සෙනේහේ බන්ධන 💕💕💕

පස්වන කොටස ✍️✍️

“ඔය දරුවා මොනාද කියන්නේ…

මං හිතන්නේ වැරදි කෙනාටද කොහෙද කතා කරන්නේ… “

නෙතුලි ගිහින් දවල් විතර වෙද්දී තරුණයන් දෙදෙනෙක් ඇවිත් කීව දෙයින් කලබල උනු සුජානි ඔවුන්ට කීවේ.. ඔවුන් දෙදෙනා නම් හිනා වේගෙනම අපිට නෙමේ වැරදිලා තියෙන්නේ කියලා මුහුණෙන් පෙන්නුම් කරද්දියි…

“ආන්ටි…

නෙතුලි ආක්ශා කියන්නේ ඔයාගේ අක්කගේ දුව නේද…

එහෙනම් මට වැරදිලා නෑ…

මම එයා ගැන තමයි කීවේ…

ඔයාගේ දුව මැරිකරලා ඉන්නේ…

ඕන නම් මේක බලන්න…

මේ තරම් එයාගේ මැරේජ් සර්ටිෆිකෙට් එකේ කොපියක්…

අනික එයා අද ගියේ එයාගේ හස්බන්ඩ්ගේ ෆැමිලි එකේ අයව හම්බෙන්න….

ඕන නම් මේ ෆොටෝස් බලන්න…” ටේබල් එකේ ෆොටෝ අතුරවමින් තරුණ පුද්ගලයා කීවේ ලාවට සුජානිගේ පපුව රිදෙන්න ගද්දියි…

“ඒ….ත් මගේ දරු….වා..

ඇයි මට හැංගු….වෙ..

නෑ නෑ…මේවා බොරු…”

“ඔහ්… විශ්වාස නැත්නම් හෙට අට වෙද්දී රෑට මේ ඇඩ්‍රස් එකට යන්න…

එතකොට ඇස් දෙකටම බලාගන්න පුලුවන්….

අපි යන්නම්…. “

ඇගේ හිතට ගිනි ගෙඩි දෙමින් හැමදේම කියපු ඔවුන් නැවත වරක්වත් සුජානි දෙස නොබලාම ගියේ… සුජානි වෙව්ලන අතින් නෙතුලිට කෝල් එකක් ගනිද්දියි… කෝල් කරලා අහද්දී පවා ඇය කිසි දෙයක් නොකියද්දී ඇය රිදෙන පපුවත් අල්ලන් අමාරුවෙන් ඉදගත්තේ… ගෙට ඇතුලු වෙමින් උන්න තිළිණි භයවෙලා දුවගෙන එද්දියි…

“ඇන්…ටි…

මොකද උනේ… සුජානි ඇන්ටි…

කොහෙද බෙහෙත් තියෙන්නේ…” සුජානි අමාරුවෙන් බෙහෙත් තියන තැන අත දික් කරලා පෙන්නද්දී ඉක්මන් කරපු තිළිණි ඉක්මනට බෙහෙත් පොවා ඇගේ පපුව අතගාන්න ගද්දියි….

“ඇයි ආන්…ටි…

මොකද උනේ…

කව්ද අර ආපු මිනිස්සු…” කඩේ ගිහින් ආපු තිළිණි සුජානිව සොයන් ආවේම වාහනයක් නිවසින් එළියට දානවා දැක්ක නිසයි… තමන්ට එන්න හිතුන එක වාසනාවට වෙච්ච දෙයක් කියා ඇයට සිතුනු තමා ආවේ නැත්නම් මොනවයින් මොනවා වෙයිද කියලා හිතාගන්න බැරිවෙද්දියි…

“අනේ දු…වේ මගේ කෙල්ල…ට මාව වටින්නේ නැතුව ගිහින්….

මගේ ලග හිටපු පො…ඩි එකී නෑ…

එයා ලොකු වෙලා මට නොකියා ලොකු තීරණත් අරන්…

ම…මට එක පාරක් අහන්න ඕනෙ ඒකීගෙන්….

මේ ලෙඩ පුංචිව වටින්නේ නැතු…ව ගියාද කිය…ලා දැනගන්න…” තාමත් මේසේ අතුරපු ෆොටෝ පෙන්නමින් සුජානි ඇඩුවේ ඒවා දැක තිළිණි සුදුමැලි වෙද්දියි…

“ඩ්…දෙවියනේ… ඇ…ඇන්ටි අර මනුස්සයෝ…ද මේවා ගෙනාවේ…

පො..පොඩ්ඩක් නාඩා ඉන්න…කෝ මං කිය….න දේ අහලා…

සන්සු..න් වෙන්නකෝ…

ම්..මං මොක…ද උනේ කිය…ලා කියන්..න…”

“ශිට්… එකපාර මොකද උනේ…

ෆෝ..න් එක ඔන් වෙන්නේ නෑනේ…”

සුජානිට කතා කරලා කල්පනා කරමින් එන්න ආපු කෙල්ල ගලක හැපිලා වැටෙන්න ගියේ ඇයට හීරීමක්වත් නොවුනත් අත තිබූ දුරකතනය වැටී ක්‍රියා විරහිත වෙද්දියි….

“මොකද නෙතූ උනේ…”

“මේ..ක බිම වැටුනා…
දැන් ඔන් වෙන්නේ නෑනේ…” කෙල්ලගේ පරක්කුව දැකපු අකිලාශ් ෆෝන් එක එහාට මෙහාට කරමින් තට්ටු කරමින් ඉන්නව දැක ඇසුවේ… කෙල්ල මූණ ඇදකරගෙන දුරකතනය පෙන්නා කියද්දියි…

“ඔහ්..ඕකද…

හෙට ඕක මං හදන්න පුලුවන්ද බලන්නම්…

නැතන්ම් එකක් මං ගෙනත් දෙන්නම්කෝ…

දැන් යමු අන්න අම්මලා අපි එක්ක කතා කරන්න බලන් ඉන්නවා….

කලබල නොවී උත්තර දෙන්න….

උත්තර දෙන්න බැරි ඒවා තියනවා නම් ඒත් කමක් නැ….

මං ඒවා බලාගන්නම් … ” කෙල්ලගේ අත අල්ලන් ඇතුලට එක්ක යන ගමන් අකිලාශ් හිමිහිට කීවේ කෙල්ල හිස වනද්දියි….

“ඔහ්.. අපි ඒත් මේ ළමයි කෝ කියලා බැලුවා….

එන්න දරුවෝ ඉදගන්නකෝ….

අපි හරියට දුවගේ නමවත් දන්නේ නෑනේ…” නෙතුලි හා අකිලාශ් දෙස බලමින් නාලිකා කීවේ… කෙල්ලගේ හැම විස්තරයක්ම මේ වෙද්දී දැන උන්නූ නිහාල් පසෙකින් ඉදගෙන කෙල්ලව පරීක්ශා කරදියි…

“ම්..මගේ නම නෙතුලි ආක්ශා…”

“අකිලාශ්.. අකීරා.. ආක්ශා..

වාව්.. ” ආකිලාශ්ගේ පොඩි නංගි අකීරා කීවේ එකිනෙකට ගැළපෙන තව නමක් හම්බුනා කියා ලොකු සතුටකිනි..

“මේ කෙල්ලට පිස්සු දුවේ…

හැමවෙලාවෙම මොනාහරි කමක් නෑ මැච් කරනවා…

ඉතින් දුවගේ වයස කීයද …

මොකද කරන්නේ…

අම්මා තාත්තා මොකද කරන්නේ…

එයාලාගේ කැමැත්ත ඇතුවද මේ මැරේජ් එක කලෙ…”

“අම්මා මොනවද අහන්නේ…
ඉස්සෙල්ලාම අක්කේ කියන්නකෝ ඔයාලගේ ලව් ස්ටෝරි එක… ” නාලිකාගේ ප්‍රශ්න වැලට බාධා කරමින් අකිරා කීවේ…. නෙතුලී හොදටම නොසන්සුන් වෙද්දියී… ඒත් පිටතට නොපෙනෙන්න ඇය සිනහවක් අරගත්තේ අකිලාශ් දෙසද බලමිනි…

“ම…මගේ වයස දහ නමය..යි…

ඒලෙවල් කරලා අවුට් උන ගමන්…

කැම්පස් යන්න ලකුණු ටිකක් මදී ..

ඒ නිසා ජොබ් එකක් කරන්න හිතන් උන්නේ…

මගේ අම්මයි තාත්තයි නැති උනේ මට අවුරුදු පහේදී විතර ආන්ටි….

මාව පුංචි බලාගත්තේ…

එයාට එකපාරටම ළගදී හාට් ප්‍රොබ්ලම් එකක් නිසා අසනීප වෙලා ඔප්රේශන් එකක් කරන්න උනා….

අකිලාශ් තමා ඒ වෙලාවේ මට හයියක් උනේ…

ඉතින් එයාගේ ප්‍රශ්නේ දැනගත්තාම ම්..මට මුකුත් නොකර ඉන්නත් බැරි උනා…

මොකද මම අකිලාශ්ට… එයාගේ ගතිගුණ වලට ගොඩාක් කැමතියිනේ… ” අකිලාශ් දෙස බලාගෙන ඈ අවංකවම කීවේ අවසාන එක කියනවාත් සමග ලැජ්ජාවෙන් රෝස පාට වෙද්දියී…

“මට ප්‍රශ්නයක් තිබ්බා තමා…

එයාට මම මුකුත් බලාගෙන නෙමේ අම්මේ උදව් කලේ ….

ඒත් දැන් මම සතුටින් එයාම මගේ වයිෆ් උනාට…” කෙල්ල භය නැතුව ඇත්ත සැහැල්ලු ලෙස කියද්දී … අකිලාශ් කීවේ ඇත්තටම හිතේ තියන හැගීම්…

“හ්ම් අපිට තේරෙනවා…
මතක තියාගන්න දරුවනේ විවාහයකට කවදාවත් බලපාන්නේ නෑ…

විවාහ වෙන්න කලින් කොච්චර දෙන්නා අදුරගත්තද ආදරේ කලාද … නැද්ද කියලා…

මොකද එක වහලක් යටට අපුවාම කලින්ට වඩා හැමදේම වෙනස් වෙනවා….

එතනදී වැදගත් වෙන්නේ එකිනෙකාව තේරුම් ගැනීම… සහය දීම… විශ්වාස කීරීම…

ඕවා තියනවා නම් සාර්ථක විවාහයක් ගත කරන්න කිසිම ප්‍රශ්නයක් නෑ….

මුලද මොනා හිතේ තියන් … මොන හේතුන් මත විවාහ උනත් අන්තිමට තියෙන්න ඕනේ එකම උත්තරේ දෙන්නා අවසානේ තෙක්ම හොද විවාහයක් ගත කරන එක…

මම හිතනවා ඔය දෙන්නට ඒක කරන්න පුලුවන් වෙයි කියලා…

ඒ වගේම අපි ආශිර්වාද කරනවා…” මෙච්චර වෙලා නිහඩව උන්නු නිහාල් කීවේ නෙතුලිගේ හැසීරීම කතාව ඒ හැමදේම ගැන පැහැදීමෙනි…. මොන දේ උනත් මේ වෙලාවේ නෙතුලි බොරු කියලා රගපෑවා නම් තම පුතාගෙන් ඇයව අයින් කරන්න ඔහු මොහොතක්වත් හිතන්නේ නැහැ… මොකද අකිලාශ්ට විවාහයක් කරදෙන්න ඕන උනත් ඔහුගේ ජිවිතය ප්‍රශ්න වලින් පුරවන්න දුකින් තියන්න කවදාවත් ඔවුන්ට ඕන උනේ නැති නිසායි…

“හ..හරි… දුවේ හෙට අපි ළගම ඉන්න කිහිප දෙනෙක්ට ආරාධනා කරලා පාර්ටි එකක් තියනවා..

ඔයාලා වෙඩින් එකක් ගත්තෙත් නෑ…

මේ හදිස්සියේ නිසා…

ඒත් අපිට අපේ පවුලට එන ලේලිව නිකන් ඔහේ පිළිගන්න බෑනේ…

ඒකයි ඔයාලටවත් නොකියා රෙඩි කලේ…

හැමදේම හරි පුතාගේ ඩ්‍රෙස් එකත් හරි…

අපිට ඕනේ දුවට ඩ්‍රෙස් එකක් ගන්න විතරයි…

හෙට රෑට තියෙන්නේ…
දුව අක්කලත් එක්ක ගිහින් ලස්සන ඩ්‍රෙස් එකක් ජුවලරි එහෙම තෝරගෙන එන්න…

අපි ඩිනර් ලැහැස්ති කරලා තියන්නම්… “

“අම්මා… පා..පර්ටියක්…

මට කීවේ…ම නෑනේ…” අකිලාශ්ව පවා පුදුම කරමින් නාලිකා කීවේ… නෙතුලිත් කිසි දෙයක් හිතාගන්න බැරුව ඉද්දියි…

“ස්..ස.ර්..සොරි.. අයියේ..

අනේ මම මොකක්ද කියන්න ඕනේ..” කොල්ලගේ මහ ගෙදර එන්න පටන් ගත්තු වෙලාවේ ඉදන් සර් කියන එකත් අයියා කියන එකත් තහනම් වෙද්දී කෙල්ල මේ වෙලාවේත් අසරණව ඇහුවේ… කාමරයට ඇවිත් වැදගත් දෙයක් කතා කරන්න හදද්දී තාමත් ඒ වචන කීවාට ඇයට රවන් ඉන්න අකිලාශ් දිහා බලමිනි…

“මං ඔයාගේ හස්බන්ඩ්…

අප්පච්චී කියපුවා මතකනේ…

ඒවා මතක තියාගෙන දැන් වැඩ කරන්න ඕනේ…”

“අනේ මට තේරෙන්නේ නෑ….

ඒක මෙතනට අදාළ වෙන්නේ මොකද කියලා…

කතා කරන විදිහ නෙමේ මෙතන තියන ප්‍රශ්නේ අනික…

දැන් ගොඩාක් අය දැනගත්තාම ඔයාට ප්‍රශ්නයක් නැද්ද… ” අන්තිමට ආමන්ත්‍රනයක් නැතුව ඇය ඇහුවේ… අකිලාශ් ඇය දෙස රවා බලද්දියි…

“ගොඩාක් අය දැනගත්තාම මොකක්ද තියන ප්‍රශ්නේ…

ඔයා මගේ වයිෆ්…

ආයි දැනගත්තා නොදැනගත්තා කියලා වෙනසක් තියනවයැ…

අනික කතා කරන විදිහ තමා ගොඩාක් වැඩගත්…මම ඔයාගේ බොස් වත් සහෝදරයාවත් නෙමේනේ…
මම ඔයාගේ හස්බන්ඩ්… “

“අනේ ඇත්තමයි බැන්ද දවසේ ඉදලා ලාවට තිබුනු පිස්සුව අද හොදටම වැඩිවෙලා…

ඔයාට ප්‍රශ්නයක් නැත්නම් මට මොකද…

හබී එහෙනම් මම යනවා අක්කලත් එක්ක…

දැන් හැපිද… ශිට් මාත් කීවනේ මේ කටින් හබී කියලා …

ලැජ්ජාවේ පන යනවා …” නෙතුලි අකිලාශ් දිහා බලමින් කියලා අවසාන ටික තමන්ටම කියා ගනිමින් ලැජ්ජාවෙන් රතුවෙලා එතනින් ගියත් … සෑම දෙයක්ම ඇසුනු අකිලාශ් හිනාවෙමින් බලන් උන්නේ හිතේ තියන යම් දෙයක් තව තවත් තහවුරු වෙද්දියි…

“නාලිකා හෙට ඔයා පාර්ටිය ගැන හැමදේම බලාගන්න…

මට පොඩි ගමනක් යන්න තියනවා…

භය වෙන්න එපා මම පටන් ගද්දී අනිවාර්‍යෙන් එනවා…” රෑ නිදන්නට ආ නිහාල් නාලිකාට කීවේ ඇය ඔහු දෙස කුතුහලයෙන් බලද්දියි…

“ඔයා දැන්ම ඒ කොහෙද කියලා දැනගන්න ඕනේ නෑ…

හෙට කොහොමත් දැනගනී…

හැමදේම හොදටම ලැහැස්ති කරන්නකෝ… “

“හ්ම්…” නාලිකාට එසේ කියා නිදන්න ගත්ත නිහාල් දෙස බලමින් ඇය හූ මිටි තිබ්බේ කවදාවත් නැති මේ හදිස්සිය මොකක්ද කියලා වටහා ගන්න බැරුවයි…

ඊළග කොටසින් හමුවෙමුb