සසර මතු දා…
විසි පහ… 25
ඔයා මාව පටලවනවා සීයා පප්පා… මට අප්පච්චි කෙනෙක් හිටිය නං එයා ඇයි මාව නිවාසෙකට දාලා හිටියෙ… එයා මොකටද මට අනතුරක් කරන්න හදන්නෙ.. එතකොට මගෙ අම්මා කවුද… ඇයි එයා මාව බලන්න එන්නෙ නැත්තෙ…
මගෙ ඔළුවෙ එක ප්‍රශ්නයක් නෙවී ප්‍රශ්න පත්තරයක්ම ඇතිවුනා. මම ඒවා සේරම එකපාර ඇහුවෙ වෙන වෙනම අහන්න තරම් ඉවසිමක් මට තිබුනෙ නැති නිසා.
මේ අහන්නකො මැණික මම කීවනෙ මේක හුඟක් දිග කතාවක්. මටත් හිටියා ඔයා වගේම ලස්සන අහිංසක දෝණියෙක්.. හුරතල් කෙලි පොඩ්ඩක්.
අයියගෙ හුරතලී මගෙ පුංචි මැණික් කැටේ… එයා තමා අපේ හැමදේම වුනේ… ඒත් හදිසි යෙම එයා අපිව අතෑරලා දාලා අතුරුදහන් වුනා.. අවුරුදු ගානක් අපි පිස්සුවෙන් වගේ එයාව හෙව්වා. මොනවද වුනේ කියලා..
ඒත් විස්තර හොයා ගන්නකොට අපේ මැණික අපිව දාලා වෙන ලෝකෙකට ගිහින්.. යන්නම ගිහින්.. ඒත් එයා අපි වෙනුවෙන් එයා වගේම ලස්ස අහිංසක මැණික් කැටයක් මේ ලෝකෙට ඉතුරු කරලා ගිහින් තිබුනා දන්නව ද ඒ කවුද කියලා…
සීයා පප්පා මගෙන් ඇහුවා. මම නෑ කියන්න ඔළුව වැනුවා.
වෙන කවුරුත් නෙවී ඒන්ජල් ඒ ඔයා…
ඒ කියන්නෙ මේ මගෙම සීයා පප්පා ද.. මගෙ අම්මට මොනවද වුනේ.. මගෙ අප්පච්චි කවුද
ඇයි මම අනාත නිවාසෙක හිටියෙ ආයිම ප්‍රශ්න වැලක්ම මගෙ ඔළුවෙ කැරකුනා.
මම….! මෙච්චර කල්.. ඔයාලා මාව…..
අහන්න ඕනි මොනවද කියලා මට තේරෙන්නෙ නෑ. ඇත්තටම මාව වෙව්ලනවා. මට මේක දරාගන්න බෑ .
මෙහෙම දෙයක් මම හීනෙකින්වත් බලාපො රොත්තු වුනේ නෑ මගෙම අය ලඟ මම ආගන් තුකයෙක් වෙලා හිටියෙ ඇයි.
ටිකක් රිලැක්ස් වෙලා ඉන්නකො මැණික.මම කීවනෙ මැණික මේක හුඟක් දිග කතාවක්…. සීයා පප්පා ආයිම කීවා.
මට තේරෙන්නෙ නෑ සීයා පප්පා මට මේ කිසිම දෙයක් හිතා ගන්න බෑ..
මම හරි අමාරුවෙන් කීවා.
හරි සුදු මැණික..මේ අහන්නකො… මට තිබු නෙ ලස්සන පවුලක්.. කො\ල් ලයි මලක් වගේ කෙ\ල් ලෙකුයි මට හිටියා.. අපි හරිම ලස්සනට ජිවත් වුනා..
ඔයාගෙ අම්මා තමා අපි හැමෝ ගෙන හුරත ලී
එයාගෙ හුරතල් වැඩ අපේ ජීවිතේ හරි ලස්ස න කලා…
හැමදේම වෙනස් වුනේ ඔයාගෙ අත්තම්මා අසනීප වුන දවසෙන් පස්සෙ.. එයාට කැන්සර් එකක් කියලා දැන ගන්නකොට අපිට එයා වෙනුවෙන් මොනවත්ම කරන්න පුළුවන් වුනේ නෑ… එයාගෙ මරණෙත් එක්ක අපි හැමෝම හුඟක් අසරණ වුනා..
ඒක වැඩියෙන්ම බලපෑවේ ඔයාගෙ අම්මට මොකද එයා තමා අත්තම්මට හුඟක්ම ලඟින් හිටියෙ..
ඉතිං අත්තම්මා නැතිවුන එක දරාගන්න එයාට හුඟක් අමාරුවුනා.. ඇත්තටම එයා මෙන්ටලි හුඟක් වැටුනා.. අපි කවුරු හිටියත් එයාගෙ හිත හදාගන්න උදව් කරන්න අමාරු වුනා…
ඒ අතරෙ අපේ බිස්නස් හුඟක්ම පාඩු වෙන්න ගත්තා.. මොකද ඒ හැමදේම හැන්ඩ්ල් කරන්න තරම් කල්පනාවක් මට තිබුනෙ නෑ.. සෙත්ගෙ අප්පච්චි ඔයාගෙ ලොකු මාමා…එයා හුඟක්ම මහන්සි වෙලා හරි අමාරුවෙන් මේ බිස්නස් සේරම ආපහු තිබුන තත්වෙට ගෙනවා.. ඉතිං මම බිස්නස් සේරම එයාට පවරලා ඒවයින් අයින් වුනා…
එහෙම කියලා සීයා පප්පා ලොකු සුසුමක් හෙළුවා. මොනවද කියන්න ඕනි කියලවත් හිතා ගන්න බැරි නිසා මම නිහඬවම උන්නා.
බිස්නස් වැඩ නිසා මාමටත් නිතර අම්මා එක්ක ඉන්න වෙලාවක් තිබුනෙ නෑ..අම්මගෙ මරණෙ නිසා මෙන්ටලි වැටිලා හිටිය ඔයාගෙ අම්මට ඒක තවත් තදින් බලපෑවා..
ඒ අතරෙ තමා ඔයාගෙ අප්පච්චි එයාගෙ ජීවි තේට ආවෙ.. කොහොම කොහෙන් මුණ ගැහු ණද දන්නෙ නෑ.. ඒත් අම්මා එයාට හුඟාක් ආදරේ කලා
අපෙන් නැතිවුන ආදරේ එයා බලාපොරොත්තු වුනේ ඔයාගෙ අප්පච්චිගෙන්.. ඒයා ඔයාගෙ අම්මට හරි ලස්සන හිනයක් මවලා දීලා එයාව රවට්ටගෙන එයාට ඕනි හැමදේම අම්මගෙන් අරගත්තා..
අපි මේවා දැනගන්නකොට මේ සම්බන්දෙ හුඟක් දුරදිග ගිහින්.. අපි මොන තරම් අවවාද කලත් එයා ඒක නතර කලේ නෑ.. දවසක් මම එයාට හොඳටම බැන්නා.. ඔයාගෙ මාමා එයාව ගෙදරට හිර කලා..
මොකද හොයලා බලද්දි අපිට දැන ගන්න ලැබු නා ඔයාගෙ අප්පච්චි මෙලෝම දෙයක් නොති බුන රස්තියාදු කාරයෙක් කියලා… කොච්චර දුප්පත් උනත් එයා හොඳ කෙනෙක් උනානනං අපි එයාට අකමැති වෙන්නෙ නෑ.. ඒත් එයා හොඳ චරිතයක් තිබුන කෙනෙක් නෙවී..
සල්ලි තියන පවුල්වල කෙ\ල් ලො රවට්ටගෙන ඒ කෙ\ල් ලන්ගෙන් සල්ලි ගන්න එක තමා එයාගෙ රස්සාව.. අ
පි මේවා කොච්චර කීවත් ඔයාගෙ අම්මා කව දාවත් එයාව අවිශ්වාස කලේ නෑ… අපි එයාට නීති දාන්න ගත්තාම එයා කලේ ගෙදරින් පිට වෙලා ගිය එක.. එයාට අයිති හැමදේම අරන් එයා ගෙදරින් ගියා..
කොච්චර හෙව්වත් අපිට එයාව හොයා ගන්න බැරිවුනා.. ඒ අතරෙ තමා අපිව එක්සිඩන්ට් වුනේ.. ඒකෙන් හැමදේම නැතිවුනා.. ඉතිරි වුනේ සෙත් විතරයි.. කකුල් දෙකත් පන නැතුව මාස තුනක පොඩි එකෙක් එක්ක මොනවද කරන් ඕනි කියලා මට තේරුමක් තිබුනෙ නෑ…
හරි අමාරුවෙන් මම මේ හැමදේම තනියම ආපහු හදාගත්තෙ.. පුංචි දවස්වල ඉදන් සෙත් හැමදේම තනියම කරගන්න පුරුදු වුනා.. හරිම අහිංසක කො\ල්ලෙක්… මට කිසිම දවසක එයාගෙන් කරදරයක් තිබුනෙ නෑ…
අපි දෙන්නා ඔහේ තනියම ජිවත් වුනා. මම බිස්නස් වලට බිසී වුනා කො\ල්ලා ස්ටඩීවලට බිසී වුනා.. ඒක තමා අපේ ජිවිතේ වුනේ.. ඔයාගෙ අම්මා වගේ ගර්ල් කෙනෙක් ළමා නිවාසෙක ඉන්නවා කියලා අපිට ආරංචි වුනා..
එදා ඉදන් අපි ඔයාව හොයන්න ගත්තා.. සෑහෙන කාලයක් මහන්සි වෙලා තමා ඔයා ඉන්න තැනක් හොයා ගන්න පුළුවන් වුනේ.. එතකොටයි දැන ගත්තෙ ඔයා මගෙ දෝණිගෙ දූ කියලා..
ඔයාගෙ තාත්තා එක්ක ජීවත් වෙන්න බැරිම තැන.. එයා ඔයාව ළමා නිවාසෙ ලඟින් දාලා ගිහින් සුයිසයිඩ් කරගෙන.. ආපහු ගෙදර එන්න තරම් හයියක් තිබිලා නෑ එයාට…
ඔයාගෙ තාත්තා ඔයාව අවුරුදු ගානක් හො යලා ඒ වෙන දේකට නෙවී ඔයාව යූස් කරලා මේ දේපල වල අයිතිය ගන්න….ඒ වෙනුවෙන් එයා ඕනිම දෙයක් කරනවා.. ඉතිං ඒකයි ඔයාව මෙහාට අරගෙන එන්න වුනේ..
ඒක ලේසි වුනේ නෑ.. මේ විස්තර හැම එකම ළමා නිවාසෙ අයට කියන්න බෑ.. එහෙම උ නො ත් ඔයා කොහෙටද යන්නෙ කියලා හැමෝම දැන ගන්නවා.. ඒකයි අර වගේ දෙයක් කරන්න සිද්ධ වුනේ..
මම දන්නවා ඔයාට මේවා දරාගන්න බෑ.. මො ක ද මේක සුරංගනා කතාවක් වගේ..කිව්වට ඔයා විශ්වාස කරන්නෙත් නෑ.. ඒහෙම කියලා ඔයාව එතන තියන්නත් බෑ… විහග ගැන ඔයා දැනගෙනත් බෑ.. ඉතිං මෙහෙම නොකර වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ..
දැන් බය වෙන්න දෙයක් නෑ ඒන්ජල්.. ඔයාට කිසිම ප්‍රශ්නයක් නෑ.. හැමදේම හොඳින් සිද්ධ වෙයි ඕවා ඕනිවට වඩා හිතන්න එපා.. ඔයාගෙ තාත්තටවත් මාමටවත් දැන් ඔයාට මොනවත් කරන්න බෑ..
මේක ඔයාට කියලා ඔයාව තවත් රිද්දන්න මට බෑ.. ඒත් එයාලා හදලා තියෙන්නෙ ඔයා මා ර්ගෙන් දේපල ටික අරගෙන.. ඔයාවත් අම්මා ගිය දිහාටම යවන්න.. සීයා පප්පා එහෙම කියලා කතාව නතර කලා.
මට දැනුනෙ මට පිස්සු හැදීගෙන එනවා වගේ. බෑ මේක වෙන්න බෑ. කොහොමත්ම වෙන්න බෑ. කොහොමද මෙහෙම දෙයක් වෙන්නෙ. ඉතිං ඒ දේපල මට අයිති නං එයා මගෙ තා ත්තා නං ඉල්ලුවනං මම එයාට ඒවා දෙනව නෙ. ඇයි එයා මාව මරන්නෙ.
බොරු කියන්න එපා සීයා පප්පා.. ඔයා කිය න්නෙ බොරු.. අප්පච්චි කෙනෙකුට පුළුවන්ද.. තමන්ගෙ දරුවව ම ර න් න..
එහෙනම් මෙච්චර කාලයක් එයා මාව හොයාගෙන එන්නෙ නැතුව මේ හදිස්සියෙන් ආවෙ කොහොම…
ඔයාලා වගේම එයත් එකපාරම මාව හොයා ගත්තෙ කොහොමද…
මට ඔයාව තේරෙනවා මැණික, ඔයා ඔයාගෙ අම්මා ඔය වයසෙදි වගේමයි.. සෙත් වගේම විහගත් ඔයාගෙ අම්මව ෆොටෝස් වලින් ඕනි තරම් දැකලා තියනවා.. ඔයාලඟෙ කොලේජ් එකේ තිබුන කොන්සට් එකේදි තමා.. විහඟ ඔයාව දැකලා තියෙන්නෙ…
එයා ඔයගෙ ෆොටෝස් වගයක් අරගෙන ඇවිත් සෙත්ටයි මටයි පෙන්නුවා.. ඔයයි ඔයාගෙ අම්මයි අතරෙ කිසිම වෙනසක් අපිට දැනුනෙ නෑ.. ඒක නිසයි ඔයා අපි හොයන කෙනා කියලා.. විශ්වාස කලේ.. සමහර විට ඔයාගෙ අප්පච්චිත් ඔයාව දකින්න ඇත්තෙ එදා…
දැන් බය වෙන්න දෙයක් නෑ… විහඟයි සෙතුයි දෙන්නා ඔයාගෙ අප්පච්චි ගැන බලා ගනී.. ඉක්මනට අපි ඔයාලගෙ වෙඩින් එක ගමු දැන් සෙත් ඇවිත්නෙ ඉන්නෙ.. එතකොට හැමදේම හරියයි..
සීයා පප්පා කීවේ මගෙ හිස පිරිමදින ගමන්. මම එයාගෙ උකුල උඩ ඔළුව තියාගෙන ඔහේ වැලපුනා. මට මේ කිසිම දෙයක් තේරෙන්නෙ නෑ. නිකං සුරංගනා කතාවක් වගේ. ඇත්තටම මේ හැමදේම හිතට බරයි. මට කවදාවත්ම මගේ ජිවිතේ මට ඕනි විඳිහට හදාගන්න බැරිද..
ඒත් එක්කම සීයා පප්පගෙ කාමරේ දොර ඇර ගෙන ඇතුල් වුනේ සෙත්. එයාගෙ මූණ මැලවි ලා ගිහින් තිබුනා. හිතට වචනවලට එකතු කරගන්න බැරි බයක් දැනුනා. ඇයි කියලා කියන්න මම දන්නෙ නෑ.
ඒන්ජල් ඔයා මොනවද මෙතන කරන්නෙ… එයා මාව දැක්ක ගමන් මගෙන් ඇහුවෙ ටිකක් විතර සැරෙන්.
ඔයාලා මගෙ ජිවිතේ එක්ක කරන සෙල්ලම මොකක්ද කියලයි මට දැන ගන්න ඕනි… මම කිව්වා. ඇත්තටම මේ මෙතන දැන් ඉන්නෙ කලින් හිටපු මම නෙවීද මන්දා.
ඒන්ජල් ඔයා රූම් එකට වෙලා ඉන්න නේද කීවේ.. මොනද සීයා පප්පට කරදර කරන්න ආවෙ.. එයා ඇහුවෙ කලින් හඬින්මයි.
මගෙ ජීවිතේට මෙච්චර දෙයක් වෙන්න ඉඩ දීලා පැත්තකට වෙලා ඉන්නද මට කියන්නෙ.. මට ඇත්තටම තරහයි ඊටත් වඩා දුකයි. මෙයාලා මේ සෙල්ලම් කරන්නෙ මගෙ ජීවිතේ එක්ක.
ඒන්ජල් කියන දේ අහන්න… සෙත් දෙයක් කියන්න හැදුවා.
බෑ.. කියන්න විහඟ කොහෙද ඉන්නෙ.. මට එයා එක්ක කතා කරන්න ඕනි.. මම එකපාරම එහෙම ඇහුවම එයා මගෙ දිහා බැළුවෙ අවතාරයක් දැක්ක කෙනෙක් වගේ බයවෙලා.
ඒන්ජල් ඔයා…?
සීයා පප්පා මට හැමදේම කිව්වා..ඔයාලා දෙන්නා එකතු වෙලා මගෙ ජිවිතේට මොනවද කරන්න යන්නෙ කියලා මට දැන ගන්න ඕනි එයාගෙන් ඉක්මනට මාව එයා ඉන්න තැනකට එක්කගෙන යන්න.. නැත්තං මං මොනා කරයිද කියලා මංවත් දන්නෙ නෑ…
මම කියවගෙනෙ ගියෙ පිස්සුවෙන් වගේ.
මේ වෙලාවෙ එයා ඉන්න තැනට යන්න ඔයාට බෑ ඒන්ජල්.. ඒක නිසා ටිකක් ඉවසන්න… අපි හෙමීට හැමදේම පැහැදිලා කරගමු..
ඒ වෙලාවෙ හැටියට ඔයාට හැමදේම කියන්න පුළුවන්කමක් තිබුනෙ නෑ.. ඒකයි එහෙම කරන්න සිද්ධවුනේ..
මට විහඟව මටත් වඩා විස්සවාසයි. ඒකයි ඔයාව එයාට බලා ගන්න දුන්නෙ.. මට තව ටික දවසක් දෙන්න මම හැමදේම ක්ලියර් කරන්නං..
දැන් බොරුවට දඟලන්නෙ නැතුව ඔයා රිලැ ක්ස් ඉන්න… මේ වෙලාවෙ ඔයාවත් කවර් කරන් මේ හැමදේම කරන්න අමාරුයි ළමයො කියන දේ අහන්න..
ඒ ගමන එයා කියවගෙන ගියෙ සන්සුන් හඬ කින්. ඒත් මම හිටියෙ ඒ මොනවත් විශ්වාස කරන්න පුළුවන් මානසික මට්ටමක නෙවී. මගෙ ඔළුව හොඳටම අවුල් වෙලා තිබුනෙ.
මට ඕනි වුනේ විහඟ එක්ක කතා කරන්න. එයා ඒ හැමදේම කලේ සෙත් වෙනුවෙන් විතරමද කියලා අහන්න. එයාට මම ගැන කිසිම හැඟීමක් තිබුනෙ නෑද කියලා අහන්න. මට මේ මොනවත් තේරෙන්නෙ නෑ.
බෑ මාව එක්කගෙන යන්න මේ දැන්මම නැත්තං මං යනවා එයාව හොයාගෙන..මම කීවේ මුරණ්ඩු හඬකින්.
ඒන්ජල්.. කියන දේ අහනවා ත\මු\සෙ\ත් ත:මු;සෙගෙ අම්මා වගේම හිතුවක්කාරයි.. එක්ක යන්න බැරි නිසා බෑ කියන්නෙ.. කකුල් දෙක කඩලා ගෙයි මුල්ලට දාන්න කලින් ගිහින් රූම් එකට වෙලා ඉන්නවා.. එයා තරහින් කැ ගැහුවා.
ඔච්චරම එක්ක යන්න බැරි වෙන්න එයා කො හෙද ඉන්නෙ..එයාට මොනවද වෙලා තියෙ න්නෙ
… මම ආයිම ඇහුව.
ජෙනරල් හොස්පිටල් එකේ අයිසීයූ එකේ…
දැන්වත් කටපියාගෙන පැත්තකට වෙලා ඉන්නවා.. එයා එහෙම කීවම මට දැනුනෙ මුළු ලෝකෙම මම වටේ කැරකෙනවා වගේ හැඟීමක්. ඇස් එක එකපාරම නිලංකාර වෙලා ගියා.
හමුවෙමු.
මම හිතෙනවා අවුල ලිහෙන්න ඇති කියලා. හරි අමාරුවෙන් ලියන්නෙ වැරදි අඩුපාඩු නොගැලපෙන තැන් ඇති ඒ නිසා. අවුල් වගේ නම් කියන්න. .
ස්තූතියි කියවන ලයික් කමෙන්ට් කරන හැමෝටම හැමදා වගේම. විහඟට ඔයාලා මෙච්චර ආදරේ කරනවා කියලා දැනගෙන හිටියෙ නෑනි ඉතිං. ඒත් බලන්නකො සෙත්ට ආදරේ කරන්න හිතෙන්නෙ නැද්ද කියලා. ඒන්ජල් පව්.