සෙනේහේ බන්ධන 💕💕💕
දෙවන කොටස ✍️✍️

“ඔය ඇත්තම…ද කියන්නේ අයියේ…

ඒ සර් මාව මැරි කරන්න ඕ..නේ නෑ කිව්වා…

ඒ…ඒත් මේ සල්ලි… “

නෙතුලි ඇගේ අත රැදි චෙක් එක දිහා බලමින් ඇසුවේ විශ්ව සුසුමක් හෙලද්දියි…

“ඇත්ත නංගි…
අකිලාශ් ඔයාගේ වයස දැනගත්තාම මටත් බැන්නා…

සමාවෙන්න නංගි ඒ වෙලාවේ මාත් යාලුවා ගැන හිතුවා මිසක් ඔයාගේ පැත්තෙන් බැලුවේ නෑ…”

“මොකටද අයියේ මගෙන් සමාව ඉල්ලන්නේ…

අසරණකම උනත් මගේ කැමැත්ත ….

මට මගේ පුංචිව බේරගන්න මොනා උනත් කරන්න පුලුවන්….

වෙන නරක දේකට වඩා මේක කොයිතරම් හොදද…

ඒත් ඒ සර් මාව මැරි කරන්න ඕනේ නෑ කියලා මේ චෙක් එක දුන්නේ…”

විශ්ව වරදකාරී හැගීමෙන් කියද්දි නෙතුලි සුසුමක් හෙළලා කීවේ… තාමත් ඔහු සල්ලි ගැන විස්තර නොකරද්දියි…

“ආ..හ් … ඔය සල්ලි ණයට දුන්නාවත් මොනා හරි බලාපොරොත්තු වෙලාවත් දුන්න ඒවා නෙමෙයි…

ඒ එයාගේ හැටි…

එයා සිද්ධිය දැන දැන උදව් කරන්න පුලුවන් කම තියෙද්දීත් ඒක නොකර ඉන්නේ නෑ…

එයා ඔයාට ඒ සල්ලි දුන්නේ ඔයා වෙන මෝඩ කමක් කරලා හරි සල්ලි හොයයි කියලා හිතලයි… “

“ඔ..හ්… අයියේ මට ඒ සර්ව හම්බෙන්න පුලුවන්ද…

පොඩි වෙලා…වකට හරි.. ප්ලීස්…”

කලින් ඔහු ගැන අහද්දි පොඩි අපැහැදීමක් ඇතිවෙලා තිබුනත් විශ්වගේ මේ වදන් එක්ක එය නැතිවෙලා ඇයට අකිලාශ් එක්ක තනියම කතා කරන්න ඕනේ කියලා හිතෙද්දී විශ්වගෙන් ඇය ඉල්ලුවේ… විශ්ව සුසුමක් හෙලලා එකග වෙද්දියි….

Don’t you give up, nah-nah-nah
I won’t give up, nah-nah-nah

Let me love you
Let me love you

Don’t you give up, nah-nah-nah
I won’t give up, nah-nah-nah

Let me love you
Let me love you

Oh baby, baby 🎶🎶🎶

“ෆෝ ත්‍රී ටූ වන් ….
තව දවස් හතරයි තියෙන්නේ…

සේ…රම මගේ…
මගේ අන්කල් කාරයත් මොනා උනත් හොද මනුස්සයා… “

කාවිංග ධනංජන සමරනායක… එහෙම නැත්නම් අකිලාශ්ගේ කසින් බ්ලූ සී ක්ලබ් එකේ ඩීජේ එකට පැද්දී පැද්දී කීවේ ඔහුගේ මේ දවස්වල ඉන්න ගර්ල් ෆ්‍රෙන්ඩ් දියාටයි…

“ඒ…ත් ඩාර්…ලින්…
ඔයා..ලගේ අන්ක..ල් එහෙ..ම කීවාට එහෙම අකීලා…ශ්ට ගැල..වෙන්න දෙන එක..ක්… නෑ…

අ…නික ලාවන්‍යා වගේ කෙනෙක්…ව මිස් කරගන්න ඌට පිස්සු ඈ… “

ප්‍රසිද්ධ දේශපාලඥයෙක්ගේ දියණියක් වන ලාවන්‍යාව සිහි කර දියා කීවේ හීන් ඉරිෂියාවකුත් හිතේ නළියද්දියි…

“බ…බී ද..න්න තරම තමා..
ඌට පි…ස්සු… කෝ..මත් එ..දා ඉදල…ම

සල්…ලි කද..ක් එක්ක ඉ..පදුනාට පිං නෑ… ඕක..ට..
අනි…ක ලා..වන්‍යාව අ..ද ඊයේ නෙමේ ප්‍රොපෝස් කලේ…

ඌ බෑ..ම කීවා..නේ..
වෙලා…වකට ම..ට සැක…යි .. අර..ජාති…යේද කියලා…”

“අ..නේ ඔයත් කිය..න කතා..” කාවිංගගේ වචන වලට දියා හිනාවෙමින් කීවේ… කාවිංග ඇයව ත..ව තවත් ගතට තෙරපවා ගෙන තාලෙට පැද්දෙද්දියි…

“ඇයි නංගි මාව හම්බවෙන්න ඕනේ කිව්වේ…
මම විශ්ව අතේ පණිවිඩේ එව්වේ හොදට හිතලා බලලමයි….

භය වෙන්න එපා ඒ ගැන මගේ හිත වෙනස් වෙන්නෙ නෑ… “

“ම..ං එහෙම හිතලා සර්ව හම්බෙන්න ආවේ නෑ…
සර් මට සල්ලි දීලා ලොකු උදව්වක් කලේ…

මගේ අසරණකම ගැන හිතලා සර් මට ඒ සල්ලි කිසිම කොන්දේසියක් නැතුවත් දුන්නේ..
ඒ තරම් මුදල් මගේ හිතට එකගව අරගෙනත් බෑ … ඒත් මං ඉන්න තත්වේ එක්ක නොගෙනත් බෑ…”

ඇගේ කීමට ඊට පහුවෙනිදාම හමුවෙන්න ආපු අකිලාශ් ඇයගේ හිතේ ඔහුගේ තීරණය ගැන සැකයක් තියනවා නම් කියා සිතා විස්තර කරද්දී … නෙතුලී අසරණව පිළිතුරු දුන්නේ අකිලාශ් ඇය දෙස හොදට බලද්දියි…

“නංගි දන්නවානේ මගේ කොන්දේසී….
ඒකට කවුරුත් හේතුවක් නැතිව ලේසියෙන් කැමති වෙන්නේ නෑ…

අනික ඔය වයසේ හිටපු කෙනෙක් හැටියට මම හොදටම දන්නවා සැහැල්ලුවෙන් ඉන්න ඕනේ මිසක් වගකීම් වලට බැදෙන්න ලේසියෙන් කවුරුත් කැමති වෙන්නේ නෑ කියලා… “

ඔහුටම වයස තිහකට කෙට්ටු වෙද්දීත් ඔහු විවාහයකට අකමැති වෙන්නේ විවාහයක් වූ පසු ඔහුට තමන් ගැන අමතරව ඇයවත් බලාගන්න වෙනවා… ඒත් කාර්‍යබහුල ජීවන රටාවකට හුරු ඔහුට ඒ යුතුකම් හරියට ඉටු කරගන්නට නොහැකි උනොත්… බිදෙන් බිද හිත් අමනාපකම් ඇති වී රණ්ඩු සරුවල් ඇතී වී දික්කසාදයට පවා හේතු වෙනවා.. ඔහු ඒ වගේ නඩු ගොඩාක් දැකලා තියන නිසා අවංකවම විවාහයකට බිය කමක් ඔහුගේ හිතෙ තියෙන්නේ… සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන දෙමව්පියන් සහෝදරියන් දැක ඔහුට මුලදී දෙමව්පියන් යෝජනා කරපු අය බලන්න ගියත් ඔවුන් සමග කතා කරද්දී ඔහුට තේරුන එකම දේ ඔවුන් බලාපොරොත්තු වෙන්නේ තම පියාගෙන් ලැබෙන ව්‍යාපාර දේපළ මිසක් ඔහු ඉගෙන ගෙන දුක් මහන්සියෙන් ගොඩනගා ගත් දේවල් නොවන බවයි… ඒ සේරටමත් වඩා ප්‍රබල වන ඔහු සැමටම සැග වූ දෙයක් තියෙද්දී… තව තවත් විවාහය නීරස උනේ ඔහුට ගෙදරින් කරන බලපෑමද හිසරදයක් වෙද්දියි…

“වගකීම් වලට බැදුනා කියලා අපේ සැහැල්ලුව නැතිවෙන්නේ නෑ සර්…
අනික අපි ඔය කියන සැහැල්ලුව විදිනන ගියොත් පාරේ හිගාකන්නවත් පුලුවන් වෙයිද දන්නේ නෑ…

අපි වගේ පවුල් රැකෙන්නේ යුතුකම් වගකීම් නිසා තමා..
අපි එකිනෙකාව බලාගන්නවා … එකිනෙකාට උදව් කරගන්නවා… “

“න…ංගි ඔයා දන්න දේවල්…” නෙතුලිගේ වචන එක්ක අකිලාශ් පුදුමෙන් හිනා වී කියද්දී ඔහු දෙස මූණ ඇදකරන් බලපු නෙතුලි….

“සර්ගේ වයස ගත්තාම මම බාලයි තමා..
ඒත් කිසි දෙයක් නොදන්න පොඩි බබෙක් නෙමේනේ මම…

අපි කිසි දෙයක් නොදන්න පියරු බබාලා නෙමේ සැපවිදින්න විතරක්ම දන්න… ” එසේ කීවේ ඔහුගේ මුහුණේ හිනාව වියැකී… සමාව ඉල්ලන බැල්මක් ගනිද්දියි…

“සොරි නංගි…
මම හිනා වුනේ ඔයාව පහතට දාලා නෙමේ…

අවංකවම මම පුදුම උනා…
මගේ වැරැද්ද තමා අපේ චුටි වගේ ඔයාව හිතපු එක… ” ඔහු තවමත් විනෝදෙන් ගත කරන්න හදන නෙතුලිට වඩා අවුරුදු තුනකින් විතර වැඩිමල් ඔහුගේ නැගණිය සිහිකර කීවේ …. නෙතුලි ඔහුගේ නැගණිය තරම් සැප විදලා නැතිබව සිතෙද්දියි…

“මට විශ්ව අයියා කිව්වා ඇයි ඔයා කොන්දේසි දාලා බදින්න කෙනෙක් හෙව්වේ කියලා…
සර්ගේ වයසත් එක්ක සර්ගේ පවුලේ අය වැරදියි කියන්න බැහෑ…

ඒත් මම හිතන්නේ නෑ සර් කරන්න හදන දේත් හරි කියලා… ” මද වෙලාවක් නිහඩව හිටපු නෙතුලි නැවත කතා කරන්න ගත්තේ අකිලාශ් මුකුත්ම නොකියූ බැවිනි…

“සර් හිතනවා ඇති ඔයාට වඩා පොඩි මම උපදෙස් දෙනවා කියලා..
ඒත් සර් මට කරපු උදව්වට හිතට එකගව කිසි දෙයක් මට අදාළ නෑ වගේ ඉන්න මට පුලුවන් කමක් නෑ…

ඒකයි මම කියන්නේ සර්ට පොඩ්ඩක් හිතලා බලන්න කියලා…
මොකද අන්තිමට තමුනුයි සල්ලි විතරක් තිබුනාම සැප තියෙයි ඒත් සතුට තියෙයිද කියන්න බැහැ…

කුඩා කාලෙම අම්මයි තාත්තයි නැති උන මම හොදට දන්නවා බැදීම් වල අගය…
ඒ නිසා ටිකක් ඔයාගේ අම්මයි තාත්තගෙයි පැත්තෙන් බලන්න…

එයාලා දරුවෝ ලොකු උනහම විවාහ වෙන්න කියන්නේ…
තමන්ගේ දරුවනුත් පවුල් හදාගෙන දරුවන් එක්ක සතුටින් ඉන්නවා බලන්න ඕනේ නිසා…

මොකද එයාලා මේ ලෝකෙන් යන දවසක අපේ දරුවෝ තනිවෙලා කියලා දුක් වෙන්න ඕනේ නැති නිසයි… “

“ඒත් කව්ද දන්නේ විවාහය සාර්ථක වෙයිද කියලා.. ” නෙතුලිගේ වචන එක්ක වරදකාරී හැගීමක් එද්දී අකිලාශ් මිමිණුවේ ඔහු කියපු දේට නෙතුලි පුදුමෙන් ඔහු දෙස බලන්නේ…

“මොකද ඔහොම බලන්නේ..
මම ඇත්ත කීවේ ආදරේ කරලා මැරි කරලත් ඕන තරම් ඩිවෝස් වෙනවා…

කව්ද දන්නේ මගේ කාර්‍යබහුලකමත් එක්ක මොනා වෙයිද කියලා…” කෙල්ලගේ පුදුමය දැක ඔහු කීවේ කෙල්ල සුසුමක් හෙලද්දියි…

“සර්ට හිතෙන්නේ නැද්ද සර් ටිකක් ඔය ගැන ඕවර් ඇක්ටින් කියලා…
ඇයි මුහුද ඈත තියාගෙනම අමුඩ ගහන්න හදන්නේ…

සර් කාර්‍යබහුල ඇති…
ඒත් කාලයක් වෙන් කරන්න බැරිකමක් තියෙන්න බෑනේ සර්ට…

මොකෝ දරු පවුල නඩත්තු කරන්න සල්ලි හොයන්න ඕනේ කියලද…
ඇයි මට තේරෙන දේවත් සර්ට තේරෙන්නේ නැත්තේ… ආ..

සර්ට තියෙන්නේ වෙන ප්‍රශ්නයක්ද කොහෙද …
ඒක වහගන්න වටේ තියන හැම දෙයක්ම ප්‍රයෝජනයට ගන්නවා… “

“කටවහනවා….. ” නෙතුලිගේ හැම වචනයක්ම අහගෙන හිටපු අකිලාශ්ට අන්තිම ටික ඇහෙද්දී ඉබේම කෑ ගැහුනේ … නෙතුලිගේ කට ඉබේම වැහෙද්දියි… කෙල්ලගේ භය වෙච්ච පෙනුම දැක සුසුමක් සෙලූ ඔහු… ඔහුගේ ෆෝන් එක අරන් යමක් පෙන්නුවේ ඔහු කතා කරන්න ගද්දියි…

“ස්…සමාවෙන්න න..නංගි…
ඔ..ඔව් මට එක හිති…න් බදින්..න බැ..හැ…

ඒ..කයි මම එ..එහෙම තීරණයක් ගත්තේ…
මගේ ළග කවුරුත්ම දන්නේ නැ..ති ර..හස මම දන්නේ…නෑ ඔයා…ට කියන්න හි..තුවේ කියලා…

ඒත් ඔ..ඔයාට තේ..රෙනවා ඇති මං ඉන්න ත..ත්වේ…
මං හොයාගත්…තා ගෙදරි…න් හෙව්වා කියලා වෙනස…ක් නෑ…

මම අකමැති විවාහයට…
ම…ං නිසා ප්‍ර…ශ්න ඇති වෙ..නවට කැ…මති නැ…හැ…

ඒ…ඒකයි එ..යාලා කිය…න දේ අහ…ලා මැරි කර…ලා ටික ක..ලකින් අයි…න් කරන්න හිතුවේ…
එත…කොට එයාලා බලකර..න එක නවත්තයිනේ….

අනි…ක මම කා..ටවත් බලක…ලේ නෑ මට ඕ…නේ කියලා…
එහෙ…ම නම් මම කර…න්නේ මොකක්ද කි…යලා හිතාගන්..න බැරිව ඉන්න දැ…න් තත්වෙ…ට් පත් වෙ..න්නේ නෑනේ…. ” අකිලාශ් නළල ඇගිලිතුඩි වලින් මිරිකමින් කියද්දී… නෙතුලි අසරණව ඉන්න ඔහු දිහා දුකෙන් බැලුවේ කරන්නේ මොකක්ද , කියන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඉද්දියි…

ඊළග කොටසින් හමුවෙමු