අනේ ආයා අම්මා …

ඇගට හුගාක් අමාරුයි ..

මේ දවස් ටිකේම බොහොම අමාරුවෙන් ඉන්නෙ …

අනේ නෝනෙ පුංචි මහත්තයා ලැබෙන්න ලග නිසා වෙන්න ඕනි …

නරකද නෝනා නෝනෙගෙ අම්මා වත් එක්ක ආවොත් …

අනේ ආයා අම්මා මං නම් හුගාක් කැමති ..

ඒත් මහත්තයා කැමති නෑ කිසිම කෙනෙක් මේ ගෙදරට එක්ක එන්න….

අනේ ඒක නේන්නම් නෝනා ..

ඒත් මේ වගේ වෙලාවක අම්මා එපෑයි ලගින් ඉන්න…

මොහාන් හැම වෙලේම අවසර දුන්නෙ ක්ලිනික් යන්න විතරයි එලියට යන්න …

එදාට තමයි අප්සරා හොරෙන්ම අම්මා තාත්තා බලලා ආවෙ….

වෙන කිසිම දවසක අම්මා තාත්තා බලන්න යන්න විදියක් නෑ …

අම්මා තාත්තා අප්සරා බලන්න ගෙදර ආවත් ගේට්ටුව අරින්න මුරකාරයාට අවසර නැති නිසා

අප්සරා බලන්න අම්මා තාත්තා ට විදියක් නෑ ….

ඒත් ගෙදර කිසිම දෙයක් අප්සරා අම්මා තාත්තා ට ඇගෙව්වෙ නෑ ..

එහෙම උනොත් ඒ මිනිස්සු වේදනාවෙන් මැරෙයි දුකටම….

මොකද්ද පුතේ උබ මේ ගෙවන ජීවිතය ..

ඕනි තැනක යන්න එන්න නෑ ..

ඕනි විදියට ඕනි මනුස්සෙක් එක්ක කතා කරන්න බෑ …

අනේ දෙවියනේ අපි මොකද්ද මේ උබට කරපු අපරාදය…..

දවසක් අම්මා තාත්තා දෙන්නම ක්ලිනික් එක ලගට ඇවිත් අප්සරා බදාගෙන මහ හයියෙන් ඇඩුවා…

මොකද්ද කරන්නෙ ඒත් අප්සරා කිසිම දෙයක් අම්මා තාත්තා දෙන්නට කියන්න ගියේ නෑ …

අම්මා මං හුගාක් සතුටින් ලස්සනට ඉන්නවා …

කන්න බොන්න ඉන්න ලස්සන ගෙයක් හොද මහත්තෙක් ඉන්නවා …

එයා මට හුගාක් ආදරෙයි ඒකයි අම්මා මේ මෙච්චර ආදරෙන් පරිස්සම් කරන්නෙ …

හැම වේදනාවක් ම හිතේම තියාගෙන අම්මා තාත්තා පව් නිසා අප්සරා එහෙම කිව්වා..

මොකද්ද මොහාන් ආ..

හැම වෙලේම ෆෝන් එක බල බල….

අප්සරා වගේ නෙවෙයි ශෙරීන් ,

මොහාන් වගේම ජාතියේ බඩ්ඩක්….

මොහාන් එකක් කියද්දි ශෙරීන් දෙකක් කියන ජාතියේ…

අප්සරා වගේ හැම දෙයක්ම දරාගෙන බිම බලාගෙන ඉන්නෙ නෑ ….

මොහාන්ට කොහොමත් ලිංගික ආශාවන් උපරිමයෙන් තියෙද්දි ශෙරීන් කියන්නෙ ඊට නොදෙවෙනි කෙනෙක් …

ඉතින් මොහාන් හුගාක් කැමති ශෙරීන් ට….

මේ තියෙන්නෙ මගෙ ලංකාවෙ ගෙදර ඩාලින්…

ආ කෝ බලන්න ….

ශෙරීන් ෆෝන් එක අතට ගත්තා ….

වොශ් රූම් එකේ ඇරෙන්න අනිත් හැම තැනම ලස්සනට පේන්න බලන්න පුලුවන් ….

ශෙරීන් ගෙදර වගේම හැම රූම් එකක්ම අරගෙන බැලුවා….

ශෙරීන් දැක්කා ලස්සන අප්සරා ව…

ශෙරීන් ට ඇති උනේ ඇගේ රූපයට වඩා ලස්සන අප්සරාගෙ ලස්සන දැක්කහම ලොකු ඉරිසියාවක් ….

කවුද …මොහාන් මේ …

ආ කවුද ….

ඔය ඉන්නෙ මගේ වයිෆ් තමයි …

වට්…
එතකොට මං මං ඔයාගෙ සෙල්ලම් බඩුවක් විතරයි ද මොහාන් ආ කතා කරනවා…

මං ඉන්නෙ තමුසෙ එක්ක බුදියගන්න විතරයි ද…

ශෙරීන්ට හොදටම තරහයි….

අනේ මොකද්ද ශෙරීන් මේ ඔයාට වෙලා තියෙන්නෙ ..

මං ඔයාට කලින්ම කිව්වා මං කසාද බැදපු කෙනෙක් කියලා ….

ඔව් ඔව් එතකොට තමුසෙ හැමදාම මාව තියාගෙන ඉන්නෙ බුදියගන්න විතරයි ද…

ආ…

ඇත්තටම ශෙරීන් බලාපොරොත්තු උනේ නෑ

මෙච්චර ලස්සන මලක් වගේ නෝනා කෙනෙක් මොහාන්ට ඉන්නෙ කියලා …

ශෙරීන් ට අප්සරා දැක්කම ඒකයි මේ

මෙච්චර ලොකු අවුලක් උනේ ….

ඇයට වඩා අප්සරා හුගාක් ලස්සන වීම…

අනේ ආයා අම්මා ….

මට හුගාක් අමාරුයි …..

අප්සරා මහ 💪 හයියෙන් අඩනවා ….

ආයා අම්මා කලබල ආවෙ…

පුලුවන් ඉක්මනට මුරකාරයාට කියලා වාහනයක් කතා කරගෙන අප්සරා හොස්පිට්ල් එකට එක්ක ආවෙ….

එන්න එන්න වේදනාව දරාගන්න බැරි තරම් වෙද්දී අප්සරා මහ 💪 හයියෙන් ඇඩුවෙ ඉවසගෙන තවත් ඉන්න බැරි නිසා ….

මොහාන් ගෙ ෆෝන් එක වැදෙද්දි මොහාන් බැලුවේ ඇයි කියලා ..

ගෙදර ගේට්ටුව ඇරෙද්දි මොහාන්ගෙ ෆෝන් එකට කෝල් එකක් එනවා….

මොහාන් හැම දෙයක්ම බලාගෙන ඉන්නෙ ….

එහෙම්මම මොහාන් කලබල වෙලා නැගිට්ටෙ පුලුවන් ඉක්මනට ලංකාවට යන්න වීසා හදාගන්න ….

ශෙරීන් ගෙදර එද්දී මොහාන් පේන්න හිටියේ නෑ .

ශෙරීන් යාලුවො එක්ක පාටියකට ගියා ….

මොහාන් ගෙදර ආවෙ පහුවදා උදේම ලංකාවට එන්න ලෑස්ති කරගන්න….

ශෙරීන් තවම ගෙදර ඇවිත් නැති නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව මොහාන් නිදහසේ බඩු පැක් කරගත්තා …

මහ රෑ වෙලා …

ඒත් ශෙරීන් තවම නෑ …

මොහාන් කොච්චර කෝල් ගත්තත් නෝ ආන්සර් …

වෙන කරන්න දෙයක් නෑ ..

මොහාන් ලංකාවට එන්න එහෙන් ප්ටත් උනා ….

පහුවදා…

මොහාන් එහෙම්මම ලංකාවෙ ගෙදර ආවා…

ඒ වෙද්දිත් පුංචි ලස්සන පුතෙක් අප්සරා මේ ලෝකෙට බිහි කරලා ….

අම්මා තාත්තා වගේම අප්සරාගෙ අක්කත් අප්සරා බලන්න ඇවිත් සේරම හොයලා බලලා කරා….

ගෙදර ඇවිත් මොහාන් පුලුවන් ඉක්මනට හොස්පිට්ල් එකට ආවෙ තමන්ගෙ පුංචි පැටියා ඉක්මනට දකින්න ආසාවෙන් ….

රෝස මලක් වගේ ලස්සන පුංචි පැටියා දැක්කම මොහාන්ට දැනුනෙ ලෝකයක් ලැබුනා වගේ සතුටක්….

නිර්මානයේ සම්පූර්ණ අයිතිය කතෲ ඩී ඒ ආර් ලක්ශිකා වන මා සතු යි…

කවර් එක හදලා දුන්නු මනීශා නංගී හුගාක් ස්තූතියි ඔයාට …

කතාව ගැන ලයික් කමෙන්ට් කරන්න ඔයාට පුලුවන් ..

බුදු සරණයි