34 කොටස
මැණික මට ඔයාට අඩන්න එපා කියන්න බෑ.මොකද මන් කරේ සමාව දෙන්න පුලුවන් වරදක් නෙවෙයි …
එත් පුලුවන් නම් මාව දලායන්නේ නැතුව ඉන්නවද..ඈ මැණික මන් කවදාවත් අම්මා තාත්තාගේ ආදරේ උනුසුම විදපු කෙනෙක් නෙවෙයි ..මන් මේ ජිවත් උන අවුරුදු ගානට මන් සැනසීමේන් හරි සනීපෙට නිදාගත්තනම් නිදා ගත්තේ ඔයාගේ උනුහුමේ විතරයි ..
මන් පැයක් නෑ..ඊටත් වඩා අඩන්නැති..කොහොමද දෙවියනේ දරාගන්නේ.මන් රාගව් මැරයෙක් කියලා දැන් හිටියා එ..එත්.ජාත්‍යන්තර අපරාධකාරයෙක් කියලා .කොහොමද මන් එහෙම දෙයක් හිතන්නේවත්.මොන දේ කරන්නත් මේයා ගැන මන් හැමදේම දැන ගන්න ඕනි..ඔයා මට මේව හන්ගන්න ඇත්තේ මොකක් හරි හේතුවක් නිසා වෙන්නැති
ර..රන්…හරි මේ අහන්නකෝ
එතකොට කොහොමද ඔයා කැම්පස් එකට අවේ..ආ..ඊටත් කලින් මට කියන්න ඔයා මට කිව්වේ බොරු වයසක් නේද..ම්….
මට සමාවෙන්න මැණික ..මන් සමාව ඉල්ල සුදුසු කෙනෙක් නෙවෙයි ..එත් මන් ඔයාගේන් සමාව ඉල්ලනවා…
ඉන්නකෝ මන් ඔයාගේ ඔය හැම ප්‍රශ්නේකටම උත්තර දෙන්නම්..
මන් ඔයාට කිව්වානේ..අර මන් කෝස් එකකට ගියා කියලා..කොහොම හරි එක ඉවර වෙලා මන් අවුරුදු දෙක තුනක් ක්‍රිෂ් එක්ක වැඩ කරා..හැබැයිඑ ටික කාලේ ඇතුලත මට පුලුවන් උනා ඒ ෆීල්ඩ් එකේ කින් වෙන්න..එක හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි .මැණික කරන්න පුලුවන් හැම ජරා වැඩක්ම මන් දෙපාරක් නොහිතා කරා..මොකද මටත් එ කාලේ ඔනි වෙලා තිබ්බේ එ ෆීල්ඩ් එකේ උඩටම යන්න..
කොහොම හරි දවසක් මන් කෙනෙක් දුන්න කොන්ත්‍රාත් එකක් මාතලේට ගියා..එදා මට අයිම වතාවක් මට උදව් කරපු එ දෙවියෙක් වගේ මනුස්සයාව හම්බ උනා..
මන් එයා එක්ක මගේ හැම විස්තරයක්ම කිව්වා..එයා එදා මට හොදට බැන්න දොස් කිව්වා..ගැහුවොත් එක්ක..
මට දැනුත් මතකයි එ සර් කිව්ව කතාව..
” තෝව ස්කෝලෙක දාල මන් මගේම දරුවෙක් වගේ ඉගෙන්නුවේ.මේවාගේ කාලකණ්ණි රස්සාවක් කරන්නද යකෝ..උබට මන් මාසයක් දෙන්නම් මේ හැමදෙකින්ම අයින් වෙලා මන් ගාවට වරෙන් එහෙම නොවුනොත් උබට මන් කරන දේ බලා ගනින්..”
එ සිද්ධියෙන් පස්සේ මන් හැමදේකින්ම ටිකෙක් ටික අයින් උනා..එත් මන් වත්ත දාල අවේ නෑ..මොකද එහෙන් ආවොත් එ අහිසංක මිනිස්සුන්ගේ ජීවිත නිරපරාදේ නැති වෙලා යනවා..මම මන් කරපු හැම ජරා වැඩක්ම නවත්තලා දැම්මා .හැබැයි මන් හැටේවත්තේ රාගව් කියන චරිතේ මැරුවේ නෑ..අදටත් මිනිස්සු මගේ නම ඇහුවත් බය වෙන් ගානට මන් මගේ නම තියන් ඉන්නවා.එ මගේ ආර්ක්ෂාවට වගේම වත්තේ මිනිස්සු වෙනුවෙන් ….
කොහොම හරි මන් මාස තුනකින් විතර මගේ හැමදේම හරි ගස්සන් .අර සර්ව හම්බවෙන්න ගියා.එදා එ මනුස්සයා පුදුම විදිහට සතුටු උනා….
ඔහොම ටික කාලයක් මන් සර් කියන වැඩ වලට උදව් කරන් පාඩුවේ හිටියා…හරියටම දැනට මාස හය හතකට කලින් සර් මාව හම්බවෙලා මගෙන් උදව්වක් ඉල්ලුවා..
එ තමයි සර් පණ වගේ ආදරේ කරන සර්ගේ දුවව ගාඩ් කරන්න කියලා..එ මනුස්සයා මගෙන් ජිවිතේ පලවෙනි වතාවට ඉල්ලපු උදව්ව එක..මට ජිවිතේ දුන්න මනුස්සයට මන් උදව් නොකර කොහොමද ..ඉතිං මන් සර්ට පොරොන්දු උනා..මගේ පණ දීලා හරි සර්ගේ දුවව ආර්ක්ෂා කරනවා කියලා..
එ නිසයි මන් කැම්පස් එකට ආවේ.එකට එන්න ඕනි නිසයි මන් මගේ විස්තර ඔක්කෝම වෙනස් කරේ. මගේ නම බර්ත් ඩේ පවා මන් වෙනස් කරා මොකද කාටවත් සැක නොහිතෙන්න ඕනි නිසා.මන් මගේ නම උපන්දිනේ පවා බොරු දේවල් දීලා තියෙන්නේ .එහෙ තියෙන්නේ මගේ නම මන්දර දිර්වන් කියලා..එතකොට මගේ ඇත්තම වයස ..මේ මේ මැණික තරහ වෙන්න එපා..දහඅටක් නොවුනොත් ඉතිං ..මේ අහිසංක මල්ලී බබා ආදරේ කරන්නේ අක්කි බබෙක්ටම තමා….
ආ…එ..එතකොට ඔයාට වයස කියද.
ආ..කියනවා මට අක්කි බබා කියන්නේ.දැන් මල්ලී බබාට වයස කීයද..
ආව්..අව්..බන් ගහන්න එපා..ඉදහන් මන් කියන්නම්…මේ මන් ඔයාට වඩා සුට්ටයි පොඩි මට සද්දේ දාන් එන්න ලෑස්ති වෙන්න එපා.දෙන්නේ උඩින් යන්න ..ඇයි යකෝ අවුරුද්දයි බාල මන් මෙකිගේ සද්දේ බලහන්කෝ……
එ..එ..කියන්නේ .ඔයාට වයස…
ඔව් බන් ඔව් තාම කොල්ලට විසි හතයි..
රාගව් ඔයානම් මහා ……
හී දැන් එච්චරද මැණිකට මගෙන් අහන්න තියෙන්නේ ..ම්….
ආ අමතක උනානේ එතකොට එ සර්ගේ දුව කැම්පස් එකේ තාම ඉන්නවද..ඔයා තාමත් එයාව ගාඩ් කරනවද ..
ආ..ඔව් ඔව් මැණික ..පොරොන්දුවක් උනානම් එක එ විදිහට කරන්න එපැයි.අනික…
ඇයි කියන් ආපු එක නැවැත්තුවේ .කියනවා බලන්න කියන්න හදපු එක…
ආ..මේ.බෝනික්කියක් වගේ හුරතල් හොට් සුවිට් ලස්සන කෙල්ලෙක් ගාඩ් කරන්න කවුද අකැමැති ..මන් ඉතිං විසිහතර පැයෙන් විසි පැයක් විතරම ඉන්නේ ඉතිං ඒ බෝනික්කි එක්ක තමා..අම්මෝ ඉතිං එ මුණ දැක්කත් ඇති මටනම්….
ආව්ස් ……ආව්.ආව් ගැනියේ ගහන්න එපා බන් මට රිදෙනවා…
කියන ලස්සන විතරක් .එ කෙල්ල ගැන මන් එක්කම..යනවා යන්න .ගිහින් එ කෙල්ල එක්කම ඉන්නවා.මන් අස්සේ රිගන්නේ නැතුව ..
ඉතිං බන් උබ ඕක අලුතෙන් කියන්න ඕනි නෑ..මන් කොච්චරවත් ඉන්නේ එ කෙල්ල අස්සේ තමයි..වැඩිය එපා..මේ දැනුත් ඉන්නේ. එ සූවිට් හොට් කෙල්ල ගාව තමයි…
යනවා යන්න..බුරුවා..මීහරකා..ගොක්කොල නරියා…
සැක් බන් බලහ ඒ නම් වල කැත…
යනවා ඉතිං කිව්වහම රාගව් මගේ යකා අවුස්සගන්නේ නැතුව .
අනේ මන්දා බන් උබට කවුරු ඔය ලෙක්චර් පට්ටම දුන්නද කියලා..ටියුබ් ලයිට් කියලා හිතන් හිටියට මෙච්චර ටියුබ් ලයිට් කියලා මන් හිතුවේ නෑ….
අනේ මී හරකියේ මට ගාඩ් කරන්න කිව්වේ වෙන කවුරුත් නෙවෙයි ඔයාව….
මො..මොනවා….
මතුසම්බන්ධයි