51 වන කොටස (අවසන් කොටස)

“අනේ මගේ හිරූ…මම වැරදියි කියලා මට දැනුයි තේරුණේ…මට සමාව දෙන්න හිරූ….”

ගිහාන් එහෙම කිව්වම හිරූෂා පුදුමයෙන් දෑස් විසල් කරගෙන ගිහාන් දිහා බලාගෙන හිටියා…

“ගිහාන් එකපාරටම ඔයාට මොකක්ද වුණේ.. .මොකද චේතනා එක්ක තරහ වුනා වත්ද ?….”

හිරූෂාගේ මුහුණේ තිබ්බ සමච්චල් හිනාව ගිහාන් දැක්කා .

හරියටම හූනා කිව්වා වගේ හිරූෂා තමාගෙයි චේතනාගෙයි රණ්ඩුව දැනගත්ත විදිහ ගැන ගිහාන්ට පුදුම හිතුනා …

මාව මේ තරමට හොඳින් අදුනගත්ත හිරූෂාව නේද මම දාල ගියේ කියලා ගිහාන්ට හිතුනා..

“මම මේ සමාව ඉල්ලන්නේ ඇත්තටමයි…මට දැනුයි ඔයාව තේරෙන්නේ මට දැනුයි ඔයාගේ වටිනාකම තේරෙන්නේ හිරූ…මගේ ලඟින් උන්නු කාලේ මට ඒ කිසි දෙයක් තේරුණේ නෑ ….”

“ඒවා එහෙම තමයි ගිහාන්.මිනිස්සුන්ට තමන්ගෙ ළග තියෙන දේවල් වල වටිනාකමක් දැනෙන්නේ ඒ දේවල් නැති වෙලාම ගියාට පස්සේ…”

“මම මහා අවාසනාවන්ත මි/නිහෙක්.මෙච්චර හොඳ ඔයා වගේ කෙනෙක් ඉදිද්දි අර චේතනා වගේ කිසිම කමකට නැති ගෑ/ණි/යෙ/ක්/ව මම කසාද බැන්දානේ…”

ගිහාන් ගේ ඇස්වල තිබ්බ පරාජිතකම,පසුතැවිල්ල හිරූෂා අඳුරගත්තා…

“ඇයි මොකක්ද උනේ ?…”

ගිහාන් හිරූෂාට වෙච්ච හැම දෙයක්ම අකුරක් නෑර කිව්වා..

දනූෂ් ඇවිදින් ජීවිතය අපායක් කරපු හැටි ,දනූෂ් තමාගේ මුදල් නාස්ති කරන හැටි ,චේතනා දනුෂ්ගේ හැම වැරැද්දක්ම නොදැක්කා වගේ ඉන්න හැටි ගිහාන් හිරූෂාට කිව්වා…

“ගිහින් හොඳ නරක කියන්නේ සාපේක්ෂ දෙයක් .මෙච්චර කල් ඔයා මගේ නොදැකපු හොඳ දැක්කේ චේතනා ට වඩා මම හොඳ නිසා ..හදිසියේ හරි චේතනා මට වඩා හොඳ වුනා නම් ඔයා අද ඔය වගේ පසුතැවෙන්නේ නෑ නේ ..මම ඔයාට පොඩි අවවාදයක් දෙන්නම්..ඔයා මීට පස්සේ මාවයි චේතනාවයි සංසන්දනය කරන්න එපා .. ඔයාට අද චේතනාගේ වැරදි පේන්නෙත් ඒ නිසා…. ‘

හිරූෂා එහෙම කිව්වම ගිහාන්ට ලැජ්ජා හිතුනා …
හිරූෂා කියන්නේ ඇත්ත කියල ගිහාන්ට හිතුනා ..

ගිහාන් නිහඬව හිටියේ එකපාරටම ගිහාන්ට කට උත්තර නැති උන නිසා …

“තමන්ගේ වයිෆ්ව කිසිම කෙනෙක් එක්ක සංසන්දනය කරන්න එපා …ඒක වැරදියි ගිහාන්….කොහොම උනත් දැන් ඔයා චේතනාව කසාද බැදලා ඉන්නේ …ඔයා එයා එක්ක වත් හරියට ඉන්න…ඔයාගේ වැරදි ඔයාට පේන්නේ නෑනේ ගිහාන් …ඒවා පේන්නේ අනික් අයට විතරයි ..”

“ඒවා ඇත්ත මගේ වැරදි ගොඩක් තියනවා ..මම ඒවා හදාගන්නම් හිරූ..මට ඔයාවයි මගේ ළමයි දෙන්නාවයි ඕනී…අපි දැන්වත් සතුටින් ජීවත් වෙමු …”

“එතකොට චේතනා…”

“මම චේතනාව ඩිවෝස් කරලා ඔයාව කසාද බඳිනවා..”

ගිහාන් එහෙම කිව්වම හිරූෂාගේ දෑස් පුදුමයෙන් විසල් වුණා ..

මේ ගිහාන් නම් කවදාකවත් හැදෙන කෙනෙක් නෙමෙයි.. ……

බැඳීමක වටිනාකමක් ගිහාන්ට තේරුම් ගන්න බෑ …

ගිහාන්ට බැඳීමක පැටලෙන්නයි බැදීමකින් මිදෙන එකයි මේතරම් ලේසිද කියලා හිතිලා හිරූෂාට පුදුම හිතුණා.

නීතිය ඉදිරියේ විවාහ වෙලා දික්කසාද වෙන එක ගිහාන්ට දැන් සුළු දෙයක් වෙලා…

හිරූෂාට ගිහාන් ගැන තිබුණු කලකිරීම තවත් වැඩිවුණා…

“බැඳීමක් කියන්නේ ඒ තරම් ලේසියෙන් අතාරින්න පුළුවන් දෙයක්ද ගිහාන්..ඔයාට දැන් ඩිවෝස් වෙනවා කියන එකත් සුළු දෙයක් වෙලා…ආදරේ කියන්නේ දෙන්නා අතින් අල්ලගෙන ජීවත් වෙන එකම නෙමේ කොයිතරම් දුරක ගියත් හිත් වලින් අල්ලාගෙන එකට ජීවත්වෙන එක..ඔයා අපේ පවුල් ජීවීතේ ප්‍රශ්න එද්දී ඒවා ඉස්සරහ බයවෙලා මාව තනිකරල ඒ ප්‍රශ්න වලින් පැනලා ගියා ……….”

“ආයෙ එහෙම වෙන්නෙ වෙන්නෙ නෑ හිරු ..මාව විශ්වාස කරන්න හිරු …..”

ගිහාන්ගේ කටහඬේ තියෙන අසරණකම හිරූෂා හඳුනාගත්තා…

ඒත් හිරූෂාගේ හිතේ ගිහාන් ගැන පොඩි අනුකම්පාවක් වත් ඇති වුණේ නෑ ..

“මට ඔයාව ආයෙමත් විශ්වාස කරන්න බෑ ..මම කවදාවත් ඔයාට මගේ දරුවන්ගේ තාත්තගේ අයිතිය නැති කරන්නෙ නෑ ….ඒක නැති කරන්න මට බෑ ..ඒත් කවදාවත් ආයේ අපි අතර කිසි බැදීමක් ඇති වෙන්නේ නෑ …”

“හිරූෂා ඔයාට මං ගැන පොඩි අනුකම්පාවක් වත් නැද්ද ?..අපි අවුරුදු කීයක් යාළුවෙලා හිටිය ද ?අවුරුදු කීයක්න්ම් එකට ජීවත් වුනාද ?..ඔයාගේ හිතේ මට පොඩි තැනක් වත් නැද්ද ,.?”

“අපි අවුරුදු ගානක් ආදරේ කළා තමා …එකට ජීවත් වුනා තමයි…ඒ කාලේ මගේ ජීවිතේම ලෝකෙම වෙලා හිටියේ ඔයා විතරයි…ඒත් මගේ හිතේ තිබ්බ ආදරේ ඔයාමයි මැ&වේ ගිහාන්..දැන් ඒ ආදරේ මම වල දාලා ඉවරයි ….වළදාපු ම&මිනියක් ගොඩ ගත්තම මුළු පළාතම ගඳ ගහනවා කියලා ඔයා දන්නව ගිහාන් …මම දැන් මගේ හිත හදාගෙන ඉවරයි …මට මගේ පාඩුවේ ඉන්න දෙන්න ගිහාන් ..”

“මම මගේ වැරදි හදාගන්නම්…ඔයාට මතකද ඔයා ඉස්සර කිව්වා මම ඔයාගේ ෆ්‍රස්ට් ඇන්ඩ් ලාස්ට් ලව් එක කියලා …ඔයාට ඒවා අමතකද හිරූෂා..”

“ප්ලීස් ගිහාන් මාව ඉමෝෂනලී බ්ලැක්මේල් කරන්න එපා ….ඔයා වෙනස්වුනාට මම වෙනස් වුණේ නෑ ..කොහොමත් මම ළං වෙච්ච පළවෙනි ,අන්තිම පිරිමියා තමයි ඔයා…මම ආයේ කවදාවත් බඳින්නේ නෑ… ඒ ඔයාට තියෙන ආදරේට නෙමෙයි …ඔයා මට පිරිමි සංහතියම එපා කළා…මම මගේ ජීවිතයේ ඉතිරි කාලය තනියම ජීවත් වෙන්න තීරණය කරලා ඉවරයි …මගේ ඒ තීරණය කවදාවත් වෙනස් වෙන්නේ නෑ ..

ගිහාන් හිරූෂාගේ ඇස් දෙක දිහා බැලුවා …
ඒ ඇස් වල ඉස්සර තිබ්බ ළතෙත් ගතිය ,හැඟීම් බර ගතිය පහ වෙලා කියලා ගිහාන්ට තේරුණා …

“ඔයා යකඩ ගෑ//නියෙක් හිරූ…ඔයා ඉස්සර හිටපු අහිංසක හිරූ නෙමෙයි…”

“මම යකඩ ගෑ//නියෙක් උනේ ඔයා නිසා …මාව ඒ තත්ත්වයට පත් කලේ ඔයා…මගේ අහිංසක කම ,හැඟීම්බර කම,සංවේදිකම නැති කලේ ඔයා …ඔයා අවුරුදු ගාණක් තිස්සේ ඉඳන් කරපු දේවල් නිසා තමයි මම අද යකඩ ගෑ/නි/යෙ/ක් උනේ …ඒත් ඇත්තටම මම ඒකට හරි කැමතියි ..ඔයා මාව දාලා ගියාට මම අද මේ වගේ වැටෙන් නැතුව ජීවත් වෙන්නේ ඒ නිසා ….ඔයාට ගොඩක් ස්තූතියි ගිහාන් මාව දාලා ගියාට මම අද සාර්ථක කාන්තාවක් වෙලා ඉන්නේ ඒ නිසා …..”

හිරූෂා එහෙම කිව්වම ගිහාන්ට කට උත්තර නැති වුණා ..

මේ ඉන්නේ මට ආදරේ කරපු ඒ අහිංසක හිරූෂා නෙමෙයි ….
හිරූෂා ආයේ වෙනස් කරන්න තියා හිතන්නවත් අමාරුයි කියලා ගිහාන්ට හිතුණා ….

“දුව එන්නේ නැද්ද කෑම කන්න …”

හිරූෂාගේ අම්මා ගේ දොරකඩට ආවා …

“එන්නම් අම්මේ …මේ ගිහාන් ආවා..”

“මම මේ ඔය ළමයට කියන්නමයි හිටියේ..අපිට මේ ගෙදරට ඔය ළමයට එන්න එපා කියන්න බෑ …අර අහිංසක දරුවො බලල යන්න මාසෙකට සැරයක් දෙපාරක් එන්න ..ඒත් මේ වගේ රෑවෙලා නැතිව උදේ ඇවිත් දරුවන්ව බලලා යන්න .ආයෙ නම් මහ රෑ වෙලා මේ ගෙදරට එන්න ලෑස්ති වෙන්න එපා ….”

හිරූෂාගේ අම්මා එහෙම කිව්වම ගිහාන් ගේ මූණ අඳුරු උනා ..

ගිහාන් වචනයක්වත් නොකියා නිහඬ හිටියා …

“එහෙනම් දුව ඉක්මනට එන්න ..මම තාත්තට කෑම බෙදන්න යනවා ..”

හිරූෂාගේ අම්මා එතනින් ගියේ ගිහාන් දිහා තරවටුවාත්මක බැල්මක් හෙලලා ..

“ඔයා දැන් ගෙදර යන්න ගිහාන්…ගිහින් චේතනා එක්ක සතුටින් ජීවත් වෙන්න බලන්න …මට කියන්න තියෙන්නේ එච්චරයි …”

“අනේ ප්ලීස් හිරූ මට එකම එක අවස්ථාවක් දෙන්න …”

දැන් නම් ගිහාන්ගේ කටහඬ වෙව්ලනවා වගේ …

“ඔයාට එක අවස්ථාවක් දීලා මගෙයි දරුවො දෙන්නගෙයි ජීවිත නැති නාස්ති කරගන්න බෑ …ඔයා අයේමත් අපේ ජීවිත වලට ආවොත් මගේ මහන්සිය වතුරේ යයි …දරුවෝ දෙන්න හදාගෙන ජීවිතයේ ස්ථාවර කරගත්තා විතරයි ..අනේ අපිට පාඩුවේ ඉන්න දීලා යන්න ගිහාන්…”

හිරූෂා එහෙම කිව්වම ගිහාන්ට තේරුණා හිරූෂාව වෙනස් කරන්න අමාරුයි කියලා …

ගිහාන්ට තමන් ගැනම ආත්මානුකම්පාවක් දැනුනා….

“ඒකද ඔයාගේ අන්තිම තීරණේ …?.”

ගිහාන්ගේ කටහඬ දැන් නම් හොඳටම බිඳිලා ගිහින් …

“ඔව් ගිහාන්….මට ආපහු හැරෙන්න බෑ…ඔයා එදා මාව තනි කරලා මග දාලා ගියාට පස්සේ මම ගොඩක් දුර තනියම ගියා …මට ආපස්සට හැරෙන්න බෑ…”..

“මම යන්නම් හිරූෂා…දරුවො දෙන්නයි ඔයයි පරිස්සමින් ඉන්න…”

“ගිහාන් ඔයාගේ අර වන්දි මටයි මගේ දරුවන්ටයි එපා…මට පුළුවන් ඒ දෙන්නව බලාගන්න…දැන් මට ඒකට ශක්තිය තියෙනවා…මට පේන විදියට ඔයාට මේ හැම ප්‍රශ්නයක්ම සල්ලි අඩුපාඩුකම නිසා….ඔයා ඒ දේ වලින් නිදහස් වුණොත් ඔය සේරම හරි යයි…”

හිරූෂා එහෙම කිව්වම ගිහාන් හිරූෂා දිහා බැලුවේ පුදුම වෙලා වගේ…

ඒත් මට එහෙම දරුවෝ දෙන්න ගෙන් නිදහස් වෙලා අත පිහිද ගන්න බෑ ….

ඒ මගේ ලෙ/යි/න් හැදුනු දරුවෝ …
ඒ දරුවො දෙන්නගේ ඇඟේ දුවන්නේ මගේ ලේ* …

හිරූෂාගේ මගේ බැඳීම නැතිවුනත් ඒ බැදීම නැති කරන්න පුළුවන් ජගතෙක් මේ ලෝකේ නෑ ..

“නෑ හිරූෂා නැහැ ..මං ගොඩක් වැරදි කරපු කෙනෙක් ..මම අදටත් දුක්වෙනවා මම මගේ අසරණ දුවට කරපු වෙනස්කම් …ඒ නොදරුවාට කරපු දේවල් නිසාම වෙන්න ඇති මට අද මෙහෙම වුණේ ….මට අඩුම ගානේ දැන්වත් හොඳ තාත්තා කෙනෙක් වෙන්න දෙන්න …මම වගේ දරුවන් වෙනුවෙන් කරන්න පුළුවන් හැම යුතුකමක්ම කරනවා හිරූෂා….මගේ ඒ අයිතිය නැති කරන්න එපා ..”

මෙච්චර වෙලා ගලක් වගේ තිබ්බ හිරූෂාගේ හිත ගිහාන් එහෙම කිව්වම වෙඩරැ පිඩක් වගේ උණු උනා …

“යන්න කලින් මට දෙයක් කියන්න තියෙනවා ,හිරූෂා..මම මේ ලෝකයෙන් දැක්ක හොදම අම්මා ඔයා …මගේ දරුවෝ ගොඩක් වාසනාවන්තයි ඔයා වගේ අම්මා කෙනෙක් ලැබුනට …ඒ වගේම ඔයා හොද බිරිදක්…ඒත් මම වාසනාවන්ත වුණේ නෑ ඔයාව හැමදාමත් මගේ ලග තියාගන්න ..ඒ මගේ ක/රු/මේ….මම යන්නම් හිරූෂා….”

ගිහාන් හිරූෂා ගෙන් සමු අරගෙන ගෙදර පිටවෙලා යන්න හැදුවා …

ගිහාන් එහෙම කිව්වත් යටිහිතින් බලාපොරොත්තු වුණේ හිරූෂා දැන්වත් තමන්ට අවස්ථාවක් දෙයි කියලා …

යන්න එපා ඉන්න ගිහාන් කියයි කියලා

“පරිස්සමෙන් යන්න .යන්න කලින් ඔයාට දෙන්න අවවාදයක් තියනවා …දැන් මොනදේ උනත් චේතනා ඔයාගේ වයිෆ්….මම ඔයාගේ එක්ස් වයිෆ්…මම ඔයාගේ අතීතය විතරයි….අතීතයෙන් එලියට ඇවිත් වර්තමානයේ චේතනා එක්ක සතුටින් ජීවත් වෙන්න .චේතනා ට මම වෙන්නත් බෑ ..මට චේතනා වෙන්නත් බෑ …ඒක නිසා චේතනා ගෙන් තවත් හිරූෂා කෙනෙකු හොයන් නැතුව අවබෝධයෙන් ජීවත් වෙන්න ….ඔයාගෙ ජීවිතේ සතුට ඔයාට එතකොට ලැබේවි ගිහාන්…”

හිරූෂා එහෙම කිව්වම ගිහාන්ගේ හිතේ කොනක තිබ්බ අන්තිම බලාපොරොත්තුවත් සිදීලා ගියා ..

ගිහාන්ට වාහනය ළඟට යනකම්ම මතක් උනේ මේ ගෙදර හදාගෙන හා හා පුරා කියලා කිරි උතුරවලා පදිංචියට ආපු මුල්ම දවස ……

එදා හිරූෂා තමන් ලගට වෙලා කිරි උතුරවපු හැටි අද ගිහාන්ට එදා වගේම මැවිලා පේනවා ….

වාහනයට නැගලා මගක් දුරක් යනකම්ම ගිහාන්ට සිහිපත් වුණේ හිරූෂාගේ මතක ……

එදා හිත පිරෙන්න හිරූෂා ආදරේ කරපු හැටි …
තමා ගේ දුක සැප ළඟ එක වගේ සෙවනැල්ල වගේ ළඟින් හිටපු හැටි …

අද ඒ සේරම මතකයක් විතරක් වෙලා ගිහාන්ගේ ඇස්වලට කඳුළු උනනවා….

ඒ එක්කම ගිහාන්ට මතක් උනේ අවසාන මොහොතේ හිරූෂා කියපු කතාව …

“දැන් මොනදේ උනත් චේතනා ඔයාගේ වයිෆ්….මම ඔයාගේ එක්ස් වයිෆ්…මම ඔයාගේ අතීතය විතරයි….”

හිරූෂාගේ ඒ හැම වචනයක්ම ගිහාන්ට දෝංකාර දීලා ඇහෙන්න ගත්තා…

💔💔💔💔💔💔💔💔💔💔💔

පොහොයෙන් පොහොය ගෙවිලා ගිහින් කාලය නිකම්ම ගතවෙලා ගියා ..

දැන් හිරූෂා රටේ නමගිය ළමා හා කාන්තා ඇඳුම් ප්‍රදර්ශනාගාර කිහිපයක අයිතිකාරියක් …

ඉස්සර හිරූෂාගේ ගෙදර සුළුවට තිබුණු ඇඟලුම් කර්මාන්ත ශාලාව දැන් අක්කර ගාණක භූමි ප්‍රමාණයක ඉදි කරපු විශාල ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ..

හිරූෂාගේ ව්‍යාපාර නුවණ ,බුද්ධිය නොපසුබට උත්සාහය ,අධිෂ්ඨානය,කැපවීම නිසා හිරූෂා ජයග්‍රහනයේ හිනිපෙත්තටම ගියා …

ඒ කොහොම නමුත් හිරූෂාගේ දක්ෂකම නිසා ව්‍යාපාර කටයුතු හිරූෂා දරුවන්ගේ කටයුතු වලට බාධාවක් කරගත්තේ නෑ …

හිරූෂාගේ දෙමාපියනුත් නංගීත් දරුවන්ගේ වැඩ කටයුතු වලට , ගෙදර දොරේ වැඩ කටයුතු හිරූෂාට ලොකු සහයෝගයක් ගෙන දුන්නා..

අභීත පුතා ඉගැනුමට උපන් දස්කම් දක්වන ළමයෙක් …අභීත පුතා දැන් ඉංජිනේරු ශිෂ්‍යයෙක් විදිහට විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා….

ගිහානුත් හිරූෂාත් දෙමඟක දෙතැනක හිටියත් දෙදෙනා දෙපසක ඉඳගෙන
අභීතව ඉගැනීමෙන් පරතරයටම යවන්න ඇප උපකාර කරනවා ..

දැන් ගිහාන් ඉස්සර වගේ ආවේගශීලී ,ආත්මාර්ථකාමී ,උද්දච්ච කෙනෙක් නෙමේ …

කාලය,අත්දැකීම් නිසා ගිහාන් මුහුකුරා ගිය පරිණත කෙනෙක් වෙලා..
ඉස්සර තරමට අතමිට හිඟයක් දැන් නැත්තේ දනූෂ් රැකියාවක් කරන නිසා.

වෙන පවුල්වල සහෝදරයන් මේ වගේ ළමයි ලැබුනම අහක බලා ගන්නකොට කොන් කරනකොට හිරූෂාගේ නංගි කේශාරාව තේරුම් අරගෙන වැඩි වැඩියෙන් ආදරය කළා …

කේශාරාව හිරූෂාට තනියම හදාගන්න අමාරු වෙන්න තිබ්බා …ඒත් හිරූෂාගේ නංගී ඒකට ගොඩක් උදව් කරා …

හිරූෂාගේ දුව කේශාරා ඉගෙන ගන්න ලොකු සාමාර්ථයක් නොදැක්වූවත් දක්ෂ පිහිනුම් ක්‍රීඩිකාවක්…

ඔටිසම් ළමයි කියන්නේ බුද්ධි මට්ටමෙන් කිසිසේත්ම අඩු ළමයි කොටසක් නෙමෙයි ….

ඔවුන්ගේ මානසික වර්ධනය බෙහෙවින් අඩු නිසා සමාජ හැසිරීම් ,කතාව,සන්නිවේදනය ඔවුන්ට තරමක් අපහසුයි…

දෙමව්පියන්ගේ පවුලේ අයගේ කැපවීම නිසා මේ ළමයි ගොඩක් ඉදිරියට ගෙනියන්න පුළුවන් …

මේ දරුවන්ව ගොඩනගන්න ඉඳිරියට ගෙනියන්න අම්මාගේ කැපවීම විතරක් මදි ..මුළු පවුල් සංස්ථාවේම කැපවීම් ගුරුවරුන්ගේ උදව්උපකාර ලබාගෙන මේ ළමයින් බොහොමයක් ප්‍රතිනිර්මාණ කරන්න පුළුවන් …..

ඒත් මේ ඔටිසම් වලත් අවස්ථා කීපයක් තියෙනවා …ඉහළම ඔටිසම් තත්වයේ ඉන්න ළමයි හදාගන්න අපහසු වුණත් පහළ තත්ත්වයේ ඉන්න ළමයින්ව දෙමාපිය,නෑදෑයන් ,.ගුරුවරු වෛද්‍යවරුන්ගේ සහයෝගයෙන් උපකාරයෙන් ගොඩක් දුරට ගොඩ නගන්න පුළුවන් …

කේශාරා කියන්නේ තරමක් පහල ඔටිසම් තත්ත්වයේ දරුවෙක් ….
කේශාරාට ඒකත් වාසියක් වුණා..

කේශාරා දැන් අවුරුදු පහළොවක උස්මහත් වෙච්ච දැරියක්…

හිරූෂාගේ හිනාව ඒ විදිහටම කේශාරා දුවට ලැබිලා තිබුනත් පැහැපත් හමේ වර්ණයයි මුහුණුවරයි සේරම ගිහාන්ගේ වගේ…..

“අම්මේ..මේ බලන්න මගේ මෙඩල්ස් ටික..”

කේශාරා දුව කබඩ් එකේ දාලා තියෙන පදක්කම් ටික හිරූෂාට පෙන්නුවා..

එතැනම රන් පදක්කම් දහයක්…
රිදී පදක්කම් තුනක්…
ලෝකඩ පදක්කම් එකක්…

“නියමයි මගේ දෝණී…මට මගේ දුව ගැන හරිම සතුටුයි…මෙදාපාරත් ඔයාට ගෝල්ඩ් මෙඩල් එක ගන්න පුළුවන් ..මට ඔයා ගැන හරිම ආඩම්බරයි…”

හිරූෂා කිව්වේ කේශාරා දුවව සිප වැළදගන්න ගමන්..

“මොකෝ මේ අම්මගේයි දුවගෙයි කෝලම්ද?..”

අභීත කාමරයට ආවේ එහෙම කියාගෙන..

“මේ බලන්නකෝ පුතේ නංගිගේ මෙඩල්ස් ගොඩ.මම කිව්වා මට නංගි ගැන ආඩම්බරයි කියලා…”

“නංගි ගැන විතරද ?..පුතාව නම් ගණන් ගන්නේවත් නෑනේ..”

අභීත කීවේ අම්මායි නංගියි වාඩි වෙලා උන්නු ඇඳේ අම්මාගේ ළඟින් වාඩිවෙලා…

“මට මගේ දරුවෝ දෙන්නා ගැනම ආඩම්බරයි පුතේ …ඔයා ඉතින් මගේ ඉංජිනේරු මහත්තයානේ..”

හිරූෂා කීවේ දෑත් විදහා පුතාවයි දුවවයි වැළඳගන්න ගමන්….

ඇත්තටම හිරූෂා හරිම ලස්සනට ළමයි දෙන්නාව හදාගත්තා..දරුවෝ දෙන්නාම හරිම කීකරුයි..ඒ වගේම වැඩිහිටියන්ට ගරු කරන ගුණයහපත් දරුවෝ දෙන්නෙක්…

හිරූෂාට මතක්වුණේ තවමත් චේතනාටයි ගිහාන්ටයි දස වද දෙන දනූෂ් ගැන…

ගිහාන් දැන් කොයිතරම් හොඳ වුනත් රැස් කරපු අකුසල් වල ශේෂය තවමත් චේතනා එක්ක බුක්ති විදිනවා….

ඒ දේවල් මතක් වෙලා හිරූෂා ලොකු හුස්මක් හෙලුවා…

“ඇයි අම්මේ මේ..”

අභීත අම්මාගේ සුසුමක වෙනස පවා හොඳට හදුනනවා…

“මුකුත් නෑ පුතේ “

හිරූෂා එහෙම කීවේ මුහුණින් වෙනසක් නොපෙන්වමින්..

“මේ ලෝකේ ඉන්න හොඳම අම්මා ඉන්නේ අපිට නේද නංගී…”

අභීත එහෙම කිව්වේ අම්මාගේ මුහුණ ආදරයෙන් සිපගන්න ගමන්..

“ඔව්..අපේ අම්මා මේ ලෝකේ ඉන්න හොඳම අම්මා…”

කේශාරා එහෙම කිව්වේ එයාට හම්බ වුණු රන් පදක්කමක් අම්මාගේ ගෙලට දානගමන්…

කේශාරාගේ ඒ දගකාර,හුරතල් වැඩේට හිරූෂාට හිනා ගියා..

“කෝ මේක ගලවන්න දුවේ.නිකන් නාස්ති කරගන්නේ නැතුව…”

“අම්මාට මේ වගේ මෙඩල්ස් දාහක් දැම්මත් වැඩි නෑ අම්මේ..හොඳම අම්මා හොයන තරඟය තිබුණා නම් තේරෙන්නේ මගේ අම්මා ..ඔයා වගේ අම්මා කෙනෙක් ලැබුණේ අපේ වාසනාවට…”

අභීත පුතාගෙයි කේශාරා දුවගෙයි ආදරේට හිරූෂාගේ මුළු හිතම පිරිලා ගියා…

“මටත් මේ වගේ හොඳ දරුවෝ දෙන්නෙක් ලැබුණේ මගේ වාසනාවට”

හිරූෂා කීවේ දරු දෙන්නාවම ආදරයෙන් සිප වැළැද ගන්න ගමන්…

💔💔සමාප්තයි 💔💔

කොටස් පනස් එකක් පුරාවට මා සමඟ රැඳී සිටි ඔයාලා හැමෝටම ස්තූතියි..ඔයාලා ආදරය කරන එක්ස් වයිෆ් කතාව අදින් ඔයාලාගෙන් සමුගන්නවා…

මට මේ කතාවෙන් කතා කරන්න ඕනේ වුනේ අනියම් සම්බන්ධතා ගැන නෙවෙයි.

1)විශේෂ අවශ්‍යතා තියෙන මේ වගේ දරුවෝ ඉන්න පවුලක් මුහුණ දෙන ප්‍රශ්න,සමහර ආත්මාර්ථකාමී පියවරු මේ ළමයින්ව කරදරයක් කියලා නොසලකා හරිනවා..
මේ වගේ දරුවෙක් හා සාමාන්‍ය දරුවෙක් එක්ක පියාගේ අඩු සහයෙන් රැක බලාගන්න මවක් මුහුණ දෙන ගැටලූ,මේ දරුවන් සමාජයේ මුහුණ දෙන විවිධ ප්‍රශ්න මට කතා කරන්න ඕනේ වුණා.

මේ වගේ දරුවෙක් තමන්ගේ අසල්වැසියෙක්ට,නෑදෑයෙක්ට ඉන්නවානම් ඔබ පුළුවන් තරම් ඒ අයට ඒ දරුවාට උදව් කරන්න ..ආදරය කරන්න..ඒ දරුවෝ වැඩිපුර ආදරේ ඕනේ කරන දරුවන්.

ඒත් කවදාවත් අනුකම්පා කරන්නවත්,ඒ දරුවන් කොන් කරන්නවත් එපා..එවන් දරුවන්ට සමාජයේ ඉන්න අපි හැමෝගෙම උදව් අවශ්‍ය කරනවා…

2) කාන්තාවකගේ මවකගේ ශක්තිය මට ඔයාලට කියලා දෙන්න ඕනේ වුණා..කාන්තාව සිරුරෙන් දුබල වුනත් සිතින් ගොඩාක් ශක්තිමත් කෙනෙක්..කාන්තාවකට වඩා මවක් ශක්තිමත්..මවකට දරු දුක වෙනුවෙන් ඕනේම දුකක් විදින්න පුළුවන්..අම්මා කියන්නේ ඒ තරම් ශ්‍රේෂ්ඨ චරිතයක්..

ඔබත් ඔබේ සැමියා ඔබව කුමන හේතුවක් නිසා දාලා තනි කරලා අසරණ කරලා ගිය කෙනෙක් වෙන්න පුළුවන්..ඒත් කවදාවත් ඔබ වැටෙන්න එපා..සැලෙන්න එපා..කාන්තාවකට තියෙන අසීමිත ශක්තිය භාවිතා කරලා ඔබ ලෝකය දිනන්න.දිරිය කාන්තාවක් වෙන්න..ඉතින් අපි හැමෝම ජීවිතය දිහා සුබවාදිව බලමු කියලා මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා…

💔

හිතින් වැලපෙමින් දුක් වෙමින් හදවතින් ලියපු තවත් කතාවක අවසන් දවසයි මේ..මෙතෙක් දවස් කතාව කියවපු ඔයාලා හැමෝටම කතාව ගැන දැනෙන හැඟීම අකුරක් කරලා යනමෙන් මම ආදරයෙන් ඉල්ලා සිටිනවා..

කතාව කියවපු ඔයාලා හැමෝටම ස්තූතියි ආදරෙයි…තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.