සිව්වන_කොටස❄️💦
භූමි පියාගේ මුහුණ දෙසම බලා සිටියේ හදවත වසාගෙන වේදනාවක් දැනෙන විටය…………. මුළු ලෝකයම තමා තනිකර දමා ඇති බවක් ඔහුට සිතේ….. අම්මා තමා මෙහි තනිකර ගියේ සොයුරා හා සොයුරිය සමඟයි…… ඉදින් භූමිට සිතුනේ ඇය තමාට ආදරයක් නැතිව එසේ ගිය බවයි……. රංගනගේ කූට උපායන් ක්‍රියාත්මක කිරීමට ඉත්තෙක් සේ අසරණ භුමි බලහත්කාරයෙන් ඔහු තබා ගත් බව භූමි අදටත් දන්නේ නැත………… එදා සිට අද වනතුරුත් නන්දිතා හට භූමිව හමුවන්නට තහනම් වුනේ රංගන භූමිගේ ජීවිතය විනාශ කර දමන බව පවසා ඇයට තර්ජනය කල බැවින්……… නමුත් සිදුවුයේද එයමයි…… භූමි දිනෙන් දින විනාශ විය………. ඔහු ගැන සොයා බලන්නට රංගන කාලය වැයකලේද නැත…………
” මොකද තවත් බලාගෙන ඉන්නේ……. දැන්වත් අපිට පව් නොදී යනවද…….. ආ..
සවිතාගේ තෙතමනයක් නැති වචන භීමිව තව තවත් කෝප ගන්වන්නට සමත් විය………..
” නවත්ත…….ග……න්නවා…….හ්………..
භූමි වේගයෙන් කෑම මේසවට මිට මොළවා පහරක් ගැසුවේය………. එය කොතරම් වේගවත්ද කියනවා නම් කෑම මේසයේ තිබූ පිඟන් බන්දේසි උඩ ගියේය……. සමහරක් ඒවා බිම වැටී කැඩී ගියේය………
” භූමි…………………..
රංගනගේ හඬ ලං ලංව ඇසෙද්දි භූමි අතින් සංඥා කලේ නිහඬ වන ලෙසයි………..
” මොනවත් මට අහන්න ඕනි නෑ…….. කියන්න තියන හැමදේම කිව්වානේ තාත්තේ ඔයා……….. මං යනවා….. යන්නම යනවා………….. හැබැයි මට මේ කිසිම දෙයක් ඕනෙ නෑ………. මං තනියම නැගිටලා පෙන්නන්නම්………
එ අධිෂ්ඨානශීලී වචන වලට සවිතා බියෙන් හා ඊර්ෂ්‍යාවෙන් සලිතව ගියාය……….. ඇගේ ද්වේශසහගත නෙත් කෝපයෙන් දැල්වී තිබුණි……….
” රෑ වෙද්දි කෙලින් හිටගන්න බැරි මිනිහා කොහොම දියුණු වෙන්නද……. තමුසෙ තාත්තා කියනවා වගේ නිකමෙක් භූමි….. දැන් මෙතනින් යනවා…… තාත්තා කිව්වා නේද වතාවක් යන්න කියලා……..
එහෙම කිව්වාට රංගනගේ හිතට හරි නැත…… නමුත් සවිතාට ඔහු කතා කල ආකාරය ගැන රංගනගේ හිතේ ප්‍රසාදයක් ද නැත………..
භූමි යලිත් උඩට ගොස් සිය ඇඳුම් බෑග් සියල්ලම ගෙනැවිත් වාහනයට දැම්මේය………
” අයියා……. අම්මා කියන ඒවා ගනන් ගන්න එපා එයාට පිස්සු……… එයාට තියන ඔය තණ්හාව අපිට නෑ…… අනික මට අයියා මගේ ලඟ ඉන්න ඔිනි……
ශාරද් කීවේ බිඳුනු හඬින්………. භූමිට ශාරද් ගැන දුකක් ඇති වුනත් නයාගේ පැටියා නයි පැටියාමයි කියලා හිත යටින් නොකීවාම නෙවේ………..
” කරන්න දෙයක් නෑ මල්ලි….. මගේ හිතේ උඹ ගැනවත් නංගි ගැනවත් තරහක් නෑ……… ඒත් මං යන්නම ඕනි……….
” කොහේද බං උඹ දැන් යන්නේ….. ම්ම්ම්ම්ම්………..
” දන්නෑ තවම…….. ඒත් මං කොහොම හරි නැගිටිනවා…………..
” අයියේ…….. හදිස්සි වෙන්න එපා……. අපි හෙමින් බලමු මොකද කරන්නේ කියලා………. මේ ගෙදර ඉන්න බැරි නම් නුවරඑළිය ගෙදර යන්න ඒක කොහොමත් ඔයාගේනේ…………. ගිහින් නිවී සැනසිල්ලේ හිතන්න මොකක්ද කරන්න පුළුවන් කියලා…………..
ශාරද් වැඩිමල් සොයුරෙක් සේ ඔහුට අවවාද කරන්නේ මේ වෙන්ව යාමෙන් භූමි තව තවත් විනාශ වනු ඇතැයි සිතුන බැවින්…………….. භූමි ඔහුගෙන් සමුගෙන වාහනය හීරස්ගලින් නුවර කොළඹ පාරට දමා නගරය දෙසට වාහනය පදවන්නට විය………. කරන්නේ කුමක්ද කියා සිතන්නටවත් සිතෙන්නේ නැත…… හිතෙන්නේම මේ සියල්ල අමතක වන්නට හොදට බොන්නමයය……….. යන්න එන්න තැනක් කරන්න දෙයක් ඔය කිසිවක් සිහිවන්නේ නැත……… ඔහු රෝයල් එක අසල වාහනය නැවැත්තුවේ තෙනුක ධනු හා සිතිජ සිටි බැවින්…….. වාහනයෙන් බැස එන භූමිමේ මුහුණ නිරීක්ෂණය කරන ඔවුන් භූමි සිටින්නේ සිත්තැවුලින් බව තීරණය කලේය……..
” අහසා……. මොකක්ද කේස් එක….
ධනු කවදත් භූමිට කතා කලේ අහස් ලෙසයි………. භූමි යනු අහස හා පොළව මෙන් කිසිදා තේරුම්ගත නොහැකි පුද්ගලයෙක් බව ඔහු නිතර පවසයි…… ඔහුගේ නමට නන්දිතා භූමි අහස්ගව් ලෙස දැම්මේ ඇයි දැයි ධනුට සිතුන වාර අනන්තය……….
” මොකුත් නෑ………..
” නැති වෙන්න බෑ…….
උඹට බෑ භූමි අපෙන් කිසි දෙයක් හංගන්න
කියපන් මොකක්ද කේස් එක
භූමි සුසුමක් හෙලා ලං ලංව පෙනෙන දළදා මැදුර දෙස බැලුවෙිය……….. රජීව් ආවේ කලබලෙනි……… ඔහුගේ නෙත් වල වූ බියපත් බව ඔවුන්ව කලබල කරන්නට සමත් විය………..
” ඒ පාර උඹ මොකක්ද අරන් ආව ගිණි ගෙඩිය…………..
අනූ ඇහුවේ භුමියි රජීයි දිහා මාරුවෙන් මාරුවට බලමින්……..
” ඒයි……… භූමි………. උඹ දන්නවද එදා උඹ ලේ පනින්න ගැහුවේ කාටද කියලා………..
නැත……… ඔහුට යන්තම් වත් මුහුණක් මතක නැත……………. ඔහුට මතකයට නගා ගැනීමට අවශ්‍යතාවයක්ද නොවීය……..
” කවුද………..
භූමි ඇහුවේ ඔිනැවට එපාවට මෙනි………..
” #විශාල්_ දන්තනාරායනට වේදේශ් දන්තනාරායනගේ මල්ලිට උඹ ගහලා තියෙන්නේ……….
වේදේශ් දන්තනාරායන……. ඒ නම ඇසෙත්ම ඔහු අතීතයට දිව ගියේ වසර පහ හයක් ආපස්සටයි……… වේදේශ් හා තමා එකම සරසවියක එකම වසරේ ඉගෙනුම ලැබූ වෙනස්ම දෙදෙනෙකි…… කොටින්ම එකිනෙකා පෙන්නන්න බැරි දෙදෙනෙකි……… ඊට හේතුව #ටාෂියා යි…. භූමිගේ ආදරය ඔහුට අහිමි වීමට එක් හේතුවක් වූයේ වේදේශ්ය…….. වේදේශ් හා භූමි එකිටනකා නොරිස්සුවේ සංසාරගත වෛරයකින් මෙනි….. ඔවුනොවුන් අතර විශේෂිත වු රන්ඩුවක්වත් කතාබහක්වත් ඇති නෙවෙී තිබුනද දෙන්නට දෙන්නා පෙන්නන්නට බැරිය………. එනිසාම වේදේශ්ගේ දේවල් භූමි විසින්ද,,, භූමිගේ දේවල් වේදේශ් විසින්ද විනාශ කරන ලදී….. කඩාකප්පල් කරන ලදී……. භූමිගේ ආදරයද ඒ අයුරින් සැලසුම් සහගතව සිදුකල කඩාකප්පල් කිරීමකි……..
” නෑ……… ඒ ඌද………. නියමයිනේ….
භූමිට කියැවුනේ වේදේශ් හා තිබූ කිසිදා අවසන් නොවන තරහක් හිතේ තවමත් තිබෙන නිසාය………….
” නියමයි නෙවේ බං……. ඌ දැන් තව තවත් වෛර බැද ගනී…….ඒ නම්බැරියැ… ඌ උඹලාගේ බිස්නස් වලටත් වැඩේ දෙයි…….
භූමිට මේ උදෑසන තරහ යන කාරණා බොහොමය……..ඔය එකකි……….
” මට අැති බිස්නස් එකක් නෑනේ රජ්ජා…. ඕනැ එකක් වෙද්දදෙන්……
රජිව් වික්ශිප්තව ඔහු දිහා බලද්දි අනිත් අයත් හැරිලා භූමි දිහා බැලුවා………
” මොකක්ද ඒ කතාව භූමි…….
” තාත්තා මට ගෙදරින් යන්න කීවා……..
” නෑහ්……. ඒ ඇයි ඊයේ රෑ වෙච්ච දේටද…….
” ම්ම්ම්ම්ම්මහු…… නෑ………
” එහෙනම්……….
” මං අර ගෑණිගේ බෙල්ලෙන් ඇල්ලුවා කියලා……….
රජීව්ගේ දෑස් නලලට ගියා……. ටිකක් ලොකු දෙයක් සිද්ධ වෙලා තියනවා කියලා හැමෝටම සිතුනා…….. භූමි වෙච්ච දේ මුළ ඉදන්ම කියලා සුසුමක් හෙළුවේ ඔවුන් දෙස බලන ගමන්……
” දැන් මොකක්ද අහසා උඹ කරන්න ඉන්නේ………..
ටිකක් වේලා කල්පනා කරමින් සිටි ධනූ ඇසුවේ එතැනින් නැගිට ඉදිරියේ වූ රොබරෝසියා ගස අල්ලාගන්න ගමන්…..
” මොනා කරන්නද බං….. අදත් වැටෙනකම් බීලා කවුරු හරි සුන්දර ලලනාවක් එක්ක ඉමු එළි වෙනකම්…….
ඇඟට පතට නොදැනී භූමි කියද්දි හැමෝම ඔහුදිහා බැලුවේ කෝපයෙන්……
” තෝ නම් මී හරකෙක්………
රජීව් කෑගැසුටව් අවට ඉන්නෙ කවුද කියලාවත් හිතන්නෙ නැතුව…….. එතැනින් යන අය ඔවුන් දිහා බල බල යද්දි රජිව් ඔවුන්ටද රැව්වා………..
” යකෝ……….. තෝ දැන් බූරුවෙක් වගේ බීලා හරියනවද…………. ඈ……… ඒ ගෑණි හිතන් ඉන්නේ උඹට කිසිදෙයක් බෑ කියලා……… ඒකිට උඹ විනාශ වෙනවා දකින්න ඕනි……… එහෙම වෙලා ඒකිට සතුටක් දෙන්න එපා මචං…….. එපා…… අපි තනියෙන් නැගිටලා පෙන්නමු……. ම්ම්ම්ම්…….අපි ඉන්නවා උඹ එක්ක…….
රජීව් කිව්වෙ අනිත් අය දෙසත් බලලා…… ඔවුන් කොහොමත් ඊට කැමති වෙනවා කියලා රජීව් දන්නවා………. භූමි කල්පනාවට වැටුනේ රජීව් කිව්ව දේවල් වලට………
” ඇත්තටම ඇයි මං බීලා මගේ ජීවිතේ විනාශ කරගන්නේ………. ආයෙම අළුතින්ම පටන් ගන්න වෙනවා…….. මට කිසි දෙයක් නෑ………. ඒත් මං කොහෙන්ද පටන් ගන්නේ…………
කාත් කවුරුත් නැතිව උදව්වක් උපකාරයක් නැතුව නැගී සිටින්නේ කොහොමද කියන එක ලොකු ප්‍රශ්ණයක් වුනත් මේ වෙලාවේ ඔවුන්ට ඒකටත් පිළිතුරක් තිබුනා…….
” අපි නුවරඑළියට යමු………….. මෙච්චර කල් අපි කරපු දේවල්……. අපි කරපු නරක වැඩ වල ප්‍රතිඵලයක් විදිහට තමයි භූමි මේ දේවග් වුනේ……. උඹට විතරක් නෙවේ අපේ තත්වයත් ඔයිට දෙවෙනි නෑ……… මං හුඟක් හිතුවා මචං…….. අපි හත් දෙනාටම digree තියනවා මොනවද බං අපිට කරන්න බැරි……. ඒත් අපි අළුත්ම දෙයක් කරන්න ඔනි……..
රජීවි ලොකු විස්තරයක් කලත් හරියටම කරන්නේ මොනවද කියලා කිව්වේ නෑ……… භූමිට දැන් තිබුන එකම නොඉවසිල්ල මේ රජ්ජා කරන්න හදන්නේ කුමක්ද කියලා……….
” මොකක්ද කියපන්කෝ රජ්ජා……….
” මේකයි………සිතිජ උඹයි රවිකයි ශාරද් මල්ලි එක්ක මෙහේ දේවල් බලපන්…… මොකද මේවාත් අපේ භූමිගේ ඒ හින්දාමත් නෙවේ… මහ ගෑණි මොනවා වුනත් ශාරද් හොද කොල්ලා………. එතකොට අපි නුවරඑළි යනවා…… උඹලා දන්නවානේ අපේ ආච්චි මට දීලා තියනවා තේවත්තක් එක්ක පහල මල් වවලා තියන හොටෙල් එකක්…… ඒක නම් දැන් ගන්න දෙයක් නෑ……… ඒත් අපි මේක අළුතින් පටන් ගමු………. මං දන්නවා භූමිටත් එහෙ ඉඩමක් තියනවා පොඩිකාලෙමහින්ද සමරනායක ඒ කියන්නේ භුමිගේ සීයාගෙන් ලැබුන… එහෙම නේද භූමි…………
එය මේ මොහොතේ හාන්කවිසියක්වත් සිහි නොතිබුන භූමි රජ්ජා දිහා බැලුවේම පුදුමයෙන්………..
” භූමි ඒකෙ මල් වවනවා………… දැනට අපිට ඒ ඇති……….. කඳුකරයේ වැවෙන decorations වලට ගන්න ඕනැම මලක් අපි ඒකෙ වවන්න ඕනි……… ඒක සාමාන්‍ය nursary එකක් නෙවේ…….. ඒක මල් වත්තක්……… අපි ගිහින් ඒක discuss කරගමු…….. ඊටපස්සේ අපිම ලංකාව වටේම flower decorations suply කරමු….. මොකද කියන්නේ………. functions birthday parties wedding එහෙම සම්පූර්ණයෙන්ම decorations කරන්න අපිට පුළුවන්……… අපි නැගිටිමු මචං…….. අපි හොදට බිව්වා…….. රෑ එළිවෙනකම් මත් වෙලා ගෑනු එක්ක හිටියා……. මැරකම් කලා…….. තවත් කරනවා………. ඒවා හොදටම කරපු අපි දැන් වෙනස් වෙලා බලමු……… ම්ම්ම්හ්ම……… කොල්ලෙක් වෙලා ජීවිතය ජය ගන්න බැරි නම් මොකටද බං ඒ ලැබුන පිරිමි ආත්මය…………
රජීව් එය විස්තර කල ආකාරයට කොල්ලෝ ටිකට දැන්මම නුවරඑළියට යන්න හිතුනා………..
” භූමි…….. මොකද කියන්නේ ඉස්සරහට අඩියක් තියමුද……….. ම්ම්ම්ම්ම්……
භූමි රජිව් දිහා බලාගෙන සිටියේ අමුතුම බැල්මක්………………. ඔවුන් සියල්ලන්ම භූමිට පණ ඇරලා ආදරෙයි…….. ඒ භූමිගේ හොඳ හදවත නිසා……. බැලූ බැල්මට කිසිම කමකට නැති නපුරු අහංකාර අසාධාරණ සෙල්ලක්කාර යෞවනයා තුල සුන්දර හදවත් තියන බව දැන සිටියේ ඔය හය දෙනා විතරයි…………
” රජ්ජා…….. ඉස්සරවෙලාම මගේ අම්මා මාව දාලා යන්න ගියා……. එයා එක්ක ගියේ නංගියි මල්ලියි විතරයි……… තාත්තාගෙන් මට කිසිම දෙයක් ලැබුනෙ නෑ……. මගේම මිනිස්සු මාව අත්හරිද්දි මට හිටියේ උඹලා විතරයි………… රජ්ජා උඹ තමයි අපේ ලොකු අයියා……… උඹ කියන දේ අහන්න මං තීරණය කලා….. අපි මේ වැඩේ කරලා බලමු…………..
එලෙස භූමි සිය සෙල්ලක්කාර විනාශ වී ගිය අරමුණක් නැති ජීවිිතය නව මඟකට යොමු කරන්නට තීරණය කලේය……… නමුත් ඒ හව්හරණට සිටින මිතුරන් සමගය…….. එ හැර කිසිවෙකු ඔහුගේ.ජීවිතයේ සිටියේ නැත………හැමදාම වගේ ජීවිතයේ එක්අර්ධයක් අඳුරුව තියෙද්දි ඔහු ආලෝකය තියන අර්ධයත් සමගින් ඉදිරියට යන්නට තීරණය කලා…………
තුහින්‍යා නිවසට ඇමතුමක් ගත්තේ බස් රථය වාරියපොලත් පසු කල පසුය………
” ලොකු ළමයෝ………….. මොකෝ මේ අවේලාවේ……….
තුහී නිවසට කතා කරන්නේ එක්කෝ උදෙන්ම නැත්නම් රාත්‍රියටයි………
” අප්පච්චි……..මේ…… මං මේ……. එන ගමන්………..
සනත්ට පුදුමෙනුත් පුදුමයි………..
“කොහේ එන ගමන්ද ලොකු ළමයෝ
මට තේරෙන්නෙ නෑ………
” අප්පච්චි මට තවත් ඒ ගෙදර ඉන්න බෑ…..මං ආවා අප්පච්චි…….. මං ආවා……
අද නැතත් කවදා හරි ලොක්කිට මේ දේ වෙයි කියලා සනත්ට නිකමට හිතුනා…….. ඒ හින්දම මෙවන් ඇමතුමක්ද ඔහු බලාපොරොත්තුවෙන්මයි හිටියේ…….
” හා…හා…….දැන් අඬන්නැතුව ඉන්නකෝ …….. දැන් කොයි හරියෙද ලොකු ලමයෝ ඉන්නේ……
” දැන් අප්පච්චි මිනුවන්ගැටේ හරියෙ ඉන්නේ………..
” හා………. තලාව පහු වුනාම ආයේ කතා කරන්නකෝ මං එන්නම් එක්ක යන්න හන්දියට………….
” මාත් එක්ක තරහ වෙන්න එපා අප්පච්චි…. ඉවසලා ඉවසලා බැරිම තැන ආවේ………
” මං දන්නවා ලොකු ලමයෝ……… පරෙස්සමින් එන්නකෝ……. දැන්….. අපි ආවම කතා කරමු………..
අප්පච්චිගේ වචන……….ඒවා හැමදාමත් හිත නිවයි………. අප්පච්චි ලොකු ලමයෝ කියද්දි දැනෙන හැගීම ඒක වචනවෙන් විස්තර කරන්න බැරි තරම්………. හැම දුවෙක්ටම අප්පච්චිගේ ආදරය රැකවරණය අත්‍යවශ්‍යයි……..
අප්පච්චි කෙනෙක් නැතුව දුවෙක් සර්වසම්පූර්ණ වෙන්නෙ නෑ…………. තුහින්‍යාටත් දැනුනේ ඒ වගේම හැඟීමක්……….. තම කුලගෙය ගිණිගෙන දැවෙද්දිත් තවමත් එකඳු කඳුලක්වත් නොහෙලා තුහින්‍යා දෙව්සිත්මි රණසිංහ මේ යන්නේ ඇගේම අය ලඟටයි………. කඳුළු හෙලිය යුත්තේ ඒ කඳුළු වල වටිනාකමක් ඇති මිනිසුන් ලඟය………………..
••••මතු සම්බන්ධයි•••••