සෙනේහේ බන්ධන 💕💕💕
තෙවන කොටස ✍️✍️
“න..ංගි
ඔයා රෙඩි…ද…
මේ..ක සයින් කලා…ට පස්සේ ආයි හැ..රීමක් නෑ.. “
රෝස පාට සාරියක් හැද තමා අසළ ඉන්න නෙතුලිට අකිලා..ශ් කීවේ.. ඇය තම හිතේ තිගැස්ම නිසා ලාවට වෙවුලන අත් දෙක මිරිකලා හිස වනද්දියි…. කලින් මොන මොනවා කොල්ලට කීවත් දැන් කෙල්ලට ටිකක් භයයි… එදා කාටවත්ම නොකියූ කොල්ලා විදවපු ප්‍රශ්නේ දැනගද්දී… කෙල්ලට අඳ ගොලු බීරී වගේ ඉන්න නොහැකී වුනේ පලවෙනි වතාවට කාගෙවත් බල කිරීමක් , උපදෙසක් නැතිව තනි තීරණයක් ගනිද්දියි… හැමදේම හොදට වෙන්න හිතමින් කොල්ලා කීවාට පස්සේ කෙල්ල පොරොන්දු දුන්නේ… ඒ හිස් වචනින් උනත් දෙන්නා බැදෙද්දියි… සාක්ශි වලට කොල්ලගේ පැත්තෙන් විශ්වත් කෙල්ලගේ පැත්තේ තිළිණිත් අත්සන් කලේ… ඔවුන් නම් හදවතින් ආශිර්වාද කරද්දියි…
“නංගි මට ඔයාට මේ කරපු දේට තැන්ක්ස් කරන්න බෑ…
මොකද පොඩි තැන්ක්ස් කිරීමකින් ඔයා කරපු දේ මට හෑල්ලු කරන්න ඕනේ නැති නිසා…
ඒත් මතක තියාගන්න මගේ හැමදේම දැනගෙන මේ කරපු දේට මම වරදක් වෙන්න තියන්නේ නෑ කියලා… “
කෙල්ලගේ අතට මුදුව පලදවන ගමන් අකිලාශ් කීවේ.. කෙල්ලගේ මුහුනට ඉබේම සිනහවක් නැගෙද්දියි…
“සර් … දැන් මොකද අපි කරන්නේ…”
“මේකේ කොපියක් මං ලෝයර්ට යවනවා…
මේ වෙලාවේ මට නුවර යන්න බැහැ…
නඩු කිහිපයක්ම තියනවා…
අනික යනවා නම් ඔයා යන්නත් එපැයි…
ඔයාට පුංචිව දාලා යන්නත් බෑනේ මේ වෙලාවේ … “
විවාහ ලියවිල්ල ඇතැතිව නෙතුලි ඇහූ ප්‍රශ්නෙට අකිලාශ් පිළිතුරු දුන්නේ … නෙතුලිත් හිසවනා අනුමත කරද්දියි…
“ඩැඩී… නිහාල් අන්කල්ලා…
මැරේජ් ප්‍රොපෝසල් එක ගැන මුකුත් කීවාද..
හෙට නේද ලා…ස්ට් ඩේ එක..
අකිලාශ් කිසිම තීරණයක් අරන් නෑ නේද… “
ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය අවසන් කර ලංකාවට ඇවිත් මේ දවස් වල වැඩි හරියක් නිවසේම ගත කරන ලාවන්‍යා තමන් හදපු කප් කේක් එක්ක තේ එකක් ඇගේ පිය වන ලයනල් ලොකුබණ්ඩාරට දී ඇසුවේ ඔහු තම දියණිය දෙස බලද්දියි…
“දූ ඔය තරම් කැමතිද නිහාල්ගේ පුතාට…
මොනා උනත් ගජ ඉලන්දාරියා…
එකම පිරිමි පුරුකනේ ඔය පවුලේ ඉන්න… “
“අනේ නිකන් ඉන්න ඩැඩී….
අකිලාශ් හැන්ඩ්සම් තමා…
ඒත් මං කැමති නෑ ලෝය…ර් කෙනෙක් වගේ ඩේන්ජර්ස් ජොබ් එකක් කරනවාට…
එයාට කියන්න මාව බදින්න ඕනෙනම්..
එයාලගේ බිස්නස් කරන්න පටන් ගන්න කියන්න…
නැත්නම් මට මැරි කරන්න බැහැ…”
ලයනල්ගේ ප්‍රශ්නේ එක්ක මදක් ලැජ්ජාවෙන් රතු උනත්.. ඇය එසේ කීවේ තමන්ව විවාහ කරගන්න ගොඩාක් අය ඉන්නවා කියලා දන්න නිසා මද ආඩම්බරයකිනි ..
“දරුවෝ මං නම් හිතන්නේ නෑ…
එයා කැ…මති වෙයි කියලා ඕකට නම්…
මමනේ දන්නේ නිහාල් කීවාට වැඩක් උනේ නෑ කියලත්… ” අකිලාශ් ගැන නිහාල්ගෙන් හොදට දැනගෙන උන්නු ලයනල් කීවේ… ලාවන්‍යා මූණ ඇද කරගනිද්දියි…
“එහෙම බෑ…ඩැඩී…
එයානේ අසරන වෙලා ඉන්නේ…
ඒ නිසා මා..ව මැරි කරන්න ඕනේ නම් වෙන්න ඕනේ හැ…මදේම මගේ විදිහට…” එසේ කියපු ලාවන්‍යා ලයනල්ටත් ගස්සාගෙන එතනින් ගියේ… ඇගේ හිතුවක්කාරකමට ඔහුට ඉබේම සුසුමක් හෙලද්දියි…
“ප්…පුංචි… “
නෙතුලි හොස්පිට්ල් එකට එද්දී සිහිය ඇවිත් හිටපු සුජානිව දැකලා අඩ අඩාම ඒ දෙසට ගොස් ඈව බදගත්තේ… ඒ ගතට අපහසුවක් නොදැනෙන් නැති විදිහටයි… මොකද ඈ ඒ තරමට භයයි තම ස්පර්ශයෙන්වත් මොකක් හරි වෙයිද කියලා…
“ම්…මැණික…
රත්තරං…
කෝ නාඩා ඉන්නකෝ…
මේ ඉන්නේ ඔයාගේ පුංචි හොදින්…
මං නැති ටිකේ මොකද කලේ මැණික…
මට මොනාහරි උනා නම් මගේ පුංචි කෙල්ලව තනිවෙනවා…
ඒක නිසා මට සැනසිල්ලේ මැරෙන්නවත් බැ…හැ…”
අඩන නෙතුලිගේ පිට අතගාමින් සුජානි කීවේ… නෙතුලි ඇගේ ගතින් අයින් වෙලා රවාගෙන බලද්දියි…
“මොකටද මැරෙන්නේ ආ…
මම මෙච්චර මහන්සි උනේ ඔයා මැරෙන්නද…
ආයි අවුරුදු විස්සකටවත් ඔයාට මැරෙන්න බෑ…
මා එක්කම ඉන්න ඕනේ… මාව බලාගන්න…”
“යකෝ මේක හරි කෙලියක් උනානේ…
දැන්…
අලි බබ්බුව බලාගන්න මට බෑ…
ඕන නම් මුණුපුරු මිණිපිරියන්ව බලාගන්නවා මිසක්…
ඒ නිසා කසාදයක් බදින්න ලැහැස්ති වෙනවා…
මම අදුරන කෙනෙක් ඉන්නවා ඔයාට යෝජනා කරපු…
හොද මනුස්සයෝ…
ඔයා පොඩී කියලා මම හිටියේ…
ඒත් දැන් ඒක කරන්න බෑ…
මං නැතිකාලෙක කවුරුත් නැතිව තනිවෙන්න දෙන්න බැහැ…
අනික දැන් දහ නමයක්නේ…”
කෙල්ලගේ හිත ගිනි ගොඩකට ඇද දමමින් සුජානි විවාහයක් ගැන කතා කලේ … තමා දැනටමත් විවාහක නේදැයි කියා සිහියට එද්දියි… කොහොම කියන්නද ඇගේ පුංචි කෙල්ල ලොකු තීරණයක් දැනමත් ගත් බව…
“පුංචි මේ කසාදයක් ගැන නම් මතක් කරන්න එපා…
අනික කෝ කවුරු උනත් ඔයාව බලන්න ආවාද…
තිළිණි අක්කා ඇරෙන්න කවුරුත් ආවේ නෑ පුංචි…
එහෙම මිනිස්සුන්ට ද මාව භාරදෙන්න හදන්නේ කොච්චර හොද උනත්…
තිළිණි අක්කා නැත්නම් මම පිස්සන් කොටුවේ…. “
“මැණික…”
“ඇති ඇති දැන්…
සිහිය ආපු ගමන් මනස්ගාත ඔලුවේ තියන් වද වෙනවා…
ඩොක්ටර් සුප් ටිකක් දුන්නට කමක් නෑ කීවා…
කෝ එන්න මේක බොන්න…
මාව කාටවත් දෙන්න නෙමේ…
හොදට කාලා බීලා ෆිට් එකට තව ගොඩාක් කල් ඉන්න ඕනේ…”
නෙතුලිගේ වචනින් වාතාවරණය සන්සුන් වෙද්දී ඇය සුප් එක අරන් සුජානිට හිමීට පොවන්න ගත්තේ… සුජානීත් ඒ සැරේ නම් කිසිවක් නොකියාම සුප් එක බොන්න ගද්දියි…
“චුටි පුතා මොකක්ද මේ ලෝයර් කියන කතාව…
පුතා එහෙනම් මැරි කරා…ද…”
මැරේජ් සර්ටිෆිකේට් එක ඊමේල් කරලා විනාඩි කිහිපයක් යන්නත් කලින්ම නිහාල්ගෙන් කෝල් එකක් ආවේ… තම පියාගේ තොරතුරු දැනගැනීමේ ඉක්මන් සේවාව පිළිබදව හිනායමිනි…
“ඔව්…
ඒවා හොර ඒවා නෙමේ…
දැන් දෙයියනේ කියලා මගේ දේවල් දීලා මගේ පාඩුවේ ඉන්න දෙන්න…”
“මගේ පා…ඩුවේ ඉන්න දෙන්න…
එහෙම කොහොම…ද…
බදින්න කී…වේ සර්ටිෆිකේට් එක බලන්න නෙමේ…නේ ආ…
කෝ කා…වද බැන්දේ…
අපිට ඒ… ළමයව බලන්න ඕනේ…
එක්ක…න් එනවා…
නැත්නම් අපි එන…වා …”
නිහාල් තම පුතා කොහොමහරි විවාහ උනා නේදැයි හිතෙද්දි දැනෙන සතුට සගවමින් … මදක් සැරෙන් කීවේ… අකිලාශ් සුසුමක් හෙලද්දියි…
“හරි හරි…
මං එක්කන් එන්නම්..
එකපාරටම ඔයා පරම්පරාව එක්ක ඇවිත් ඒ ළමයව භය කරන්න එපා…
මේ දවස් වලමං භාරගත්ත කේස් ටිකක් තියනවා….
ඒක ඉවර…උන ගමන් එන්න…ම්…
ඒ නිසා භය වෙන්නේ නැතිව ඉවසලා ඉන්…න…”
“හම්…ප්… ඉවසන්න අමුතුවෙන් කියන්න ඕනේ නෑ අපිට…
ලේලියෙක් දකින්න අවුරුදු කීයක් ඉවසුවාද…
හ…රි හරි එහෙන…ම් අපි එන්නේ නෑ…
ඒත් ඉක්මනට…ම ලේලිව එක්කන් එනවා….
පරක්කු උනොත් අ…ම්මා මොනා කරයිද ද..න්නේ.. නෑ…
එතකොට ක…වුරු නැත…ත් එයා එන එක නවත්තන්න කාටවත් බැරිවෙයි…”
නිහාල් හිනා වෙවී එසේ කියලා කෝල් එක කට් කලේ… අකිලාශ්ටත් ඒක නම් එසේම වෙයි කියලා හිතෙද්දියි…
“ඉක්මනට නෙතූව එක්කන් යන්න ඕනේ… ” එසේ සිතමින් අකිලාශ් කෙල්ලට මැසේජ් එකක් දැම්මේ.. අද හවසට හමුවෙමු කියලයි…
“මොකක්ද මහත්තයෝ පුතා කී…වේ
කවදද එනවා කීවේ… ” ඇමතුම අවසන් වෙන තෙක් බලන් උන්නු නාලිකා ඇසුවේ… ඇයගේ උද්යෝගය දැක ඔහුටද සිනහ පහළ වෙද්දියි…
“පුතා මේ දවස් වල නඩු ටිකක් නිසා බිසීලූ…
ඉක්මනටම එන්නම් කීවේ ලේලි පොඩ්ඩත් එක්ක…
ඒත් මම කීවා ඉක්මනට ආවේ නැත්නම් අම්මා නම් එයි කියලා…”
“අනේ ඔව් මහත්තයෝ…
මම ගිහින් බලන්නද…
ලොකු දුවවත් එක්කන් යන්නම්…”
“පොඩ්ඩක් ඉන්න නෝනේ ….
ලිපට පත්තර දාලා වගේ මේ වැඩ කරන්න බැහැ…
වෙඩින් එකක් ගත්තෙත් නෑ…
පුතාගේ වැඩ නිසා මට වෙඩින් නැතුව හරි කමක් නෑ…
ඒත් අපේ පවුලට එන ලේලිව නිකන් ඔහේ එන්න දෙන්න බෑනේ…
ඒ නිසා අඩුම නෑදෑයෝ ටිකයි යාලුවෝ ටිකයි ගෙන්නලා කෑම සංග්‍රහයක්වත් තියන්න ඕනේ…
අනික ඒ දරුවා උනත් මොනා හිතයිද…
මෙච්චර සල්ලි තිබිලා අපි මුකුත් නොකලම…. “
නාලිකාට එසේ කීවත් නිහාල් කල්පනා කලේ පුතාගේ එකපාර විවාහය ගැන මද සැකයකුත් ඇති වෙද්දියි…
මොන දේ උනත් මගේ පුතා නරක කෙල්ලෙක්ව නම් ලං කරගන්නේ නෑ කියලා මට විශ්වාසයි….
ඒ මොනා උනත් මම ඉන්නකම් ඔය කසාදෙට මුකුත් වෙන්න තියන්නේ නෑ…
ඒත් ඒ කෙල්ල කොල්ලව රවට්ටලා මම් නිකන් ඉන්නෙත් නෑ…
බලමු…කෝ වෙන හැටියක්…”
සතුටුන් දුවලට විස්තරේ පවසන නාලිකා දෙස බලා නිහාල් හිතුවේ කොළඹින් කාවහරි දාලා විස්තර හොයන්න ඕනේ කියලා හිතෙද්දිමයි….
ඊළග කොටසින් හමුවෙමු