No photo description available.
This photo is from a post.
View Post
සෙනේහේ බන්ධන 💕💕💕
හත්වන කොටස ( අවසාන කොටස ) ✍️✍️
“මැණික ඔයා මගේ ජිවිතයට එන්න කලින් මම බැදීම් ඇති කරගන්න ලොකු භයකින් උන්නේ…
ඒත් මගේ අවසරයක් ගන්නත් කලින්ම මගේ ජිවිතයට ආපු ඔයා කියලා දුන්නා ප්‍රශ්න තියනවා හැමෝටම ඒත් එකතුවෙලා විසදද්දී … දරාගද්දී තවත් ලස්සනයි කියලා…
මම භයෙන් හිටපු මගේ අඩුපාඩුවට ඔයා මේ අද වෙනකනුත් වචනයක්වත් කියලා නෑ…
දරුවෙක් කියන්නේ පිරිමියෙකුට වගේම ගෑණියෙකුට ගොඩාක් වටින දෙයක්…
සමහර අය තාම දරුවෙක් නෑ නෙද කියලා අහද්දී හිත රිදුනත් ඔයා නිහඩවම වැරැද්ද භාරගත්තා…
මගෙයි වරද කියලා දැන දැනත් ඉවසන් මා එක්කම හිටියා …
අදට මම ඔයා මගේ වෙලා අවුරුදු විසි පහක්…
කාටද කියන්න පුලුවන්…
අතාරින්න ගැට ගැහුණ බැදීම ඔයාගේ සෙනේහේන් මිදෙන්න බැරි බන්ධනයක් වෙලා කියලා…”
මැදිවයස පහුකර සැදෑසමයට ගිහින් ඉන්න තවමත් වෙනස් නොවන සෙනෙහසින් බැදුනු ඔවුන් මිදුලේ බංකුවේ ඉදගෙන ඉද්දී අකිලාශ් කීවේ නෙතුලිටද අතීතය සිහියට එද්දියි…
ඔවුන්ගේ බැදීම් විනාශ කරන්නට ලාවන්‍යා කාලිංග හිතුවෙත් … ඔවුන්ගේ බැදීමට නව අරුතක් දෙන්න අකිලාශ් හිතුවෙත් එකම විටය. ඒත් හැමදාම නපුර පරාද වෙනවා සේ කාලිංගටවත් ලාවන්‍යාටවත් ඔවුන්ගේ අරමුණු ඉටු කරගන්නට නොහැකී වූයේ නොදැනුවත්ව හරි කාලිංග ඔවුන්ගේ කැදැල්ලට වාසනාවක් රැගෙන එද්දියි…
මීට අවුරුදු විසි පහකට කලින්…
“විශ්ව මට හිතෙන්නේ මම ආදරේ කරනවා කියලා…”
විශ්වව මුණ ගැහෙන්න ආපු අකිලාශ් කීවේ… වතුර බිබී හිටපු විශ්වට ඉස්මොල්ලේ යද්දියි..
“ම්..මොකක් කීවා… “
“මම කීවේ…. මම නෙතුලිට ආදරේ කරනවා…
එයාගෙන් ඈත් වෙන්න තියා හිතන්නවත් භයයි මම…
මම මොකද කරන්නේ බන්…
මට දැනෙන විදිහට එයාට දැනෙන්නේ නැත්නම්…
ඒ උනාට මට එයාට මගෙන් ඈත් වෙන්න දෙන්න බෑ විශ්ව…
උබට කියන්න පුලුවන් මම මහ නරක මිනිහෙක් කියලා…
ඒත් දැන් නම් බෑ මට නෙතුලිට මගේ ජිවිතෙන් යන්න දෙන්න… ” අකිලාශ් සුසුමක් හෙලලා කීවේ… විශ්වට මද සිනහවක් එද්දියි…
“ඉතින් කියන්න…”
“මොකක්ද විශ්ව…”
“මම කිව්වේ අකිලාශ්…
කියන්න එයාට ඔයාට දැනෙන හැගීම…
කියන්න ඔයා ආදරේ කරන බව..
කියන්න අවශ්තාවක් දෙන්න කියලා…
උබට වරදින්නේ නෑ මචං…
නංගි අනිවාර්‍යෙන් උබට අවස්තාවක් දෙනවා…
ඒ නිසා භය නැතුව කියන්න…
බොරුවට හිතේ තියාගෙන ආදරේ කරන්නේ නැතුව…
අනික උබ නෙතුලිගේ පුංචිට කියලා ඒ දෙන්නව එකතු කරපන්…
පව් ඒ දෙන්නා බොරුවට ඈත ඉදන් විදවනවා…” විශ්ව අකිලාශ්ගේ පිටට තට්ටු කරලා කීවේ අකිලාශ් ඒ අදහසට එකග වී… කොහොමද හිතේ තියන ඒවා කියන්නෙත් , පුංචිව යාලු කරගන්නෙත් කියල හිතද්දියි…
මෙසේ අකිලාශ් නව බැදීමක් .. බැදීමට අරුතක් ඇති කරගන්න හිතද්දී ලාවන්‍යාගේ පියා තම එකම බැදීම පරිස්සම් කරන්න උත්සහ කරන්නේ දෛවයේ සරදමකට වගේ…
“නිහාල්… මම ලංකාවෙන් යන්න හිතුවා… ” එන්න එන්නම අසාමාන්‍ය ගති ලක්ශන පෙන්නුම් කරන ලාවන්‍යාව රැගෙන ඈතට යන්න හිතුවේ… කලින් වෙච්ච වැරදී ආයි ඈ අතින් වෙන්න දෙන්න බැරි නිසයි…
“එතකොට… උබේ හීන… ” දේශපාලන ජීවිතේ ඉදිරියට යන්න ලයනල් කැපවෙච්ච හැටි දන්නේ ලගම හිටපු නිහාල් විතරයි.. ඒ නිසාම නිහාල් ලයනල්ගෙන් ඇසුවේ ඔහු අසරණව හිනාවෙද්දියි …
“හීන… ඒ හීන හැබෑ කරගන්න ගිහින් තම බන් අද මෙහෙම උනේ…
මට මගේ නෝනව නැති උනා… මට මගේ දුව නැත්තටම නැති වෙනවා බලන්න බෑ බන්…
මේ කාගෙවත් වැරදි නෙමේ මගේ වැරදී…..
බැදීම් පසෙකලා හීන හැබෑකරගන්න ගිය මගේ වැරදී….
හැමදේම දැන දැනත් මට බෑ දුවට ආයි එයාගේ අතින් වැරැද්දක් වෙන්න දෙන්න…
අනික දැන් අකිලාශ් පුතා උනත් අලුතෙන් හදාගත්ත පවුල එක්ක ජීවත් වෙන්න එපැයි…”
“සමාවෙන්න… ලයනල්… ” ලයනල්ට හා ලාවන්‍යාට බලාපොරොත්තු දුන්නේ ඔහු කියා හැගෙද්දී නිහාල් කනගාටුවෙන් කීවේ ලයනල් හිස දෙපසට වනා සමාව ගන්න එපා ලෙස අගවද්දියි…
“හේයි… සමාව ගන්න ඕන නෑ…
වෙන්න තියන දේවල් තමා වෙන්නේ…
එහෙනම් මම හෙට රෑට දුව එක්ක ලංකාවට යනවා…
ආයි එන්න නම් බලාපොරොත්තුවක් නැ….
පරිස්සමින් ඉන්නකෝ…
නිවාඩු වෙලාවක් තිබ්බොත් කෝල් කරන්න..” එසේ කියපු ලයනල් එතනින් ගියේ නිහාල් සුසුමක් හෙලලා බලන් ඉද්දියි…
මෙසේ ලාවන්‍යා හා ලයනල් යනවා කියා ආරංචි වෙද්දී කාලිංග තරහින් දියාගේ කනට ගැහුවේ… මේ එක්කෙනෙක්ගෙන්වත් තමන්ට ඕන දේ සිදු නොවුන එක ගැන තරහටයි..
“අරකිත් යනවා කිසි දෙයක් නොකර…
උබත් මම කියන දේ කරන්නේ නෑ…
තොපිලට මොකද වෙලා තියෙන්නේ ආ..” කාලිංග තරහෙන් කෑ ගැහුවේ දියාට ඉබේම අඩියක් පසුපසට ගද්දියි…
“කාටවත් මුකුත් වෙලා නෑ කාලිංග…
ඔයයි මෙතන අමුතු…
පලිගැනීමක් නිසා අනිත් අයගේ ජීවිතෙත් විනාශ කරලා තමන්ගේ ජිවිතෙත් විනාශ කරගන්නවා…
ඔයා ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නැති උන එකට බනින්නේ අකිලාශ්ට…
ඒත් මට හිතෙන්නේ එයා නැති උනේ ඔයාගෙම වරදින් කියලා…
ඔයා වගේ මිනිහෙක් එක්ක කාටද ඉන්න පුලුවන්..
දෙයියනේ කියලා මම ඉල්ලන්නේ…
මට පාඩුවේ ඉන්න දෙන්න මගේ දරුවා එක්ක…
මට බෑ දැන් දැනත් පවුල් කඩලා තව පව් පුරෝගන්න මම විදවන තරම් හොදටෝම ඇති…
මට ආයි බැරිවෙලාවත් තමුසෙව හම්බෙන්න එපා කියලා මම පතන්නේ…” එසේ කියපු දියා එතනින් ගියේ… තමන්ගේ වැරදි නොතේරුන කාලිංග තවත් තම වැරදි වලට අනිත් අයට බනිමින් … අකිලාශ්ට බනිමින් තරහා ගනිද්දියි…
වර්තමානයට …
“එක අතකින් මට කාලිංග අයියා ගැනයි සදුනි අක්කා ගැනයි ටිකක් දුකයි…
අනික ඇයි ඔයා මුලදිම ඇත්ත කීවේ නැත්තේ…
අයියා අක්කට ආදරේ නැතිවා නෙමේනේ…” නෙතුලි කාලිංග සිහිවෙලා සුසුමක් හෙලලා කීවේ … අකිලාශ් මද සිනහවක් පාද්දියි…
“සැකයක් තියන.. විශ්වාසයක් නැති තැන ආදරයක් කොහෙන්ද මැණික…
කාලිංග මුල ඉදන්ම වරද්ද ගත්තා…
ඌව වලෙන් ගොඩගන්න හදපු සදුනි නංගිවයි මාවයි පෙනුනේ අනියම් සම්බන්දයක් ගෙනියන අය විදිහට…
ඌට තේරුනේ නෑ ඇයි ඒ කෙල්ල ඌ යාලුවෝ එක්ක ඉද්දී මගේ පස්සෙම හිටියේ කියලා…
ඒ කෙල්ලව පරිස්සම් කරන්න කවුරුවත් නෑ මැණික …
කාත් කවුරුත් නෑ…
කාලිංගව මුලු ලෝකෙම කරන් හිටියේ…
ඒත් කොච්චර ආදරේ උනත් මොලේ තියන එකියක් යයිද බීපු සල්ලාලයෝ ඉන්න තැනකට…
උන් මූට පොව පොවා ගෙනි ගෙඩි දෙද්දී ඒවා විශ්වාස කලා…
ඒ අහිංසකි මගේ ලග ඉදන් තැවුනා..
ඔයා දන්නවාද මුල ඉදන්ම මට කියන්න මුලදී මාත් දැනගෙන හිටියේ නෑ…
ඒ කෙල්ලට මූ මාව පටලවලා සැක කරලා ගහලා කැත විදිහට බැනලා…
ඕනම මනුස්සයෙක්ටම ජිවිතේ ඉවසන සීමාවක් තියනවානේ…
තමන්ගේ එකම ලෝකේ නැති උනාම ඒ කෙල්ල ගියා…
ඒත් මූ මොකද කලේ හෙව්වද නෑ..
හෙව්වේ නෑ මට බැන බැන කරන්නේ නැතුව හිටියේ ගෑණූ පස්සෙන් යන එකනේ..
අන්තිමට ඒකත් කලා…
මම මාස ගාණක් හොයලා හොයලා හොයාගත්තේ කාත් කවුරුත් නැතිව හිටපු කෙල්ල සියලු බැදීම් අත හැරලා මහණ වෙලා කියලා…
එයා කාලිංග දැනගන්නවාට කැමති උනේ නැ..
අනික බැදීම් අත හරින්න හදන කෙනෙක්ට මට පරණ බැදීම් වලින් වද දෙන්න හොද බෑනේ..
ඒකයි මම නිහඩවම හිටියේ…
මිනිස්සු මහ අමුතු ජාතියක් මැණික එයාලා මොනාහරි නැති උනාම තමන්ට වැරදුනේ ඇයි කියලා හොයන්න කම්මැලිකමට … කවුරුහරි වෙන කෙනෙක්ට බැන බැන ජිවිතකාලෙම ඉන්නවා..
ඒකයි ඇත්ත… “
“හ්ම්… ඒත් දැන් කාටවත් බැනලා තේරුමක් නෑ..
එයාලා එයාලගේ ගමන ගියා…
අනික දැන් මේ ලෝකේ නැති කාලිංග අයියාට බැනලා වැඩක් නෑ…
එයාගේ වැඩ නිසා අපිට මැණිකක් ලැබුනා… ” නෙතුලි එසේ කීවේ හැමදාම වගේම අදත් තමන්ගේ ගෙල වටේට අතක් යනවා දැනෙද්දියි…
“පුතා… අද කලින්ම…”
ඔව් ඒ… අකිලාශ්ගෙත් නෙතුලිගෙත් ජිවිතයට කාලිංග නොදැනුවත්ව ලබලා දුන්න මැණික… ඔහු අවසානයේ සියල්ලම දැනගෙන තමන් කරපු කියපු දේවල් ගැන පසුතැවී වීදෝලම නැතිවෙලා ගියේ දියා කවදාවත්ම සමාව දී ඔහු ලගට ආවේ නැති නිසයි… දරුවව බිහිකර ඔහුව ඇයට තනියම හදාගන්න වත්කමක් නැති තැන දරුවව ගෙනවිත් නෙතුලිට දුන්නේ ඇය දරුවව මැණිකකටත් වඩා පරිස්සමින් භාරගද්දියි.. එදා දරුවෙක් නැති නිවසට ආලෝකයක් උනු ආලෝක ගජනායක අකිලාශ් හා නෙතුලි ළග හැදුනේ සම්පූර්ණ ලේ බැදීමක් නැති උනත් සෙනෙහේ බැම්මෙන් තිදෙනා එකට බැදෙද්දී… ලොකු වෙද්දී ඇත්ත දැනගත්තත් ආලෝක කවදාවත් අකිලාශ්වත් නෙතුලිවත් හැර නොගියේවත් වචනයකින්වත් දෙයක් නොකීවේ ඔහුගේ හිතේ හැමදාම ඔහු ඔවුන්ගේම දරුවා නිසයි…
“එහෙම ලේට් වෙනවද අද වගේ දවසක…
අපේ ආදර ජෝඩුව එකතු උනේ අද වගේ දවසකනේ…
ඉතින් මාත් ඉන්නත් එපැයිනේ..”
“පුතාට මතකද…” ආලෝක කියපු දේට පුදුමව නෙතුලි ඇසුවේ ඔවුන් කාටවත් ඒ ගැන මතක් කරන්න නොගිය නිසයි…
“මේ පුතාට අම්මගෙයි අප්පචිගෙයි ඒවා එහෙම අමතක වෙනවයැ…
මාව අමතක කරලා වගේ හුදෙකලාවේ දෙන්නම ඉන්න හදනවා මෙතන..
කෝ කෝ නැගිටලා දෙන්නම ලැහැස්තිවෙන්න…
අපි පන්සල් ගිහින් එළියෙන් ඩිනර් අරගෙනත් එමු… ” ආලෝක අකිලාශ්ටත් නෙතුලිටත් එසේ කියමින් ගෙට ගියේ නෙතුලි අකිලාශ් දිහා බලලා සතුටු සිනහවක් පාද්දියි…
“ඒ දරුවා ගිය ආත්මේ මගේම දරුවෙක් වෙන්න ඇති…”
“කුසෙන් නොවැදුවට ආලෝක කියන්නේ මේ ආත්මෙත් අපේ දරුවෙක් තමයි මැණික…
නැත්නම් ඉපදුනු ගමන්ම අපි ළගට එයි ඈ… ” එසේ කියමින් අකිලාශ් නෙතුලිවද එක්කන් ගෙට ගියේ බැදීම් ලිහෙන්න තව ළග වැඩී කියලා දැනෙද්දියි…
සමාප්තයි❤️
✍️සකුරා දුල්ශි✍️
🎵️සසරේ අතරමඟ එක් නැවතුමකි ජීවිතය
උපන්දා සිට මියෙන තෙක්ම
හමුවන වෙන්වන අය බොහෝය ඒ තුළ
සිතින් ගතින් බැඳෙන්නවුන් අතර
ආදරණීය ප්‍රේමණීය ස්නේහවන්ත බැඳීම් මැද
තවත් අය සතුරුකමින් බැඳෙන
අරුම පුදුම නවාතැනකි ජීවිතය