35 වන කොටස

“දිසෙන් පිරිමියෙක් උනාම කොන්ද පණ තියෙන්න ඕනේ….හරි පිරිමියෙක් ප්‍රශ්නයක් උනාම පැනලා යන්නේ නෑ…මට ඔයාගේ දුප්පත්කම ප්‍රශ්නයක් නෙමේ ඒත් කොන්ද පණ නැතිකම ප්‍රශ්නයක්..”

“එහෙනම් ඔයා මාව අමතක කරලා කොන්ද පණ තියන කෙනෙක් හොයාගන්න… “

සෙහන්සා දෑස් විසල් කරමින් ඔහු දෙස බැලුවේ ඇය කිසි දිනෙකවත් ඔහු මේ ලෙසින් කථා කරනු ඇතැයි නොසිතූ නිසාවෙනි….

ඇයගේ ඉකිබිඳුම වේගවත් වන්නට ගියේ සුළු මොහොතකි..දිසෙන් ඇයගේ හැඩුම ඉවසා ගත නොහැකිව දෑස් වසාගෙන මොහොතක් සිටියේය. .

කිසිවෙකු කාමරයේ දොර විවර කරනු ඇසීමෙන් සෙහන්සා දෑස් රැදි කදුළු පිසදාගත්තේ එක් ඇසිල්ලකිනි..

දොර විවර කරගෙන කාමරය තුළට ඇතුල් වූයේ සාත්තු සේවකයාය..

තවදුරටත් මෙතැනට වී සිටීමෙන් සිදුවන්නේ නිකරුණේ හිත රිදවාගැනීම පමණක් යැයි සිතූ සෙහන්සා ගෙනවුන් අත් බෑගය ගෙන එතැනින් පිටත් වූයේ නිහඬවමය.

සෙහන්සා පිටවී ගිය පසු දිසෙන් සුසුම් හෙළන්නට වූයේ ඇගේ හිත රිදවීම නිසා හටගත් දුකිනි..හිතට වහල් වී ඈට බලාපොරත්තු දීම ගැන ඔහු ප්‍රථම වතාවට දුක් වන්නට විය..ඔහුගේ දැස මුලට කඳුලක් ඉනුවේ ඇය ගැන උපන් දුකටමය.

ම/ත් ද්‍ර/ව්‍ය/ය නිවාරණ අංශයේ අංශ ප්‍රධානී සනුක රත්නායක සිය ප්‍රධානියා වනා කොමසාරිස්වරයා හා සිටියේ සාකච්ජාවකි.

කොමසාරිස්වරයා සනුක විසින් ඉදිරිපත් කරන ලද ලිපි ලේඛන දෙස පිරික්සන්නට වූයේ සැහීමකට පත්වය..

“වෙල්ඩන් …ඒ කියන්නේ තව ටික දවසකින් අපිට මේ වැටලීම කරලා මිෂන් එක කම්ප්ලීට් කරගන්න පුළුවන්…”

“පුළුවන්..සර්..ඒ ගැන පොඩි ඩවුට් එකක් වත් තියාගන්න එපා…මේ යන්නේ අන්තිම ස්ටේජ් එකේ….”

“මගෙන් ලොක්කා අහනවා මේ ගැන හැමතිස්සේම.තව කොච්චර කාලයක් මේකට යයිද ?”

කොමසාරිස්වරයා සනුක දෙස බලන්නට වූයේ බලාපොරත්තු සහගතවය…මෙපමණ කාලයක් ඇදෙමින් තිබූ මේ මෙහයුම ගොඩදාගැනිමට නොහැකිවේයැයි සිතා වුන් ඔහුගේ සිතට දැනුණේ ලොකු අස්වැසිල්ලකි…

“වැඩිම වුණොත් මාසයක් වගේ යයි බොස්..

“ගුඩ්…එහෙනම් මම හිතනවා හැමදේම හොඳ විදිහට සිද්ධ වෙයි කියලා….මේ මිෂන් එක කරේ ඔයාගේ ඔෆිසර්ස්ලා දෙන්නාගෙන් කොයි එක්කෙනාද සනුක?..”

“දෙන්නාම හොඳ බුලට් සර්…දෙන්නම ප්‍රමෝෂන් එක ගොඩ දාන්න මහන්සි වෙනවා සර් ප්‍රමෝෂන් එක ගන්න”

“මේ මිෂන් එක ගොඩදාපු කෙනා තමයි නර්ක්කොටික් එකේ මීළඟ ඇසිස්ටන් හෙඩ් වෙන්නේ…”

“එහෙනම් සනුක ඔයාටයි ඔයාගේ ටීම් එකටයි ගුඩ් ලක්…”

කොමසාරිස් වරයා සනුක රත්නායකට අතට අත දුන්නේ එසේ කියමිනි..සනුක කොමසාරිස් වරයාගේ කාර්යාලයෙන් පිට වූයේ මේ මෙතෙක් දවස් පැටලුණු නූල් බෝලයක් මෙන් තිබූ මේ මිෂන් එකේ කෙළවරක් ඉක්මනට දැකීමට හැකිවෙනු ඇතැයි සිත යටින් සිතමිනි..

දිසෙන් දැන් පසුවන්නේ තරමක සනීපයෙනි…ඔහු නැවත රෙජිනෝල්ඩ් නිවසට ගැනීමට කැමතිවූයේම නැති තැන ඇය ඔහුට නැවතීමට නාවින්නෙන් කුඩා ඇනෙක්සියක් සොයා දුන්නේ මිෂ්‍කාගේ උදව්වෙනි..

ජයන්තී මෙන්ම රෙජිනෝල්ඩ් පවා දිසෙන්ව වර්ජනය කිරීමට පටන්ගත්තේ සෙහන්සාවතව තවත් දුකට පත් කරමිනි..

දිසෙන්ව සේවයෙන් පහකිරීමට රෙජිනෝලුත් ජයන්තිත් කෙතරම් උත්සහා කළත් ඊට නම් සෙහන්සාගෙන් කිසිදු ඉඩක් ලැබුණේම නැත.

සෙහන්සා රිය පදවන් ගියේ දිසෙන්ගේ ඇනෙක්සියට ඔහුව ගැනීමටයි.ඇය රිය පැදවන් ගියේ එළඹෙනා සතියේ ඇයව බැලීමට පැමිණෙන මනමාලයා ඇතුළු පිරිස ගැන කල්පනා කරමිනි…

දිසෙන්ට ආදරය කරමින් යටිසිතෙන් ඔහු ගැන සිතමින් කෙසේ නම් වෙනකෙකු ඉදිරියට යන්නේදැයි ඈ කල්පනා කළාය…

ඇය කල්පනාවෙන්ම රිය නැවත්වූයේ දිසෙන්ගේ ඇනෙක්සිය ඉදිරිපිටය…ඇය එනතුරා මඟ බලමින් හුන් දිසෙන් ඇගේ රියට පැමිණ නැගගත්තේ එසැනිනි..

දිසෙන් රියට නැගුණේ ඔහුගේ විලවුන් සුවදඳ රිය තුරා පතුරවමිනි…ඔහුගේ සුවඳ,රුව ඇගේ සිතේ ඇති තැවුල් අමතක කර දැමුවේ ඇසිල්ලකිනි..

ඔහු නිහඬව රියේ නැගී ඉදිරිය බලා යනු ඈ හොරහින් බලා සිටියාය.ඈ මොහොතක් බලා සිටියේ ඔහු එක බැල්මක් තමන් වෙත හෙලාවිදැයි සිතමිනි..

ඔහු එකදු බැල්මක් නොහෙළා යන ආකාරය දුටු ඈට තරහ ගියේ එක්සැනකිනි..ඇය රියේ හෝන් එක මහ හයියෙන් ගැහුවේ එසේ හෝ ඔහුගේ අවධානය ගැනීමටය…

දිසෙන් දෙබැම හකුලුවාගෙන ඈ දෙස බැලුවේ ඉදිරියේ වාහනයක් නොමැතිව ඇය මෙසේ එක්වරම හෝන් කළේ ඇයි දැයි සිතාගත නොහැකිවය…

“ඇයි ?..”

“නිකන්..”

“නිකන් ඔහොම හෝන් ගහනවාද ශේෂා…”

ඔහු ඇසුවේ ඈ මෙසේ හැසිරෙන්නේ කිමදැයි සිතාගත නොහැකිවය…

“එකවාහනේ එහා පැත්තේ ශීට් එකේ යනවා අහක බලාගෙන…මම හෝන් එක ගැහුවේ එතකොටවත් බලයිනේ කියලා…”

සෙහන්සා එසේ කියද්දී දිසෙන්ට දැනුණේ කිසිවෙකුහෝ ඔහුගේ හදවත කොනිති ගසන්නාක් මෙනි..ඇයට ආදරය නොපවසා ආදරේ නොපෙන්වා සිටියේ නැත්තේ ඇයිදැයි ඔහු ඔහුගේ හිතටම බැන වදින්නට විය…

ඇයගේ ආදරය මහමෙරක් සේ දැනුණත් ඒ ආදරය විඳින්නට පිනක් තමාට නැතැයි ඔහුට සිතුණි…

සෙහන්සාගේ නිදහස් වම් අත දිසෙන්ගේ දකුණු අතේ පැටලුණේ දිසෙන්ගේ දැහැන බිඳ හෙළමිනි.

ඇගේ දෑතේ සියුමැලි පහසට ඔහුගේ සිතේ පැවති හැම ළතවිල්ලක්ම අතුරුදහන් වුණේ ඒ සමඟමය..

ගෙදරදොරේ වැඩපලවලින් නිදහස් ඈගේ අත කුඩා දැරියෙක්ගේ දෑත් මෙන් සිවුමැලිය…ඒ දැත් වල ස්පර්ශය සුසිනිඳු වෙල්වට් පහස මෙන් යැයි ඔහු සිතුවේය..

“ලබන සතියේ අර තාත්තිගේ යාලුවායි එයාගේ ෆැමිලි එකෙ අයයි එහේ එනවා කිව්වා දිෂ්.අපි මොනවාද කරන්නේ මට නම් හිතාගන්නවත් බෑ.”

“ඔයා කැමති වෙන්න ..වෙන මොනවා කරන්නද?..”

ඔහුගේ වදන්වලට තිගැස්සුණු ඈ ඔහු දෙස බැලුවේ දෙබැමි හකුලුවාගෙනය..

“අපේ එෆෙයාර් එකට එතකොට මොකක්ද වෙන්නේ…ඔයාට මාව ඕනේ නැද්ද?..”

ඇගේ කටහඬ හැඩුම්බරවී ඇතැයි ඔහුට සිතුණි..ඔහු ඈ ඉවත් කරගත් අත අල්ලාගෙන හෙමිහිට පිරිමැද්දේ ඈ මදකට සන්සුන් කිරීමට සිතාගෙනය…

ඇය මදක් සන්සුන් වුයේ ඒ පහසටය….

“ඕනේ..ඒත් ඔයාලගේ අම්මයි තාත්තයි මට කීයටවත් කැමති වෙන්නේ නෑනේ…”

“ඔයා එක හිතින් ඉන්නවානම් අපිව වෙන් කරන්න කාටවත් බෑ දිසෙන් …මට මුකුත් එපා..ඔයාව විතරයි ඕනේ.අපි මැරි කරමු..”

සෙහන්සා එසේ කියද්දි ඔහු ඈ දෙස බැලුවේ පුදුමයෙන් දැස් විසල් කරගෙනය.ඒ ඔහු කිසිලෙසකින්වත් ඈ මෙසේ කියනු ඇතැයි බලාපොරත්තු නොවුණු නිසාය..

“ඔයාට මාව බැන්දොත් මේ සල්ලී මේ යාන වාහන ,ගෙවල් දොරවල් මේ හැම සැප පහසුකම් සේරම නැවතිලා යාවී..කමක් නැද්ද?..”

“කමක් නෑ..සල්ලි විතරක් නෙමේ ජීවීතේ කියන්නේ… කොයි තරම් සල්ලි තිබ්බත් මට ඔයා නැති ජීවිතයෙන් වැඩක් නෑ දිසෙන්…”

හමුවෙමු මීළඟ කොටසෙන් ❤️❤️❤️❤️❤️

පෙර කොටසට