සිතින් විතරක්
විසි හතර… 24
ඇත්තටම මම උන්නෙ අවුලෙන්. මේ ලෝකෙ කාටවත්ම මේ වගෙ අසරණ කමක් දැනිලා නැ තුව ඇති. මෙයාලා එකතු වෙලා මගෙ ජිවිතේට මේ කරන්න යන්නෙ මොනවද කියලා මට හිත ගන්නවත් බෑ.
වැඩිය හිතන්නෙ නැතුව රිලැක්ස් ඉන්න කීවට මම මේවා හිතන්නෙ නැතුව ඉන්නෙ කොහො මද තේරෙන්නෙ නෑ අප්පා. ටික වෙලාවක් හිට පු විඳිහට එහෙම්ම ඉදලා මම පහලට බැස්සා.
අර දෙන්නම කීවෙ මට රූම් එකෙන් එලියට එන්න එපා කියල උනත් කොහොම දෙයියනේ මේ සේරම ඔළුවෙ පුරෝගෙන එහෙම තනියම ඉන්නෙ මට පිස්සු හැදෙයි.
එක සෙත් කෙනෙක්ව තේරුං ගන්න බැරුව ඉ ද්දි දැන් තවත් සෙත් කෙනෙක්. පිස්සු හැදෙ න්නෙ නැතුව තියෙයිද ඉතිං.පහලට බැහැලා මම කෙලින්ම ගියෙ සීයා පප්පා හොයාගෙන. මගෙ හැම ප්රශ්නෙකටම උත්තර තිබුනෙ එයා ලඟ.
ඒන්ජල් ඔයාට කොහොමද පුතේ දැන්.. සෙත් කීවා ඔයාට ටිකක් සනීප නෑ කියලා…
මාව දැක්ක ගමන් සීයා පප්පා ඇහුවා.
එතකොට එයා ගෙදරින් ගිහින් තියෙන්නෙ සීයා පප්පට මගෙ ගැනත් කියලා ද. දෙයියනේ මට තේරෙ න්නෙ නෑ. මේ දෙන්නා එකතු වෙලා මට පිස්සු හදනවනෙ.
මම හොඳින් සීයා පප්පා.. එයා බොරුවට බය වෙලා…
මම පුළුවන් තරම් නෝමල් කීවා. පුංචි හරි වෙනසක් දැනුනොත් සීයා පප්පා මං කියන දේ පිලිගන්න එකක් නැතිවෙයි කියලා මට හිතුනා.
ඒ කො/ල්/ලා හොඳටම බය වෙලා…ඔයා අසනීපෙන් කියලා… මට ඔයාව බලා ගන්න කියලා ගියෙ.. මම මේ නයනව උඩට එවන්න හැදුවා විතරයි..
සියා පප්පා ආයිම කීවා ඇයි අප්පා. මෙයා මෙච්චර මංගැන හිතන්නෙ.
සියා පප්පා මට ඇත්ත කියන්න… ඒ ගමන මම කතාව වෙනස් කලා . ඇත්තටම මට දැන් මේ සිද්ධවෙන දේවල් දරාගන්න හරිම අමාරුයි.
මොනාද ඒන්ජල්…
මට හිසරදේ වගේ සීයා පප්පා.. මේ දෙන්නා කවුද.. ඇයි ඔයාලා මට මෙහෙම කරන්නෙ.. නිවාසෙ ඉද්දි මොන අඩුපාඩුව තිබුනත් මම හරි සැනසීමෙන් හිටියා.. ඔයාලා ලොකු බොරු වක් කරලා අහිංසක මාව රවට්ටලා මෙහාට එක්කගෙන ආවා…
දැන් මේ දෙන්නා එකතු වෙලා මගෙ ජිවිතේ සෙ ල්ලමක අරන්.. මාත් මනු ස්සයෙක් මටත් දරා ගන්න පුළුවන් සීමාවක් තියනවා.. මට මේවා උහුලන්න බෑ මාව මැ රි ලා යයි….
මම කියවගෙන ගියෙ අඬ අඬා.
ඒන්ජල් මේ අහන්න පුතේ…ඔහොම අඬන්න එපා මැණික… අඬලා ඔයාව ආයිම ලෙඩ වෙයි…සියා පප්පා කීවේ හරිම ආදරණීය හඬකින්.
කමක් නෑ ලෙඩ වෙලා මැ/රි/ලා ගියදෙන් මාව…මට මේ හැමදේම එපා වෙලා තියෙන්නෙ දැන්… ඔයාලා මං වගේ අහිංසක අසරණ කෙ ල් ලෙ ක්ගෙ ජිවිතේ එක්ක ඇයි මෙහෙම සෙල්ලං කරන්නෙ…
මට බෑ මේ ඇස්සවලට කඳුළු පිරෙන එක නතර කරගන්න.
ඒන්ජල් කියන දේ අහන්න දරුවො… එයා මගෙ අත් දෙකෙන් අල්ල ගත්තා.
බෑ.. මෙච්චර දවසක් මං ඔයාලා කියන දේ ඇහු වා..තවත් නං බෑ… අනේ මට ඇත්ත කියන්න සීයා පප්පා… මම ආයිම ඇඬුවා.
මේ අහන්නකො ඒන්ජල්… අපි කවුරුවත් ඔයා ට වැරැද්දක් කරන්න හැදුවා නෙවී.. අපිට ඕනි ඔයා සතුටින් ජිවත් වෙනවා දකින්න.. සියා පප්පා කියවගෙන යනවා.
ඒකද ඔයාලා මට මෙහෙම දුක් දෙන්නෙ… සෙල්ලම් බඩුවක් වගේ මාව එහාට මෙහාට බාර දෙන්න හදන්නෙ… මම ඇහුවෙ තරහින් නෙවී දරාගන්න බැරි දුකකින්.
ඒන්ජල් මේ අහන්න පුතේ.. කලබල වෙන්න එපා මේක හුඟක් දිග කතාවක්.. ඒක නිසා පරිස්සමින් අහන්න…
සීයා පප්පා කතාව පටන් ගත්තෙ හුඟක් නිවුන හඬකින්. එයා එහෙම කීවම මම හිත ටිකක් සන්සුන් කරගෙන එයා ලඟ බිමින් ඉදගත්තෙ ඒ දිග කතාව අහන්න ඕනි වුන නිසා.
ඔයා හරි ලස්සනයි ඒන්ජල්… හරිම අහිංසක යි..ඇත්තටම ඒන්ජල් කෙනෙක් වගේ.. ඔයාව දැක්කම ඕනිම කෙනෙකුට ලොකු ලෝභකමක් දැනෙනවා.
ඇත්තටම සෙත් ඔයාට පිස්සු හැදි ලා හැදිලා ඉන්නෙ.. ඒ තරම් ආදරෙයි.. මම හො ඳටම දන්නවා ඒකා කවදාවත් ඔයාට දුකක් දෙ න්නෙ නෑ ආදරෙන් බලාගනී..ඒක නිසා ඔයාගෙ අනාගතේ ගැන ඔයාට දුක් වෙන්න දෙයක් නෑ…
සියා පප්පා කියෝගෙන ගියා. මට ඕනි අනාග තේ ගැන දැන ගන්න නෙවී මේ සිද්ධ වෙන සිද්ධ වුන දේවල් ගැන දැනගන්න.
සීයා පප්පා මට ඕනි අනාගතේ ගැන දැන ග න්න නෙවී…
ඒ හිතිවිල්ල එහෙම්ම වචන වෙල එලියට පැන්නා.
හරි මැණික අහන්නකො ඉතිං..
මට කියන්න සීයා පප්පා මේ දෙන්නා කවුද.. ඇයි එයාලාට මේ විඳිහට මගෙ ජීවිතේ එක්ක සෙල්ලම් කරන්න ඔයා ඉඩ දුන්නෙ.. ඔයාට මං ගැන දුක හිතුනෙ නැද්ද..? මම ආයිම අඬන්න තියා ගත්තා.
ඒන්ජල් මම කීවනෙ මේක දිග කතාවක්.. ඔයා ඔහොම අඩන්න තියා ගත්තම මට ඒක කිය න්න වෙන්නෙ නෑ..සීයා පප්පා කිව්වෙ තරවටු හඬකින්.
එහෙනං මෙයාලා කවුද.. කියන්න.. ඇයි එයා ලා මෙහෙම..?
එක්කෙනෙක් සෙත ඒකා පුංචි කාලෙ ඉදන්ම හැදුනෙ තනියම.. ටිකක් දඟ උනාට ඒකා හරිම අහිංසකයි.. ඔයා වගේමයි.. ඔයාට බය වෙන් න කිසිම දෙයක් නෑ.. කො ල් ලා ඔයාව මලක් වගේ බලාගනී මැණික..
ඔව් මම දැන් සෙත්ව දන්නවා. ඒත් මට දැන ගන්න ඕනි එයා ගැන නෙවී. මෙච්චර දවසක් සෙත් වෙලා මගෙ ලඟින් උන්න කෙනා ගැන.
එතකොට අනිත් එක්කෙනා කවුද.. ඇයි එයා මෙච්චර දවසක් සෙත් කියලා මාව රැවැට්ටුවෙ
ඇයි ඔයා එයාට ඒකට ඉඩ දුන්නෙ…
ඒ විහඟ.. විහඟ අශ්මික දිසානායක… සෙත්ගෙ හොඳම යාළුවා..යාළුකමටත් වඩා ඒ දෙන්නා අතරෙ තිබුනෙ සහෝදර බැඳීමක්..
න ර්සරි යන දවස් වල ඉදන් අද වෙන කං ඒ දෙ න්නගෙ යාළුකම බිඳක්වත් වෙනස් වෙලා නෑ… ඒකා සෙත් වෙුවෙන් ඕනි දෙයක් කරයි.. ඒකයි සෙත් බය නැතුව විහඟට කීවේ ඔයාව බලා ගන්න කියලා..
සීයා පප්පා කියවගෙන යනවා. මට තාමත් මේ හරස් පද ප්රහේලිකාව තේරෙන්නෙ නෑ. සෙත් මොකටද මාව බලා ගන්න කියලා විහඟට කිය න්නෙ එයාලගෙ යාළුකම මැදට මාව පැටළුනේ කොහොමද මට පිස්ස වගේ අප්පා.
එතකොට මම කවුද සීයා පප්පා එයලා ඇයි මේ වගේ සෙල්ලමක් කරන්න මාවම තෝරග ත්තෙ..සෙත් කොහොමද මාව දන්නෙ ඇයි එයා මාව විහඟට බලා ගන්න දුන්නෙ.. මට තේරෙන්නෙ නෑ දෙයියනේ..
අහන්නකො මැණික ඒ වෙලාවෙ වෙන කර න්න දෙයක් තිබුනෙ නෑ.. ඔයාගෙ ජිවිතේ ලො කු අනතුරක තිබුනෙ.. ඒකෙන් බේරගන්න නං ඔයාව නිවාසෙන් එලියට ගන්න වුනා..
ඉතිං ඔයාව මැරි කරන්නෙ නැතුව එහෙම එලි යට ගන්න විඳිහක් තිබුනෙ නෑ… සෙත් ලංකා වෙ හිටියෙත් නෑ.. එයා ආපහු එනකං බලා ගෙන් ඉන්න පුළුවන් කමක් තිබුනෙත් නෑ.. ඉතිං විහඟට සෙත් වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ..
අනික මේ හැමදේම හොයා ගත්තෙ විහඟ එයා සීඅයිඩී ඔෆිෂර් කෙනෙක්.. ඔයා තාමත් සේෆ්ටි නෑ.. ඒකයි විහඟට පර්සනලි ඔයාගෙ සිකියුරිටි එක භාරගන්න වුනේ.. සෙත් ආපහු එනකං… සීයා පප්පා හෙමින් කීවා.
ඉතිං මොකටද…? මොකක්ද මගෙ ජිවිතේට තිබුන අනතුර… නිවාසෙ දි මට කාගෙන්වත් කරදරයක් තිබුනෙ නෑනෙ… මට මේ කිසිම දෙයක් හිතා ගන්න බෑ දෙයියනේ.
නිවාසෙ අයගෙන් නෙවී පැංචියෙ ඔයාට අනතු රක් තිබුනෙ..
එහෙනං..කාගෙන් ද මම පිට අය දන්නෙනෑනේ
ඔව් ඔයා එයාව දන්නෙ නෑ ඒත් ඒ ඔයාව හොඳ ටම දන්න කෙනකේ..
මාව දන්න කෙනෙක්…
හ්ම්ම්.. ඒ ඔයාගෙම අප්පච්චි මැණික….
සීයා පප්පා එහෙම කිවම මට දැනුනෙ මගෙ ඔ ළුව උඩ අකුණු දාහක් පිපිරුණා වගේ හැඟීම ක් මගෙම අප්පච්චි ඇයි මට එහෙම කරන්නෙ.
එතකොට මෙයාලා මං ගැන හැමදේම දන්නව ද මම ගැන නොදන්න එකම කෙනා මමද.. මට මේ කිසි දෙයක් තේරෙන්නෙ නෑ. ඒත් එයාලට එහෙම නොකර ඉන්න තිබුනා.
මේක බොරුවක් මම අර දෙන්නා ගැන ගොයන එක නතර කරන්න සීයා පප්පා ගොතපු කතාව ක්. නෑ මෙහෙම දෙයක් වෙන්න බෑ. ඔළුව යකා ගෙ කම්මල වගේ. මට කිසිම දෙයක් හිත ගන්න බෑ.
මේ සෙත් එයා මට එච්චරම ආදරේ නං. මාව මේ තරම් අනතුරක ඉද්දි මාව වෙන කෙනෙකු ට බලා ගන්න දීලා ඔහොම හැංගිලා ඉන්න පුළුවන්ද..?
එතකොට විහඟ ඔව් එයා විහඟ. එයා මට අ ච්චරම නපුරු වුනේ. එයා මට ආදරේ කල හිබ න්දා ඒ ආදරේ හංග ගන්නද..
අර උන හැදිලා ඉන්න දවස්වල එයා කියපු කතාවල තේරුම මොකක්ද.. මට තේරෙන්නෙ නෑ දෙයියනේ.
ඇත්තටම ඇයි විහඟ ඔයා ඒ වගේ දෙයක් කලේ. ඔයාට එහෙම නොකර ඉන්න තිබුනා. මාව මේ තරම්ම අසරණ නොකර ඉන්න තිබුනා.
හමුවෙමු.
ටිකක් නෙවී හොඳටම අවුල් වගේ නේද ගනන් ගන්න එපා. ටිකක් ඉවසීමෙන් කියවලා බල න්නකො ඉතිං. හැමදාම වගේම අදත් ස්තූතියි කියවනවට මාව. දිග කමෙන්ට් එකක් දැම්මොත් රෑටත් කොටසක් දෙනවා