ආදරණීයම ඔයා…24
මා නැවත සිහිපත් වූයේ දින කිහිපයනට පසු වය. එවිට සියල්ල අවසන්ව තිබිනි. දෙවියනේ ධනුක ඔහු ඔහු එවැන්නක් කලේ කෙසේද..
හඬනවා හැරෙන්නට මට අන්කල හැකි කිසි වක්ම තිබුනේ නැත. ගත වූ මාසය පුරා ධනුක කෙතරම් වේදනා විඳින්නට ඇතිදැයි සිහි වෙද්දි මට මාවම වාවා ගත නොහැකි විය.
ඔහු එසේ දුක් විඳිද්දි මා වෙන අයෙකුගේ බිරිඳ ලෙස සතුටින් දිවි ගෙවූ අයුරු සිහි වෙද්දී මට මා ගැනම දැනුනේ මහා පිලිකුලකි අප්‍රියාවකි.
මෙපමණ කලකට මා ඔහු ගැන සොයා නොබැ ලුවේ ඇයි.. අඩුම තරමින් ඔහුට කුමක් සිදුවී දැ යි මා සොයා නොබැලුවේ ඇයි..
මා කෙතරම් නිර්ලජ්ජිත ගැහැණියක් ද සෝන්‍ය ගේ ආදරයට මුලා වී මා ධනුකව සහමුලින්ම අ මතක කර දැමුවේ කෙසෙද.. ඔව් සෝන්‍ය බො රු කාරයෙකි. වංචාකාරයෙකි රැවලිටිකාරයෙ කි.
ඔහුට ඇවැසිව තිබුනේ කුමක්ද අර තරම් වේද නා විඳින ධනුක වෙතින් මා වෙන්කරවා ඔහු මා රවටා තිබිනි. මා සෝන්‍ය වෙනුවෙන් සියළු දේ කලෙමි. එහෙත් මෙතරම් වංචාවක් මට එ ය සිතා ගන්නටවත් බැරිය.
මා ගැන උපන් තරමේම පිලි කුලක් මට සෝන්‍ය ගැන දැනෙන්නට විය. නැත තව දුරටත් මට ඒ වංචාවේ රැවටිලිකාර ජීවිතයේ රැදී සිටින්නට උවමනා නොවීය. ඔව් මට සෝන්‍ය ගේ බිරිඳ ලෙසින් තව දුරටත් පෙනී සිටින්නට උවමනා නැත.
ධනුක මා වෙනුවෙන් කර ඇත්තේ මොන තරම් විසල් පරිත්‍යාගයක් ද මම මුළු ජීවිත කාලය පු රාම ධනුක වෙනුවෙන් ජීවත් විය යුතුය. නැත මා තවත් සෝන්‍ය ගැන සිතන්නේ නැත. ඔහු හා ගෙවුන සෑම දිනයක් ගැනම මට ඇත්තේ පිලිකුල් සහගත අප්‍රිය ජනක හැඟීමකි.
එය මගේ සිත පමනක් නොව මුළු ගතම වෙලා ගෙන ඇත. එය දරාගන්නට පහසු නොවීය. ඉකිගසා හඬා වැටෙනවා හැරෙන්නට මට කර න්නට දෙයක් නැත. එහෙත් කඳුලින් ඒ පිලිකුල් සහගත හැඟීම සෝදා ලිය නොහැකිය.
කුලයුතු කිසිවක් ගැන හැඟීමක් නැත්තියක සේ මම ඔහේ හඬා වැලපෙමින් සිටියෙමි.
තාදී… ඔයා හොඳින් නේද…
සෝන්‍ය ගේ හඬ පවා මසිතට එක්කලේ අප්‍රිය ජනක හැඟීමකි. ඔහු ධනුක පිලිබඳ සියළු තොරතුරු කෙතරම් සූක්ෂම ලෙසින් සඟවා ත බා ගත්තේ ද..
බොරුකාරයා වංචාකාරයා… මාව රැවැට්ටුවා… මම කෝපයෙන් කෑ ගැසීමි.
තාදී ප්ලීස්… සෝන්‍ය සැරසුනේ මගේ සුරතින් අල්ලා ගන්නටය.
එන්න එපා ලඟට අල්ලන්න එපා මාව මට ඔයා ව දකිද්දි මං ගැනම අප්‍රිරියා හිතෙනවා… යන්න සෝන්‍ය මෙතනින් යන්න…
මම නැවතත් කෑ ගසන්නට වීමි.
තාදී..ටිකක් මං කියන දේ අහන්නකො… ඔයාට ඔහොම කෑ ගහන්න දඟලන්න හොඳ නෑ..
කමක් නෑ මැ රි ලා ගියපුදෙන් මාව එන්න එපා
ලඟට අල්ලන්න එපා මාව…
හරි මම ලඟට එන්නෙත් නෑ..අල්ලන්නෙත් නෑ ඔයාව..ප්ලීස් ටිකක් රිලැක්ස් වෙන්න..
මට මෙහෙ ඉන්න බෑ මට යන්න ඕනි මට යන් න ඕනි…
කොහෙද..
මට යන්න ඕනි මගෙ ධනූ ලඟට යන්න ඕනි
ඇයි ඔයා මට මෙහෙම කලේ ඇයි ඇයි මට එ යා ලඟට යන්න දුන්නෙ නැත්තෙ.. අනේ එයා කොච්චර දුක් විඳින්න ඇතිද…
කුමක් කීවාදැයි මටම කල්පනාවක් නොතිබුන ද මම මහා හඬාන් හඬා වැලපෙන්නට වීමි.
අහන්න තාදී. ඔයාට ධනූ ලඟට යන්න බෑ
සෝන්‍ය කීවේ හැඬුම්බර හඬකිනි. මට ඔහු දෙස බලන්නට උවමනාවක් තිබුනේ නැතත් සෝන්‍ය සිටියේ හඬමින් බව නම් මම දැන සිටි යෙමි.
ඇයි බැරි මට එයා ලඟට යන්න දෙන්න..
තේරුං ගන්න තාදී..ධනූ දැන් අපි එක්ක නෑ එයා මෝ ලෝකෙ නෑ..එයා අපිව දාලා ගියා…
බොරුකාරයා වංචාකාරයා රැවලිටිලි කාරය උ ඹ උ ඹ තමා මාව දනූ ගෙන් ඈත් කලේ මට මට එයා ලඟට යන්න දීපං..
මා කෑ ගැසුවේ වියරුවෙන් මෙනී. දඟලදි අතේ වූ සේලයින් කටුව ගැලවී සුරතින් ලේ ගලා ගිය ත් මට එහි වගක් නොවීය. සෝන්‍ය වහා පැන මගේ සුරතින් අල්ලා ගත්තේය.
අලන්න එපා අතාරිනවා මාව…
මම දැඟලුවේ ඔහුගෙන් සුරත මුදවා ගන්න ටය.
ඔහොම මුරණ්ඩු වෙන්න එපා තාදී ටිකක් ඉන් නකො
ඔහු හෙදියකට කතා කරන අතරතුරේම කී වේය.
එහෙනං මට යන්න දෙන්න…මට දනූ ලඟට යන්න දෙන්න මාව එයා ලඟට එක්කගෙන යන්න..
හරි දරුවො මං ඔයාව එයා ලඟට එක්ක ගෙන යන්නම් ඔහොම අසනීපෙන් ඉද්දී බෑනේ ඉක්ම නින් සනිප වෙන්නකො
එවර ඔහු ඔහු කීවේ සන්සුන් හඬකිනි.
මට දැන් සනීපයි අනේ මාව එයා ලඟට එක්ක ගෙන යන්නකො…
මම නැවතත් ඇවටිලි කරන්නට වීමි. කිසිවක් ම නොකියා සෝන්‍ය මහා බර සුසුමක් හෙළු වේය.
පුළුවන් කමක් තිබුනා නං මං එකපාරට දහපා රක් ඔයාව දනූ ලඟට එක්කගෙන යනවා තාදී..
ඔහු කීවේ දෑසේ පිරුණු කඳුළු පිසදා ගන්නා ගමන්ය.
ඇයි මට එහෙම කලේ ඇයි මාව රැවැට්ටුවෙ
ඇයි මට බොරුකලේ ඇයි ඇයි මං මං කොච්ච ර විශ්වාස කලාද…
මා ඇසුවේ මට පිටුපා උන් සෝන්‍ය ගේ පිටට පහර දෙමිනි.
මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ දෙයිය නේ… සෝන්‍ය නොහැඬුවා විතරය.
දෙයියනේ මගෙ ධනු එයා එයා කොච්චර විඳව න්න ඇති ද.. එක දවසක් එක දවසක් ඇයි මාව එයා ලඟට එක්ක ගියෙ නැත්තෙ ඇයි මට වච නයක් කතා කරන්න දුන්නෙ නැත්තෙ ඇයි මට හැමදේම හැංගුවෙ…
තාදී..කියන දේ අහන්නකො..ඉතිං ඔයා ඉන්නෙ අසනීපෙන්..ඔහොම දඟ කරන්න හොඳනෑනේ ඔයාට මං ඒ හැමදේම කලේ හේතුවක් ඇතුව
මාව නැවතත් යහන මත සතපවමින් ඔහු කී වේ සන්සුන් හඬකිනි.
මොකක්ද මොකක්ද හේතුව..
මං ඒ හැමදේම කලේ ධනූ කියපු නිසා…. සෝන්‍ය කිවේ ඉවත බලාගෙනය.
බොරු බොරුමයි කියන්නෙ ධනූ කවදාවත් එහෙම කියන්නෙ නෑ එයාට එහෙම කියන්න බෑ..
කියන දේ අහන්න තාදී..
බෑ මට ධනූ ලඟට යන්න ඕනි…එයාව බලන්න ඕනි මට මෙහෙම කලේ ඇයි කියලා එයාගෙන් අහන්න ඕනි..
හා එක්කගෙන යන්නං ඔයා හොඳ ළමයෙක් වගේ දඟලන්නෙ නැතුව හිටියොත් ඔයාව ස නීප වුන ගමන් එයා ලඟට එක්කගෙන යනවා
දැන් හොඳ ළමයා වගේ ඔහොම ටිකක් නිදන්න
සෝන්‍ය කියවාගෙන ගියේ මහිස පිරිමදිමිනි.
මොනවද ලොක්කි ත\මු සෙ\ට වෙලා තියෙන් නෙ….
මල්ලී ඇසුවේ මාගේ කාමරයට එබෙමිනි. මම සෝන්‍ය හැරදා ගෙදර විත් දැන් දවස් දෙකකි. කාමරයෙන් පිටතට පැමිනෙන්නට හෝ මට උවමනාවක් නැත.
අම්මා විත් බලෙන් කටක් දෙකක් කැව්වද මට කෑමටවත් උවමනාවක් නැත. මට උවමනා වූයේ තනිවම යහනට වී ඉතිබිඳ වැලපෙන්නට විතරය.
ධනුක සිහිවන හැම මොහොතකම දරා ගන්න ට බැරි වේදනාවකිනින් හා මා ගැනම උපන්පිලි
කුලකින් ද ලජ්ජාවකින්ද මම පෙලෙමින් සිටි යෙමි.
මම සෝන්‍ය ගේ නිවසින් පිටවූයේ සෝන්‍ය දකි න වාරයක් පාසා ඒ හැඟීම මා වඩාත් වෙහෙ සට පත් කල නිසාය.
ධනුක අර තරම් වේදනාවෙන් සිටිද්දි මා සෝ න්‍ය හා සතුටින් ගතකල බව සිහි වෙද්දී දරා ගන්නට බැරි අසරණ කමක් මා පෙල න්නට වූ නිසාය.
දෙවියනේ අනුන් කියනා දෙයක් ඇසුවා මිසක මා ධනුක ගැන කිසිවක් සොයා නොබැලූ බව සිහි වෙද්දී මට මා ගැනම දැනුනේ කෝපයකි.
ඔහු තනිවම ඒ වේදනාව සමඟින් කොතෙක් කල් ගෙවන්නට ඇතිද.. අඩුම තරමින් ඒ හිත හැදෙන්නට වදනක් හෝ කියන්නට මට පුළුව
වන් කමක් තිබුනේ නැත.
වසර පහක ආදරයකින් ඔහුට ලැබුනේ මොන වාද ඔහුගේ දුකේදී ඔහු සනසන්නට මට ඔහු අසල සිටින්නට නොහැකි විය. මට කිසිම දින ක මගෙන් සමාවක් නොලැබෙනු ඇත.
ඕනිම දේක සීමාවක් තියනවා ලොක්කි දැන්ව ත් ඔය විකාර කරන එක නතර කරනවා..
මා නිහඬ නිසාම දෝ මල්ලී නැවතති කීවේය.
ප්ලීස් මල්ලි මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න… මම කීවේ කෙඳිරිලි හඬකිනි.
කවදා වෙනකං ද….
මුළු ජීවිත කාලෙම මට ධනූ වෙනුවෙන් මෙ හෙම ඉන්න දෙන්න… මම කීවේ හඬ හඬාය.
විකාර දොඬවන්න එපා ලොක්කි එතකොට සෝන්‍ය අයියට මොනවද වෙන්නෙ ත\මු සෙ දැන් මැරි කරපු ගෑ\ණි/යෙ/ක්… ඔහොම පිස්සු නටලා හරියනවද..
මට බෑ..මං ආයිම සෝන්‍ය ලඟ යන්නෙ නෑ..
බොරුකාරයා.. බොරු කියලා මාව රවට්ටලා… මට බෑ මම එයා ලඟට යන්නෙ නෑ නෑ නෑමයි..
මම කෑ ගැසූයේ වියරුවෙන් මෙනි.
එයා ලඟ යන්නෙ නැතුව වෙන කොහෙට යන් නද…
මට දනූ ලඟට යන්න ඕනී..මට එයා ලඟට යන්න දෙන්න..
පිස්සු නටන්න එපා මනුස්සයො ධනූ ලඟට කොහෙ යන්න ද ඒ මනුස්සයා දැන් මේ ලෝකේ නෑ..
ඉන්න තැනකට මට එයා ඉන්න තැනකට යන් න ඕනි…
ලොක්කී..මෙතන පිස්සු නටලා මගෙන් ගුටි නං කන්න ලෑස්ති වෙන්න එපා කසාඳ බැඳපු මි නි හව අතෑරලා දාලා ඇවිත්.. මෙහාට වෙලා මො න පිස්සුවක් ද මේ නටන්න හදන්නෙ…
ඔයාලා ඉන්න එපා කියනවා නං මං මෙහෙන් යන්නං..හැබැයි ආයිම සෝන්‍ය ලඟ මම යන් නෙ නෑ
එහෙනං..
මම යනවා ඔළුව හැරුන දිහාක…
දැන් නං ගුටිකාලා තමා නතර වෙන්නෙ මගෙ න්… මැරි කරපු ගෑ\නි/යෙ/කුට එහෙම ඔළුව හැරුනු අතේ යන්න බෑ..
මට සෝන්‍ය එපා මං එයාගෙන් ඩිවෝස් වෙන වා..
මොනා කියලද…
මල්ලී ඇසුවේ සමච්චල් සහගත හඬකිනි.
බොරුකාරයා එයා මාව බොරු කියලා රැවැට්ටු වා..
මම ආයිම කැ ගසන්නට වීමි. මල්ලී තවත් මො නවා දෝ කී මුත් මට එය පැහැදිලිව ඇසුනේ නැත.
මට උවමනා මේ කුරිරු ලොකයෙන් මිදී ධනුක සොයා යන්නටය. ඔහුට මා නැතුව හොඳටම පාළු ඇතිවා වන්නට ඇත. දෙවියනේ ඔහු තනි යම කුමක් කරනු ඇති ද..
ධනූට පාළුයි මල්ලා..අනේ එයාට තනී මට එයා ලඟට යන්න දෙන්නකො..
මම කීවේ දෝත එක්කර මල්ලීට වඳිනා ගමන් ය.
දෙයියනේ ලොක්කි… උ… ඹ ට මොනාද වෙලා තියෙන්නෙ.. ඔහොම අඬන්න එපා දෙයියනේ…
මල්ලී කීවේ මගේ දෝතම අල්ලාගෙනය. හඩ නවා ඇරෙන්නට වෙන කිසිවක් මා දැන සිටියේ නැත. මල්ලී මා තුරුළු කර ගත්තෙය.
නාඬා ඉදපංකො ලොක්කො..උ<ඹ ඔහොම විඳ වද්දි අපි කොහොම ද ඉවසගෙන ඉන්නෙ බල පං එහෙන් අම්මා..මෙහෙන් සෝන්‍ය අයියා
ටිකක් හිතපංකො අපි ගැනත්…
මල්ලී කීවේ හඬමිනි.
එහෙත් ඔවුන් කියනා කිසිවක් හිතන්නට තර ම් ඉවසීමක් මට තිබුනේ නැත. මට උවමනා ධනුක වෙනුවෙන් ජීවිත කාලයම මෙසේ හඬා වැටෙමින් හිදීමට විතරය.
ලොක්කි මොනාද කියන්නෙ පුතේ…
අම්මාගේ හඬ ඇසුනේ සිහිනයෙන් මෙනි. යහ නෙන් නැඟිට ගන්නට තරම් පනක් ඇඟට නො තිබුන නිසා මම ඔහේ දෑස් පියාගෙන වැතිර සිටියෙමි.
තේරෙන්නෙ නෑ..අම්මා… මොනා කීවත් අහන් නෙ නෑ..පිස්සියෙක් වගේ අඬන්න තියා ගන්න වා… මල්ලී කීවේ සුසුමක් හෙලමිනි.
කෙ/ල්/ල/ට දුක ඇති පුතේ..අවුරුදු පහක්නෙ එතන…
එහෙම කියලා හරි යන්නෙ නෑනේ අම්මා මො නා කලත් මැ/රු/ණු මනුස්සයට ආපහු එන්න පුළුවන්ද.. මේවගෙන් විඳවන්නෙ අර මනුස්ස යා…
ඇත්ත දරුවො ඒ කො/ල්/ල/ත් පිස්සෙක් වගේ දැක්කම වාවන්නෙ නෑ.. මොකක්ද දෙයියනේ මේ අපිට පාත්වුන හෙන ගෙඩිය…
තව ටික දවසක් ඔහොම බලමුකො නැත්තං ඩොක්ටර් කෙනෙක් ලඟට අරගෙන යමු මෙ හෙම නොකා නොබී අඬන්න තියාගෙන මොන වා හරි වෙනවා දැන්…
මල්ලී කීවේ සන්සුන් හඬකිනි.
කිසිවක් තේරුමක් නැතුවා වන්කට ඇත. එහෙ ත් මට හිතා හදා ගන්නට බැරිය. මට දැනුනේ ලෝකයම මට කරදර කරනා සෙයකි.
හිටි හැටියේ පා ගැටෙනා හඬක් ඇසෙන්නට විය. පැමිණ සිටියේ සෝන්‍යය. හිතට දැනුනේ කෝපයකි. මට උවමනා ඔහුගෙන් ඉවත් වන් නටය. එසේ තිබියදී ඔහු මෙසේ වරින් වර පැමි නෙන්නේ ඇයි.. මම දෑස පියාගෙනම සිටියෙමි.
සෝන්‍ය පැමිණ යහනේ කොනක හිඳ ගත්තේ ය. අම්මාත් මල්ලීත් කාමරයෙන් පිටව යනු මට ඇසුනේය. උවමනා වූයේ නැඟිට ඔහුට පහර දෙන්නටය එහෙත් එතරම් ශක්තියක් මට තිබුනේ නෑ.
තාදී… ඔයා නිදි නෑ කියලා මං දන්නවා මැනික..
සෝන්‍ය කීවේ මගේ හිස පිරිමදිමිනි. මම නිහඬ වම සිටියෙමි.
මම දන්නවා ඔයා ඉන්නෙ මගෙත් එක්ක තර හින්.. ඔයා හිතනවා ඇති මං ඔයාව ධනූගෙන් උඳුර ගත්තා කියලා..
ධනූ ගැන මොනවත් කියන්නෙ නැතුව හැංගුවා කියලා මම ඒ හැමදේම කලේ හේතුවක් ඇතුව තාදී…
සෝන්‍ය ඔහේ කියවාගෙන යයි. ඔහුට පිලිතුරු දෙන්නට මට කම්මැලිය.
මම ඒවා කලේ ධනූ කියපු නිසා තාදී ධනූ හැම දෙයින්ම අයින් වෙන්න හිත හදා ගත්තෙ හරි අමාරුවෙන්…
ඔයාව දැක්කොත් ඒකට හිතහදා ගන්න බැරි වෙයි කීවා තාදී.. ඔයාව දාලා යන්න බැරි වෙයි කීවා.
ඒ හැමදේම ඔයාගෙන් හංගන්න කියලා ධනූ මගෙන් ඉල්ලුවා ඔයා අඬනවා බලන්න ඒක ගෙ හිතට හයිය නෑ කීවා තාදී.. දෙයියනේ මං බොරුකාරයෙක් නෙවී.. මම මම කලේ ධනූ කියපු දේ..
සෝන්‍ය කියවාගෙන ගියේ ඉකිබිඳ හඬා වැටෙ මිනි. ඔහු ගැන මගේ සිතේ අනුකම්පාවක් ඇති උනාදැයි කියන්නට මම නොදන්නා නමුත් ඔහු ව විශ්වාස කරන්නට මම මැලිවීම්.
කියන දේ අහන්න තාදී..මම ඔයාට බොරු කර ලා රැවැට්ටුවෙ නෑ.. ධනූ ගැන හැංගුනෙ..ඒකා එපා කියපු නිසා… ඔහු නැවතත් කීවේය.
ඔයා මොනා කීවත් ආයිම මගෙ ධනූ ආපහු එන්නෙ නෑ…
මම කීවේ ඉකිබිඳ හඬා වැලපෙමිනි.
ඔයා මට මොනවද තාදී කරන්න කියන්නෙ..
මට ඩිවෝස් එක ඕනි සෝන්‍ය..ඒක දීලා ඔයා ඔයාගෙ පාඩුවෙ ඉන්න… මම මගේ පාඩුවෙ ඉන්නම්….
හරි ඔයාගෙ කැමැත්ත ඒක නං මං ඔයාට ඩි වෝස් එක දෙන්නම්…
ඔයා ඇත්තමද සෝන්‍ය…
ඔව් මට ඕනි නෑ..ඔයාව බලෙන් දුකක ගැට ගහලා තියන්න හැබැයි එක කොන්දේසියක් උඩ..
මොකක්ද..
මාව එපා උනාට කමක් නෑ… මට වෛර කලත් කමක් නෑ… මම ඔයාට ඩිවෝස් එක දෙනවා ඔයා වෙන කෙනෙක් මැරි කරනවා කියලා මට පොරොන්දු වෙනවා නං..
සෝන්‍ය…
ඔව්..තාදී..මම ධනුට පොරොන්දු වුනා ඔයාව දුකක් දෙන්නෙ නැතුව ජීවත් වෙලා ඉන්නකං බලා ගන්නවා කියලා….
මට බලා ගන්න බැරි උනත් ඔයාව එහෙම බලා ගන්න කෙනෙකුට හරි බාර දෙන්නෙ නැතුව මට හිත හදා ගන්න බෑ..
මම එහෙම පොරොන්දු වෙන්න බෑ..මට ඕනි මගෙ ධනූ වෙනුවෙන් තනියම ඉන්න…. මම ඉකිබිඳ හැඩුවමෙි.
ඔයාට ඒක කරන්න දෙන්න මට බෑ තාදී..
ඇයි මට මෙහෙම වද දෙන්නෙ මොකක්ද මං ඔයාට කරපු වැරැද්ද… මම ඇසුවේ අඬ අඬා මය.
ඔයා මට මොනවත් වැරැද්දක් කරලා නෑ තාදී
ඒත් මට දනූගෙ පොරොන්දුව කඩ කරන්න බෑ
ඔයා වෙන කෙනෙක්ව හොයාගෙන කියන්න මම ඩිවෝස් එක දෙන්නං..එතකං….
එතකං මොනවද…
ඔයාට මෙහෙ ඉන්න බෑ..මගෙත් එක්ක අපේ ගෙදර යමු..මෙහෙට වෙලා අම්මටයි මල්ලිටයි රටේ මිනිස්සුන්ට කියලා කතන්දර හදවන්න එපා…
අක්කා කසාදෙ කඩාගෙන ගෙදර ඇවිත් කියලා දැනගත්තොත් මල්ලිටවත් මඟුලක් හරියන එකක් නෑ..
සෝන්‍ය ගේ වදන්වල වූයේ කවරාකාර හැඟීම ක් දැයි මට සිකතා ගත නොහැකිය.
සෝන්‍ය…..
ඔයා දැන් මගෙත් එක්ක යන්න එන්න ඕනි..
එහෙට ගිහින් මුළු ජීවිත කාලෙම ඔයා ධනූ වෙනුවෙන් ඉන්න.
මම ඔයාට කිසිම කර දරයක් කරන්නෙ නෑ ඔයාට හො දයි කියලා හිතෙන කෙනෙක් ලැබු නොත් කියන්න මම ඔයාට එයා එක්ක යන්න දෙන්නම්…
සෝන්‍ය කියවාගෙන යයි.
හමුවෙමු