පස්වන_කොටස❄️

තුහින්‍යා අනුරාධපුර නව නගරයෙන් බස් රථයෙන් බැස මඳ වේලවක් අප්පච්චි එනතුරු රැඳී සිටියාය…………. ඔහු ආවේ සුපුරුදු පරිදි මේට් බයිසිකලයේය……

” ආ ලොකු ලමයෝ මේක දාගන්න…… පටිය හිර කරලා බැඳගන්න වෙයි පොඩි ලමයා ඒක කඩලා………..

අප්පච්චි කිසිම වෙනසක් නොපෙන්වා කියන්නේ ඒ පුරුදු ගාම්භීර ලෙංගතුකමිනි……….. කිසිම ප්‍රශ්නයක් ගැන ඕනැවට වඩා නොසිතන අප්පච්චි කවදාවත් මනසින් පීඩා නොවිඳි අයෙකි…… එනිසාම ඔහු සතුව ඒ හැම දේටම හොදම පිලිතුරු තිබුණි………

තුහින්‍යා හෙල්මට් එක දමාගත්තේ මද සිනාවක් මුවෙහි තබාගෙනය…….. මේට් බයිසිකලය ඉදිරිපස කූඩය ඇයට බැළුනේ ඉබේමයි………. ඒ තුල ආනමාළු කෙසෙල් ඇවරියක්ද අලන්කුලමින් ගත් ගැටෝ කේක් එකක්ද විය……….. තුහින්‍යාට ඇඬෙන්වට මෙන් ආවේ ඒවා තමා ආසම දේවල් නිසා…….. අප්පච්චි මේවා ගත්තේ තමා වෙනුවෙන්ම බව ඇය දනී………… ඇත්තෙන්ම මෙවන් පියවරුන් ලද දියණිවරුන් වාසනාවන්තය…….. කටුගා ගත් කසාදයක් රැගෙන දික්කසාදය දෝතින් දරාගෙන ආපසු පැමිණි දියණියට මෙවන් සැලකීමක් දිය හැක්කේම බෝසත් පියවරුන්ටය……… ඒ අතින් තුහින්‍යාගේ අප්පච්චි නම් මිහි පිට දෙවි කෙනෙක්……..

බසවක්කුලම වැව් බැම්ම දිගේ යන විට අප්පච්චි මදක් හැරී බලා ආයෙම ඉදිරිය බලාගත්තේය………..

” ගිය කන්න වල වගේ නෙවේ ලොකු ළමයෝ මේ කන්නේ අස්වැන්න හොඳයි…………..

ඇත්තය…….. නිල්ල නිලන කුඹුරු යායම සරුවට වැඩී තිබුණි……….

” අද රෑට රුවන්වැලි මහා සෑය ගාව පූජාවක් තියනවා……. පල්ලෙගම ලොකු හාමුදුරුවන් වහන්සේ ඊයෙ හම්බවුන වෙලාවේත් මට කිව්වා ඒකට දායකත්වය දෙන්න කියලා…… අද උදේ ඉදන්ම එතැන තමා හිටියේ…….. අපි හවසට යමුකෝ…… ලොකු ළමයා කැමතිනේ ඉතින් රෑ වෙලා මහ සෑයට යන්න……….. ඒ හින්දා මං වැව් මාළු ගත්තෙත් නෑ…………..

කතාවෙන් කතාව ඔවුන් නිවසටම පැමිණියහ……….. රට උළු වැසූ නිවස මායිම් වුනේ සුන්දර වෙල් යායටයි………. ඈතින් මහා සෑයද මිරිිසවැටියද ඇතුළු දාගැබ් රැසක් පෙනේ………… බයිසිකලයේ ශබ්දය ඇසී අම්මා පිටතට දුවගෙන ආවේ සිනාවකින් මුහුණ සරසාගෙනය…………

” ටිකක් පරක්කුයි වගේ නේද ලොකු දුව… කෝ චුටි ලමයා මේ අක්කිගේ බෑග් එක ගන්න……………

අම්මා තුහින්‍යව වැලඳගත්තාය……..

” කිසි දෙයක් ගැන හිතන්න එපා ලොකූ…. හැමදේම වෙන්නේ මනුස්සයින්ට…… අපිට ඔයා වැඩි නෑ…….. අයියා හොඳ උනත් අර උඩැක්කියයි වේදේශුයි හොද නෑ කියලා අපිට තේරුනා…….

” හා හා දැන් ඕවා පස්සෙ කතා කරන්න බැරියැ නෝනා……. ළමයාට මූණකට හොදගන්න දුන්නනම්………..

අප්පච්චිට අවනත වූ අම්මා තුහින්‍යා කැඳවාගෙන ඇතුලට ගියාය………. අම්මාද තාත්තාට දෙවෙනි නැත……. දෙමව් පියන්ට ගෙදර බුදුන් යැයි පවසන්නේ මේ හින්දාම විය යුතුය……… දරුවන්ගේ දුක් කඳුළු දකින විට ඔවුන් සුර ලෙවෙින් හෝ පැමිණ ඒ කඳුළු පිසදාලයි………. තුහින්‍යාට මතක් වන්නේ නන්දාමාලිනියගේ ලයාන්විත අම්මාවරුනේ ගීතයයි…… දෙමව්පියන්….. යනු දරුවන්ගේ ශක්තියයි…………

තුහින්‍ය කාමරය ගියේ් නංගිත් එක්කයි….. ගිහන්ස්‍යාට අහන්න දේවල් හුඟක් තිබුනා වගේම තුහින්‍යාට කියන්න දේවලුත් හුඟක් තිබුනා…….. අවුරුදු හතරක් දුක් විදලා වේදනා විඳලා රැවුම් ගෙරවුම් පහරදීම් ඔය හැම දේමත් ඉවසලා…….. තනියෙන්ම අඬලා ජීවිතේ ගන්න පුළුවන් දුෂ්කරම අවසන් තීරණයත් අරන් හිතේ හැටියට අඬලා දුක කෙලවර කරගන්න හිතාගෙන ගෙදර ආව තුහින්‍යාගේ ඇස් වලින් එකම කඳුලක් වත් නොවැටුනේ මේ නිවසේ ඇති ආදරය කරුණාව හින්දමයි….. ඒත් කවදාවත් අක්කා කෙනෙක්ට නංගි කෙනෙක් ගාව දුක හිරකරන් ඉන්න බෑ වගේ තුහින්‍යාත් නංගිගේ උරහිසේ හිස හොවාගෙන හඬන්නට වුනා…….

” අක්කි……. මේ මොකද දැන් තමුසෙ අඬන්නේ……. දුකද අර වේදේශයා දාලා ආ…….වට ආ…… තමුසෙ අඬන්න එපා හලෝ……. උන්ට පේන්න තමුසෙ නැගිටිනවා…….. මං නම් කියන්නේ එච්චරයි……… දවසක ඌටයි අර නැන්දා කියන ගෑණිටයි කටු ඇනෙන්න තමුසෙ ලස්සනය පවුල් ජීවිතයක් ගත කරන්න ඕනි………..

තුහින්‍යා ගැස්සී හිස ඔසවා නැගණිය දෙස බැලුවාය……….

” පිස්සුද නංගි…….ආයෙම මං නම් බඳින්නෑ…… අනිත් එක මං වගේ කසාදේ කඩාගෙන ආව ගෑණියක් කවුද භාරගන්නේ………..

” අක්කේ…. තමුසෙ හිතනවට වඩා දෛවය හරි වෙනස්………… තමුසෙගේ ජීවිතෙන් ඔය මල කුණ්ඩවාල අයින් කරලා දැම්මේ තමුසෙට හොද ජීවිතයක් ලැබෙන්න වෙන්න ඇති…………..

එහෙම කියලා ගිහන්ස්‍යා නැගිට්ටේ තුහින්‍යා අතට තුවාය දෙමින්…….

” එනවා යන්න අපි වෙලේ ලිදට යං නාන්න………..

තුහින්‍යා කඳුළු පිස දමාගෙන නැගිට්ටේ නංගිගේ අතිනුත් අල්ලගෙනයි…….

” අක්කා කෙනෙක්ට නංගි කෙනෙක් ඉන්නම ඕනි හිත හදාගන්නම බැරිව වැටෙන වෙලාවක අතින් අල්ලගන්න………”

” මොකද කියන්නේ අපි අදම අදිමුද එහෙට……….

රජිව් කිව්වේ කොල්ලෝ ටික මොනවා කියයිද කියලා සැකයෙන් වුනත් කට්ටියම එකපයින්ම කැමති වුනා….. කට්ටිය එවෙලේම නුවර එළියට යන්න පිටත් වුනා…………

“රජ්ජා…… ගිහින් අපි කොහේද බං අද ඉන්නේ…………

ධනූ ඇසුවේ පහුවෙන වෙළඳ සැලවල් නිරීක්ෂණය කරමින්……..

” යමල්ලකෝ…….. හොටෙල් එකේ ඉන්න පුළුවන්………. මං ඒක බලාගන්න මනුස්සයාට කිව්වා ඒක ටිකක් අස් කරන්න කියලා………. මොකද උඹ කඩවල් වලට හොම්බ දාන්නේ…

” නෑ බං මේ දුම් බටයක් ගන්න කියලා බැලුවේ……….

ධනු කියද්දි රජීව් කෝපයෙන් ඔහු දෙස බැලුවා……..

” මේ ධනුවා……. මචං මේක සීරියස් ඈ…… කරන වැඩේ හරියට පිරුවට පේ වෙලා කරන්න ඕනි නැතුව මේ පිස්සු කෙල කෙල හොඳ වැඩ පටන් ගන්න බෑ…… උඹලට එහෙම ඉන්න බැරි නම් මේ ගමන අපි ගිහින් තේරුමක් නෑ……. මොකද කියන්නේ භූමි……… ධනු තරුන් තෙනුක ම්ම්ම්ම්ම්…….

” හරි හරි බං…….

” හරි බං නෙවේ ධනුවා…… වැඩේ එහෙම කරන්න බැරිනම් දෙයියනේ කියලා උඹලා මාව ඔතැනින් දාලා පලයල්ලා……..

රජීව්ගේ දැඩි වදන් වලට කට්ටියම නිෂ්ශබ්ද වුනා………….

මෙහෙම නහට අහන්නැති එක වගේ හිතුවක්කාර දඩබ්බර කොල්ලෝ රංචුවක ටිකක් විතර සැර සීරියස්ම කොල්ලෙක් ඉන්නම ඕනි………. භූමි නම් ඊට කොහොමත් එකඟ වෙලා හිටියේ ඔහුට ජීවිතය අළුතින් පටන් ගන්න ඕනැ හින්දා…………. භූමිට ඔිනැ වුනා හොඳ තේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න….. අත්හැර දමා ඇති සියල්ලක්ම නැවතත් ආරම්භ කිරීමට කාලය ඇවිත් කියලා භූමි තීරණය කලේ කොහොමත් ඉතාම කෙටි කාලයකින් දියුණු වෙන්න හිතාගෙන…….. ඔහුට සීයාගෙන් හම්බ වුනේ සාමාන්‍ය වත්තක් කීවට ඒකෙත් තේ වවලයි තිබුනේ……….

කට්ටියම නුවර එළියට දිවෙන රළු බෑවුමේ කඳු තරණය කරන්නට වුනා…………. භූමි අැතුළු මිතුරන් පිරිස නුවර එළියේ රජීව්ට හිමි හොටලයට එද්දි රාත්‍රි අටට විතර ඇති…………. ගල් ගැහෙන තරම් සීතලයි…….. කොහොමත් නුවර එළිය කියන්නෙම ඉතින් සීතලෙන් පිරුණ සුන්දර දිව්‍යලෝකයක්……… ඒ වගේම අතිශයින් රමණිය පාරාදීසයක්……. නුවර එළිය නගරයට යාබදව ඇති ගැටය මත තිබූ සුදු පැහැති ගරාවැටුන හොටලය ඇත්තටම තවමත් සොදුරුය………. ඔවුන් ඇතුලට යද්දි හොටලය බලා ගන්න දෙමළ සේවකයා ඉදිරියට ආවේ සිනාමුසු මුහුණින්……

” සින්නදොරේලට මහන්සි පාටයි……..

” ටිකක් විතර සෙල්වම්…… මේ මොකද බං මෙච්චර සීතල මෙහාට……….

” කෝමත් මේ කාලෙට සීතල තමා සින්නදොරේ…….. ආව නම් ඇතුළට මං බඩු ටික උඩින් දාන්න කියන්නම්…… අද මං රාමුයි ගුරුවයි ගෙන්න ගත්තා…….

” සරෝජනී……… ඔය තේ මේසේ ලෑස්ති කලා නම්………. මේ මහත්තයන් ලට මහන්සිත් ඇති………….

භූමි රජීව් ඇතුළු පිරිස තේ මෙසයට වාඩි වුනේ ඇත්තෙන්ම ලොකු බඩගින්නක්ද ඇතුවය…….. උණු උණු උළුදුවඩේ සමගින් සම්බෝලයක් තිබෙනු දුටු කොල්ලන්ගේ කටට කෙලත් ඉනුවේය………

” අම්මෝ…….. පිස්සු හැදෙයි…… උළුඳු වඩේ…………

තරුන් වාඩි වුනේම වඩයක් අතට ගනිමින්……………..

ඔවුන් තේ බොන අතරේ ඔවුන්ගේ බඩු කාමරයට අරන් ගියේ සෙල්වම් විසින්………

රජීව් කැමති වුනේ නෑ යාළුවෝ ටික වෙන වෙනම තියන්න ඒ හින්දා ඔහු සෙල්වම්ට කිව්වේ මහල් සතරකින් යුතු හෝටලයේ ඉහලම මාලයේ තුන් පැත්තකින්ම විවෘත කාමරය ඔවුන්ට සකස් කර දෙන ලෙසයි………. එම කාමරය ඉතා විශාලය………. ඇඳන් පහක් වෙන් වෙන්ව දමා තිබුණි……… එම කාමරයෙ කවුළු සියල්ල පහලට වන්නටම වීදුරු වලින් ආවරණයකර තිබූ නිසාම අවට පරිසරය හොදින් පෙනේ……….

“වාව්…….. මචං මෙතන නියමයිනේ…… රෑට මේ තරම් ලස්සන නම් දවල්ට කොහොම වෙයිද………..

” මේ දැන් හුගක් රෑ වෙලා ඉක්මනින් නාගෙන කාලා නිදාගමු බං….

තරුන් කීවේ ඇඳෙ පෙරලෙන ගමන්……..

” මේ මචංලා………. මේ කඳු අතරෙවත් හැංගිලා ඉන්නවද දන්නෑ නේද මචං අපි වෙනුවෙන් පිපුන මල්

හැමතිස්සකම කෙල්ලෝ ගැනම හිතන තරුන් කියද්දි රජීව් ඔහු දෙසට හෙළුවේ තරවටු බැල්මක්…………..

කොල්ලෝ පස් දෙනා මාරුවෙන් මාරුවට ගිහින් නාගෙන එනවිට සෙල්වම් ඇවිත් කන්න කතා කලා…….. වැඩි වෙලාවක් නොගොස්ම කාලා ඉවර වෙලා උඩ කාමරයට ආව කොල්ලෝ ටික බැල්කනියේ සෙටියේ වාඩි වුනේ අනාගතය ගැන ලොකු කතා බහක් ආරම්භ කරන්න…………. මේ කොල්ලෝ පස් දෙනාම තරමක් යමක් කමක් තියන පවුල් වල කොල්ලෝ ඉතුරු කරගත්ත සල්ලිත් ටිකක් කට්ටය ගාව තිබුන නිසා වැඩේ තවත් ලේසි වුනා…………

“භූමි……… උඹගේ අම්මත් ඉන්නේ නුවර එළියෙලු නේද…………..

රජීව් අැහැව්වේ තමන් අකැමතිම දෙයක් වුනත් භූමි කිසිම කිසි දෙයක් නොකීවේ එය ඇහුවේ රජීව් හින්දා……

” හ්ම්ම්ම්ම්ම්ම්ම්…….

” උඹ අම්මා ඉන්න තැන දන්නවද භූමි……

භූමි හිස දෙපසට සැළුවේ නැහැයි කියන්නයි…….. ඇත්තටම භූමි අවුරුදු පහකින් හයකින් විතර අම්මව දැකලා නෑ……….. මොකද ඔහු සිටියේ කොලඹ බැවින්………. භූමිගේ අම්මා නන්දිතා හේෂර හා සෙහන්ස්‍යා සමගින් දැන් ජීවත් වෙන්නේ නුවර එළියේ……….

” භූමි මල්ලියි නංගියි වත් දන්නැද්ද…….

” ම්ම්ම්හු නෑ බං……. දැන් ඔය මාතෘකාව ඇර වෙන මගුලක් නැද්ද කතා කරන්න මගුල…………

භූමිගේ කෝපගත් මුහුණ දුටු රජීව් සිය කතාව නැවැත්වීය………..

” හරි හරි මේකයි…….. දැන් මෙහෙමයි වැඩේ වෙන්නේ………. මමයි තරුනුයි හෙට කට්ටිය දම්මලා මේ හෝටලය සම්පූර්ණයෙන්ම අළුත්වැඩියා කරනවා…… අපේ අයියා කතා කලා ඌ මට දෙන්නම් කීවා ඕනැකරන furniture ටිකකයි electric item ටිකයි……… ඒ ටික කරගෙන අපි මේක විවෘත කරමු ඉක්මනට………. එතකොට භූමියි තෙනුකයි හෙට ගිහින් ඒ පැත්ත බලන්න ඕනි……. තේරුනා නේද……… මල් වවන එක ගැන වැඩමුළුවක් තියනවා දවස් තුනක මං ඔක්කොම ලෑස්ති කරලා ඇති අනිද්දා භූමියි තෙනුකයි ඒකට යනවා…… ම්ම්ම් ධනූ…… උඹට තමා ලොකුම ටාස්ක් එක තියෙන්නේ…….. උඹ තමා අපි සෙට් එකේ ඉන්න ඝණ මීටරේ…… ඒක අපි දන්නවානේ………. උඹ tea factory එක භාරගන්න ඕනි…………….. ඒක දැනුත් අවුලක් නෑ භුමිගේ තේ වතු වලයි මේ තේ වලයි අස්වැන්න හොදටම ඇති……. අපි දවසක ලංකාවෙන් පිට රට යවන හොදම තේ හදන්න ඕනි……. ඒක තම මගේ ලොකුම හීනය……….. ඒ වගේම මේ හැමදේම කලත් වැඩක් නෑ අපි අතර හොද අවබෝධයක් එකමුතුවක් නැත්තම්………

ඒ කතාවට කොල්ලෝ ටික උඩ බිම බැලුවේ කවදාවත් ඔවුන් අතර එහෙම කිසිම දෙයක් මෙච්චර දවසක් වෙලා නැති හින්දා…………

” එහෙම කවදාවන් වෙලා නෑ…….. නේද මචං………

තරුන් ඇහුවේ කුතුහලයෙන්….

” නෑ…….. නෑ….. එහෙම මොනවත් වෙලා තියනවාට කිව්වා නෙවේ බං. මං කියන්නේ අනාගතයට………… අපි එහෙම නොවී ඉන්න ඕනි කියලා…………

” එහෙම වරෙන්…….. අපි බැලුවා මොකක්ච උඹට අපෙන් වුන අසාධාරනේ කියලා…………

” දැනට staff එකක් අරන් අපිට වැඩ කරන්න අමාරුයි………. ටික දවසක් යනකම් අපිට තනියම මේවා කරගන්න වෙනවා……… තේරුනානේ නේද

” හොටෙල් එක කරන්නේ කොහොද බං ස්ටාෆ් එකක් නැතුව……. ඔන්න මල් වගාව නම් මොනවා හරි කරන්න පුළුවන්…..

” ආ…. ඒකට මං පොඩි ස්ටාෆ් එකක් අරන් තියෙන්නේ……… එහෙනම් හෙට ඉඳන් වැඩ පටන් ගමු……….

කොල්ලෝ ටිකට පුදුම හදිස්සියක් තිබුනේ හෙට වෙනකම්…….

” එහෙනම් අපි නිදාගමු නේද………

ඈනුමකුත් ඇරගෙන තරුන් නැගිටලා ගැහි ගැහී ගිහින් ඇදට වැටුනා……….. අනිත් අයත් ඔහු අනුවම ඇවිත් නිදාගනිද්දි භූමි විතරක් බැල්කනියටම වෙලා හිටියා……………

එකම එක තරුවක් පේනවා ඒකත් බොඳ වෙලා………….. භූමි තරුව දිහාම බලාගෙන හිටියා………….. ජීවිතේ ආපස්සට හිතුවොත් පුදාමාකාර අසාර්ථක ජීවිතයක් තමයි තිබුනේ…… අවසානෙදි තමාට ඉතුරු වුනේ තමන්ම විතරයි……… වෙලාවට හොඳ යාළුවෝ ටිකක් හිටියේ……………. ඒ වගේම තමයි ඔහුට ලැබුන ආදරෙත්………. ටාෂියා දැනටමත් ලස්සනට ජීවත් වෙනවා ඇති සතුටින්………ඒක සිහිවෙලා භූමිට කට කොණකින් හිනාවක් ගියා……….

” අනේ උඹේ ආදරේ………… උඹට ඒ ආදරේ කරපු කාලේ වෙන පලදායි වැඩක් කලා නම් මං අද දියුණු වෙලා……… කමක් නෑ උඹ වගේ ගෑණියෙක් ගිය එකමයි හොඳ………….. මේ භූමිට හම්බ වෙයි දවසක අම්මගෙයි තාත්තගෙයි දෙන්නගේම ආදරේ දෙන්න පුළුවන් කෙනෙක්…….. ඔව්…….. මට උඹ නැති වුන එකමයි හොද…………

කවදාවත් ටාෂියා ගැන එහෙම හිතුවෙ නැතිි භූමිට අද එහෙම හිතුනා………….

••••මතු සම්බන්ධයි•••••