02 කොටස
හුගාක් ලස්සන වටේට තාප්පෙ බැන්ද ලස්සන ගෙයක් ….
ගෙදර කිසිම දෙයක් එලියට වත් පේන්නෙ නැති තරමටම තාප්ප උසට බැදලා තියෙන්නෙ ..
අප්සරා..
කොහොමද
ලස්සනයි ද මගේ මාලිගාව…
හ්ම් ඔව් ඇත්තටම හුගාක් ලස්සනයි …
යමුකෝ අස්සට …
මෙච්චර ලස්සන ලොකු ගෙයක් උනාට ගෙදර කිසිම කෙනෙක් නෑ ..
වැඩට වත්…
අප්සරා මං කැමති නෑ කිසිම කෙනෙක් මේ ගේ අස්සෙ රිංගනවා ට…
අප්සරා බැලුවේ මොහාන් දිහා..
ඇත්තටම මොකද්ද මේ මොහාන් කියන්නෙ කියලා …
ඒ කිව්වෙ…
කිව්වෙ ගමේ උන් ,අර නෑයා මේ නෑයා ගගා කිසිම කෙනෙක් මේ ගෙදර එනවට මං පොඩ්ඩක් වත් ආස නෑ …
අප්සරාට දැනුනෙ ලොකු අපහසුතාවයක් …
දෙවියනේ මේ මනුස්සයා මොනවද මේ කියන්නෙ ..
මං හැමදාම තනියම මේ ගේ අස්සට වෙලා ඉන්න ඕනි කියලා ද මේ මනුස්සයා මට මේ කියන්නෙ …
ඔයා කැමති නැද්ද මොහාන් මගෙ අම්මා තාත්තා අක්කා වත් මෙහෙ එනවට….
හිතට ආව වේදනාව නිසාම අප්සරා එහෙම ඇහුවා …
ඔව් ඒ අය උනත් මේ ගෙදර රිංගන්න ඕනි නෑ මැණික ..
අපිට පුලුවන් වෙලාවට අපි ගිහින් ඒ මිනිස්සු බලලා එම්මු….
අප්සරාට දරාගන්න බෑ …
කවදාවත් හිතුවෙ නෑ විශ්වාස කරේ නෑ ,මෙහෙම හිර වෙලා ජීවත් වෙන්න…
අනේ ඇයි මොහාන් …
මං මං කොහොමද මේ ගෙදර තනියම ඉන්නෙ …
ඔයා ක්ලාස් ගිහින් දවසම ගෙදර නෑ …
මං කොහොමද තනියම මේ ලොකු ගෙදර ඉන්නෙ ….
මොන තනියක් ද අප්සරා ….
ගෑනියෙක් උනාම
කවදා හරි අම්මා කෙනෙක් වෙනවා..
එතකොට ඔයාට කිසිම තනියක් නෑ …
සැමියගෙ වැඩ දරුවන්ගෙ වැඩ එක්ක ඔයාට නිදහසක් නැති වෙයි…
මොහාන් අප්සරාගෙ අතින් අල්ලගෙන ගෙදර අස්සට එක්ක ආවෙ….
වාහනය ගෙදර මිදුලට ආව ගමන්ම මොහාන් ඉස්සෙල්ලම කරේ ගිහින් ගේට් එක ලොක් කරලා ආව එක …
දැන් ගේ අස්සට ඇවිත් ඉක්මනට දොර වැහැව්වා…
අද ඉදලා මේ ගෙදර ඔයාගෙ අප්සරා …
මෙච්චර ලස්සන ලොකු ගෙයක් ,යන්න එන්න වාහනය කවදාවත් ලැබෙයි කියලා අප්සරා හිතුවෙ නෑ …
ඒත් ඒ මොන දේවල් ලැබුනත් මේ තියෙන්නෙ හිර ගෙයක් වගේ බය අමුතු හැගීමක් අප්සරාට දැනුනෙ …
අප්සරා අද මං ක්ලාස් එකට යනවා …
ඉක්මනට කෑම හදන්න …
දෙක වෙද්දී මං යන්න ඕනි …
කසාද බැන්දත් හරි අප්සරා ගෙදරට කතා කරේ නෑ …
අම්මා තාත්තා කොහොමත් කිට්ටු අක්කට වඩා අප්සරා එක්ක…
ඉතින් දවස් ගානක් අප්සරා මෙහෙම කතා කරන්නෙ නැති වෙද්දි ඒක අම්මා තාත්තා ට හුගාක් දැනුනා …
ඒකයි එක දිගටම අප්සරාට කෝල් ගත්තෙ …
ඒත් අප්සරාගෙ ෆෝන් එක වැඩ නෑ ….
බැරිම තැන අප්සරාගෙ අම්මා තාත්තා මොහාන්ට කෝල් එකක් ගත්තා …
කියන්න අම්මා ….
අනේ පුතේ දෝනිගෙ ෆෝන් එක වැඩ කරන්නෙ නෑ …
ඒකයි ඔයාට ගත්තෙ …
අනේ දෝනිට ටිකක් කතා කරන්න පුලුවන් ද…
ආ ඔහොම පොඩ්ඩක් ඉන්න අම්මා ….
අප්සරා ….
අප්සරා ….
අප්සරා මේ වෙද්ද මොහාන්ට කෑම උයනවා …
ඇයි මොහාන් …
ඔයාට අම්මා කතා කරනවා….
අප්සරාට හුගාක් සතුටුයි ….
ඉක්මනට ෆෝන් එක අරගෙන කනේ තියාගත්තා ….
අම්මා ….
අනේ පුතේ ඔයාට කොච්චර කෝල් ගත්තද…
ඒත් ෆෝන් එක වැඩ නෑ ….
අප්සරාට කිසිම දෙයක් කියන්න බෑ ..
මොහාන් එතනටම වෙලා ඉන්නවා …
අනේ අම්මා මගේ ෆෝන් එක කැඩිලා ….
මං හොදින් ඉන්නවා අම්මා ….
අනේ පුතේ අපි ඉක්මනට එන්නම් කො ඔයා බලලා යන්න ….
අනේ ඒකට කමක් නෑ අම්මා …
මේ ටිකේම මොහාන්ට ක්ලාස් ..
නිවාඩු දවසට අපි එන්නම් අම්මා තාත්තා බලලා යන්න ….
හරි මගෙ මැණික පරිස්සමෙන් ඉන්න ….
අප්සරාට අම්මා තාත්තා මතක් වෙලා ඇත්තටම දැනුනෙ දුකක්…
අපරාදෙ මේ අපායට ආවෙ කියලා …
ඒත් දැන් මොකද්ද කරන්නෙ ….
මොකෝ ඒ ගමන උයන්නෙ නැද්ද…
මොහාන් කතා කරාම තමයි අප්සරා මේ ලෝකෙට ආවෙ…
ඉක්මනට උයලා මොහාන්ට කන්න දුන්නා…
මං ගිහින් එන්නම් අප්සරා ..
ඔයා ගේ අස්සට වෙලා පරිස්සමෙන් ඉන්න …
මොහාන් ක්ලාස් එකට ගියාම අප්සරාට ඕනි උනේ කෑ ගහලා අඩන්න…
දෙවියනේ ඇයි මට මෙහෙම උනේ …
අප්සරා හුගාක් වෙලා මහ හයියෙන් අඩන්න ගත්තා ….
අප්සරා ආවෙ ලෑන්ඩ් ෆෝන් එක ලගට …
ගෙදරට කතා කරන්න ඕනි නිසා ..
අප්සරා එහෙම්මම නම්බර් එක ගහන්න කොච්චර හැදුවත් …
පාස්වර්ඩ් එකක් ඉල්ලනවා…
ඒ කියන්නෙ මොහාන් ලෑඩ් ෆෝන් එකට පාස් වර්ඩ් එකක් දාලා ….
මොකද්ද මේ ජීවිතය …
ඇත්තටම මේ දවස දෙකට අප්සරාට හැම දෙයක්ම එපා වෙලා …
එහෙම්මම බැල්කනියට වෙලා බලාගෙන හිටියේ ඈත පේන නිදහසේ ඇවිදින මිනිස්සු දිහා….
මොහාන් ටිකක් වෙනස් කෙනෙක් ….
අප්සරාට හුගාක් ආදරෙයි නිසාම පුලුවන් ඉක්මනට අප්සරා කසාද බැන්දා..
ඒත් මොහාන් ආස නෑ අප්සරාගෙ කියලා කිසිම එකෙක් ගේ අස්සෙ දා ගන්න….
මොහාන් ගෙදරින් එලියට ආවෙත් ගේට් එක ලොක් කරලා ….
හවස් වෙද්දී මොහාන් ගෙදර එද්දී අප්සරා කෑම හදලා වොශ් දාගෙන උන්නෙ….
මොහාන් ඇවිත් ඇදුම් සේරම මාරු කරගෙන එද්දී අප්සරා තේ එකක් ගෙනත් දුන්නා….
අද කෙල්ල ලස්සනයි ආ…
මොහාන් තේ එක බීලා එහෙම්මම ආවෙ අප්සරා ලගට ….
අප්සරා …
කියන්න මොහාන් …
මං කැමති ඉක්මනට දරුවෙක් හදන්න ….
අප්සරා කිසිම දෙයක් කියන්න ගියේ නෑ ….
මොකද මොහාන් කියන්නෙ කිසිම කෙනෙක්ගෙන් උපදෙස් අරගෙන වැඩ කරන කෙනෙක් නම් නෙවෙයි නිසා …
ඒත් ඒ කොහොම වෙතත් මොහාන් තමන්ගෙ ආශාවන් ඉශ්ට කරගන්න අප්සරාට දෙන්නෙ සුලු පටු වදයක් නෙවෙයි…ඒක කොච්චර වේදනාකාරි උනත් අප්සරාට ඉන් කිසිම ගැලවිල්ලක් නෑ ….
ඉතින් යමුකො අප්සරා ටිකක් කාම්බරයට ….
මොහාන් එහෙම කියද්දිත් අප්සරාට දැනෙන්නෙ බයක්….
ඉන් එහාට කිසිම දෙයක් කියන්න උනේ නෑ …
මොහාන් දරදඩු අත් වලින් අල්ලගෙන අප්සරා කාම්බරයට එක්ක ආවා….
මොහාන් මට කුස්සිය අස් කරන්නත් ඕනි …
හරි හරි ඉතින් …
ඒක ඔයා පස්සෙ කරන්නකො….
ඇදලා ගත්තු අප්සරා මොහාන් එහෙම්මම ඇදට තල්ලු කරා….
කාන්තාවක් දැක්කම ඇති වෙන ආශාව
සහ පිරිමියෙක් දැක්කම ඇති වෙන ආශාව තුලින් දෙන්නට දෙන්නා එකතු වීම තුලින් ඇති වෙන්නෙ ආදරනීය ලිංගික ආශ්වාදයක්…
ඒත් අප්සරා මේ වෙද්දිත් මොහාන් ගැන කිසිම ආදරයක් නම් ඇති කරගෙන නෑ …
මොහාන්ගෙ මේ වැඩ එක්ක
මොහාන් කරාටි මාස්ටර් කෙනෙක් නිසා
කොහොම හරි අප්සරාට ගුටි කන්න වෙයි කියලා බයක් …..
මේ විදියට අප්සරාව හිර කරගෙන කිසිම කෙනෙක් ආශ්රය කරන්න ,කතා කරන්න වත් දෙන්නෙ නැතුව ඉන්න නිසාම අප්සරා ඉන්නෙ හොදටම කලකිරීමකින් ….
මොකද්ද අප්සරා …..
තමුසෙ මැරිච්ච ගෑනියෙක් වගේනෙ…
ඔහොම ද ඕයි ගෑනියෙක් උනාම ….
ශික් තමුසෙගෙ පොත්තෙ ලස්සන විතරයි ….
අප්සරා මොහාන්ට කිසිම දෙයක් කිව්වෙ නෑ ….
දවස් ගෙවෙද්දි අප්සරා මොහාන්ගෙ මේ වැඩ වලට හුරු උනා …
ඇයට පුලුවන් හැම දෙයක්ම ඇය මොහාන් වෙනුවෙන් කරලා දුන්නා …
රස රස කෑම හදලා දුන්නා,
ලස්සනට රෙදි සෝදලා මැදලා දුන්නා,
කාලය ගෙවෙද්දි අප්සරාගෙ කුසට පුංචි පැටියෙක් ආවා….
මොහාන් ඇත්තටම හුගාක් සතුටින් ඉන්නෙ ….
අප්සරා ….
මට හුගාක් සතුටුයි ….
හෙට අපි ඔයාගෙ ගෙදර ගිහින් අම්මා තාත්තා බලලා එම්මු……
ඒ වචන ඇහෙද්දි අප්සරාට දැනුනෙ ලොකු සතුටක්….
නිර්මානයේ සම්පූර්ණ අයිතිය කතෲ ඩී ඒ ආර් ලක්ශිකා වන මා සතු යි..
කවර් එක හදලා දුන්නු මනී නංගී ඔයාට හුගාක් ස්තූතියි ….
ලයික් කමෙන්ට් කරන්න යාලුවනේ