරැද්දක් වත් කරපු කෙනෙක් නෙවෙයි ..

එයා දරුවො වෙනුවෙන්ම ජීවත් වෙච්චි කෙනෙක් …

එයා කිව්වෙ දරුවො දෙන්නට අම්මා තාත්තා දෙන්නම ඕනි කියලා …

මං මැරුනොත් තමයි ඔයාට අයින් වෙන්න පුලුවන් …

කියලා එයා කිව්වා…

ඒත් සර් ඒ වෙද්දී රට ශෙරීන් කියන කෙනා එක්ක මං එකට එහෙ ජීවත් උනේ ..

මගෙන් දරුවෙක් එයාට ඉන්නවා …

ඉතින් මට එයා බදින්න ඕනි නිසා අප්සරා අයින් කරන්නම ඕනි උනා …

අප්සරා පුංචි පුත්තු දෙන්නා එක්ක නිදාගෙන උන්නෙ සර්…

පොඩි පුතා ….

එයාගෙ තනේ එල්ලිලා එහෙම්මම නින්ද ගිහින් හිටියේ …

මං එක පාරටම අප්සරා ඇදලා ගත්තා …

ඒක පුතා ට දැනුනෙ නෑ …

අප්සරා බය වෙලා නැගිට්ටෙ….

මං එහෙම්මම එයාට එකක් දෙකක් ගැහුවා …
කට අතින් වහගත්තා ….

එයාට ඒ පාරවල් සැර වැඩි නිසා ඇස් වලින් කදුලු ආවා සර්…

මං ඉක්මනට කටට රෙදි කෑලි දාලා ගැටගැහුවා සර්…

එයා ආයෙ බොහොම අමාරුවෙන් නැගිටලා පුතාලා දෙන්නා ලගට යන්න හැදුවෙ …

මට ඒත් කිසිම දුකක් දැනුනෙ නෑ සර්…

මං අප්සරා ඇදලා අරගෙන එයාට ගැහුවා….

අත් කකුල් සේරම කැඩුවා..

බෙල්ලට ගැහුවා….

පස්සෙ එයා එහෙම්මම නවලා නවලා ට්‍රැවලින් බෑග් එකට දැම්මා …

එයා කොයි වෙලේ මැරුනද කියලා මං දන්නෙ නෑ සර්…

මං ගිහින් එහෙම්මම කැලේ වලක් කපන්න හැදුවෙ ,ඒත් කවුද එනවා වගේ ඇහුන නිසා එහෙම්මම බෑග් එක දාලා ඉක්මනටම ආවා සර්….

උදේ පුංචි පුතා අම්මා නැතුව කුක්කු හොය හොය අඩද්දි ,

ලොක්කා අම්මා කෝ කිය කිය අඩද්දි මං කිසිම දෙයක් නොදන්න ගානට හිටියා සර්….

මට කවදාවත් වරදක් නොකරපු අහිංසක ගෑනි මං මැරුවෙ සර්…

මොහාන් හැම දෙයක්ම පිලිගද්දි

සේරම දේවල් අහගෙන උන්නු අප්සරාගෙ අම්මා තාත්තා වගේම අක්කා මහ හයියෙන් අඩන්න ගත්තා ….

අනේ රත්තරන් උබ කිසිම දවසක මේ කිසිම දෙයක් කිව්වෙ නෑ ..

අපි දුක් වෙයි කියලා …

උබ මේ තිරිසනාට කැමති නෑ කියද්දි අපි කිව්වෙ…සල්ලි තියෙනවා සතුටින් ඉන්න පුලුවන් කැමති වෙන්න කියලා …

අයියෝ එහෙම අපේ වචනය අහලා උබ මේ තිරිසනා එක්ක ඇවිත් දුක් වින්දා….

අනේ මගෙ රත්තරන් අහිංසක කෙල්ල….

අනේ සර් මං එදා දරුවා ලැබෙන්න ගිය දවසෙ තමයි මේ මේස රෙද්ද කාම්බරේ නංගිගෙ මේසෙට දාලා තියෙනවා දැක්කෙ…

අනේ සර් අහිංසක කෙල්ල ….

මොහාන් ජීවිතය පුරාම හිරේට යද්දී …

අහිංසක පුංචි පැටව් දෙන්නෙක් අම්මා තාත්තා නැතුව අසරණ වෙනවා….

ශෙරීන් දරුවා එක්ක ඒ රටේම තනියම ජීවත් වෙනවා…

තනියම ජීවත් උනාට සමහර වෙලාවට ඕනි ඕනි කෙනා එක්ක විනෝද වෙනවා,ජීවත් වෙනවා…

නිමි…