මොහාන් ….
මොහාන් …
පාන්දරම ගෙදර ඇවිත් ශෙරීන් මොහාන් හැම තැනම හොයනවා…
නෑ ඒත් මොහාන් කොහෙවත් නෑ ….
කෝ මේ මනුස්සයා ….
දෙවියනේ කෝල් හුගාක් අරගෙන …
කොහෙද ඉතින් ඊයෙ ශෙවෝන් එන්න දුන්නෙම නෑනෙ ….
ශෙරීන් යාලුවො එක්ක සෙට් උනා …
ඒ අස්සෙ පරන පෙම්වතෙක් ශෙරීන් ට මුන ගැහුනා….
ඩ්‍රින්ක්ස් අරගෙන පාටිය එන්ජෝයි කරලා එහෙම්මම රෑ රූම් එහෙක ශෙරීන් හිටියේ ….
පාන්දරම ආවෙ මොහාන් හොදටම කලබල වෙලා ඇති කියලා හිතලා…
ඒත් ඒ වෙද්දිත් මොහාන් ලංකාවට යන්න පිටත් වෙලා ….
කෝ එතකොට මෙයාගෙ රෙදි …
කිසිම දෙයක් නෑ …
ඔයා මට නොකියා ලංකාවට ගියා වත් ද….
ශෙරීන් එහෙම්මම කෝල් බැක් කරා මොහාන්ට ….
ඒත් මොහාන් මේ වෙද්දිත් ඉන්නෙ හොස්පිට්ල් එකේ ….
ලස්සන පුංචි පැටියා දිහා බලාගෙන හුගාක් සතුටින් ….
දවස් දෙක තුනක් යද්දී අප්සරා පුංචි පැටියා එක්ක ගෙදර එක්ක ආවා…
අප්සරාගෙ අම්මා තාත්තා වගේම අක්කා අප්සරා එක්කම මොහාන්ගෙ ගෙදර ආවා…
ඒත් මොහාන් කිසිම දෙයක් කිව්වෙ නෑ …
අප්සරා ඉන්නෙ හුගාක් අමාරුවෙන් නිසා ….
දවස් පහක් වගේ යද්දී මොහාන් ශෙරීන් ට කෝල් එකක් ගත්තෙ ….
ශෙරීන් ….
මොහාන් …
ඔයා මටත් නොකියා ලංකාවට ගියා නේද ….
ඔයා එනකල් මං හුගාක් වෙලා බලාගෙන හිටියා ශෙරීන් ….
ඒත් මං ඉක්මනට එන්න ඕනි නිසා ආවෙ…
ඇයි මොකද්ද එච්චර ලොකු හදිස්සිය….
මං දැන් තාත්තා කෙනෙක් ශෙරීන් …
මොහාන් එහෙම කිව්වෙ හුගාක් ලොකු සතුටකින්….
මොකද්ද …
ඔව් ශෙරීන් …
වයිෆ් හදිසියේම හොස්පිට්ල් ඇඩ්මිට් කරා….
දරුවා ලැබෙන්න ..
ඒකයි මං ආවෙ…
තමුසෙ මට ආදරේ නැද්ද මොහාන් …..
ආ…
ඔයාට විකාරද ශෙරීන් …
ඔයාට තමයි මං ආදරේ…
ඒත් මේ ඉන්නෙ මගෙ දරුවා ..
ඒක මට ලොකු දෙයක් ශෙරීන් …
මං ඉක්මනට ආයෙ එනවා…
හරි ශෙරීන් ෆෝන් එක තිබ්බෙ තරහින් ….
ගෙවෙන හැම දවසක්ම ශෙරීන් හුගාක් සතුටින් එක එක පිරිමි යාලුවො එක්ක සතුටින් ක්ල්බ් ගානෙ ගිහින් විනෝද උනා …
අප්සරා දැන් තනියම සේරම වැඩ කරගන්න නිසා අම්මා තාත්තා වගේම අක්කා ආයෙ යන්න ගියා …
මාස තුනක්ම මේ විදියට මොහාන් අප්සරා පුංචි පැටියා එක්ක ලංකාවෙ ජීවත් උනා …
මොහාන් …
ඔයාට මාව එපා නිසානෙ ඔහොම කරන්නෙ මං වෙන කෙනෙක් මැරි කරනවා…
ශෙරීන් දැන් ඉන්නෙ හොදටම තරහින් …
බැරිම තැන ඒකයි මෙහෙම දෙයක් කියලා මැසේජ් කරේ..
ඇත්තටම ඒ මැසේජ් එක දැක්කම මොහාන් හුගාක් කලබල උනා …
අප්සරා කවදාවත් මොහාන්ට ඕනි විදියට තමන්ගෙ ආශාවන් ඉෂ්ට කරේ නෑ ..
ඒත් ශෙරීන් එහෙම නෙවෙයි …
තමන්ට ඕනි ඕනි විදියට ,ඕනි ඕනි වෙලාවට ඒ දේවල් දෙනවා..
ඉතින් කොහොමද එහෙම ශෙරීන් අතාරින්නෙ …
පුලුවන් ඉක්මනට ආයෙ රට යන්න මොහාන් තීරනය කරා …
නිර්මානයේ සම්පූර්ණ අයිතිය කතෲ ඩී ඒ ආර් ලක්ශිකා වන මා සතු යි.