සිතින් විතරක්

විසි හය…. 26

ආපහු ඇස් අරින කොට මම හිටියෙ සීයා පප්ප ගෙ රූම් එකේ තිබුන සෝෆා එකේ වැතිරිලා.

ඔයාට කොහොමද.. ඒන්ජල් ඔය හොඳින් නේද..?

ඇස් දෙකත් ලොකු කරගෙන බය වෙලා මගෙ මූණටම එඹිලා සෙත් ඇහුවා.

අනේ විහඟට කොහොමද කියන්න මට එයාව බලන්න ඕනි…එයා අහපු ප්‍රශ්නෙට උත්තර නොදී මම ආයිම කිව්වා.

විහඟට කොහොම ද කියන්න කලින්.. ඔයා හොඳින් ද කියලා ඉන්න ඒන්ජල්.. විහඟ කිය න්නෙ ඇත්ත තමා.

ඔයා හොඳටම වීක් ටික ඇත්තං පේන්ට් වෙනවා… ඒ තියද්දි රෙස්ට් කරන්න කීවට ඒක අහන්නෙත් නෑ…

සෙත් කියවගෙන ගියෙ නෝක්කාඩු හඬකින් එයා හිටියෙ හොඳටම බයවෙලා.

මම හොඳින් මට එහෙම අමාරුවක් නෑ.. අනේ විහඟට කොහොමද කියන්නකො..

මම ආයිම ඇවටිලා කලේ සෝෆා එකෙන් නැඟිටින්න හදන ගමන්.

කියන දේ අහන්න පුරුදු වෙන්න ඒන්ජල්… පො ඩි එකෙක් වගේ ඔහොම දඟ කරන්න ලෑස්ති වෙන්න එපා… දඟලන්නෙ නැතුව ඔහොම ටික ක් ඉන්න…

ආපහු මාව සෝෆා එකේ නිදිකරවන ගමන් එයා කීවා.

අනේ කීවම අහන්නකො… මම හොඳින් මට විහඟව බලන්න යන්න ඕනි මාව එක්කගෙන යන්නකො… මම ආයිම කෑ ගැහුවා.

සැරයක් කීවනෙ.. එයා ඉන්න තැනක ඔයාව එක්කගෙන යන්න බෑ ඒන්ජල් කියන දේ අහ න්නකො ඉතිං…. ඒ ගමන එයා කීවේ සන්සුන් හඩකින්.

එහෙනං ඔයා යන්නෙ ඔයා යන විඳිහටම මාවත් එක්ක යන්නකො..

ත\මු\සෙ\නං මහ හිතුවක්කාර මුරණ්ඩු කෙ\ල් ලෙ ක් කියන කිසි දෙයක් අහන්නෙ නෑ.. කට කඩ නවා කට පියාගෙන ඉන්න බැරිනං…

එයා ඒ ගමන කිවේ තරහින්. ඒත් මන්දා මට තේරෙන්නෙ නෑ. විහඟ එක්ක වගේ නෙවී සෙ ත් එක්ක මට මුරණ්ඩු වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා.

අනේ….

මම අත්දෙකෙන් කට වහගෙන ඉකිගැහුවා. ඇත්තටම මට මේක දරාගන්න බෑ. මම හිටියෙ හ‍ෙඳටම අවුල් වෙලා.

ඕකනි බැරි ඉතිං මොනා කීවත් හුස්ම හිරවෙ නකං අඬන්න තියා ගන්න වා.. ඊට පස්සෙ ලෙඩ වෙනවා මෙතන..

ඒ ගමන එයා කීවෙ තරහින්ම නෙවී.

සෙත් ඔය කෙ/ල් ලව එක්ක පලයං.. නැත්තං මෙතන හූල්ලන්න තියාගෙන තව මොනා හරි කරගන්නවා…

මෙච්චර වෙලා අපි දිහා බලාගෙන හිටපු සීයා පප්පා.

එක්ක යන්න පුළුවන් සීයා පප්පා… එතෙන්නට ගියාම හූ කියන්නයි පේන්ට් වෙල ඇඳගෙන වැටෙන්නයි තියා ගන්නෙ නැත්තං.. මේ ටිකට දැක්කනෙ… සෙත් ආයිම කීවෙ නොරිස්සුමෙන්.

අනේ එහෙම නෑ… මම හොඳ ළමයෙක් වගේ ඉන්නං.. එක්ක යන්නකො..

මම කීවේ සෙත්ගෙ කොලර් එකේ එල්ලිලා.

හ්ම්ම්… දැන් පරිස්සමින් උඩට ගිහින්… වොෂ් එකක් අරගෙන ලෑස්තිවෙලා එන්න… පිස්සු හැදිලා වගේ පෙරලගෙන දුවන්න තියා ගන්නෙ නෑ හරිද…ඒ ගමන එයා කීවේ මගෙ නහය මිරිකන ගමන්.

මෙහෙම හොඳයිනෙ….

මට ඕනි වුනේ පුළුවන් තරම් ඉක්මනට විහඟ ව බලන්න.

කියන දේ අහන්නම බෑ නේද..? ඔහොම ආච්චි අම්මෙක් වගේ.. කෙ\ල් ලෙ ක් අරගෙන මට එ හෙ මෙහෙ යන්න බෑ.. ගිහින් හොඳ ළමයා ව ගේ ඔය ඩ්‍රස් එක චේන්ජ් කරගන්න… යන්න ඉතිං කීවම අහලා…

එයා එහෙම කීවම මම සෝෆා එකෙන් නැඟිට ලා උඩට ගියා. මට මේ දෙන්නව තේරෙන්නෙ නෑ. කොටට අඳිනවා කියලා විහඟ මට කො ච්චර බැන්නද..දැන් මෙයා කියනවා මෙහෙම ඇන්දම ආච්චි අම්මෙක් වගේලු අනේ මන් දන්නෙ නෑ..

ඉක්මනට උඩටට ගිහින් වොෂ් එකක් අරගෙන මම කලින් ඇඳපු ඇඳුමකුත් ඇඳගෙන. ආපහු පහලට දුවගෙන ආවා. ඒ එනකොට සෙත් පේන තැනක හිටියෙ නෑ.

එයා මාව දාලා ගියාද කියලා මට එකපාරම බය හිතුනා. මම සාලෙ වටේ එහෙට මෙහෙ කැරකි කැරකි හෙව්වෙ සෙත් කොහෙද ගියෙ කියලා බල න්න.

එහෙම කැරකෙන්න ගිහින් මම එකපාරම කාගෙද ඇඟෙ හැප්පිලා නතර වුනා. එයා මාව අතින් ඇදගා ලඟට ගත්ත නිසා මම ගිහින් නතර වුනේ එයාගෙ පපුවෙ.

මගෙ පුංචි සුරංඟනාවි… සාලෙ පුරාම කැරකි කැරකි හෙව්වෙ මාවද..?

ඔව් ඒ සෙත්. එයා එහෙම ඇහුවෙ මගෙ මූණට එබෙන ගමන්. තේරෙන්නෙ නෑ හිත පුරාම පිරුණෙ මොකක්දෝ නොසන්සුන් කමක්. ඒ ඇස් බැල්මෙන් මිඳෙන්න ඕනි වෙලා තිබුන නිසාම මම වටපිට ඇස් කරකවලා බැළුවා.

අනේ හුරතලේ.. උ\ඹේ.. ඔහොම ඇස් කරකව කරකව බලන්න එපා බං.. මට තව මොනා හිතෙයිද දන්නෙ නෑ..

එයා ඒ ගමන කීවේ මගෙ කන්පෙත්තක ඒ දෙ තොල් තවරමින්. මාව සිතල වෙලා ගියා. මොනවද කරන්න ඕනි කියලා මට තේරෙන්නෙ නෑ. දියෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ මාව වෙව්ලනවා.

අනේ අපි යමුකො….

මම කිවේ එයාගෙන් මිඳෙන්න උත්සහ කරමි න්.

ඉස්සා වගේ දඟලලා ඒ ගමන කොන්දත් කඩා ගන්නවා දැන්.. ටිකක් නටන්නෙ නැතුව ඉන්න කො බබෝ.. මගෙ ඉඟටියෙන් තදින් අල්ල ගන්න ගමන් එයා කීවෙ අමුතුම හඬකින්.

දන්නෙ නෑ තේරෙන්නෙ නෑ මේ අසරණකම මොකක්ද කියලා. මම දන්නවා මට දැනෙනවා සෙත් මට හුඟක් ආදරෙයි. ඒත් එයා ලඟදි මට දැනෙන මේ හැඟීම මොකක්ද කියලා මම දන්නෙ නෑ.

ඒත් ඒක විහඟ ගැන දැනෙන හැඟීමට වඩා වෙනස් හැඟීමක් කියලා මම දන්නවා. ඒත් ඒක පැහැදිලි කරගන්න මට තේරෙන්නෙ නෑ.

ඇත්තටම මේ හිත හරිම අසරණයි. ජීවිත කාලෙම කාගෙවත් ආදරයක් රැකවරණයක් විඳපු නැති මට මේ හැම හැඟීමක්ම හරිම ආගන්තුකයි.

අනේ අපි යමුකො ඉතිං… ඒ ගමන මම කීවේ ආයාචනාත්මක හඬකින්.

හරි හරි යමු… බලමුකො.. ඔහොම කොච්චර දවසක් ඉන්න පුළුවන්ද කියලා.. එයා මාව මිඳුවෙ එහෙම කියන ගමන්. මම සැනසුම් සුසුමක් හෙළුවා.

මොනවට මෙච්චර හූල්ලනව ද මන්දා

ඒන්ජල් මේ… අහන්නකො…

ඒ ගමන එයා කීවේ මගෙ දිහා විමසුම් බැල්ම ක් හෙලන ගමන්.

මොනාද..? මම ඇහුවෙ පුදුමෙන්.

ඔහොම ඉන්නකොට ඔයා පුංචි සුරංඟනාවි යක් වගේ පැටියො.. ආදරේ හිතෙනවා මහ හුඟක්..

මේ කරදර දවස් ටික ඉවර වුන ගමන් අපි වෙඩින් එක ගමු හොඳද..? හැබැයි එකක්…

එයා කියාගෙන ගියා. තේරෙන්නෙ නැති බයක් මාව වෙලා ගත්තා. ඒක වචන වලට එකතු කරන්න හරිම අමාරුයි.

මො..කක් ද…?

මොනාත් කියන්නෙ කොහොමද ඉතිං ඔහොම රතු වෙන්න තියා ගත්තාම..

එයා කීවේ මෙග කම්මුලක් තදින් මිරිකන ගමන්.

අනේ කියන්නකො ඉතිං.. මම කීවේ එයාගෙන් ඈත් වෙන ගමන්.

ඒක පස්සෙ කියන්නම් දැන් යමුකො ඉතිං…. එන ගමන්.. අපි ෂොප් එකට ගිහින් ලස්න ඩ්‍රස් ටිකක් අරගමු හොඳේ… දිගට දිගේ ඇන්ඳම ආච්චි අම්මෙක් වගේනෙ.. පුංචි සුරංගනාවි යක් වගේ ඉන්න ඕනිනෙ මගෙ කෙ\ල්ල ඉතිං..

එහෙම කියලා එයා මගෙ ඉන වටේට අත දාගෙන වාහනේ ලඟට ආවා. කියන්න ඕනි මොනවද කියලා හිතා ගන්න බැරි නිසා මම නිහඩවම වාහනේට ගොඩ වුනා.

ටික වෙලාවක් යනකං අපි අතරෙ තිබුනෙ ලොකු නිහඬ තාවයක්. ඇත්තටම හිතට ලොකු බයක් දැනුනා විහඟ ගැන. ජෙනරල් හොස්පිටල් එකේ අයිසීයූ ඉන්නව නං එයාට හුඟක් අමාරු ඇතිනෙ. මේ හදිසියෙන් එයාට මොනවද වුනේ.

මොනා උනත් එයාට කිසිම කරදරයක් වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කලා. මොන තරම් නපුරු උනත් ඒ නපුරුකමට යටින් මොකක්දෝ නොතේරෙන ආදරයක් මට එයාගෙන් දැනුනා.

සෙත් වගේ හැම තිස්සෙම නෙවී කිසිම වෙලා වක ආදරෙයි නොකීවත් හිතට දරාගන්න බැරි තරම් බර ආදරයක් මම එයාගෙන් වින්ඳා . ඒක වචන වලින් කියන්න මට තේරෙන්නෙ නෑ.

ඒත් විහඟගෙන් ඈත් වෙන්න වෙනවා කියන හිතිවිල්ල මගෙ හිතට හරිම බරට දැනුනා. මේක හරිම අසරණකමක්. මේ දෙන්නා අතර මැද්දෙ මේ විඳිහට අතරමං උනාම මට ඒක දරාගන්න හරිම අමාරුයි.

හිත හරි බරයි. ඒත් මට තෝරාගැනීමක් කර න්න ඉඩක් ඉතිරි වෙලා නෑ. හැමදාම වගේ දෛවය මට තෝරාගැනීමක් කරලා ඉවරයි. මට බෑ සෙත්ගෙන් අයින් වෙන්න.

එයයි සියා පප්පයි මාව අනාත නිවාසෙන් මේ තරම් දුර අරගෙන ආවෙ මන් වින්ඳ හැම වේද නාවම අවසන් කරලා මාව සතුටින් තියලා එයාලත් සතුටින් ජිවත් වෙන්න අවුරුදු ගානක් තිස්සෙ කාත් කවුරුවත් නැතුව අනාතයෙක් වුන මට මෙහෙම පවුලක් මෙහෙම ආදරයක් දුන්නෙ එයාලා.

ඉතිං මම දන්නවා ඉක්මනිම මට සෙත්ට ආද රේ කරන්න වෙයි. එයාගෙ මනමාලි වෙලා බිරිඳ වෙලා එයාගෙ දරුවන්ගෙ අම්මා වෙ න්නත් වෙයි. සෙත් නරක කෙනෙක් නෙවී එයා කවදාවත් මට දුකක් වේදනාවක් දෙන්නෙ නෑ කියලා මම දන්නවා. මොකද එයා මට හුඟාක් ආදරෙයි.

ඒත් ඒත් මට තේරෙන්නෙ මොන තරම් හිතුවත් හිතලා අවසන් කරන්න බැරි විඳිහෙ අසරණ කමකින් මගෙ හිත පිරිලා. මගෙ දෛවය මගේ අනාගතය තීරණය කරලා තියෙද්දිත් මට සෙත් එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙන බව දැනගෙන ඉන්නකොටත් මේ හිත මේ තරම් විහඟ ගැන හිතන්නෙ ඇයි කියලා මටම තේරෙන්නෙ නෑ.

ඒක ආදරේ ද කියන්න මම දන්නෙ නෑත ඒත් මේ හිත එයා ගැන හිතන එක නතර කර ගන්න මට තේරෙන්නෙ. කවදාවත් කවමදාවත් මම කිසිම දෙයක් වෙනුවෙන් දෙවියන් යැදලා නෑ. ඒත් විහඟගෙ ජිවිතේට කරදරයක් වෙන්න එපා කියලා මම ඒ නන්නාදුනන හැම දෙවියෙ ක්ගෙන්ම ඉල්ලුවා.

ඒන්ජල් මොනාද බබෝ ඔය තරම් කල්පනා කරන්නෙ…?

මම මොනවත් නොකියා හිටපු නිසාද කොහෙද ටික වෙලාවකට පස්සෙ සෙත් ඇහුවා. මම මො නවත් නෑ කියන්න ඔළුව වැනුවා.

අනේ මන්දා බබා ඔයානම් මොනා ඇහුවත් කටු ස්සි වගේ ඔළුව වනනවා.. කට ඇරලා කතා කරන්නකො ඉතිං… ඔයා මාත් එක්ක තරහි න්ද.. ඉන්නෙ ඒන්ජල්…

මම මොනවත් නොකියන නිසාද කොහෙද එයා ආයිම ඇහුවා.මොනා කියන්න ද කියලා මට තේරෙන්නෙ නෑ .

නෑ… මම කීවේ හිනාවෙන්න උත්සහ කරන ගමන්.

මම දන්නවා.. ඔයා ඉන්නෙ අවුලෙන්.. ඔයා ව ගේ පොඩි කෙ\ල් ලෙ ක්ට මේ හැමදේම දරාග න්න අමාරුයි… ඒ අස්සෙ මාත් කරදර කරන වනෙ.. සොරි ආයිම එහෙම වෙන්නෙ නෑ….

අවුල් වෙලා ඉන්න වෙලාවෙ වෙඩින් එක ගැන කතා කලාට සොරි ඉතිං… ආදරේ වැඩි හින්ද නෙ එහෙම කීවේ… ඔයාට හිත හදා ගන්න පුළුවන් උනාම ඒ ගැන කතා කරමු.. හොඳද අපි හෙමින් හිත හදාගමු……..

එයා එහෙම කීවම හිතට ලොකු සැහැල්ලුවක් දැනුනා. ඒ සැහැල්ලුවෙන්ම මම එයා එක්ක හිනාවුනා.

ඔය ඉතිං ඔහොම හිනාවෙනකොට ඉවසගෙන ඉන්න එකනෙ අමාරුම වැඩේ.. එහෙම කියලා එයා හයියෙන් හිනාවුනා.

අයිසීයූ එකේ ඉන්න එයාට මොනවා ද වෙලා තියෙන්නෙ…?

මම එකපාරම කතාව වෙනස් කලේ මේ කතා කරන දේවල් ඇත්තටම ඇති වෙලා තිබුන නිසා. මම එහෙම ඇහුවම එයා මගෙ දිහා බැළුවෙ ගැස්සිලා.

වෙඩි වැදිලා… එයා කීවේ ඕනිවට එපාවට වගේ. වෙඩි වැදෙන්න එයා මොනවද කලේ.

ඒ කොහොමද..? මට එකපාරම ඇහුවා.

ඒන්ජල්…ඕනි එකයි එපා එකයි අහන්න තියා ගන්න එපා.. හොඳ ළමයි ඔහොම අනිත් අයට කරදර කරන්නෙ නෑ.. ඒ ගමන එයා කීවේ ටිකක් විතර තරහින්.

ඒක කොහොමද එපා දෙයක් වෙන්නෙ..?

කියන දේ අහනවා ඒන්ජල්… ත\මු\සෙ/ගෙ හිතුව ක්කාර කම හොඳටම වැඩියි.. වෙඩි වැදිලා තියෙන්නෙ ත/මු\සෙ\ගෙ අර මහ ලොකු අප්ප ච්චිව අල්ලන්න ගිහින්..

එකා තමා අපි හැමෝ ගෙම ජිවිත නැති කරපු කා ල ක ණ් නි යා.. මට අහු උනා නං මං කරන්නෙත් විහඟ කරපු දේම තමා ඒකට…..

සෙත් කියවගෙන ගියෙ තරහින් . තරහ හින්ද ම එයා හති දානවා.

ඒ කියන්නෙ ඒකියන්නෙ… එයා මගෙ අප්පච්චි ට…..?

ඒ මිෂන් එකේදි ඔයාගෙ අප්පච්චි නැතිවුනා ඒන්ජල්… ඒක එයාට ලැබෙන්න ඕනි දඩුවම ක්…

එයා ඔහේ කියවගෙන ගියා. එයාගෙ තරහ මට හිතා ගන්න පුළුවන්.

ඒත් මම කවදාවත් දැකපු නැති ආදරේ විඳපු නැති. අද අඳුන ගත්ත මගෙ අප්පච්චි මට එයාව ආයිම කවදාවත් දකින්න වෙන්නෙ නෑ

කියලා හිතට දැනෙන්දි පපුව හිරවෙනවා වගේ මට දැනුනා.

මොනවා උනත් මොන දේ කලත් ඒ මගේ අප්පච්චි. මම මම කොහොමද ඒක අමත ක කරන්නෙ. මමවත් හිතපු නැති වෙලාවක මගෙ උඟුරින් ඉකියක් පිටවුනා.

අයිම් සොරි ඒන්ජල් එක්ස්ට්‍රීම්ලි සොරි… මට ටිකක් තරහා ගියා. මේ හැමදේම ඔයාට තනි යම .. දරාගන්න අමාරුයි…තමා හිත රිද්දුවට තමා වෙන්න මැණික..හැමදේම හරියයි නාඬා ඉන්නකො ඉතිං…

මගෙ ඉන වටේ එයාගෙ වමත යවලා මාව එයාගෙ උරහිසට බර කරගන්න ගමන් එයා කියවගෙන ගියෙ සාමාව අයදින සුළු හඬකින්.

හමුවෙමු.

කියවන ලයික් කරන කමෙන්ට් කරන හැමෝටම ස්තූතියි හැමදාම වගේම. සොරි රිප්ලයි කරන්න බැරිවෙනවට. ඔයාලගෙ මැසේජස් වලටවත් උත්තර දෙන්න විඳිහක් නෑ පුළුවන් වෙලාවක රිප්ලයි කරන්නම් හොඳේ. දැන් මොකද කියන්නෙ සෙත් ගැන