ආදරණීයම ඔයා…25

සෝන්‍ය මා නැවතත් නිවසට රැගෙන ආවේ ය. මාගේ විරෝධය පලක් නොව්නෙන් මට ඔහු හා එන්නට සිදුවිය.

පොරොන්දු වු පරිදිම සෝන්‍ය මට මගේ පාඩුවේ හිදින්නට ඉඩ දුන්නේය. එහෙයින්ම මම ධනුක වෙනුවෙන් හඬමින් වැලපෙමින් සිටියෙමි. සෝන්‍ය කුමක් කරනු ඇතිදැයි සොයා බලන්න ට හෝ මට උවමනා නොවීය.

ත…\ මුසෙට පිස්සු හැදීගෙන එනවද ලොක්කි අර මනුස්සයා පිස්සෙක් කරන්නද හදන්නෙ ඒ ගමන…

මා බලන්නට ආ මල්ලී මට හොඳටම බැන වැදු නේය.

ප්ලීස් මල්ලා දැන් ඔය ඇති…

මැ රු ණ එකා මැරුනා ත….මු සෙ හදන්නෙ ජීවත් වෙලා ඉන්න එකාවත් ම රා ග න්න…

මගෙ ධනූ මැරුනෙ නෑ… මාව දාලා එයාට මැ රෙ න් න බෑ…මා කීවේ හඬ හඬාමය. ධනුක මිය ගිය වග අදහන්නට සිත මට ඉඩ දෙන්නේ නැත.

ඔය ඇති මල්ලා… එයාට පාඩුවෙ ඉන්න දෙන්න

ඒ හඬ සෝන්‍යගේය.

මම හිස ඔසවා ඔහු දෙස බැලීමි. මා ඔහුව දුටු වේ දින ගනනාවකට පසුවය. ඒ දැක පුරුදු සෝන්‍ය නොවේ.

මුහුණ පුරා අපිලිවෙලට වැඩුන රැව්ලත් හැද සිටි පොඩි වූ කමිසයත් ඔහු ඉන්නේ කනස්ස ල්ලෙන් වග කියා පෑවේය.

ඔයා තමා අයියා ඕනිවට වඩා හුරතල් කරලා මෙයාව නරක් කරලා තියෙන්නෙ….

මල්ලා සෝන්‍යටත් බැන වැදුනේය.

මල්ලා…

පිස්සු නටන්න දෙන්නෙ නැතුව මෙයාට ටිකක් තදින් ඉන්න… නැතුව හරියන්නෙ නෑ.. අමාරුම නං ඩොක්ටර් කෙනෙක් ලගට අරගෙන යමු..

මල්ලා නැවතත් කීවේය.

එයාට කැමත විඳිහකට ඉන්න දෙන්න මල්ලි..

කියමින් සෝන්‍ය කාමරයෙන් පිටවිය.

ධනුකව විතරක් නෙවී තමුසෙ ඔය හදන්නෙ සෝන්‍ය අයියවත් නැති කර ගන්න…

මාදෙස රවා බලා මල්ලා කාමරයෙන් පිටවූයේ වේදනාවෙනි.

සෝන්‍ය උන්නේ වේදනාවෙනි. ධනුක ගේ වෙන් වීමත් මගේ හැසිරීමත් ඔහු වෙිදනාවට පත් කරන්නට ඇත.මට ඔහු ගැන දුකය.

සෝන්‍යව රිදවන්නට මට උවමාවක් නැත. මා ඔහුගෙන් දුරස් වන්නෙ මට මා ගැනම දැනෙනා ලජ්ජාව හා පිලිකුල නිසාය.

මේ වරදකාරී හැඟීමෙන් මට සෝන්‍ය වෙතට ය න්නට බැරිය. මා ධනුකත් සෝන්‍යත් අතර අස රණව සිටිමි.

එය කිසිවෙකුට පැහැදිලි කරන්නට මට තේරෙ න්නේ නැත. එහෙත් ම​ගේ මේ සියළු හැසිරීම් සෝන්‍ය ව මහත් සේ වේදනාවට පත්කරන බැ ව් මම දනිමි එහෙත් දෙවියනි මටත් ඇත්තේ පසුතැවෙන දුක්විදින අසරණ හදවතකි. ඔහුට ත් වඩා මා අසරණය.

ඔහොම අඬන්න එපා තාදී… කවදා වෙනකං කියලා අඬන්නද…

දින ගනනාවකට පසු සෝන්‍ය මා අසලට එමින් ඇසුවේය.

අඬන්නෙ නැතුව මං මොනාද කරන්නේ.. ධනූ එයා කොච්චර දුක් විඳින්න ඇති ද… මං මං මොනාත් ක​ලේ නෑ…

දෑසින් ගලනා කඳුළු මේ ඉකිය මට නවතා ගත නොහැකිය.

තමන්ටම ඔහොම දොස් පවරගන්න එපා දෙයියනේ…

ඇයි එහෙම ක​ලේ සෝන්‍ය එක දවසක් එක වතාවක් ඇයි මාව ධනූ ලගට අරගෙන ගියෙ නැත්තෙ මං මං ඔයාව කොච්චර විශ්වාස කලා ද….

එහෙම අරං ගිහින් අරකව තවත් රිද්දන්න මං නරුමයෙක් නෙවී.. තාදි ඒ කා හැපි හැපි ඔයාට කියන්න එපා දැනගන්න තියන්න එපා… ඔයාව ඔහොම දකින්න බෑ කියලා කියද්දි මං මොනා කියලා කරන්නද….

සෝන්‍ය නොහැඬුවා විතරය. ඒ අකුරක් ගානේ ම තිබුනේ අමාරුවෙන් සඟවාගත් කදුලුය. මට ඉකිගැසුනේ නොකියාමය.

ඉතිං අඬනවා… නාඬා ඉන්න තාදි….

ඔයත් පව් සෝන්‍ය මාව මෙ​හෙම අල්ලගෙන ඉන්නෙ නැතුව මට යන්න දෙන්න එතකොට අපි දෙන්නටම සැනසීමෙන් ඉන්න පුළුවන්..

ඔයා සැනසීම හොයන්නෙ ඔහොමද තාදී ඔහොම රැයක් දවාලක් නැතුව හූල්ලලා ද..

මට මෙහෙම හොඳයි මං ධනූට කරපු දේව ලට මම මෙ​හෙම විඳවන්න ඕනී මැ රෙ න කං විඳව න්න ඕනි..

මට උවමනා වී තිබුනේ මේ විදවීමය. මා අතින් වූ වරදට එය මට උරුමය.

ඔයා ඔහොම විඳවද්දි මං හිත හදා ගන්නෙ කො හොමද.ඔයා විඳවන්නෙ මං නිසා එත කොට මං මොනාද කරන්නෙ …..

සෝන්‍ය ඇසුවේ දුක්බර හඬකිනි ඔහුට දෙ න්නට මට පිලිතුරු නැත.

අයිම් සොරි තාදී ඔයා හිත හදාගත්තෙ නැ ත් තං මට සිද් ධ වෙනවා ඔයාව ඩොක්ටර් කෙ නෙක් ලගට එක්ක යන්න මල්ලා කියනවා වගේ

මොකද මං ධනූට පොරොන්දු වෙලා ඉවරයි ඔ යාව දුකක් නොදී බලා ගන්නවා කියලා ඔයා කොච්චර අකමැති උනත් මට ධනූගෙ කැමැ ත් තට ඉඩ දෙන්න වෙනවා…

ඔයා මාව කොච්චර අප්‍රියා උනත් මා පේන්න බැරි උනත් මට වෛර කලත් කරන් දෙයක් නෑ මට ඔයාව නිදහස් කරන්න බෑ…

සතුට කියන්නෙ මට අයිති දෙයක් නෙවී වෙ න් න ඇති යන්තං සතුටින් ඉන්න හදද්දි කවුරු හරි ඒක උදුරගන්නවා…

කමක් නෑ ඒක ම​ගෙ දෛවය වෙන්න ඇති ඒත් ඔයාව දුකින් තියන්නෙ නෑ ඔයා මගෙ ලග හිටි යත් නැතත් මගෙ වයිෆ් ඔයා විතර යි වෙන කාටවත් ඒ තැන ගන්න මම ඉඩ තියන්නෙ නෑ…

ඒත් ඔයාව බලෙන් තියාගන්න මට බෑ හිත හදා ගන්න පුළුවන් විඳිහෙ කෙනෙක් හොයා ගෙන කියන්න මං ඔයාව නිදහස් කරන්නං…

ඔයා එක්ක හිටිය පහුගිය දවස් තමා මගෙ ජීවිතේ ලස්සනම දවස් ටික හැමදාටම ජීවත් වෙන්න මට ඒ දවස් ටික ඇති…

සෝන්‍ය කීවේ මහා බර සුසුමක් හෙලමිනි.

චූටි නෝනට කොහොම හරි ඕනි වුනේ ඔය ටි ක කරන්නනෙ…. මුතු අම්මා කාමරයට ආවේ එසේ කියාගෙනය.

මුතු අම්මා…

අර දරුවව පිස්සෙක් කලාට පස්සෙද නෝනගෙ හිතට හොඳ..

මොනවද මුතු අම්මා මේ කියන්නෙ..

සුදු මහත්තයා දැන් කවදාවත් නොකරපු දේවල් කරන්න පටන් අරන් …..

මොනවද..

තමන්​ගෙ ගෑ නි වෙන මි නි හෙ ක් ගැන හිත හි තා වැල​පෙන්න තියා ගතතාම මොන පිරිමියද ඉවසන්නෙ…

ඒ කියන්නේ සෝන්‍ය වෙනත් ගැහැණියක හා සබඳතාවයක් ඇතිවා වන්නට ඇත ඔහු මා වහාම නිදහස් කරනු ඇත.

මුතු අම්මා සෝන්‍ය. …

ඊයෙ රෑත් ගෙඩ වු​නේ කට ගොන්නක් බීගෙන

… මුතු අම්මා කියවාගෙන ගි​යේ මා අසන්නට සිතා නොසිටි වචන පේලියකි.

හමුවෙමු