සෙනේහේ බන්ධන 💕💕💕

පළමු කොටස ✍️✍️

” අනේ තිළිණි අක්කේ මම දන්නේ නෑ මම දැන් මොකක්ද කරන්න ඕනේ කියලා..

හිතලා හිතලම මගේ ඔලුව පැලෙන්න වගේ…”

ඇගේ නම නෙතුලි ආක්ශා. වයස අවුරුදු පහේදීම නොසැලිකිලිමත් රියදුරෙකුට හසු වී දෙමව්පියන් අහිමී වී ගිය කුඩා නෙතුලිගේ භාරකාරීත්වය හිමි වුනේ ඇගේ අවිවාහක පුංචි වන සුජානිටයි.. පුංචි අම්මා හා සමානයි කියමන සනාථ කරමින් ඇයව සුජානී බලාගත්තේ දෙමව්පියෝ අඩුව හැර වෙන කිසිදු අඩුවක් නොදීමයි… ඉතින් කුඩා කළ සිට දුක් මහන්සියෙන් තමන්ව හදන තම පුංචිව කවදාහරි ආදරයෙන් බලාගන්න එක තමයි ඇගේ සිහිනය… උසස්පෙළ හොදින් සමත් වුවත් සරසවි යෑමට නොහැකී වීම ගැන ඇය නොතැවුනේ සරසවී සිහිනයක් ඇයට නොතීබූ බැවිනි… එම නිසාම පුංචිට අත්වැලක් වීමට වයස දහ නමයක් සම්පූර්ණව තිබූ ඈ රැකියාවකට යන්න ඉන්ටවීව් යන්න ලැහැස්ති උනත් ඒ දිනම උදෑසන එකපාරටම ඇගේ පුංචි කලන්තේ දමා රෝහල් ගත කලේ…. වෛද්‍යවරූ පුංචිගේ හදවතේ ප්‍රශ්නයක් බව පවසා සතියක් යන්නත් කලින්ම සැත්කමක් කිරීමට නියම කරද්දියි… පුංචිගේ රෝගී තත්වයෙන් අසරණ වූ ඇය තව තවත් අසරණ උනේ සැත්කම කිරීමට ලක්ශ හතක මුදලක්වත් වැය වන බව කියද්දියි… කෙටි කාලෙකදී ලක්ශ පහක් රැස් කිරීමට වතකමක් නැති ඇය… එහා ගෙදර බැදලා පදිංචී වී ආපු නෙතුලිට වඩ අවුරුදු කිහිපයක් වැඩිමල් තිළිණි ළග හඩා වැටුනේ… ඇයද කිසි දෙයක් කරගන්න නොහැකිව නෙතුලිගේ හිස අ
තගාන්න ගද්දියි…

“මට තේරෙනවා නංගි …

ඔයාව විතරක් නෙමේ … අපි ආපු ටික කලටත් සුජානි නැන්දා ආපිවත් ආදරෙන් බලාගත්තා..

ඒත් අපි ළගවත් මේ වෙලාවේ එච්චර මුදලක් නෑ….

තාමත් මේ ගේ හදාගන්න ගත්ත ලෝන් එක ගෙවන නිසා අපිත් හිරවෙලා ඉන්නේ… “

“අනේ මං දන්නවා අක්කේ…

අක්කලා ළග සල්ලි නැහැ කියලා..

අනික ලක්ශ හතක් කියන්නේ පොඩි ගානක්ද..

මගේ හිතේ වේදනාව..

මං පුංචිව ආදරෙන් බලාගන්නවා කියලා හිතුව මාව…

ඇයි ඒක කරන්න කලින්ම අසරණ වුනේ කියලා…

අක්කා මම දන්නේ නෑ මොනා කරන්නද කියලා..

ඉල්ලන්න කෙනෙක්වත් නෑ…

මට දැන් සල්ලි ලැබෙනවා නම් ඕනම දෙයක් කරන්න ලැහැස්තියි…. “

හිත වේදනාවෙන් ගැහෙද්දී ඇය අසරණව කීවේ… තිළිණි කල්පනාවකට වැටෙද්දියි…

” නංගි මගේ මහත්තයා අදුරන කෙනෙක් ඉන්නවා…
ඒ මහත්තයා ලෝයර් කෙනෙක්…

ඒ ලෝයර් දන්න තව මහත්තයෙක් ඉන්නවා..
පෙරේදා මගේ මහත්තයා කීවා ඒ මනුස්සයාට පිස්සු… බදින්න කෙනෙක් හොයනවා … අවුරුද්දකින් ඩිවොර්ස් වෙන්න කැමති…

මට කීව විදිහට දේපළ ප්‍රශ්නයක්..
මේ මනුස්සයා බදින්න කැමති නෑ.. ඒත් දේපළ නිසා කරන්න දෙයක් නැතිව…

එයා කියලා තියෙන්නේ එයාගේ කොන්දේසි වලට කැමති නම් ලක්ශ පහළවක් දෙන්නම්… ඒ අවුරුද්දේ යන වියදමත් බලාගෙන කියලා… “

තිළිණි හරි පරිස්සමට එකිනෙකට වෙනස් හැගීම් පලවන නෙතුලිගේ මූණ දිහා බලලා කීවේ.. කෙටි කල්පනාවකට වැටුන නෙතුලි හොද හුස්මක් අරන් තිළිණි දෙස බලද්දියි…

“අක්කා අනේ අයියට කියලා ඒ ගැන කතා කරන්න….

මං ඒ මනුස්සයාගේ කොන්දේසි වලට එකගව බදින්න කැමති…

ඒත් මට ඊට කලින් මැරේජ් සර්ටිෆිකේට් එක සයින් කරපු ගමන් ලක්ශ හතක් ඉල්ලලා දෙන්න…”

“න…ං ගි.. මං…”

නෙතුලිගෙන් මේ තරම් සෘජු පිළිතුරක් බලාපොරොත්තු නොවූ තිළිණි ඇය මේ දේ කියලා කරේ හරි දෙයක්ද නැද්ද කියලා ඇයටම හිතාගත නොහැකි වෙද්දියි…

විවාහ වී දික්කසාද වූ පිරිමි හෝ ගැහැණු කෙනෙක්ට ඒ ජිවිත කාලේදීම සමාජය ඉදිරියේ දික්කසාද ලේබලය අයින් කරන්නට නම් ලේසී නොවේ.. ඊටත් වඩා ගැහැණු කෙනෙක්ට වන හානිය වැඩිය. තාම දික්කසාදය කෙසේ වෙතත් විවාහයක් සදහාවත් හරි වයසක් නැති නෙතුලිට මේ දේ නිසා අනාගතයේ සමාජය ඉදිරියේ මොන ප්‍රශ්නවලට මුහුණ දෙන්න වේදැයි සිතෙද්දී … තිළිණි මදක් පසු බහින්න ගත්තේ.. එය තේරුන නෙතුලි ඉක්මනට ඇගේ අත අල්ලාගද්දියි…

” අනේ අක්කේ බෑ නම් කියන්න එපා…

අනාගතය ගැන හිතන්න කලින් වර්තමානය.. ඒ කියන්නේ දැන් ගැන හිතන්න ඕනේ…

පුලුවන් කම තිබියදීත් මට පුංචිව බේරගන්න බැරි උනොත් මම සතුටින් ඉදීද…

ප්ලීස් තිළිණි අක්කේ මට මේ උදව්ව කරලා දෙන්න… “

නෙතුලිගේ ආයාචනය මැද තිළිණි හිස වැනුවේ ඇගේ හිත යාන්තම් සැහැල්ලු වෙද්දියි…

“තැන්ක්ස් ගෝඩ්…

කොන්දේසි වලට කැමති කෙනෙක්ව හම්බුනා… “

තරුණ වයසේදීම රටේ නමක් ගිය නීතීඥවරයෙක් වන අකිලාශ් දේව් ගජනායක තම මිත්‍රයා වෙන විශ්වට කීවේ ලොකු ප්‍රශ්නයක් විසදුනා වැනි හැගීමකිනි.. බෝර්න් විත් අ සිල්වර් ස්පූන් ඉන් මවුත් කියන කියමන ඔහුට හරියනවා කීවොත් නිවරදියි. රටේ ධනවත් ප්‍රභූ පැලැන්තියේ ඉපදුන ඔහුගේ පවුල යන්තමින් දේශපාලනේ පැත්තටද සම්බන්ධයි… වැඩිමල් සහෝදරියන් දෙදෙනෙක් හා බාල සහෝදරියක් අතර මැද උපන් ඔහු පවුලේ එකම පිරිමි දරුවා විය. සැවොමගේම ආදරය මැද හැදෙද්දී ඔහුගේ පියා වන නිහාල් ගජනායක තම පුතා ව්‍යාපාර බාරගනී කියලා හිතුවත් ඔහු නීතීය ඉගෙන ගන්න තීරණය කරද්දී … ඔහුට කවුරුත් බාධා නොකලේ… දරුවන්ට ඕනවට වඩා බලපෑම් කරන පවුලක් නොවන නිසාත් වැඩිමල් දියණියන් විවාහ කරගත් බෑනලා දෙන්නාත් ඔහුට සහය දැක් වූ නිසාත්‍ ය.. වයස තිහකට කිට්ටු වෙන්න එන අකිලාශ් තවමත් විවාහයක් ගැන හිතන්නේවත් නැති බව තේරුන ඔහුගේ දෙමව්පියන් කරන්න ඕන හැමදේම කර අවසානයේදී … ඔහුව බ්ලැක්මේල් කරලා හරි විවාහ කරවන්න තීරණය කලේ.. මැරෙනකම්ම පුතාගේ දරුවන් දැකීම හීනයක් වේදැයි සාධාරණ බියක් ඇති වූ බැවිනි… ඒ නිසාම ඔහුට පවුලෙන් ලැබෙන… සියලුම වත්කම් , දේපළ වගේම, ඔහු ආශාවෙන් සිටි සීයා ජිවත් වී හිටපු ගජනායක වළව්ව පවා ඔ
හුට පැවරුවේ… මේ හැමදේම ලැබෙන්න නම් මාසයක් ඇතුළදී ඔහු විවාහ විය යුතු බව කොන්දේසී වලට ඉදිරිපත් කරමිනි… ඒ කාල සීමාවේදී ඔහු ඔහු කැමති කෙනෙක් සමග විවාහ විය යුතුය.. එසේ නොවුනහොත් පවුලෙන් හොයලා දෙන කෙනෙක්ව විවාහ කරගත යුතුය.. ඒ දෙකටම විරුද්ධ නම්.. ඒ දේපළ ඔහුගේ නැන්දාගේ පුතා වන කාවිංග සමරනායකට හිමි වන බව සදහන් වී ඇති බව දුටු අකිලාශ්ට තරහා නැගුනේ… කාවිංග සමග ඒ තරම් හිතවත් කමක් ඔහුට නොතිබුණු හෙයිනි… නීතිඥවරයෙක් වන ඔහුටවත් විකල්ප මාර්ගයක් සොයාගත නොහැකි ලෙස නිහාල් සැමදේම සූදානම් කලේ ඒක ඇසී අකිලාශ් ගෙදර එන එකත් නවත්වද්දියි…

“හ්ම්.. බට් අකි..ලා..ශ්… පො.. ඩි ප්‍රශ්න..යක් තියනවා…”

නෙතුලිගේ හැම විස්තරයක්ම හොයලා බලපු විශ්ව තවම අකිලාශ් තරම් සතුටු නොවී කීවේ.. අකිලාශ් ඔහු දිහා බලද්දියි…

“ඇයි.. ඒ කෙල්ලට මම දෙන ගාන මදිලුද…”

“නෑ නෑ…
ඒ ගර්ල් එහෙම නෙමෙයි…

ඒ කෙල්ලට ලොකු සල්ලි ප්‍රශ්නයක්…

එයාගේ පවුලේ ඉන්නේ එයාව හදපු පුංචි විතරයි…
එයාට හදිසි හාර්ට් ඔපරේශන් එකකට සල්ලි ඕන වෙලා..

ලක්ශ හතක්…
ඒ කෙල්ල ඉල්ලුවේ සයින් කරපු ගමන් ඒක දෙන්න පුලුවන්ද කියලයි…

ඒත් ප්‍රශ්නයක් විදිහට තියෙන්නේ එයාගේ වයස… “

අකිලාශ්ගේ හිතේ අනුකම්පාව ඇති කරමින් …විශ්ව කීවේ.. ප්‍රශ්නය කීව සැනින් ඔහු විශ්ව දිහා ඇස් හීන් කර බලද්දියි..

“ඔහ් පව් ඒ කෙල්ල …
මම සල්ලි දෙන්නම්…

මං එහෙම කාගෙවත් අසරණ තත්වයක් තේරුම් ගන්න බැරි අමනුස්සයෙක් නෙමෙයි…
අනික වයස කීවේ … ඇයි කෙල්ල වැඩිමල්ද… “

” නෑ නෑ.. වැඩිම…ල් නෑ..

ඒ කෙල්ල උබට වඩා බා…ලයි..

එයාගේ වයස දහ නමයක්…”

මෙච්චර වෙලා කරකව කරකව හිටපු අකිලාශ් අත තිබූ පෑන වැටුනේ.. ඔහු පුදුම වෙලා විශ්ව දෙස බලද්දියි…

” ව…ට් .. දහ නමයක්…
ආ යූ කිඩින් මී…

ටෙන් ඉයර්ස් ගැප්…

උබ මට බාල අපරාද කරවන්නද හදන්නේ…

මම කීවේ මට විවාහ වෙන්න කෙල්ලෙක් හොයන්න කියලා නැතුව දරු කමට නෙමෙයි… “

මෙච්චර වෙලා තිබූ සැනසීම පලා යද්දී විශ්වට ඔහු තරහින් කෑ ගැසුවේ … මොහොතක් ඔහු සන්සුන් වෙනකම් ඉද විශ්ව නැවත කතා කරන්න ගද්දියි…

” අවුරුදු දහ නමයක් කියන්නේ ලීගලී ඇපෲනේ..
ඊටත් වඩා මේ දවස් වල දහ අට සම්පූර්ණ වෙච්ච ගමන් උනත් කෙල්ලෝ මැරි කරන්නේ…

අනික උබ ඒජ් ගැප් එක ටෙන් නෙමේ ටුවෙන්ටි පවා වෙලත් මැරි කරනවානේ බන්… “

” මේ විශ්ව තව වචනයක් ඔය ගැන කියලා මගෙන් මැරුම් කන්න එපා…
උන් ටුවෙන්ටි නෙමේ ෆොර්ටි ගැප් තියලා මැරි කලත් මට අවුලක් නෑ…

ඒත් මේක මම කතා කරන්නේ සදහටම ඉන්න නෙමේ අවුරුද්දකින් අයින් වෙන්න..
මට වගකීම් දරන්න වෙලාවක් නෑ…

ඒකයි මම මැරි කරන්න බෑ කිව්වේ.. කාවවත් බොරුවට මැරි කරලා අසරණ කරලා දාන්න ඕන නැති නිසා ..

ඒත් අපේ ගෙදර අයනේ මාව මෙහෙම හිර කලේ…

අනික බූරුවෝ තමුසෙට තේරෙන්නේ නැද්ද ඒ කෙල්ල අසරණ නිසා කැමති උනේ…
උබ දැන දැනම උල්පන්දම් දෙනවනේ.. “

අකිලාශ් තරහින් එසේ කියා පුටුවෙන් නැගිට්ටේ… චෙක් එකක් ලියලා විශ්ව අතේ තියද්දියි…

“ඕක ඒ කෙල්ලට දෙන්න…
ඒ මෝඩීත් සල්ලි හොයන්න මොනවා කරයිද දන්නේ නෑ මම මැරි කරන්න බෑ කීවාම..

මට මේ ගැන දැන දැනම මුකුත් නොකර ඉන්නත් බැහැ…
අනික ඉදලා හිටලා හරි කාටහරි උදව් කරන්නත් එපැයි….”

“අකි..ලා…ශ්… එතකො..ට උබ..”

“මම මොනා කරන්නද මාවත් ගෙදරින් මාර විදිහටනේ හිර කලේ..
මේ වැඩේ හරි ගියේ නැත්නම්..

ලාවන්‍යාව තමා මැරි කරන්න වෙන්නේ..
අකමැති උනත්…

මගේ වෙලා…ව තමා..”

විශ්වට කිසි දෙයක් කියන්න ඉඩ නොදීම අකිලාශි ගියේ.. විශ්ව ඔහු අත තියන චෙක් එක දිහා බලන් සුසුමක් හෙලද්දියි…

ඊළග කොටසින් හමුවෙමු