සෙනේහේ බන්ධන 💕💕💕
සිව්වන කොටස ✍️✍️
“ඇයි මාව හම්බෙන්න කිව්වේ…
මොකක් හරි ප්‍රශ්නයක්ද… “
ආකිලාශ්ගේ මැසේජ් එක දැකලා මුණ ගැහෙන්න ආපු නෙතුලි ඇහුවේ… කාර් එකේ ඉදගන්න ගමන්මයි…
“ප්‍රශ්නයක් නෙමෙයි…
අප්පච්චි කතා කලා…
ඔයාව බලන්න ඕනේ කිව්වේ…
මම කීවා ටික දවසකින් එක්කන් එන්නම් කියලා…
මේ දවස් වල මගේ වැඩ වැඩියි කියලා… “
“ඔහ්…
ම්..මං එන්නම් යන්න…
පුංචිගේ ඔපරේශන් එකත් හොදට කෙරුනා…
තව දවස් දෙක තුනකින් ටිකට් කපයි…
මං එවලෙත් කල්පනා කලේ මං පුංචිට ගෙදර නොයෙන හේතුවට මොකක්ද කියන්නේ කියල… ” නෙතුලි කල්පනා කරමින් කීවේ අකිලාශ් පවා කල්පනා කරද්දියි…
“ත්…තව දෙයක් නංගි…
අපේ ගෙදර ගිහින් ටික දවසක් ඉන්න වෙයි… “
“මට තේරෙනවා…
මම මොකක් හරි කරන්නම්… ” තාම අදහසක් නැති උනත් ඈ කීවේ… අකිල්ශ් කා එක ස්ටාර්ට් කරද්දියි…
” ම්..මොකක් කීවා…
අකිලා…ශ් මැරි කරලා….
කා..කාවද ලාවන්‍යා වෙන්න බෑ…බෑනේ…
ඊයේත් හම්බුනා එහෙම එකක් කීවේ නෑනේ… “
අද අකිලාශ්ට දුන්න අවසාන දවස කියා දැන දැනම හැමදේම දැන් ඔහුගෙයි සිතා කාලිංග යාලුවෝ එක්ක සමරන්න බ්ලූ සී ක්ලබ් එකට යන අතරතුර ලැබුන කෝල් එකකින් කියපු දේට කෑ ගහලා ඇහුවේ පාර මැදම බ්‍රේක් ගැහෙද්දියි…
“ව්…වෙන කෙල්ලෙ…ක්…
නෑ නෑ ඌට වෙන කෙල්..ලෝ හිටියේ නෑ…
මට හොදට…ම විශ්වාසයි…
එතකොට කාවද මැරි කලේ…
මචන් මට ඒ කෙල්ලගේ ඩීටේල්ස් හොයලා ඕනේ.. “
“මචං උබ දන්නවානේ මං කව්ද කියලා…
මං කෙලෙහිගුණ දන්න මනුස්සයානේ..
මට මේක හොයලා දියන්…
උබට පාඩුවක් වෙන්නේ නෑ…”
විස්තර දෙන්න මදක් අදි මදි කරන මිතුරාට කාලිංග කීවේ… අන්තිමේදී ඔහු විස්තර දෙන්නම් කියද්දියි…
“බ…ල්ලා…
තෝ මගේ හැ..මදේම අරගෙන…. තවත් ගන්න.. එනවද…
උබට ඔය තරම් ලේසියෙන් දිනන්න මම දෙන්නේ නෑ මේ සැරේ….
උබලගේ සතුට මම නැති කරලා දානවා… “
පිටිපස්සේ හෝන් සද්දේ ඇහෙද්දී නැවත වාහනය ස්ටාර්ට් කරන ගමන් කාලිංග දත් මිටි කන ගමන් මිමිණුවේ… වසර ගාණක වේදනාවක් හිතේ ඇවිලිද්දී…
අතීතයට…
“මච…ං සදුනි නංගා උබේ කසින් එක්ක භජනය වැඩී කියලා හිතෙන්නේ නැද්ද…”
“මොකක්ද උ…බ කිව්වේ… “
පදමට මත් වෙලා ඉන්න කාලිංගට ඔහුගේ යාලුවෙක් කීවේ… ඔහු ඒ සැනින්ම ඔහුගේ කොලර් එක අල්ල ගද්දියි…
“හෝ හෝ කූල් මචං…
මං කීවේ ඒකී අපි එක්ක ලේසියෙන් කතා කරන්නෙත් නෑ…
උබ අපිව ආශ්‍රය කරනවට කැමතිත් නෑ එච්චර….
ඒත් අකිලාශ් එක්ක හොදට කතා කරනවා…
එහෙ මෙහෙ පවා යන්නේ…
මං ඊයේත් දැක්කා දෙන්නා ටවුන් එකේ ඉන්නවා…” කාලිංගගේ අතින් තම කොරලය මුදවාගෙන ඔහු කීවේ.. කාලිංග තරහට තව මත්පැන් වීදුරුවක් බොද්දියි…
“ඒ..කී මගේ…
කා…ටවත් දෙන්…නේ නෑ….
ඒ..කී මගේ වි..විතරමයි… ” කාලිංග හිස් බෝතල් සේරම එකින් එක කුඩු කර කර කීවේ ඔහුගේ යාලුවෝ පවා ඔහුව පාලනය කරගන්න නොහැකිව මදක් ඈත් වෙද්දියි…
එදා හිතේ පැලවූ සැකේ නැමතී බීජය බිදෙන් බිද ඔහුගේ හිතේ ලොකු උනේ ඔහුගෙත් අකිලාශ් අතර සම්බන්ධය පලුදු වෙමින් වගේම ඔහු ළග දැවටී හිටපු සදුනි ඔහුටත් නොකියා ඔහුගේ ජිවිතයෙන් යද්දියි…
තවමත් ඈ යන්නට කාරණාව අකිලාශ් කියා සිතන ඔහු කරන පොඩි දේකින් පවා හැමවෙලේම බලන්නේ අකිලාශ්ගේ සතුට නැති කරන්නයි…. ඒත් ඔහු දන්නේ නෑ හැමදේම දැනන් හිටපු අකිලාශ් අදටත් කාවිංග ඔහුට දක්වන වෛරය තරහව අන්ධයෙක් වගේ නොදැක්කා වගේ ඉන්න බව…
“පුතා…. කෝ මගේ ලේලි….
ඔයාව බලන්න නෙමේ අපිට ඕනේ අපේ ලේලි පොඩ්ඩ බලන්න… “
ගේ ඇතුලට එන්න කලින්ම අකිලාශ්ට නාලිකා කීවේ… ඔහු මූණ ඇදකරනා සාලේ පිරිලා ඉන්න සේරම දිහා බලද්දියි…
“ඔව් ඉතින් මට පේනවා මාව අමතක වෙලා කියලා..
දවස් ගාණක් කෝල් කරලත් මං ගැන ඇහුවේ නෑනේ..
මෙන්න ඔයාලගේ ලේලී පොඩ්ඩ ඔයාල…ම තියාගන්න… “
මද නොසන්සුන්තාවයෙන් තම පිටුපස ඉන්න නෙතුලිව තම ඉස්සරහට අරන් උරහිස් දෙකෙන් අල්ලලා පෙන්නුවේ.. හැමෝගෙම බැල්මන් මැද ඇය ලැජ්ජාවෙන් ඇඹරෙද්දී…
“මොකද අනේ ඔයාලා වෘක රැළ හා පැටියෙක් දිහා බලනවා වගේ මගේ වයිෆ් දිහා බලන්නේ…
මගේ කෙල්ලව භය කරන්නද හදන්නේ ආ… “
“ඔහ් මයි ගෝඩ්… ඩැඩී….
කියන්න මම මේ හීනයක්ද දකින්නේ කියලා…
අපේ පොඩිගේ කටින් කියවුනා… මගේ වයිෆ් ,මගේ කෙල්ල කියලා… “
අකිලාශ් කියපු දේට අකිලාශ්ගේ පොඩි අක්කා හංසි ඇස් දෙකත් ලොකු කරලා කීවේ… අනිත් අයත් විහිලු කරන්න ගද්දියි…
“අනේද කියන්නේ…
ඒ වචන වලට මගේ කන කීන් ගහනවා… “
“මම ඒත් අපරාදේ මල්ලිව බ්ලැක්මේල් කරන්න එපා …
කියලා තාත්තට බැන්නේ… ” නිහාල්ගේ තීරණයට මුල ඉදලම විරුද්ධ උන කොල්ලගේ ලොකු අක්කා හංසනා කීවේ… හොදටම රෝස පාට වෙලා ඉන්න නෙතුලි දෙස බලමිනි…
ක්‍රීම් පැහැ සාරියක් හැදගෙන ලැජ්ජාවෙන් අකිලාශ්ගෙන් සහය ඉල්ලන්නා සේ ඔහු දෙස සැරින් සැරේ බලන… තමන්ට විහිලු කරන සහෝදරියන් දෙස රවා බලා කෙල්ලව තවත් තමන්ගේ ලගට අරගන්න කොල්ලව දකිද්දී …
මෙච්චර වෙලා නිහඩව හිටපු නිහාල්ට සැනසිලි සුසුමක් හෙලුවේ දෙදෙනාගේ පෙනුම, ඉරියව්, හැසිරීම් වලින් ඔවුන් දුරස් ජෝඩුවක් වත්… රගපාන ජෝඩුවක් යැයි නොපෙනෙන නිසයි…
“හරි හරි … දැන් ඒ ලමයිව විහිලුවට ගත්තා හොදටම ඇති…
වෙලාව බලන්න ගමන් මහන්සිය නිසා බඩගිනිත් ඇති…
එන්න හැමෝම කෑම ටිකක් කන්න…
ඊට පස්සේ කතා කරගන්න බැරියැයි…
එන්න දුව යන්න… ” නෙතුලි ලගට ගිය නාලිකා ඇයව එක්කන් ගියේ අනිත් හැමෝමත් පස්සෙන් වැටී කෑම කාමරේ දෙසට එද්දියි…
විවිධ වර්ගයේ කෑම වලින් විශාල් කෑම මේසය පිරිලා තියෙනවා දැක අකිලාශ්ගේ පසෙකින් හිදගත් නෙතුලි පුදුමෙන් බැලුවේ එහි තියන සියලුම කෑම ඇය කන්න ආසම ඒවානේ කියලා හිතෙද්දීයි…
ඒ වගේම මීට දවස් දෙකකට කලින් අකිලාශ් එකපාරටම කන්න ආස මොනාද කියලා අහපු ප්‍රශ්නයට ඇය ඒ තරම් හිතට ගන්නේ නැතිව ලිස්ට් එකක් කියවගෙන ගිහින් ඇයි අරන් දෙන්නද කියලා අසපු බව සිහි වී..
ඒ සියල්ලම කෑම මේසයේ තියනවා දකිද්දී ඇය ඇස් හීන් කරලා අකිලාශ් දෙස බැලුවේ…
ඔහු ඒ බැල්ම දැක්කේ නෑ වගේ ඇගේ පිගානට කෑම බෙදද්දියි… එත් ඔහුගේ මෙම ක්‍රියාව නෙතුලිට විශේෂයක් නොවුනත් කොල්ලගේ පවුලේ අය විශේෂයෙන්ම මස්සිනාලා දෙන්නා පුදුම උනේ එක් කෙනෙක්ට හප හප හිටපු පපඩම් කෑල්ල හිරවෙද්දියි…
“ක…හ්…ක්..හ්..
අම්මෝ මේ දකින ඒවලට පපඩම් කෑල්ලත් හිරවෙනවා…”
“ඒකනේ මචං…
ආපුවා…ම අම්මා අක්කා ළග හුරතල් වෙලා කවා ගන්නෙත් එයාලට කියලා…
දැන් එහෙම මස්සිනාම වයිෆ්ට බෙදනවානේ..
ගෑණු මිනිස්සුන්ව වෙනස් කරනවා කියන්නේ ඇත්ත තමා..”
“මේ අපේ මල්ලිට ලැජ්ජා කරන්න එපා…
එහෙම තමා හොද මහත්තුරු… ” රවාගෙන ඉන්න අකිලාශ්ගේ ඔලුව අතගාමින් හංසනා කීවේ ඇගේ සැමියා වන කවීන් බිම බලාගෙන කන්න ගනිද්දියි…
මෙසේ විහිලු තහලුවෙන් කෑම අරන් ඉවර වුනා විතරයි නෙතුලිට පුංචිගෙන් කෝල් එකක් එද්දී.. ඇය ඒක ආන්සර් කරගෙනම වත්තට ගියේ කෙරවලේ පොඩී පේර ගහේ ඉදිච්ච පේර ඈත දීම දකිද්දියි…
“පුංචි…”
“දුව මට කියන්න ඔයා කොහෙද කියලා…
ඔයා මට බොරු කීවේ නෑ නේද… “
පාසල් යහලුවෙක්ගේ ආච්චි කෙනෙක් නැති වෙලා කුරුණාගල එහේ මළගෙදර යාලුවෝ එක්ක යනවා.. යාලුවෝ දවස් දෙක තුනක් විතර ඉදලා එනවා කිව්වා කියලා නෙතුලි අමාරුවෙන් පර්මිශන් ගත්තේ..
යාලුවෙක්ගේ මළගෙදර වගේම යාලුවෝ යෑම ඒ සේරම ඇත්ත වෙද්දී… ඇයත් යන එක විතරක් බොරු කීවේ… මෙච්චර කාලයක් රැකගෙන හිටපු විශ්වාසය නිසා සුජානි සැකයක් නොහිතා..
මෙය ඇත්තද කියා බලන්න ප්‍රශ්න නොඅසා… අනික කෙල්ල දැන් ස්කෝලේ යන පොඩි ළමයෙක් නෙමෙයි නිසා වරදක් කරන්නේ නෑ කියා විශ්වාස කරන නිසා යාලුවෝ එක්ක පරිස්සමින් ගිහින් එන්න කියලා අවසර දෙද්දී හිතෙන් දස දහස් වාරයක් සමාව අරන් අකිලාශ්ගේ ගෙදර ආවේ කියලා එන්න පුලුවන් ගමනක් නම් ඇය කවදාවත් නොකර ඉන්නේ නැති නිසයි…
ඒත් එකපාරටම කෝල් කරලා පුංචි අහපු දේට ඇය භය උනේ මොනාහරි ආරංචි වෙලාද කියලා… යාලුවෝ කිසි කෙනෙක් පුංචිට කෝල් එකක් නොදෙන බව දන්න නිසාමත් … පුංචිට යාලුවෙක්ගේ නම්බර් එකක් ඉල්ලගන්න අමතක වෙද්ද … මෙය දැනගන්න විදිහක් තියෙන්න බෑ කියලා හිතපු නෙතුලු හොද හුස්මක් අරන්…
” ම්…මොනවද කියන්නේ…
මම මොකටද බොරු කියන්නේ…
පුංචි දවල්ට කෑවද බෙහෙත් බීවාද.. ආ..
බොරු විකාර හිතන්න එපා ටිකක් නිදා ගන්න…”
“පුතේ මට බොරුවක් කරලා නැති නිසා විශ්වාස කරන්නම්…
එහෙනම් පරිස්සමින් ඉන්න මම බෙහෙත් බොන්නම්…
බුදු සරණයි මගේ දරුවට “
කතාව වෙනස් කරන්න හදපු නෙතුලිගේ ප්‍රයත්නය අසාර්ථක වී වැඩි කතාවක් නැතිව පුංචි කෝල් එක කට් කරද්දී කෙල්ල ෆෝන් එක දිහාම බලන් හිටියේ මොනාහරි නරක දෙයක් එහෙ උනා දැයි හිතෙද්දීයි..කෝකටත් කියලා තිළිණිට මේ ගැන බලන්න කියලා මැසේජ් එකක් දැම්මේ … ඇය ගත් කෝල් එක එවලේ තිළිණි ආන්සර් නොකර නිසයි…
ඊළග කොටසින් හමුවෙමු