සුදු මහත්තයා ….

අප්පච්චි ඉක්මනට ආයෙ යන්න ඕනි …

අප්සරා ඉද්දිත් මොහාන් කතා කරේ පුංචි පැටියා එක්ක …

අනේ මොහාන් මොකද්ද ඔයා මේ කියන්නෙ ..
අනේ ඇයි ඔයා ආයෙමත් යන්නෙ…
මං කොහොමද මේ ගෙදර තනියම පුංචි පැටියා එක්ක ඉන්නෙ …

අනේ මොහාන් ඔයා මෙහෙ ඉන්නකෝ….

ඔයාට විකාරද අප්සරා …

මං නිකන් මනුස්සෙක් නෙවෙයි ..

මෙහෙ ක්ලාස් වලට වඩා හුගාක් මට එහෙ ගෙවනවා…

අනික අපිට ඉන්නෙ පුතෙක්..

එයා වෙනුවෙන් අපි කීයක් හරි ඉතුරු කරන්න ඕනි …

අනේ මොහාන් …

ඇයි මේ ..

අප්සරා පොඩ්ඩක් වත් කැමති නෑ ..

මොහාන් ආයෙ රට යනවට..

ඒත් ඉතින් මේ වෙද්දී මොහාන්ට රට යන්න විශේෂ හේතුවක් තියෙනවනේ…

මං ඒවත් කරන්න ඕනි අප්සරා ..

ඔයා ඒක තේරුම් ගන්න ….

මොහාන් මේ ටිකේ හුගාක් සතුටින් අප්සරා එක්ක උන්නා…
ඇය අහිංසක කෙල්ලෙක් නිසාමයි මොහාන් මෙච්චර ඇයවම ඕනි කියලා පස්සෙන් ගිහින් විවාහ කරගත්තෙ …

ඒත් පුංචි පැටියා වගේම අප්සරා දාලා මොහාන් ආයෙ රට යනවා….

ශෙරීන් එක්ක එකම කාම්බරේ මොහාන් වගේම ශෙරීන් ජීවත් වෙන්නෙ…

මේ විදියට අවුරුදු දෙකක් ගෙවෙද්දි මොහාන් ආයෙ ලංකාවට එන්නෙ මාස හයක නිවාඩුවකට…

පුංචි පැටියා මේ වෙද්දී ලස්සන කොලු පැටියෙක් ..

හරිම හුරතල් ලස්සන පුතෙක් …

අම්මට පණ වගේ ආදරෙයි ….

මොහාන් හුගාක් සතුටින් ආදරෙන් මේ වෙද්දී කාලය ගෙවන්නෙ අප්සරා වගේම පුංචි පැටියා එක්ක ….

ඇවිදින්න යනවා…

එක එක දේවල් …

රටින් ගෙනාව ලස්සන ලස්සන සෙල්ලම් බඩු අරගෙන හුගාක් සතුටින් මොහාන් පුතා එක්ක සෙල්ලම් කරන්නෙ ….

අප්සරා මේ ජීවිතයට දැන් හුරු වෙලා ඉන්නෙ …

කිසිම වෙලාවක කිසිම කෙනෙක් ගෙදරට ගන්න බෑ ..

අප්සරා පුතා එක්ක එලියට ගියේ මොහාන් දැනුවත් කරලා ..

ඒත් මුරකාරයා එක්ක…

කිසිම වෙලාවක අප්සරාට අම්මා තාත්තා බලන්න වත් යන්න නිදහසක් නෑ ….

ඒත් පුතා වෙනුවෙන් හැම දෙයක්ම අප්සරා ඉවසුවා…

අප්සරා …

හ්ම්

අපිට තව දරුවෙක් හිටියා නම් හොදයි නේද ….

ඔයා නැතුව කොහොමද මොහාන් දරුවො බලාගෙන සේරම දේවල් තනියම කරගන්නෙ…

මාත් ආසයි ලස්සන ලස්සන පුංචි පැටව් ගොඩාක් ඉන්නවා ට…

ඒත් දරුවෙක් අසනීප උනත් ඔයා ගෙදර නැතුව බොහොම අමාරුවෙන් පුතා බලාගන්නෙ….

ඒත් ඉතින් මොහාන් තීරනයක් ගත්තොත් ඒක ආයෙ වෙනස් වෙන්නෙ නෑ ….

මොහාන් හැම දවසකම ආයෙ පුංචි පැටියෙක් වෙනුවෙන් උත්සහ උනා …

මොහාන් ….

හ්ම්….

ඔයාට සුභ ආරංචියක් …

මොකද්ද …

ඔන්න ඔයාගෙ හීනෙ හරි ගිහින් …

මොකද්ද අප්සරා …

ආයෙ පුංචි පැටියෙක් ඇවිත් ….

මොහාන්ට ඇත්තටම ඕනි අප්සරා දරුවො එක්ක ඒ දේවල් එක්ක හිර කරන්න …

මොහාන් නැතුව ගෙදර ඉද්දි වෙන වෙන දේවල් ඔලුවට එන්න නොදී,අප්සරා වැඩ එක්ක හිර කරන්න ….

ඒත් අප්සරා හිතුවෙ මොහාන් ඇත්තටම පුංචි පැටවුන්ට හුගාක් ආදරෙයි කියලා …..

නිවාඩුව ඉවර වෙද්දී මොහාන් ආයෙ යන්න ලෑස්ති උනා ….

අනේ මොහාන් මොකද්ද මේ වැඩේ…

මට ඔයා මෙහෙ ඉන්න ඕනි …

දැන් තව පැටියෙක් ආවාම කොහොමද මොහාන් මේ දේවල් තනියම මං කරගන්නෙ…..

හරි හරි අප්සරා අපි එතකොට බලමුකෝ ,මොකද්ද කරන්නෙ කියලා ….

ආයෙ මොහාන් රට යන්න ගියේ ඇත්තටම ක්ලාස් ඕනි නිසා නම් නෙවෙයි ශෙරීන් ගෙ පහසට දැන් මොහාන් නතු වෙලා නිසා….

මොහාන් හුගාක් සතුටින් ආදරෙන් ශෙරීන් එක්ක ජීවත් උනේ …

දවස් ගෙවෙද්දි අප්සරා ආයෙ දෙවන දරුවා බිහිකරා…

ඒත් පුතෙක් …

අප්සරාගෙ අම්මා තාත්තා මාසයක් විතර ඇවිත් හැම දෙයක්ම කරලා දුන්නා…

ඊට පස්සෙ පුලුවන් විදියට අප්සරා දරුවො දෙන්නගෙ හැම වැඩක්ම කොහොම හරි කරගත්තා ….

වෙනදා වගේ මොහාන් මේ වෙද්දී ගෙදරට සල්ලි එව්වෙ නෑ ..
කෝල් කරෙත් නෑ ..

පුංචි පැටව් අප්පච්චි ට කොච්චර කෝල් කරත් ශෙරීන් කොහොම වත් ආස උනේ නෑ මොහාන් ගෙදරට කතා කරනවට….

හැම වෙලේම ගෙදර ගැනම හොයන නිසා ශෙරීන් කොහොම හරි මොහාන් නිසා දරුවෙක් හදන්න තීරනය කරා ….

ලංකාවට හැම වෙලේම මොහාන් දිව්වෙ තමන්ගෙ දරුවො දෙන්නා නිසා කියලා ශෙරීන් හොදටම දන්නවා …

ඒක නිසාම ශෙරීන් කොහොම හරි දරුවෙක් හදාගෙන මොහාන් මැරි කරන්න තීරනය කරා ….

මොහාන් ….

හ්ම්….

ඔයාට දෙයක් කියන්න ඕනි ….

මොකද්ද …

මේ බලන්නකො …

මොකද්ද …

මොකද්ද කියන්නෙ ඔයාගෙ වැඩ…

මේ ටෙස්ට් එකේ පටි දෙකක් පෙන්නනවා….

වට්…

මොනවද ශෙරීන් ඔයා මේ කියන්නෙ …

ඔව් මොහාන් ඔයාගෙ දරුවෙක් මගෙ බඩේ ඉන්නවා ….

මොහාන්ට දැනුනෙ ලොකු පීඩනයක්…

දරුවෙක් ….

ශෙරීන් අපි කොහොමද දරුවෙක් හදන්නෙ…

මං කසාද බැදපු මිනිහෙක්….

ඒක තමුසෙට දැන්ද මොහාන් මතක් උනේ …

ආ….

මට ඔයා මැරි කරන්න ඕනි …

එච්චරයි ….

ඔයා වයිෆ්ගෙන් ඩිවෝස් වෙන්න ….

ඔයාට පිස්සුද ශෙරීන් …

ඒ ඉන්නෙ මගෙ දරුවො දෙන්නා…

මට බෑ එහෙම කරන්න …

උන් දෙන්නට මාත් නෑ …

අම්මා වත් ඉන්න ඕනි ….

නිර්මානයේ සම්පූර්ණ අයිතිය කතෲ ඩී ඒ ආර් ලක්ශිකා වන මා සතු යි…

ලයික් කමෙන්ට් කරන්න