ගොඩක් අය පෙන්නන්නෙ නම් එහෙම තමයි. ඒ උනාට ගොඩක් ඉන්නව කිලාන් කතා කරොත් පැනල එන්න තරම්.
ඇත්තට?
ඔව් එක තමයි මටත් හිතාගන්න බැරි? කිලාන්ගෙන්ම අහන්න ඕනේ මොකද්ද ප්‍රශ්නේ කියල.
අනේ අපිට මොකටද අයියේ ඕව. මෙහන්සා කියද්දී කෙල්ලට නම් කිලාන් ගැන කිසිම හැගීමක් නැහැ කියල මිහින්ට හිතුන.
ඔයා මේ ප්‍රශ්න අම්මට එහෙම කියන්න එපා. එයා බය වෙයි.
බය වෙන්න තරම් දෙයක් උනේ නැහැනේ. ඒ කොල්ලන්ට ගිය රට ද මේක.
හනේ අම්මේ කොච්චි කරල මමද අපේ ගෙදර කොල්ල ඔයාද?
මම මම. මම යකාටවත් බය නෑ. මට ඉන්නවනේ අයියෙක් ඕනේ කරදරේකින් බේරගන්න.
අහ් මේකි යකෝ.
එදින රෑ නිදියහනට වැටුණු කිලාන්ට හිතන්න දේවල් ගොඩක් තිබුන.
කොල්ල ගොඩක් සතුටින් හිටියේ. ඒ මේ තරමට හරි කෙල්ලට ලං වෙන්න ලැබුන හින්ද. යාලුවෙක් විදියට පිළිගත්තේ නැතත් හිතට තමන් කලින් හිටියට වඩා ලගයි කියල කොල්ලට දැනුන.
මට හිතාගන්නවත් බැහැ මෙහන්සා ඔයා කොහොමද මාව මෙච්චර වෙනස් කලේ කියල. මට ඔයාව මගේ කරගන්න ඕනේ නැහැ මම දන්නවා එක වෙන්නේ නැහැ කියල. ඒත් එක අවස්තාවක් ලැබෙනවානම් මේ හිතේ තියෙන දේවල් කියන්න. එකම එක පාරක් විතරක්. මගේ මුළු ජීවිතේටම ඇති ඒක.
රණ්ඩුව වෙලාවේ කෙල්ල බය වෙලා තමන්ගේ අතින් අල්ලගත්තු විදිය මතක් වෙලා කොල්ලට හිනා ගියා.
කොල්ල තමන්ගේම අත සිපගත්තේ ඇය තවම අතින් අල්ලාගෙන ඉන්නේ කියල හිතාගෙන.
මොකද කපන්න බැරි අත ඉඹිනව ද ආ? එහෙම ඇහුවේ එවෙලේම කාමරේට ආපු නෙතුසර. කොල්ලට පොලව පලාගෙන යන්න හිතුනත් ඒ බව පෙන්නන්නේ නැතුව රවල බැලුව මල්ලි දිහා.
මොකද තමුසෙට තට්ටු කරලා එන්න දන්නේ නැද්ද කාමරේට එද්දී?
හෑ .. ඒක අලුත් නීතියක්ද? අම්මගේ නීති ලයිස්තුවේ එහෙම එකක් තිබ්බේ නැහැනේ. මම කවද්ද මෙච්චර කාලෙකට තට්ටු කරලා කාමරේට ආවේ? නෙතුසර කිව්වේ අයියගේ ඇඳට පැනල.
ඒ උනාට මීට පස්සේ එනකොට කියල එනව.
නෙතුසර එතකොටම කාමරෙන් බැහැල මොනවහරි හැම තැනම හොයන්න ගත්ත,
ඒ පාර මොනවද තමුසේ හොයන්නේ?
නෑ මම මේ කල්පනා කරේ මට කාමරේට එන්න එපා කියන්නේ ඔයා අපරාධකාරයෙක් වත් මේක ඇතුලේ හංගගෙන ඉන්නවද කියල.
අනේ මේ. මේක මගේ කාමරේ. මගෙන් අහල මිසක් එන්න එපා.
මේ වැඩිය කියවන්න ආවොත් මම ගිහින් අම්මට කියනවා කපන්න බැරි අත… නෙතුසර කිව්වේ කාමරෙන් එලියට යන්න ලෑස්ති වෙලා.
කිලාන් ඉක්මනට පැනල මල්ලිව අල්ලගත්ත. මේ මල්ලි තමුසෙට පිස්සුද. කියනවා මොකටද දැන් ආවේ?
ආවේ ද? ආවේ නිදි නම් නැගිට්ටවල එක්ක යන්න. කොහෙද මෙයා මෙතන හීන බලනවනේ.
කවුද පොඩි පුතා හීන බලන්නේ? අයියද? දොර ගාවින් කට හඬක් ඇහුන හින්ද කිලාන් බැලුවේ මල්ලිත් එක්ක ඔට්ටු වෙන එක නවත්තල.
තාත්තා. පුදුමෙන් වගේම සතුටෙන් කියපු කිලාන් දුවල ගිහින් පියාව වැළඳගත්ත.
තාත්ත එනවා කියල කිව්වෙත් නෑනේ.
ඔයාලව සප්‍රයිස් කරන්න හිතාගෙන කියන්නේ නැතුවම ආවේ. බලනකොට මේ මගේ ළමයි හීන බලන වෙලාවනේ නේද පොඩි පුතා?
මේ මල්ලිට පිස්සු තාත්තේ. මම මේ මගේ කම්පටිෂන් එක ගැන කල්පනා කර කර හිටියේ.
ඔව් ඔව් කම්පටිෂන් එකේදී අත… නෙතුසර කියන්න හදද්දිම කිලාන් රවල බලපු හින්ද නෙතුසර ඉක්මනට කියන්න ගිය එක නවත්තගත්තා.
මොකද්ද පොඩි කියන්න ගියේ?
නෑ නෑ තාත්ත මුකුත් නෑ මේ මගේ අත කහනවා. නෙතුසර ඉක්මනට කිව්වේ කිලාන්ගේ මුනට හිනාවක් ගෙනල්ල. මොනවා උනත් මල්ලි තමන්ව පාවල දෙන්නේ නෑ කියල කොල්ල දන්නව.
තාත්ත ආයෙත් හැරුනේ තමන්ගේ ලොකු පුතා දිහාවට. මොකද්ද ලොකු ඔයා කම්පටිෂන් එකක් ගැන කිව්වේ. අම්ම කෝල් කරද්දීවත් මට ඒ ගැන කිව්වේ නෑනේ. තාත්ත ඇහුවේ එවෙලේ එතනට ආපු අම්ම දිහාත් බලල.
පුතාටම කියන්න දෙන්න ඕනේ නිසා මම නොකිය හිටියේ.
මම ඕල් අයිලන්ඩ් මිඩියා කම්පටිෂන් එකට සිලෙක්ට් උනා තාත්තේ. කිලාන් කිව්වේ සතුටෙන් වගේම ආඩම්බරෙන්. කොල්ලට මේ තමන්ගේ ජයග්‍රහණයක් ගැන ආඩම්බරෙන් කතා කරන්න ලැබුණු පලවෙනි අවස්තාව. පොඩි කාලේ ඇරුනම කිලාන් කවදාවත් ජයග්‍රහණයක් ලැබුනම දැනෙන සතුට විඳලා තිබුනේ නෑ. කොල්ල ඒ නිසා හරිම සතුටෙන් විස්තර කිව්වා.
මට හරිම සතුටුයි පුතා. මට ඇත්තටම ගොඩක් සතුටුයි. මම හිතුව ඔයා කවදාවත් අපිට මේ වගේ සතුටක් ගෙනත් දෙන එකක් නෑ කියල.
තාත්ත කිව්වේ කොල්ල පුදුමෙන් තාත්ත දිහා බලන් ඉන්නකොට. තාත්ත දිගටම කතා කළා.
මම දන්නේ නෑ පුතා ඔයාට මේ ගැන කතා කරන්න මේක සුදුසුම වෙලාවද කියල. ඒ උනාට මට හිතෙනව දැන් මේ ගැන කියන්න. ඔයාට දැන් තේරෙනවද ජයග්‍රහණයක් දැනුනම තියෙන සතුට කොච්චරද කියල. අද ඔයාගේ මේ දිනුම තනිකරම ඔයා වෙනුවෙන්. එතකොට ඔයාගේ තාත්ති දිනුවම ඒ ජයග්‍රහණය මුළු රටක්ම විඳිනවා පුතේ, මම දන්නවා ඔයා හිතන් ඉන්නේ ඔයාගේ ජිවිතේ මම නිසා නැති උනා කියල. එත් පුතේ ඔයාට තේරෙනවද මම මේ කරපු කැපකිරීමේ වැදගත්කම? මගේ හොද වෙලාවට ඔයාගේ අම්මි මාව තේරුම් ගත්ත නිතරම මගේ ලගින් හිටිය එයත් ඔයා වගේ මට ඕනෙම වෙලාවේ මාව ඇත ඇරලා දැම්ම නම් අද මේ වෙනකොට තුෂාර සේනානායක කියල රටම දන්නා ක්රිකටර් කෙනෙක් බිහි වෙන එකක් න ෑ. මම පිලිගන්නවා මම හොද තාත්ති කෙනෙක් උනේ නෑ ඔයාට ඕනේ වෙලාවේ ලග හිටියේ නෑ. ඒත් ඒ මම වෙනුවෙන් නෙමෙයි පුතේ අපේ මේ රට වෙනුවෙන්. අම්මි මට කිව්වා ඔයා කවදම හරි මේ දේ තේරුම් ගනී කියල මම එත් හිතුවේ නෑ ලොකූ ඔයා කවදාවත් මට අවස්තාවක් දෙයි කියල මේ ගැන කතා කරන්න. මම තකහනියක් මගේ ඔක්කොම වැඩ කල් දාල මේ ටිකට් වෙන් කරගෙන හදිසියේ ආවේ අම්මි කිව්වම ඔයාට මට කතා කරන්න කියන්න දෙයක් තියෙනවා කියල. කිලාංගේ තාත්ති ඇස් වල කදුළු පුරවගෙන කිව්වේ කොල්ලවයි අම්මවයි මල්ලිවයිත් අඩවල. ක
ොල්ල බලාගෙන ඉන්න බැරි තැන තාත්ත ව ආයේ වැළඳ ගත්ත.
මට සමාවෙන්න තාත්ති. කිලාන් කිව්වේ අඩමින්. මම ආත්මාර්ථකාමී උනා ගොඩක්. මට සමාවෙන්න. අම්මි මට සමාවෙන්න. කොල්ල කිව්වේ අම්මිවත් තාත්තිගේ තුරුලට අරගෙන.
මාව විතරක් පැත්තක තියල ඉන්නේ. මාත් එනවා. පැත්තක හිටපු නෙතුසරත් රිංගල ගිහින් කොහොමහරි ඔවුන් තුන් දෙනාට තුරුල් උනා.
සමාව දෙනවා. දෙමව්පියෝ ගාව එයාලගේ දරුවන්ට දෙන්න බැරි සමාවක් තියෙනවද? තාත්ති ආයෙම කිව්වා. හැබැයි ඔයා මට පොරොන්දු වෙන්න ඕනේ කම්පටිෂන් එකෙන් අන්තිම පස් දෙනාට එනව කියල
අනිවාරෙන්ම තාත්ති අනිවාරෙන්ම. මම පොරොන්දු වෙනව.
අම්මයි තාත්තයි මල්ලි තවත් ටිකක් වෙලා විස්තර කතා කර කර ඉදල ගියේ කොල්ලට නිදාගන්න දීල.
මම දන්නේ නෑ මොනවා කියන්නද කියල. මම දන්නේ කතාවේ ඔයාගේ පැත්තෙන් විතරයි අම්මිටයි තාත්තිටයි මොන හේතු තිබුනද කියල මට කියන්න බෑනේ. කවුද හරි කවුද වැරදි කියල මම දන්නේ නෑ. හැබැයි ඔයා ඔයාටම කරගන්නේ අපරාධයක්. මෙහන්සා කිව්වා හැටි කොල්ලට මතක් උනා. දැන් ඇත්තටම පවුල ඇතුලේ ඒ සතුට ජයග්‍රහනයක සතුට බෙදාගන්න කිලාන්ට දැනුන තමන් මෙච්චර කල් බොරුවට් නාස්ති කරපු කාලය අපරාදේ කියල.
මෙච්චර කල් මම කිසිම තේරුමක් නැති දේවල් වලට කාලේ නාස්ති කරා. ආයේ එහෙම වෙන්නේ නෑ මෙහන්සා. මම ඔයාට පොරොන්දු වෙනවා මම පාඩම් කරනවා. ඔයාට පොරොන්දු වෙච්ච විදියටම කැම්පස් යනවා. තමන්ටම කියාගත්තු කොල්ල ආපහු ඇදෙන නැගිට්ට. මෙච්චර දවස් නොබලපු පොත් මේසේ අස් කරල පිළිවෙල කලේ නිදාගන්න එක අමතක කරලා.
නංගි ඔයාට මොකද හිතෙන්නේ කිලාන් ගැන. එදින රාත්‍රියේ මිහින් ඇහුවේ දෙන්න පාඩම් කර කර ඉන්න අතරතුර.
මම මොනවා හිතන්නද අනේ එයා ගැන. කෙල්ල කිව්වේ පාඩම් කරපු එකට බාධා කරපු එක ගැන තරහෙන්. ඔයා මේ පාඩම් කරන වෙලාවේ යාළුවො ගැන හිතන්නේ නැතුව වැඩ කරන්නකෝ අනේ.
දැන් මෙච්චර වෙලා එක දිගට වැඩ කරානේ මොලේට විවේකයක් තියෙන්නත් එපැයි. නැත්තම් මෙතන ඔයා ලෙඩ උනොත් මටමනේ කරදරේ.
අහ්. එයාට විවේක ගන්න ඕනේ උනාමත් අහක ඉන්න මාව තමයි අල්ලගන්නේ.
විහිලු නෙමෙයි තව ටිකකින් ආයේ පටන් ගමු.
හාකෝ ඉතින්. කෙල්ල කිව්වේ අතේ තිබ්බ පැන්සල පොත උඩින් තියල.
තේ එකක් හදන් එනවකො.
හා ඔය පැන්නේ බලල මල්ලෙන් එලියට. මෙයාට තේ බඩගිනි හින්ද තමයි පාඩම් කරන එක නැවැත්තුවේ මට කියල හදවගන්න
ඒකත් එකක් තමයි. ඒත් ඉතින් එක දිගට පාඩම් කරන්න හොද නෑ තමුසේ බයෝ නේද කරන්නේ. ඒක වත් දන්නේ නැද්ද?
ඔව් ඔව් මම දන්නවා. හරි මම තේ හදන්නම් හැබැයි කෝප්ප ටික ඔයා හෝදන්න ඕනේ හා ද?
හපෝ හා හා ආච්චි අම්මේ. යකෝ මගේ අම්මවත් මගෙන් වැඩ ගන්නේ නෑ මේකි තරම්.
දෙන්නම එකතු වෙලා කුස්සියට ගියේ තේ හදන්න.
මම මේ ඇත්තටම කියන්නේ නංගි මට හිතෙනවා කිලාන් දැන් වෙනස් වෙලා කියල.
මම දන්නේ කොහොමද අනේ මම කතා කලෙත් තාම දවස් දෙකයි හරියට. ඒ දවස් දෙකට ඔහු ගොඩක් සමීප වෙච්ච බව නම් කෙල්ලට පිළිනොගෙන ඉන්න බැරි උනා. කෝල් එකක් ගන්න ගිය මොහොත සිහිවෙලා කෙල්ල වෙවුලා ගියා. ඒ පිටස්තර පිරිමියෙකු ඇය ස්පර්ශ කල පලවෙනි වතාව.
හැබැයි මම නම් උගේ ඒ වෙනසට කැමතියි. කෙල්ල හිතන්නේ මොකද්ද කියල හාන්කවිසියක් දන්නේ නැතුව මිහින් කිව්වා.
හ්ම්ම්ම්.
කොල්ලගේ මේ වෙනසට හේතුව ඔයාද කියලත් මට වෙලාවකට හිතෙනව. මිහින් කිව්වේ කෙල්ලගේ දිහාම බලාගෙන. එත් ඔහු බලාපොරොත්තු වෙච්ච විදියේ වෙනසක් නම් නංගිගේ මුනෙන් මිහින්ට දකින්න ලැබුනේ නෑ. ඒ නිසා කිලාන් ගැන කිසිම හැගීමක් කෙල්ලගේ හිතේ නැහැ කියල මිහින් හිතා ගත්ත,
ආ ඒ මොකද ඒ?
නිකමට මට එහම හිතෙනව
ඉතින් හොදයිනේ කවුරු උනත් හොද අතට වෙනස් වෙලා නම් අපි සතුටු වෙන්න එපැයි.
හ්ම්ම්ම්ම්.
මෙන්න තේ එක. දැන් ආපහු පටන් ගනිමු. ඇතිනේ විවේක ගත්ත. ඔයාගේ යාළුවො ගැන කියවන එක නවත්තන්න දැන්.
දෙන්නම තව පැය දෙකක් විතර පාඩම් කරලා නිදාගන්න ගියේ රෑ දෙකත් පහු වෙලා.
නිදියහනට වැටුනු මෙහන්සටත් හිතන්න ගොඩක් දේවල් තිබුන. කිලාන් එක්ක බැදුනු ඔක්කොම සිහිපත් කරල හිතේ තුයෙන ගැටලු වලට පිලිතුරු හොයාගන්න කෙල්ලට ඕනෙ උනේ.
කිලාන් දැන් වෙනස්. එයාගෙ ඒ වෙනසට හේතුව ඔයාද කියලත් මට වෙලාවකට හිතෙනව. අයිය කියපු හැටි කෙල්ලට මතක් උනා. කිලානුත් ඒ කතාවම කිව්ව.
ඒත් එහෙම වෙන්නෙ කොහොමද? ඇයි මම නිසා එයා වෙනස් වෙන්නෙ? ඇයි එයා මම කියන ඒව අහන්නෙ? මම එයාගෙ කවුද? කිලාන්ගෙ මේ අසාමාන්ය හැසිරීම ගැන පුදුම වෙනව ඇරෙන්න කෙල්ලට ප්‍රශ්න වලට නම් උත්තර හොයාගන්න බැරි උනා.
කොහොම උනත් එයා මොකක් හරි හේතුවක් හින්ද හොද විදියකට වෙනස් වෙලා. ඒකට හේතුව මට තේරෙන්නෙ නෑ. කවුරු මොනා කිව්වත් ඒ ඉන්නෙ හැමෝම කියපු විදියෙ නරක කිලාන් කෙනෙක් නෙමෙයි හරිම හොද කෙනෙක්.
මම එයාට කොච්චර දේවල් කිව්වද? ඒ හැම දෙයක්ම මට අයිතියක් නැති දේවල්. එයා මුනගැහිච්ච දවසෙ ඉදන් මම කලේ ඒක. කවුරුවත් කියන දේවල් අහන්නෙ නැති එයා ඇයි මට පොරොන්දු උනේ එයා පාඩම් කරනව කියල.
ඇයි මම එයත් එක්ක අච්චර දුරක් තනියම ආවෙ. එතකොට එයා ලගදි ඇයි මට මාව කන්ට්‍රෝල් කරගන්න බැරි. ඇයි මම අර කොල්ලන්ට බැන්නෙ එයා වෙනුවෙන්. දෙවියනේ මට පිස්සු හැදෙයි කිලාන් ඔයා හින්ද.
කොච්චර හිතුවත් තමන් වැටෙන්නෙ ආයෙත් හිටපු තැනටම කියල කෙල්ලට හිතුන. කිලාන්ගෙ විතරක් නෙමෙයි ඔහු අභියස තමනෙම හැසිරීමත් අස්සමාන්යයි කියල කෙල්ලට හිතෙනව. මේ සේරම ගැටලු වලට පිලිතුර අකුරු හතරක බලගතු දෙයක් කියල විතරක් කෙල්ලට තේරෙන්නෙ නෑ.
මොනා උනත් මට හිතෙනව එයා මට ගොඩක් ලං වෙලා කියල.
කෙහෙල්මල මොනාද මම මේ හිතන විකාර. මෙහන්සා එයා ඔයාගෙ කවුරුත් නෙමෙයි. එයා ඔයා නිසා වෙනස් උනාට කමක් නෑ. ඔයා ඒ ගැන සතුටු වෙන්න ඒ උනාට එයා ඔයාගෙ කවුටුත් නෙමෙයි. යාලුවෙක් වත් නෙමෙයි.
මතකනෙ ඔයාම එයාට කිව්වනෙ එහෙම. ඒක එහෙමම තමයි. කොහෙවත් හිටපු කවදාවත් දැනගෙන හිටපු නැති කොල්ලෙක් ගැන මොනවද ඔයා මේ හිතන විකාර. ආයෙ එහෙම ඕව හිතන්න බෑ. ඔයාට හිතන්න ඊට වඩා ගොඩක් දේවල් තියෙනව. තමන්ගෙම හිතට තදින්ම කියාගත්තු කෙල්ල නිදි දෙව් දුව වැලදගත්ත.
මේ වෙලාවෙ මිහින් හිත හිත හිටියෙත් නංගි ගැන.
මම තරම් නංගි ගැන එයාවත් දන්නෙ නැතුව ඇති. හැමදේම හොදට හිතල මතල කරන එයා ඇයි තමං ගැන හිතන්නෙ නැතුව අර වෙලාවෙ අර කොල්ලන්ට බනින්න ගියේ. තව කෙනෙක් වෙනුවෙන් කතා කරන්න පුන්චිම වත් බැදීමක් නැතුව එහෙම වෙන්නෙ නෑ.
කිලාන් දැන් ගොඩක් වෙනස්.ඒකට හේතුව නංගි කියල මට හිදටම විස්වාසයි. එහෙමයි කියල ඌ විස්වාස කරන්න පුලුවන් එකෙක්ද? කෙල්ලො ගානක් නැති එකේ. අනිත් එක ඌ මොන තරම් හොද උනත් මම කොහොමද බය නැතුව නංගිට ඌ ගැන කියන්නෙ.
දැනට නැතත් එයා කවදමහරි කාටහරි ආදරේ කරයි. ඒ කිලාන් වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්. හිතකට කොහොමද මම තහන්චි දාන්නෙ කොච්චර හොදට බලාගත්තත්. ඒත් දෙවියනේ එයාගෙ අසනීපෙ හැටියට එයා කොහොමද කාටහරි ආදරේ කරන්නෙ මැරි කරන්නෙ?
මිහින්ට මතක් උනා වෛද්‍යවරයා කියපු වදන්.
මිහින් කවදාවත් නංගිගෙ අසනීපෙ හැටියට එයාට මැරි කරන්න නම් බෑ. මොකද එයාට දරුවෙක් හදන්න තරම් ලොකු අවදානමක් ගන්න බෑ මම මේ කියන දේ ඔයාට බරපතල වැඩි උනත් ඔයා මේ ගැන දැනුවත් වෙල ඉන්න ඕනෙ.
ඔයාල දෙන්නම දැන් ලොකුයි. තරුන හැගීම් ගැන මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ ඔයාට. නංගිගෙ ජීවිතේම රැදිල තියෙන්නෙ එයාට එයා ගැනම තියෙන විස්වාසෙ උඩ.
කවදහරි එයාව ඔයා තරමට ආදරෙන් බලාගන්න කෙනෙක් ලැබුනොත් කිසිම ප්‍රශ්නයක් නෑ සාමාන්ය පවුල් ජීවිතයක් ගෙනියන්න. ඒත් ප්‍රේමය නම් රාගයෙන් තොර සද එලිය සේ පිවිතුරුයි කිව්වට ඇත්ත ජීවිතේ එහෙම හිතන පිරිමි හොයන්න බෑ. හැමෝම හිතන්නෙ තමන් ගැන විතරයි. ඔයාට තේරෙනව නේද මම කියන දේ.
මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියල දන්න නිසා කොල්ලන්ගෙන් වෙන කරදර නවත්තන්න පුලුවන් උනත් මම කොහොමද නංගිගෙ හිතට අගුලු දාන්නෙ.
මේව හිත හිත හිටපු කොල්ලට එදා රෑ නින්ද ගියෙත් නෑ.