ඉක්මන් කරපන් කෙල්ලෙ…

හවස් වෙන්නත් ආවා…

මේ දර ටික අරගෙන ඉක්මනට යමන් …

හරි හරි අම්මා ….

අන්න අතන තව දර තියෙනවා ….

ඒ ටිකත් අරගෙන ඉක්මනට යමු අම්මා …

හරි හරි …

අම්මෝ…

අම්මා …

අම්මා …

මොකද බං කෙල්ලෙ….

කෑ ගහන්නෙ…

මේ හවස් ජාමෙ….

මොකද්ද උබට වෙලා තියෙන්නෙ …

යකෙක් දැක්ක ද….

අම්මා ….

අම්මා …

අර අතන…

ඉතින් මොකද්ද උබ දැක්කෙ…

කතා කරපන් දරුවො ….

මොකද්ද දැක්කෙ….

අම්මෙ…

ලොකු කලු බෑග් එකක්….

ඒත් ඒකෙන් එලියට අතක් ඇවිත් …

මොකද්ද බුදු අම්මෝ ….

උබ හොදටම දැක්කද…

අනේ ඔව් අම්මා …

බුදු අම්මෝ දර ඕනි නෑ යමන් විගහට….

දේවි අම්මා එක්ක ආවෙ

අද වත්තෙ වැඩ නැති නිසා …

දර ටිකක් එකතු කරගන්න …

අම්මා එක්ක දර ටික අරගෙන යන්න හදද්දි කොහොම හරි තව දර ටිකක් ගන්න ගිහින් ලොකු බෑග් එකක් තියෙනවා දැක්කා…

ඒ බෑග් එකෙන් එලියට අතක් ඇවිත් තියෙනවා දැක්කම දේවි හොදටම බය උනා …

දර ඕනි නෑ කියලා අම්මා එක්ක දේවි විගහට කැලෙන් එලියට ආවෙ..

ශක්තී….

අඩේ ශක්තී….

මොකෝ නැන්දෙ මේ කෑ ගහන්නෙ…

අම්මෝ ශක්තී….

අන්න කැලේ කවුද මරලා ගෙනත් දාලා තියෙනවා …

මෙන්න මේ කෙල්ල දැකලා …

මොනවා ….

ඔව් ඔව් බං …

ශක්ති එහෙම්මම කෝල් එකක් ගත්තා පොලිසියට ….

කැලේ කාවද මරලා ගෙනත් දාලා තියෙනවා මේ දරට ගිය මිනිස්සු දැකලා…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

මොහාන් උබ කොච්චර ඒකිගෙ පස්සෙන් ගියත් ඒකි උබට පොඩ්ඩක් වත් කැමති නෑ බං ….

ඒක මට වැඩක් නෑ නුවන් …

මං මැරි කරන්නෙ ඒකිම විතරයි ….

උබට තේරෙන්නෙ නැද්ද ඒකි උබට කැමති නෑ කියලා ….

ඒකි අකමැති උනාට මං ඒකිට විතරයි කැමති ….

අනේ මන්දා මොහාන් එක්කො උබට පිස්සු

එක්කො උබට මං මේ කියන සිංහල තේරෙන්නෙ නෑ …

මොහාන් කරාටි මාස්ටර් කෙනෙක් ….

ඕනි තරම් සල්ලි මේ වෙද්දී මොහාන් ට තියෙනවා …

මොහාන් අප්සරාට හුගාක් දවසක ඉදලා ආදරය කරනවා…

ඒත් කොච්චර පස්සෙන් ආවත් අප්සර පොඩ්ඩක් වත් කැමති නෑ මොහාන්ට…

මොහාන්ට තියෙන්නෙ ඇත්තටම නපුරු පෙනුමක්…

ඒ වගේම මොහාන් කරාටි මාස්ටර් කෙනෙක් නිසා අප්සරා කොහොමත් බයයි මොහාන් වගේ කෙනෙක් කසාද බදින්න..

කොච්චර අප්සරා අකමැති උනත් මොහාන් එක දවසක් වත් අතෑරියෙ නෑ ….

බැරිම තැන අප්සරාගෙ ගෙදර ඇවිත් අම්මා තාත්තා හම්බ වෙලා අප්සරා ගැන ඇහුවා…

අප්සරාගෙ අක්කා මේ වෙද්දිත් විවාහ වෙලා උන්නෙ….

අම්මා තාත්තා කොහොමත් කැමති සල්ලි තියෙන කෙනෙක් අප්සරාට ලැබෙනවා නම්…

ඉතින් අප්සරාගෙ අම්මා තාත්තා දෙන්නම මොහාන් එක පයින්ම කැමති වෙනවා…

මේ වෙද්දිත් මොහාන් ලස්සන තට්ටු ගෙයක් හදාගෙන ලස්සන වාහනයක් අරගෙන හුගාක් ලස්සනට ජීවත් වෙන නිසා …

පොඩ්ඩි උබට ලස්සනට රැජිනක් වගේ ඉන්න පුලුවන් …

ඒක නිසා විකාර නොකර මොහාන් පුතාට කැමති වෙයන්…

අම්මා තාත්තා එහෙම කියද්දි අප්සරාට ඊට එහා දෙයක් කියන්න තිබ්බෙ නෑ ….

හරි අම්මා …

අම්මා තාත්තා දෙන්නම කැමති නම් මං කැමති ….

කවදාවත් අම්මා තාත්තා කියන දෙයකට එහා දෙයක් අප්සරා කරේ නෑ ….

ඉතින් අප්සරා මොහාන්ට කැමති වෙනවා….

අපි තාත්තා ඉක්මනට වෙඩින් එක ගම්මු…

මට රට යන්න චාන්ස් එකක් ඇවිත් ඒකයි …

හරි හරි පුතේ ඔයාගෙ කැමැත්තක් ….

මේ විදියට මොහාන් සති කීපයක් ඇතුලත ලස්සනට වෙඩින් එක ගන්නවා ….

අප්සරා ඇත්තටම මොහාන්ට වැඩි කැමැත්තක් නෑ ..

ඒත් අම්මා තාත්තා කිව්ව නිසා මේ කසාදයට කැමති වෙන්නෙත් ….

අප්සරා…

හ්ම්…

මොකෝ මේ මූණ එල්ලගෙන …

එහෙම දෙයක් නෑ මොහාන් …

ඔයා ගිහින් වොශ් දාගෙන එන්න අප්සරා ….එහෙනම් …

අප්සරා හොටෙල් කාම්බරේ වොශ් රූම් එකට ඇවිත් හුගාක් වෙලා වොශ් දැම්මා …

ඇත්තටම මොහාන් කියන්නෙ මොන වගේ කෙනෙක් වෙයිද කියලා අප්සරා කල්පනා කරේ …

අම්මා තාත්තා උනත් මෙච්චර ඉක්මනට ඇයි මෙහෙම වෙඩින් එකක් කරලා දුන්නෙ කියලා අප්සරාගෙ හිතේ ඇති උනේ කනස්සල්ලක්..

අප්සරා …

අප්සරා …

මොකද්ද අනේ මෙච්චර වෙලා කරන්නෙ …

ඔයා එන්නෙ නැද්ද….

අප්සරා ඉක්මනට වොශ් දාගෙන රූම් එකට ආවා…

මොහාන් බලාගෙන ඉන්නෙ කේන්තියෙන් …

මෙච්චර වෙලා මොනවද අප්සරා වොශ් රූම් එකට වෙලා කරන්නෙ ….

අප්සරා කිසිම දෙයක් කිව්වෙ නෑ …

මොහාන් වොශ් රූම් එකට ගිහින් දොර වහගත්තා ….

අනේ දෙවියනේ මේ මනුස්සයා දැක්ක දවසෙම මට හිතුණා ..

කේන්ති යන කෙනෙක් කියලා …

ඒකයි මං මොහාන්ට මෙච්චර අකමැති උනෙත් …

මං වොශ් රූම් එකට ගිහින් පරක්කු වෙච්චි එකට එයාට එච්චර කේන්ති ගිහින් ….

අප්සරාගෙ හිතට දැනුනෙ කනස්සල්ලක්…

ටික වෙලාවකට පස්සෙ මොහාන් වොශ් දාගෙන එහෙම්මම ආවෙ ඇදට…

අප්සරා ….

හ්ම්…

ඔයාට මොකද්ද මේ වෙලා තියෙන්නෙ …

ඔයා මට තවම කැමති නැද්ද….

අනේ එහෙම දෙයක් නෑ මොහාන් ….

මං ඒත් බැලුවා

අම්මා තාත්තා ඔයාට මාව මැරි කරන්න කිව්ව නිසා ඔයා මට කැමති උනාද කියලා ….

අප්සරා කිසිම දෙයක් කිව්වෙ නෑ …..

මොහාන්ට ඕනි විදියට මොහාන් අප්සරාගෙන් මංගල රාත්‍රිය සතුටු උනා …

ඒත් ඒක එච්චර සුන්දර රාත්‍රිය ක් උනේ නම් නෑ ….

මොහාන් අප්සරාගෙ වේදනාව පොඩ්ඩක් වත් හිතුවෙ නෑ …

මොහාන් අප්සරා කොච්චර වේදනාවෙන් දැගලුවත් ඒ කිසිම දෙයක් නිසා තමන්ගෙ ආශාව අතෑරියෙ නෑ ….

වේදනාව වැඩි කමටම ඇස් වලින් කදුලු ආවත් මොහාන් ආයෙ ආයෙ අප්සරාට වද දුන්නා …

අනේ මොහාන් …

මට අමාරුයි ….

මොන රෙද්දක් ද අප්සරා ….

තමන්ගෙ ගෑනිගෙන් ඕනි දේවල් තමුසෙ මට කියන්නෙ වෙන ගෑනියෙක් ලගට ගිහින් ගන්න කියලා ද….

අනේ මොහාන් …

හුගාක් රිදෙනවා ….

අනේ මේ බොරු කරන්නෙ නැතුව ඉන්නවා අප්සරා …..

මොහාන් …..
මහ රෑ තමයි අප්සරාට නිදාගන්න දුන්නෙ….

අනේ අහිංසක අප්සරා පව් කියලා මොහාන්ට පොඩ්ඩක් වත් හිතුනෙ නෑ ..

මොහාන් හිතුවෙ ගෑනු කියන්නෙ තමන්ට ඕනි ඕනි වෙලාවට පාවිච්චි කරන්න පුලුවන් දෙයක් කියලා ….

පාන්දරම කෝල් එකක් අප්සරාගෙ ෆෝන් එකට…

මොහාන් ඉක්මනට ඇවිත් ෆෝන් එක ආන්සර් කරේ ..

පුතේ අපේ දරුවා සනීපෙන් ඉන්නවා නේද …

එහා පැත්තෙන් කතා කරන්නෙ අප්සරාගෙ අම්මා තාත්තා එහෙම …

අනේ ඔව් අම්මා අපි හොදින් ඉන්නවා …

ඉතින් දරුවො කවද්ද මේ පැත්තෙ එන්නෙ…

බලමුකෝ අම්මා …

කෝ පුතේ අප්සරා …

එයා වොශ් රූම් එකේ අම්මා …

හරි හරි දරුවො පරිස්සමෙන් ඉන්න ..

බුදු සරණයි …

මොහාන් අමුතු කෙනෙක් …

අප්සරාගෙ ෆෝන් එක මොහාන් එහෙම්මම පොලේ ගැහුවා ….

ඒ සද්දෙට අප්සරා දුවගෙන ආවෙ…

අනේ මගේ ෆෝන් එක …

මොකද්ද මොහාන් ෆෝන් එකට උනේ ….

අනේ සමාවෙන්න අප්සරා ඒක බිමට වැටුනා …

අනේ මගෙ ෆෝන් එක …

අප්සරාට හුගාක් දුකයි….

කෙල්ලට ඇඩෙන්න ඇවිත් ..

අනේ අප්සරා අඩන්න ඕනි නෑ ..

ඔයාට කෝල් ගන්න ඕනි නම් මගේ එකෙන් ගන්න…..

ගෙදර ඉන්න ඔයාට මොකටද ෆෝන් ….

අප්සරා බැලුවේ මොහාන් දිහා …

ඒ කියන්නෙ ඔයා හිතලා මගේ ෆෝන් එක කැඩුවා…

අප්සරා කිසිම දෙයක් කිව්වෙ නෑ ….

දවස් දෙකක් ගෙවෙද්දි මොහාන් අප්සරා තමන්ගෙ ලස්සන මාලිගාවක් වගේ ගෙදරට එක්ක එනවා….

නිර්මානයේ සම්පූර්ණ අයිතිය කතෲ ඩී ඒ ආර් ලක්ශිකා වන මා සතු යි…

මේ කවර් එක හදලා දුන්නු මනී නංගී ඔයාට හුගාක් ස්තූතියි