34 වන කොටස
හෙදිය එතනින් පිටව ගියේ ඒ සමඟය.සෙහන්සා දිසෙන් ගේ හිස සෙමින් අතගාන්නට් වුවේ හිතට දැනුණු ආදරයෙනි
දිසෙන් දෙනෙත් හැරියේ ඒ සමඟිනි…ඔහු පුදුමයෙන් දෙනෙත් හැර වටපිට බැලුවේ ඒ ඇසිල්ලේය…
ඈය සිනහාවෙවි ඔහු දෙස බලද්දී ඔහු ඈ දෙස බලාසිටියේ කිසිඳු හැඟීමක් නොමැති අයුරිනි..
සෙහන්සාගේ සිතේ සැකයක් ඇතිවූයේ ඔපරේශන් එකත් සමඟ දිසෙන්ගේ මතකය නැතිවුනේදැයි යනුවෙනි.
“දිෂ්…. ඔයාට දැන් කොහොමද?…”
ඇය එසේ කතා කරත් ඔහු සිටියේ නෑසුණු පරිද්දෙන් ලොකු කල්පනාවකය….
ඇය එවර ඔහුගේ හිස අතගාන්නට වූවාය..ඔහු එවර ඇය දෙස බැලුවේ පුදුමයෙන් මෙනි..
“දිෂ් ඔයාට මොකක්ද උනේ ?..දැන් කොහොමද?..”
“හොඳයි…”
ඔහු කතා කතා කළේ එපමණය..නැවත දෑස් පියා ගත්තේ ඇය බිය පත් කරමිනි…
සිහිය ආවත් ඔහුට නැවතත් කරදරයක් වුණේ ද යනුවෙන් ඇය කල්පනා කරන්නට වූවේ බියෙනි..
සෙහන්සා ඔහු දෙස විපරමින් බැලුවාය..ඔහුට නැවත සිහි විසඥ වී ඇති බව තේරුම් ගත් ඇය කඩිනමින් වෛද්‍යවරයා සිටින කුටිය සොයා ගියාය…
ඒ මොහොතේ වෛද්‍යවරයා කුටියේ නොසිටි අතර පෙනෙන්නට සිටියේ හෙදිය පමණකි ..
හෙදිය සෙහන්සා දෙස බැලුවේ ඇයමේ හදිසියේ මෙහි පැමිණියේ ඇයි දැයි යන්න සිතාගත නොහැකිව පුදුමයෙන් මෙනි..
“මිස්..අනේ පොඩ්ඩක් එන්නකෝ ….”
“ඇයි මොකද්ද උනේ ?..”
“දිසෙන්ට සිහිය ආවා..ඒත් ඒ එක්කම ආයේ සිහිය නැති වුණා …මාව අඳුරගත්තේ වත් නෑ ..එයාගෙ මෙමරි එක ලොස්ට් වේලාවත්ද ?”
“ඒකනම් හරියටම කියන්න බෑ …ඒත් එයාගේ සිහිය ඇවිත් ආයේ නැතිවෙච්ච එක නම් සාමාන්‍යයයි..මොකද එයාට ඩොක්ට දීලා තියෙන බෙහෙත් වලට එහෙම වෙනවා …එහාට මේ වෙලාවේ බෙඩ් රෙස්ට් එක ඕනේ…ඒක නිසා කලබල වෙන්න එපා …හෙට වෙනකම්ම එයාට සිහිය තියෙන එකක් නෑ..”
හෙදියගේ වදන්වලට සෙහන්සාගේ බිය තුනී විය..ඇය නැවත දිසෙන් නැවතී සිටි රෝහල් කුටියට පිවිසුණි..සෙහන්සා නිසොල්මනේ රෝහල් සයනයේ වැතිරී සිටින දිසෙන් දෙස නෙත් නොපියා බලා සිටියාය ..
අත පයේ ඇති බැන්ඩේජ් ඔහුට ගෙන ආවේ අසරණ පෙනුමක් බව ඈ සිතුවාය.ඔහුට මේ සියල්ලම සිදුවූයේ තමා නිසා යැයි සිතූ සෙහන්සාගේ පපුවට දැනුණේ ලොකු වේදනාවකි …
ඇය රිදුනු සිත අමාරුවෙන් වත්තම් කරගත්තත් ඇගේ දෑස් කඳුළින් පිරී තිබුණි ..
නිහඬව නිදා සිටිනා ඔහු දෙස බලද්දී ඇයට සිහිපත් වූයේ ඔහුගේ ආඩම්බර කමත්
ලෙන්ගතු සිප වැළඳ ගැනීමත් ය.
යලි කවදා ඒ ආදරේ විදගැනීමට ලැබේදැයි සිහිපත් කරමින් සෙහන්සා අඩන්නට වූවාය …ඒ ආදරය නොමැතිව මුළු ජීවිතයම පාළුවට ගොස් ඇති බව සිතමින් ඈ ඔහුගේ හිස අත ගාන්නට වූවාය..
“තව කන්න …ඔය කෑවා හොඳටම මදි ….”
සෙහන්සා දිසෙන්ට පෙරැත්ත කරමින් කෑම කවන්නට වූයේ මේ දිනකිහිපයට ඔහු දුර්වල වී ඇති බව සිතමිනි.
“හම්මෝ දැන්නම් බඩ හොඳටම පිරිලා …මට ඇති ශේෂා..”
රෝහල් සයනයේ ඇඳ විට්ටමට හේත්තු වී දිසෙන් කෑම කන්නට වූයේ යටි හිතින් සෙහන්සාට තුති කරමිනි ..පහුගිය දින කීපයේම උදේ දවල් වරින්වර ඇවිත් තමා ගේ දුක සැප බලා කෑම කවා යන ,විටෙක තමා කැමැති ආහාර ගෙනවිත් දී යන ඇය තමාට මොනතරම් ආදරේ දැයි දිසෙන් කල්පනා කරන්නට වූයේ ය .
පෞද්ගලික රෝහලක නවත්වා තනියට ලඟ උපස්ථායකයෙකු තබා ,එයිනුදු නොනැවතී දිනපතා පැමිණි උවටැන් කරන ඇයට තමා කෙතරම් ණයගැති දැයි දිසෙන්ට සිතුනි ..
එහෙත් වරින් වර ඔහුගේ සිතේ සැකයක් ඇතිවන්නේ එක්වරක්වත් ඇයගේ පියා රෙජිනෝල්ඩ් තමා බලන්නට නො පැමිණීමයි .
“ශේෂා තාත්තා මොකද මා එක්ක තරහ වෙලාද?.”
දිසෙන්ගේ වදනට සෙහන්සා තිගැස්සී ගියාය ..දිසෙන්ට දැන් කියන්නේ කුමක් දැයි ඔහු කල්පනා කරන්නට වූයේ ය .තවමත් රෝගීව සිටින ඔහුට මේ ගැන කියනවාද නැද්ද ඇය කල්පනා කරන්නට වූවාය ..
තමා ගේ පැණයට ඇය බියපත් වූ අයුරු ඔහු දුටුවේ ය ..මෙතන කුමක් හෝ තමාට නොකියන රහසක් ඇති බව දිසෙන් ට වැටහුනි…
“ඔයා මොනවද මගෙන් හංගන්නේ ශේෂා…මට ඇත්ත කියන්න …”
ඔහුට තවත් මේ දේවල් සැඟවීමෙන් පලක් නැති බව සෙහන්සා ට සිතුණි…කොහොමත් සෙහංසා යනු සිතේ තිබෙන දේ සිරකර ගෙන සිටීමට පුරුදු තැනැත්තියක් නොව ඉතාමත් විවෘත චරිතයකි …ඇය මේ දේවල් දිසෙන්ට කීමට තීරණය කළාය ..
“ඔයාඇක්සිඩන්ට් උන වෙලාවේ කලුබෝවිල හොස්පිට්ල් එකේ ඇඩ්මිට් කරල තිබුනේ ..මමයි තාත්තයි ඔයාව බලන්න හොස්පිට්ල් එකට ගියා ..අපි අයි.සී.යූ එකෙන් ඔයාව ඇහුවම ඔයා නැති වෙලා කියලා කිව්වා…”
සෙහන්සා කියන දේවල් ඔහු අසාගෙන සිටියේ පුදුමයෙන් දෑස් විසල් කරගෙනය ..
“මොනවා ඉතිං ?..”
“මම ඒ වෙලාවේ ගොඩක් කන්ෆියුස් වුණා ….මම මොකක්ද කරන්නේ කියලා මට හිතාගන්න බැරි වුනා …මම හොඳටම ඇඬුවා …තාත්තා සැකකරා අපි දෙන්නා අතර සම්බන්ධයක් තියෙනවා කියලා …මම ඒක පිළිගත්තා .. “
“සෙහන්සා ඔයා මොනවද මේ කරේ ..?මේක මේ දේවල් එයාල දැනගන්න ඕනේ කාලේ නෙවෙයි ..දැන් ඉතින් සේරම ඉවරයි …”
දෙබැමි හකුළුවාගෙන ඔහු එසේ කීවේ ඇයව තිගැස්සමිනි..තමා ඒ වෙලාවේ මුහුණ දුන් අත්දැකීම ඔහුට වටහා ගත නොහැක …ඔහු ම//රණයට පත්වූයේ යැයි සිතා තමා දුක් වූ අන්දම ඔහු දන්නේ නැත …පළමු වතාවට දිසෙන් තමාට ආදරේ නැතැයි ඇයට සිතුණි ..ඇයගේ දෑසට කඳුළු ඉනුවේ ඒ සමගය .
දිසෙන් පුදුමයෙන් ඇය දෙස බලා සිටියේ සෙහන්සා මෙසේ නිතර අඬන කෙනෙක් නොවන නිසා ය ..ඇය අහිංසක තරුණියක් නොව දඩබ්බර මුරණ්ඩු යුවතියකි ..
තමා මි//ය ගොස් ඇති බව පවසද්දී ඇය කුමන තත්වයකට පත් වූයේ දැයි නොදැන මෙසේ බැණවැදීම සාධාරණ නොවන බව ඔහුට සිතුණි..ඇය තමාට අසීමිතව ආදරය කරන්නීය.ඒ මොහොතේ දී ඇයගේ පියවි සිහිය තුරන් වන්නට ඇතැයි ඔහුට සිතුනි …
“ඔයා ඔහොම කතා කරන එක වැරදියි ..ඔයා දන්නෙ නෑ ඒ වෙලාවෙ මගේ සිටුවේශන් එක …ඔයා නැතිවුණා කිව්වම මම අවුට් ඔෆ් කන්ට්‍රෝල් වුනා..”
“ඔයා ඒ දේ කිව්වම මම කන්ෆියුස් වුණා …ඒකයි එහෙම ඇහුවේ …දැන් මොනවද තාත්තාලා කියන්නේ?…”
“තාත්තා මේක අම්මටත් කියලා..ඒ දෙන්නා මට බඳින්න වෙන කෙනෙක් ලෑස්ති කරනවා …මම කිව්වා මම බදිනවනම් බඳින්නේ ඔයා විතරයි කියලා .එයාලා මට හොස්පිට්ල් එකට එන්න දෙන්නෙත් නෑ..මම මේ බලෙන් එන්නේ…”
එසේ නම් තත්වය සිතුවාට වඩා බරපතලය ..සෙහන්සාගේ ධනවත් සමාජය හා ඇගේ දෙමාපියන්ගේ තරාතිරම් අනුව තමා කෙසේ ගැටෙන්නෙ ද ?..තමා තවමත් ඔවුන්ගේ සේවකයෙකි …තමා කෙසේ අය වෙනුවෙන් සටන් කරන්න ද ඔහු එසේ සිතුවේය…
දැන් සිදු කළ හැකි එකම දේ ඇයව අමතක කර ඇයගේ ලෝකයෙන් නික්ම යාම පමණක් යයි දිසෙන් සිතුවේය ..තමා නිසා ඇයට දුක් විඳීමට ඉඩ දිය නොහැක ..ඇයට දුක් විඳ පුරුදු කෙනෙක් නොවේ …
තමා හරිහමන් රැකියාවක් නැති දුප්පතෙකි …තමා සමඟ ජීවත් වූව හොත් කිසිදා දුක් විඳ පුරුදු නැති ඇයටත් දුක් විඳීමට සිදු වෙනු ඇත…ඔහු එසේ සිතුවේය…
එහෙත් ඇගේ දෑස් දෙස බලාගෙන ඒවා කීමට ඔහුට නොහැකි බව ඔහු දන්නා නිසා ඔහු කතා කරන්නට වූයේ බිම බලාගෙනය ..
“ශේෂා ,ඔයාලගේ අම්මලා කියන දේවල් ඇත්ත …ඔයාලගේ අම්මා එයාට හොයන්නේ මං වගේ හිඟන්නෙක් නෙමෙයි…හොඳ සමාජ තත්ත්වයක් තියන හොඳ සල්ලි කාරයෙක්ව…මම මුල ඉඳන් කිව්ව මේ දේවල් වෙන දේවල් නෙමෙයි කියලා ….ඔයා අමාරුවෙන් හරි මාව අමතක කරලා ගෙදරින් කියන කෙනාව බඳින්න .ඔයාට මාව බැඳලා දුක් විඳින්න බෑ …..මේ දේවල් මෙතනින් නවත්තමු …මට මේහෙට ගෙවන්න සල්ලි නෑ …මෙච්චර දවස් මම වැඩ කරපු සල්ලි වලට කපාගෙන මේ බිල ගෙවන්න …මාව පුළුවන් නම් කළුබෝවිල හොස්පිට්ල් එකට ඇඩ්මිට් කරන්න “
දිසෙන් කෙදිනකවත් මෙසේ පවසනු ඇතැයි නොසිතූ සෙහන්සාගේ දෑස් විසල් වූයේ පුදුමයට ය …..
තමා ජීවිතයම පුද දීමට තරම් ආදරය කළේ ප්‍රශ්නයකදී මේ ලෙසින් තමා දමා පැන යාමට සූදානම් වෙන කිසිම පෞරුෂත්වයක් නැති පුද්ගලයෙකුට දැයි සෙහන්සා කල්පනා කරන්නට වූවාය ..
තමා මේලෙස එක සිතින් සිටියදී ඔහු මෙසේ වැනෙන්නේ තමාට ආදරය නැති නිසාදැයි සෙහන්සා කල්පනා කරන්නට වූයේ දුකෙනි ..
ආදරය මේ තරම් වේදනාකාරී දැයි සිතා ඈ ලොකු සුසුමක් පිට කළාය …ඇයට දැනුණේ කිසිවකු තමාගේ හදවත කොනිති ගසන්නාක් මෙනි…
හිතට දැනුනු වේදනාව ඉවසා දරාගත නොහැකිව ඇය ඇඳ විට්ටමට හේත්තු වී ඉකිගසා ගසා හඬන්නට වූවාය ..
කිසි දිනෙක මේ ලෙසින් හඬා වැළපෙනවා දැක නැති ඇය මෙසේ අඬද්දි දිසෙන්ගේ පපුව රිදෙන්න ට වූයේ ඇගේ මේ කඳුළු වලට හේතුව තමා නිසාය…
ඇයව තමා විවාහ කර ගත්තොත් ඇයට සිදු වෙන්නේ මියෙනතුරා හැඬීමටය..තමා නිසා ඇයට අහිමි වෙන සමාජ තත්ත්වය ,භෞතික සැප පහසුකම් නිසා දිනක ඇය පසු තැවෙනු ඇත..
මෙසේ දිනක්,දෙකක් සති ගානක් වැඩිම වුවහොත් මාසයක් හැඩීමෙන් ඇයගේ දුක වේදනාව තුරන් වෙනු ඇත …සදාකාලික දුකට වඩා තාවකාලික දුක යහපත් යැයි දිසෙන්ට සිතුණි.
“එදා වගේම අදත් ඔයාට කියන්න තියෙන්නේ වෙන හැම දෙයක්ම මම බලාගන්නම් කියලා විතරයි..අපේ ගෙදර අය කැමති කරගන්න වැඩේ මම බලාගන්නම්..ඔයා මේ හිටියා වගේ හැමදාම මා එක්ක ඉන්න දිෂ්…”
“මට බෑ ශේෂා….එෆෙයාර් කියන දේවල් ඇති වෙනවා නැති වෙනවා..කාලයක් යද්දි ඔයාට මාව අමතක වෙයි…ඒත් අම්මා තාත්තා කියන්නේ එහෙම අමතක කරන්න පුළුවන් අය නෙවෙයි…මම ඔයාගේ නිකම්ම නිකම් bodyguard…මම කොහොමද ඔයාගේ ගෙදර අය එක්ක සටන් කරන්නේ ?..”
“දිසෙන් පිරිමියෙක් උනාම කොන්ද පණ තියෙන්න ඕනේ….හරි පිරිමියෙක් ප්‍රශ්නයක් උනාම පැනලා යන්නේ නෑ…මට ඔයාගේ දුප්පත්කම ප්‍රශ්නයක් නෙමේ ඒත් කොන්ද පණ නැතිකම ප්‍රශ්නයක්..”
“එහෙනම් ඔයා මාව අමතක කරලා කොන්ද පණ තියන කෙනෙක් හොයාගන්න… “
සෙහන්සා දෑස් විසල් කරමින් ඔහු දෙස බැලුවේ ඇය කිසි දිනෙකවත් ඔහු මේ ලෙසින් කථා කරනු ඇතැයි නොසිතූ නිසාවෙනි….
හමුවෙමු මීළඟ කොටසෙන්