සෙනේහේ බන්ධන 💕💕💕
හයවන කොටස ✍️✍️
“ශ්… ඉට්ස් ඕකේ…
එච්චර හිතන්න එපා..
මං උනත් මෙතන කිහිප දෙනෙක් ඇරෙන්න සමහර අයව දන්නෙත් නෑ…
මොකද මෙතන අප්පච්චිගේ බිස්නස් පාට්නර්ස්ලත් ඉන්නවනේ…
බොරුවට භය වෙන්න එපා…
මම ළගින්ම ඉන්නවා… “
පාර්ටියක් කීවාට ග්‍රෑන්ඩ් විදිහට සරසලා තිබ්බ ගාර්ඩ්න් එක දකිද්දී නෙතුලි වටපිට බැලුවේ ඇවිත් ඉන්න එක අමුත්තෙක්වත් තමන් දන්න අය නොවෙන නිසා මද අපහසුතාවයකිනි.. ඒත් ඇයගේ හිත වැටහුනු අකිලාශ් ඇගේ ඉනෙන් අත දමා තමන්ට ලං කරලා කොදුරා කීවේ.. ඇය හොද හුස්මක් අරන් සන්සුන් වෙන්න ගනිද්දියි…
“අකිලාශ් හැපි මැරේජ් ලයිෆ් …
මම ඒත් ආශාවෙන් හිටියේ මාව ප්‍රොපෝස් කරලා තියෙද්දී මැරි කලා කියලා ආරංචියක් ආපුවාම…
කව්ද ඒ කෙල්ල කියලා බලන්න… ” ඇගටම හිරවෙච්ච මෙරුන් කලර් ෆ්‍රොක් එකක් ඇදගත්ත කෙනෙක් ඇවිත් කීවේ … නෙතුලි උනත් ඈගේ ආකර්ශනීය පෙනුම දිහා ගොලු වෙලා වගේ බලන් ඉද්දියි… ඒත් ඇය කියූ වචන වල තේරුම ඔලුවට කාවදිනවාත් එක්ක නෙතුලි අකිලාශ් දෙස බැලුවේ.. ඔහු ඉක්මනට අත් දෙක යටත් වෙනවා වගේ පෙන්නලා කතා කරද්දියි…
“අනේ වයිෆි…
අපිව ප්‍රොපෝස් කරලා නෑ හරියටම බැලුවොත්..
මම කීවේ කලින්ම මට දුන්න කාල සීමාව ඇතුලත කෙනෙක් හොයා නොගත්තොත් අප්පච්චි හොයලා දෙනවා කියලා…
අප්පච්චිගේ හිතේ හිටියේ මෙයා තමා එයා ….
නම ලාවන්‍යා… අප්පච්චිගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ගේ දුවෙක්… “
“හරි ඉතින් මම මුකුත් කීවැයි… ” අකිලාශ්ගේ පැහැදිලි කිරීමට හිත සතුටු උනත් ගානක් නෑ වගේ ඇය කීවේ… එතන හිටි ලාවන්‍යා මූණ ඇදකරගනිද්දියි…
“එහෙනම් මම යන්නම්… ” තරහින් පුපුරමින් දෙදෙනාගෙන් ඉවතට ගිය ලාවන්‍යා කාගෙද ඇගේ හැප්පෙද්දී… ඇය එම සේවකයාට බැනගෙන බැනගෙන ගියේ ඒ අසළ හිටි කාවිංග ඉක්මනට ඇය වෙත ගොස් ඇගේ හැසිරීම කවුරුවත් දකින්න කලින් අයිනකට එක්කන් ගියේ ලාවන්‍යාගේ දැගලිලි මැදමයි …
“මොකද වෙලා තියෙන්නේ ඔහෙට…
ඒ මිනිහා උවමනාවෙන්මයි මගේ ඇගේ හැප්පුනේ…
ඒත් දැන් මම වැරදියි වගේ පැත්තකට එක්කන් යන්නේ.. ආ..”
“ලාවන්‍යා මම ඔයාව පැත්තකට එක්කන් ගියේ ඔයාට ලැජ්ජාවෙන්න දෙන්න බැරි නිසා…
ඒ මනුස්සයා වැරදිලා හැප්පුනේ.. ඒත් ඔයා බැන්නේ ඒකටද….
ඔයා බොරුවට අකිලාශ්ගෙන් ගන්න බැරි තරහා ඒ අහිංසකයන්ගෙ පිරිමහනවා…”
“ම්..මම මොකට…ද අකිලා…ශ් එක්ක ත…රහා…
අපි අත…ර බැ …දීමක් .. තිබ්බෙත් නෑ..
මම ආදරේ කලෙ…ත් නෑ…” කාවිංග ඇගේ හිත තේරුම් ගනිද්දි ඇය අපහසුතාවෙන් ඔහු දිහා නොබලා හැම තැන්ම බලමින් ගොත ගසා කීවේ… කාවිංග හයියෙන් හිනාවෙන්න ගනිද්දියි…
” ඔහ් ඇත්තටම…
මම ඔයාව දන්නවා ලාවන්‍යා ඔයා අකිලාශ්ට ආදරේ නෑ…
ඒත් අකිලාශ් ඔයාව ගානක් නැතිව අයින් කරලා දාද්දී තරහයි…
ඒක ඔයාට කරපු අවමානයක් වගේ දැනෙන්නෙ…
ප්‍රසිද්ධ ඇමතිවරයෙක්ගේ දුවක්…
ලස්සන උගත්… හැමෝම අත ගන්න ආශාවෙන් ඉන්න ඔයාව අවශ්තාව ලැබිලත් අකිලාශ් ඔයාව තෝරනොගෙන වෙන කෙනෙක්ව තෝරගද්දී ඔයාට ලැජ්ජයි…
ඒකනේ මේ තරහා… ආ…
එත් ලාවන්‍යා ඔයා මේ තරහා අර සේවකයගෙන් පිරිමැහුවා කියලා ඔයාට ලැබෙන ලාභේ මොකක්ද..
ඔයාව රිදවපු අය අතන සතුටින් හිනාවෙලා ඉද්දී… “
“ඔව්… මම තරහා ගන්න හොද නෑ…
ඉක්මනට ඔයාට අඩන්න සලස්වනවා අකිලාශ්…
ඔය කෙල්ල ඔයාව දාලා යද්දී අපි බලමු…” ඇය කුරිරු හිනාවක් අරන් තමන්ටම මිමිණුවත්… ඇගේ හිනාව දුටු කාවිංග කටකොනකින් හිනා වුනේ දැන් තමන්ට පැත්තකට වෙලා බලන් ඉන්න තියෙන්නේ කියලා හිතද්දියි…
“නෙතුලි…. ඇති දැන් ඔය ඇඩුවා…
ඔහොම අඩලා දැන් ඔයාව ලෙඩ වෙනවා…”
පාර්ටිය නිම වී කාමරයට ආ සැනින්ම ඇය ඇද බදාගෙන අඩන්න ගත්තේ අවසානේ තමන්ගේ හිතේ හැම පීඩනයක්ම පිට කරද්දියි…
“ඔයා කියයි …
ඒත් මමනේ දන්නේ පුංචි මගේ දිහා බලන් හිටපු හැටි…
මගේ හිත රිදෙනවා… “
පාර්ටිය අවසාන වේගන එද්දී තිළිණිත් සුජානිත් ආවේ කෙල්ලව ඒ දසුනෙන් ඇග පන නැතිවෙලා යනවා වගේ දැනෙද්දියි… තමන් දෙස බලන් පුංචි අඩියක් අඩියක් තියන ගානේ ඇගේ මුලු හිතම පැහැදිලි කරගන්න නොහැකී හැගූම් වලින් එකපිට එකපිට පිරීගියේ ඇය අකිලාශ්ගේ අත් වාරුවෙන් හිටගෙන ඉද්දියි…
“ප්…පුංචි… “
“මගේ දුව ලස්සනයිනේ….
මම කවදාවත් හිතුවේ නෑ ඔයා මං වෙනුවෙන් මෙහෙම දෙයක් කරයි කියලා…
පුතාගෙන් කිසි දෙයක් ඉල්ලන්න බෑ මට…
මම ජිවත් වෙන්නෙම පුතා නිසා…
ඒත් මේ අසරණ මම දෙයක් ඉල්ලන්නම්…
ඔය කෙල්ලව බලාගන්න පුතේ…
පණ්ඩිතකම් කරන්න ගියාට තාම පුංචි කෙල්ලෙක්…
මට සමාවෙන්න දුවේ මේ හැමදේම මම නිසා…” නෙතුලිට කිසිවක් කියන්න නොදී අකිලාශ්ට සුජානි එසේ කියලා නෙතුලිව වැළදගෙන හිස සිඹ එතනින් ගියේ …. තිළිනිත් දෙදෙනාටම සුභ පතා රහසින් යමන් පවසද්දියි…
“භය වෙන්න එපා..
මම පුංචිව බලාගන්නම්…
ඔයාගේ ෆොටෝ වගයක් ලැබිලා..
පස්සේ මම සැර බාල කරලා කීවේ.. වෙන් වෙන කතා කීවේ නෑ…
ඒ නිසා කතා කරද්දී පරිස්සමින්…
ඔය චුට්ටක් දුකින් ඉන්නේ…” එසේ පවසපු තිළිනි ඉවත්ව ගිය පසු ඇය එතන හිටියේ මළකදක් ගානටය… ඇයව එසේ දකින අකිලාශ්ගේ හිත පවා වේදනාවකින් වැසී ගියේ මේ හැමදේම තමන් නිසා නේදැයි හැගෙද්දියි…
“හරි අපි පුංචිගෙන් සමාව ගමු…
එයා සමාව දෙයි නංගි…
ඔයාලැ පුංචි කොච්චර හොදද මොන දේ උනත් වචනයක්වත් ඔයාට ලැජ්ජා වෙන විදිහට හිත රිදෙන විදිහට කීවේ නෑ…”
“ඒකමයි අකිලාශ් මට තියන දුක…
දැන් උනත් එයා හිතුවේ මම ගැන…
ඒකයි මේ හිත රිදෙන්නේ..”
“අපි හෙටම යමු පුංචිව හම්බෙන්න.. දැන් නාඩා නිදාගන්න…. ” අඩන කෙල්ලගේ හිස පිරිමදිමින් ඔහු කීවේ තව පිරිසකට බලාපොරොත්තු විදිහට කිසි දෙයක් නොවෙද්දී තරහින් පිපිරෙද්දියි…
“තමුන්ලා මම කියපු විදිහට හැමදේම කලාද ආ..
එහෙනම් ඇයි ඒ ගෑනි දුවව භාරදෙන්න වගේ ඇවිත් ගියේ…
ඇයි ඒ ගෑණි මෙතන ඇඩුනේ වැළපුනේ තරහා ගත්තේ නැත්තේ … ආ… “
“ස්…සමාවෙන්න සර්….
අපි කිය..පු විදිහටම කලා…
ඒ ගෑණීට් හාට් ඇටැක් වගේ එන්නත් ආ…වා අපි එද්දී…
ඒත් මම දන්නේ නෑ..
ඇයි එයා එතන සන්සුන් විදිහට හැසුරුනේ..” කාවිංග තරහින් සුජානිව හම්බෙන්න ආපු දෙදෙනාට ගසන ගමන් අසද්දී ඔවුන් භයෙන් භයේ කීවේ … කාවිංගගේ හැටි හොදටම දන්න නිසයි…
“දුවේ.. මේ මොකද මේ… “
පාර්ටියට ගිහින් ආපු වෙලේ ඉදන් පිස්සුවෙන් වගේ බඩු පොළේ ගගහා කෑ ගහන ලාවන්‍යාගෙන් ලයනල් ඇසුවේ… ඇය දඩස් ගාලා දොර වහගනිද්දියි….
“මාව රිදවලා කිසි කෙනෙක්ට සැනසීමෙන් ඉන්න දෙන්නේ නෑ…
අකිලාශ් ඔහේගේ වයිෆ්ව පරිස්සම් කරගන්නවා…
කොයිවෙලාවේ හොරු අරන් යයිද දන්නේ නෑ…
හහ්… තොපිලා කවුරුත් දන්නේ නෑ…
මාව රිදවපු අයට උන දේ…. ” ඇය වියරුවෙන් කෑ ගසද්දී… නැවත ඇයගේ අසනීපතත්වය නැගී එන බව දුටු ලයනල් ඉක්මනට වෛද්‍යවරයාට කතා කලේ අවුරුදු ගානක් පසුතැවෙන සිදුවීම සිහියට නැගෙද්දියි…
දේශපාලනයේ ඉදිරිය ගැන හිතපු ලයනල්ට තම පවුල මග හැරී ගියේ ලාවන්‍යාගේ මවත් හිතෙන් විදවලා විදවලාම මිය යද්දියි… ඈගේ මිය යෑම ලොකුවටම බලපෑවේ ලාවන්‍යාටයි… අම්මා නැති දරුවා කියා හැමෝම ඇයට අනුකම්පාවෙන් සලකද්දී… තම පියාත් ඉල්ලන හැමදේම ඇයට දෙන්න ගද්දී ඒ කුඩා සිතේ පැළවුනා බීජයක්… අම්මත් නැති නිසා ඇයට හැමදේම ලැබෙන්න ඕනේ කියා… ඉතින් කොයිවෙලේ හරි ඇයට ඕන දෙයක් නොලැබුනොත් ඇය රණ්ඩු කරන්න ගත්තේ මුලදී ඒක දරුවන්ගේ සාමන්‍ය ක්‍රියාවක් කියා සිතා ගනන් නොගෙන ඉද්දියි… නමුත් දිනක් පාසල් තෑගි ප්‍රධානෝත්සවයකට ලයනල් සහභාගී වූයේ ආරාධනයකට වඩා ඒ තම දුවගේ පාසල වගේම එදින ඇයටද තෑගී හිමී වූ බැවිනි.. ඇය දෙවනි ස්ථානයට හිමි තෑගී ගනිද්දී ලයනල් පවා අත්පුඩි ගැසුවේ තම දියණිය ගැන සතුටු වෙමිනි… උත්සවය නිම වී දුව කොහෙදැයි සොයද්දී ඔහු දුටුවේ තම දියණිය එක දරුවෙක්ව පඩිපෙළින් තල්ලු කරනවායි… එසේ තල්ලු කර පොඩි භයක්වත් දුකක්වත් නැතිව හිනා උනු ඈ මිමිණුවේ ඇගේ හඩ ලයනල්ට පවා ඇසෙද්දියි…
“මගේ දේවල් මට නැත්නම් කාටවත්ම නෑ …
මගේ ඒවා ගත්ත අයට ජිවත් වෙන්නත් හොදින් ඉන්නත් බෑ … ” එදා ලයනල් දුවගේ වෙනස්ම පැත්තක් දැක බියවී එය දැකපු හැමෝටම මුදල් දීලා කට වසද්දී… පඩි පෙළින් වැටුන ළමයට පවා සල්ලි දීලා මේ සිදූවීම වසා දැමුවේ… ලාවන්‍යාව මනෝ වෛද්‍යවරයෙකුට භාර දීමෙනි… ඒත් සියයට සියයක් සුව වීම වෛද්‍යවරයාට පවා සහතික කරගන්නට නොහැකි වෙද්දී ලයනල් එදා පටන් හැම අවදානයක්ම ඇයට දුන්නේ… ඇයට තව වැරැද්දක් කරන්නට අවකාශය උපරීම සීමා කරමිනි… නමුත් නැවත එම ස්වරූපය මතුවෙන්න ගනිද්දී ඔහු භය උනේ.. නොදැනීම අකිලාශ්ට පවා හිත බනින්න ගනිද්දියි…
“අකිලාශ්… අයියෝ නැගිටින්නකෝ…
මම දන්නේ නෑ මම එන්න කලින් ඔයා කොහොම නැගිටිනවද කියලා…
දැන් මේක පුරුද්දකට ගිහින්නේ…
අද උදේම යන්න ඕනේ කිව්වා නේද…
නඩුවක් තියනවා කියලා… ආ..”
පාර්ටිය නිම වී පසුදාම නැවත අකිලාශ් එක්ක නෙතුලි ආවේ කොළඹ අකිලාශ්ගේ නිවසටයි… මේ ආපු මාස දෙක තුනටම පුංචිව ඇය යහලු කරගන්න හැදුවත් කෙල්ලට තරහින් එක වචනයක්වත් නොකියා කෙල්ලව හැම වෙලාවෙම ප්‍රතික්ශේප කලේ හැමදේම එයාගේ වැරදි ලෙස පවසමිනි… අකිලාශ් හිතුවට වඩා නෙතුලි හැමදේටම වගේ සහය දෙද්දී ඇය ඉබේම බිරිදක් ලෙස ඇගේ යුතුකම් වගකීම් කරන්න ගත්තේ අකිලාශ් උනත් ඒ ජීවන රටාවට ඇබ්බැහි වෙද්දියි…
“අයි…යෝ කවදද මට ආයි දවල් වෙනකම් නිදාගන්න වෙන්නේ ….” දැන් දවස් දෙක තුනක් තිස්සේම උදේම ගිහින් රෑ වෙලා එන තරම් කාර්‍යබහුල වෙච්ච අකිලාශ් මූණත් ඇද කරන් නැගිට්ටේ නෙතුලිගේ මුවට ඉබේම හිනහවක් එද්දියි…
“හරි හරි හෙට සෙනසුරාදනේ…
හෙට දවල් වෙනකම් නිදාගන්න දෙන්නම්කෝ…
දැන් ඉක්මන…ට දු…වලා ගිහින් වොශ් එකක් දාගෙන එන්න…
මම බ්‍රෙක්ෆස්ට් රෙඩි කරලා තියෙන්නේ…”
“හා…කෝ… ” කෙල්ලට ඇද කරලා එහෙම කියපු කොල්ලා වොශ් රූම් එකට ගියේ කෙල්ල ඔහුට ඇදුමකුත් ලැහැස්ති කරලා තියද්දී…
“එයා බිසී කියනවා…
මම මේ උදේ වැඩ ටික ඉවර උනාම…
දවසම නිකන්…
පුංචිවත් වද දීලා හරි කමක් නෑ යාලු කරගන්න…
අදත් ඒ පැත්තේ යන්න ඕනේ…
ජිවිත කාලෙම තරහා වෙලා ඉන්නේ නෑනේ…” තමන්ටම කියන ගමන් කාමරෙන් කෙල්ල එළියට ගියේ… පුංචිව මතක් වෙලා පොඩි දුකක් හිතට එද්දියි…
අකිලාශ් රෑ කෑම අරගෙනම නිවසට ආපුවාම කෑම ගන්න ගමන් ඔහු දෙස සැරින් සැරේ නෙතු බලද්දී ..
“දැන් මොනාද කියන්න ඕනේ… ම්ම්.. ” කියලා ඇහුවේ.. කෙල්ල මදක් ලැජ්ජාවෙන් රතු වෙද්දියි…
“නෑ… හෙට සෙනසුරාදනේ.. “
“ඔව්.. අද සිකුරාදා නිසා හෙට සෙනසුරාදා වෙන්නම එපැයි…”
“මේ පොඩ්ඩක් ඉන්නවද කියලා ඉවර වෙනකම්.. ” අකිලාශ් තමන් කියන දේ ගනන් ගන්නේ නැතිව කතා කරද්දී … ඔහුට සැර කරපු නෙතුලි නැවත කතා කරන්න ගත්තේ.. ඔහු ඇය දෙස බලද්දියි…
“සෙනසුරාදා නිසා ඔයාට නිවාඩුයි…
මම මේ දවස් ගානකට කොහෙවත් ගියෙත් නෑ…
අපි ඇවිදින්න යමු…
හෙට හැන්දෑවට වගේ යමු බීච් එක පැත්තේ…
අනේ යමු අනිවාර්‍යෙන්ම හොදේ..
හා නේද… “
“ආයි මගෙන් මොකෝ හා කියලා අහගන්නේ…
අනිවාර්‍යෙන්ම යන්න ඕනෙ නම්…
මම බෑ කීවත් බලෙන් හරි මාව එක්කන් යයිනේ..
හෙට හවසට යමු…
උදේට මට සදුදා තියන නඩුවට පොඩි ඩීටේල්ස් ටිකක් ගන්න ගමනක් යන්න වෙනවා…
හවස අනිවාර්‍යෙන්ම යමු ….” අකිලාශ් හිනාවෙවී අත හෝද ගනිමින් කීවේ නෙතුලි ඔහුට ගස්සලා කෑම මේසේ අස් කරද්දියි.
“කාලිංග…
ඇයි මාව මෙහෙම අයින් කරන්නේ…
මේ මගේ විතරක් නෙමේ … ඔයාගෙත් දරුවා…
මාව පාවිච්චි කරලා කරලා අයින් කරනවද…
ඔයා මට ආදරේ නැද්ද…” තමන් ප්‍රෙග්නන්ට් කියලා දැනගත්ත වෙලේ ඉදන් තමන්ව මග හරින කාලිංග ලග වැද වැටිලා දියා කීවේ … ඔහු හිනාවෙවී ඇය දෙස බලද්දීයි…
“ආදරය…
කවදද අපි අපිට ආදරේ කලේ ආ..
ඔයා ආදරේ කලේ මගේ සල්ලි වලට මම ආදරේ කලේ ඔය ඇගට…
ඒකයි ඇත්ත…
අනික මම රේප් කලා වගේ කතා කරන්න එපා දියා..
වෙච්ච හැමදේම උනේ ඔයාගේ කැමැත්තෙන්..
ඔයා දැනගන්න තිබ්බා පරිස්සම්වෙන්න…
අනික ඔයා විතරක් නෙමේ පළවෙනි කෙනා මගේ ලග හඩා වැලපිලා දරුවා එක්ක භාරගන්න කියපු…
ඇබෝශන් කරලා දානවා ඕකව..
හිතන්න එපා දරුවා නිසා මාව බ්ලැක්මේල් කරන්න…
දැන්.. යන…වා මෙතනින්..”
“කා…කාලිංග… ” කිසි හැගීමක් නැතිවම එසේ කියපු කාලිංග එතනින් යන්න හැදුවත් නැවත යමක් කල්පනා උනා වගේ දියා දෙස බැලුවේ… ඇගේ හිතේ නැවත බලාපොරොත්තුවක් නලියද්දියි….
“දරුවව ඇබෝශන් කරන්න බැයිද… “
“බැ..බැහැ බැහැ කාලිංග මේ අපේ දරුවා…” දියා ඉක්මනට කීවේ කාලිංග හිස වනද්දියි…
“හොදයි… එහෙනම් ඔය දරුවට තාත්තෙක් එපැයි…
මම මගේ යාලුවෙක්ට කියලා ෆොටෝ වගයක් ඉඩිට් කරලා දෙන්නම්…
ඔයා අකිලාශ්ගේ වයිෆ්ව හම්බෙලා කියන්න..
ඔය බඩේ ඉන්න දරුවා එයාගේ කියලා… “
“මොකක්.. එහෙම වෙන්නේ කොහොමද මම අකිලාශ්ව මූණට මූණ හම්බෙලත් නෑ…” කාලිංග කියපු දෙයින් භයවෙලා වගේ දියා කීවේ ඔහු හිනාවෙද්දියි…
“ඒක දන්නේ ඔයානේ..
අනික එඩිට් කරපු ෆොටෝ දෙන්නේ ඔප්පු කරන්න… “
“ඒත් කාලිංග මේ ඔයාගේ දරුවා…
ඩී එන් ඒ ටෙස්ට් එකක් කරොත් අනිවාර්‍යෙන් ඔප්පු වෙනවා දරුවා අකිලාශ්ගේ නෙමේ කියලා…
ඇයි ඔයා මෙහෙම කරන්නේ.. ” දියා අඩ අඩාම ඇහුවේ තම කුසේ ඉන්න දරුවා ගැන අනුකම්පාවෙනි..
“ඒකට ටික කලක් යනවා..
ඒත් ඒ ගෑණි ඌ නෑ කියද්දිත් සැකකරද්දී…
දාලා යන්න හදද්දි…
කොහොමද ආ… හහ් හා..
මම දරුවව කොහොමත් භාර ගන්නේ නෑ…
ඒ නිසා මම කියපු දේ කරන්න හෙට ලැහැස්ති වෙනවා… ” කිසි අනුකම්පාවක් නැතිව එසේ කියපු කාලිංග එතනින් ගියේ දියා හඩ හඩාම එදෙස බලන් ඉද්දියි…
ඊළග කොටසින් හමුවෙමු