ආදරණීයම ඔයා….23

කෝ පුතේ සෝන්‍ය…. රන්දුණු අංකල් නිවසට ඇතුළු වූයේ එසේ අසාගෙනය.

රූම් එකේ ඉන්නවා අංකල් මම එන්න කියන් නම්…වාඩිවෙන්න අංකල් වේලාසනම ඇවිත්..

ඔව් දරුවො..හදිසි වැඩක් යෙදුනා..ඒත් මේ වැඩේ ඉවර කරලා ඉන්න ඕනි නිසා ආවා..

ඔහු හිද ගත්තේ එසේ කියමිනි.

මම සෝන්‍යට එන්න කියන්නම් අංකල්..

එසේ කියමින් ඔහුගෙන් සමුගත් මම කෙලින්ම ගියේ මුළුගැන් ගෙටය.

මුතු අම්මා..රන්දුණු අංකල් ඇවිත්… බොන්න මොනා හරි හදන්න….

හා චූටි නෝනා…

එතැනින් මම සෝන්‍ය සොයාගෙන ගියෙමි. මා එහි යද්දි සෝන්‍ය උන්නේ යහනට වී කල්පනා කරමිනි.

සෝනු….. මම ඔහුට කතා කලෙමි.

මාව නිදි කරවලා කොහෙද පැනලා දිව්වෙ…

අන්න රන්දුනු අංකල් ඇවිත්…

ඔහුගේ පැනයට පිලිතුරු නොදී මම කීවෙමි.

මොනවා දැන්මම..

ඔහු යහනින් නැඟිට ගත්තේ එසේ අසාගෙ නය.

හදිසි වැඩකට යන්න වෙලාලු ඉක්මනට ඕක ඉවර වෙන එකත් හොඳයි දෙගිඩියාවෙන් ඉන් නවට වඩා යන්න ගිහින් අංකල් එක්ක කතා කරන්න…

තාදී.. සෝන්‍ය යහනින් නැඟිට ගත්තේ ය.

ඇයි සෝනු…

මන්දා මට තේරෙන්නෙ නෑ..

ප්ලීස් සෝනු ඔයා ප්‍රොමිස් වුනා අංකල් කියන ඕනිම දෙයක් අහගෙන ඉන්න.. එන්න ඉතිං…

මම ඔහුව කාමරයෙන් පිටතට කැඳවාගෙන ආවෙමි.

කෝ සමරෙ…? රනුදුනු අංකල් ඇසුවේ මගෙනි.

මං කතා කරන්නං අංකල්…

මා කීවේ සෝන්‍ය පියා මුණ ගැසෙන්නට යවන් නට මට බිය දැනුන නිසාය.

ඔයා ඉන්න තාදී..මං මුතු අම්මට කියන්නං..

එපා සෝනු..මම පණිවිඩේ කියලා එන්නම්…

ඔහුට කිසිවක් කියන්නට ඉඩ නොදී මම එත නින් පිටවී සෝන්‍ය ගේ පියාත් ඔහුගේ බිරිදත් උන් කාමරය දෙසට ගියෙමි.

මොකද මේ ළමයා මේ පැත්තෙ…

මා දුටු හැටියේම සෝන්‍ය ගේ පියා ඇසුවේය.

රන්දුණු අංකල් ඇවිත් ඩැඩීට කතා කරනවා..

රන්දුනු මේ වෙලාවෙ..?

දන්නෙ නෑ ඩැඩීට එන්න කියන්න කීවා… කියමින් මම එතැනින් පිටවුයේ අනුන්ගේ ප්‍රශ් න වලට මැදි වන්නට මට උවමනාවක් නොති බුනි නිසාය.

හ්ම්ම් දැන් හැමෝම ඇවිත්නෙ ඉන්නෙඑහෙ නං අපි ඉක්මනින් ආපු කාරනේට බහිමු මො කද මට තව හදිස්සි වැඩක් තියනවා..

රන්දුනු අංකල් කතාව ඇරුඹුවේ එහෙමය.

මොනා ද රන්දුණු මේ හදිස්සියෙන් කියන්න තියෙන්නෙ…

අද සෝන්‍ය ගෙ විසි අට වෙනි බර් ත් ඩේ එක.. රනුදුනු අංකල් කීවේය.

ආ..ඇත්තද..

සෝන්‍ය ගේ පියා ඇසුවේ ඕනිවාට එපාවටය. මම සොන්‍ය ගේ සුරත අල්ලා ගත්තේ දෙවරක් නොසිතාමය. පියෙක්ට සිය දරුවා ගැන එතරම් දුරින් සිතිය හැකිද.

ඔව්.. මම මේ ආවේ දීපිකාගෙ ලාස්ට් විල් එක ගැන කියන්න එයා කියලා තියන විඳිහට අද තමා ඒක ඔයාලට දන්වන්න කියලා තියෙන් නෙ..

දීපිකාගෙ ලාස්ට් විස් එක එහෙම එකක් මං දැ න ගෙන හිටියෙ නෑනෙ කවද්ද එයා ලාස්ට් විල් එකක් හදලා තියෙන්නෙ…

ඩැඩී ඇසුවේ කලබලයෙනි.

කවදා හැදුවද දන්නෙ නෑ මොකද ඒක හදලා ති යෙන්නෙ මම නෙවී කවුද කියලා මං තාම දන් නෙත් නෑ..

මට ඒක ආවේ රෙජිස්ටර් පෝස්ට් එකේ මේ තියෙන්නෙ ඒක ආව රෙසිජිස්ටර් කවරෙ මේක තිබුනේ ඒක ඇතුලෙ මේ දවසට කලින් ඕපන් කරන්න එපා කියලා ඒකෙ පිට පැත්තෙ ලියලා තිබුන නිසා..මම එදා වෙන නං මේක තියා ගෙ න හිටියා….

රන්දුනු අංකල් හිස් ලියුම් කවරයකුත් අම්මා ගේ අන්තිම කැමති පත්‍රය බහා තිබූ ලියුම් කවරයත් අපට පෙන්නුවේය. එය තිබුනේ මුද්‍රා තබාය.

එහෙනං..ඔන්න මම දැන් මේක කඩනවා….

එසේ කියමින් ඔහු ලියුම් කවරයේ මුද්‍රාව කඩා දැම්මේය. ඒ තුල වෙන වෙනම ලියුම් කවර තු නක් විය එකක් රන්දුණු අංකල්ටය අනික ඩැඩී ටය. අනෙක් එක සෝන්‍ය ටය.

ඔයාලම කියවලා බලන්නකො මොනවද කිය ලා තියෙන්නෙ කියලා..නොතේරෙන දෙයක් තිබුනොත් අහන්න.. මං බලන්නං..කවුද මේක හැදුවෙ කියලා…

නෑ..මේක වෙන්න බෑ..මේක බොරුවක් දීපිකා මෙහෙම එකක් කවදාවත් හදන්නෙ නෑ…

එය කියවා බැලූ ඩැඩී මහා හඬින් කෑ ගැසු වේය.

සෝන්‍ය තවමත් උන්නේ මුද්‍රා තැබූ ලිපි කවරය අතේ තබාගෙන බැවින් එහි මොනවා තිබුනා දැයි මම දැන සිටියේ නැතත් ඩැඩිගේ කලබල යෙන් එය ඔහුට අවාසි සහගත විය හැකි බව නම් පැහැදිලි විය.

කලබල වෙලා වැඩක් නැ සමරේ… මේක හදලා තියෙන්නෙ..ඇඩ්වකේට් නන්දිත විජේසූරිය.. සාක්ෂියට අත්සන් කරලා තියෙන්නෙ එයාගෙ ඇසිස්ටන්ලා දෙන්නා…

මේ දීපිකාගෙ සිග්නේචර්.. එක.. ඔයාට ඕක සුවර් නෑ නං ඇඩ්වකේට් විජේසූරිය මීට්වෙන්න

මොකද ඕකේ තෘෘ කොපි එකක් එයා ලඟ තියනවා…

රන්දුණු අංකල් කියවාගෙන ගියේ සන්සුන් හඬකිනි.

රන්දුණු ත මු සෙ මොනා කීවත් මං මේක විශ් වාස කරන්නෙ ඔය නන්දිතයා තමා දීපිකාගෙ හොර මනමාලය ඒකා කියන දේවල් මං සත පහකට විශ්වා කරන්නෙ නෑ..

සමරෙ ඒක ඔයාගෙ..කැමැත්ත..ඔයා ඕනි නං මේකට විරුද්ධව කේස් එකක් ෆයිල් කරන්න… එතකොට ඇත්ත නැත්ත දැන ගන්න පුළුවන්…

මුං ඔක්කොම මාව රැවැට්ටුවා ළමයෙක් එක්ක ගෑ ණියෙක්ව මගෙ ඇගේ ගහලා අන්තිමට ම ට හැමදේම නැති කලා.මං මේක ලේසියෙන් අතාරින්නෙ නෑ….

ඩැඩී මහා හඬින් කෑ ගැසුවේ නිවස දෙදරා ය න ලෙසිනි. සෝන්‍ය උන්නේ වෙව්ලමිනි. මම ඔ හුව නවතාගෙන උන්නේ මහත් වෑයමකිනි. නැ තිනම් මේ වෙද්දීත් ඔහු සිය පියට කුමක් කර ඇද්දැයි මට සිතා ගන්නට බැරිය.

මාව අතාරිනවා තාදී..අන්න අර ක ගෙ බෙල්ල මිරිකලා තමා මං අද නතර වෙන්නෙ…

සෝන්‍ය කීවේ මගෙන් මිඳෙන්නට උත්සහ කර නා ගමන්ය.

ප්ලීස් සෝනු ඔයා ප්‍රොමින් වුනා තරහා ගන්නෙ නෑ කියලා අනේ මං ගැන හිතලා තරහා ගන් නෙ නැතුව ඉන්නකො…

මම ඔහුට ඇවටිලි කලෙමි.

ඔය ඉන්නෙ මගෙ ඩැඩී නෙවී නං…

සෝන්‍ය දත් කූරු කෑවේය.

මං උ ඹේ ඩැඩී නෙවී තමා කරන්න පුළුවන් දෙ යක් කරපං උ ඹේ අර අම්මා කියන එකී මාව රවට්ටලා…

සෝන්‍ය ගේ පියා නැවතත් කෑ ගැසුවේය.

තාදී…. මං අදනං මේකව ම ර න වා…..

සෝනු ප්ලීස්..අනේ කියන දේ අහන්නකො මම සෝන්‍යවත් ඇදගෙන එතනින් මෑත්ව කාමර ය ට ගියෙමි.

දේපල හා මිල මිදල් නිසා මිනිසුන්ට තම බැඳීම් බිඳදමා ගත හැකිද පියෙකුට සිය පීතෘත්වය අ මතක කල හැකිද…

සෝන්‍ය ගේ කෝපය කිසිසේත්ම අසාධාරන නැත. එහෙත් එයින් මහා විනාශයක් වන්නට ඉඩ දිය නොහැක.

මං කොහොමද..තාදී ඉවසන්නෙ අර මි නි හා

අර මි නි හා… සෝන්‍ය වෙව්ලයි.

කියන දේ අහන්නකො.ඉතිං ඔයත් එයාගෙ ගා නට පිස්සු නටන්න තියා ගත්තාම හරියනවද…

මං ඒ මි නි හගෙ දරුවා නෙවීලු මගෙ අම්මා… වේ…ගෑ ණි යෙකුලු මං කොහොම මේවා අහ ගෙන සද්ධ නැතුව ඉන්නෙ තාදී…

අමාරුයි තමා සෝනු..ඒත් දෙයියනේ මේ වෙලා වෙ ඔයා කලබලා බෑනේ…අපි තාම ඕකේ තියෙ න්නෙ මොනවද කියලවත් දන්නෙ නෑ… ටිකක් රිලැස් වෙලා ඉන්න සෝනු හැමදේම හරියයි… දෙන්නකො මොනාද ඕකෙ තියෙන්නෙ කියලා බලන්න…

එසේ කියමින් මම සෝන්‍ය ගේ සුරතේ වූ ලියුම් කවරය හැර බලන්නට විමි. එහි තිබූ ආකාර යට ඔහුගේ මවගේ අන්තිම කැමත්තට අනුව ඇගේ සියළු දේපල වල අයිතිය සම්පූර් ණයෙ න්ම පවරා තිබුනේ සෝන්‍ය ගේ නමටය.

ඔහුගේ පියාට කිසිවක්ම හිමි වී තිබුනේ නැත. ඉතින් ඔහු කෝප ගන්නට ඇත්තේ ඒ නිසාය.

ඩැඩී කෑ ගහන්නෙ තරහට වෙන්න ඇති සෝනු

මොන දේ උනත් අම්මි එයාට මෙහෙ සලකයි කියලා එයා හිතන්න නැතුව ඇත….

මම කීවේ සන්සුන් හඬකිනි.

ඔයත් කලබල වෙලා මෙතන රණ්ඩු කරන්න ගියොත් රන්දුනු අංකල් උනත් මොනා හිතයි ද.

කෑ ගහනවා ඇරෙන්න එයාට වෙන කරන්න දෙයක් නෑනේ සෝනු..ඒ හින්දා දැන් රිලැක්ස් වෙන්න….

අඩුම තරමින් දැන එක ප්‍රශ්නයක්වත් ඉවරනෙ

මම කියවාගෙන ගියෙමි. සෝන්‍ය මද වේලාව ක් ඔහේ නිහඬව බලා සිටියේය.

ඔහු වේගයෙන් ආශ්වාස කරනු මට ඇසිනි. ඔ හු උත්සහ කරමින් සිටියේ ඒ කෝපය නවතා ගන්නටය.

එනිසාම මම නිහඩවම බලා සිටියෙමි. මද වේ ලාවකට පසු ඔහු කාමරයේ ස්ටූලය මත වූ වතු ර වීඳුරුව එක් හුස්මට බීගෙන ගියේය.

තාදී…..
ඉන්පසු ඔහු කතා කලේ සන්සුන් හඬකිනි.

සෝනු….

අර මි නි හා කියන්නෙ ඇත්තම නං මම ඒ මි නි හ ගෙ දරුවා නෙවී නං.. මට මට….

සෝන්‍ය යමක් කියන්නට සැරසුනේය.

සෝනු… ඔයා කොහොමත් එයා ඔයාගෙ ඩැඩී වුන එක ගැන තරහින්නෙ ඉන්නෙ..ඉතිං එහෙ ම කෙනෙක් ඔයාගෙ ඩැඩී වුනේ නෑ කියලා හි ත හදා ගන්න…

ඔයා කොහොම ද තාදී.. ඔහොම හිතන්න පුරුදු වුනේ… ඇත්තමයි ඔයා හිටියෙ නැත්තං මට මොනා වෙයි ද කියලා මංම දන්නෙ නෑ…

එවර ඔහු කීවේ සන්සුන් හඩකිනි.

යමු සෝන්‍ය..රන්දුනු අංකල් බලයි…මොනවද වුනේ කියලා…එයාට හදිසි ගමනක් යන්නත් තියනවා කීවා.

ඩැඩීට ඕනි දෙයක් කියන්න දෙන්න..කෑ ගහන වට වඩා දෙයක් එයාට කරන්න බෑ..කියලා එයා ඉක්මනටම තේරුං ගනී..

මා කීවේ සැනසුම් සුසුමක් හෙලමිනි.

සියල්ල සතුටින් අවසන් වේවී යැයි මම විශ්වා ස කලෙමි. ඒ සෝන්‍යගේ පියා සිය බිරිඳත් සම ග නැවත විදෙස් ගතවූ නිසාය.

සෝන්‍යගෙ මව බුද්ධිමත්ව කටයුතු කර තිබූ නිසාවෙන් මෙතරම් පහසුවෙන් සිය ල්ල විසඳා ගන්නට හැකිවිය.

නැතිනම් සෝන්‍යත් ඔහුගේ පියාත් අතර ඇතිව න ගැටුම කිසිසේත්ම යහපත් එකක් නොව න්නට තිබිනි.

පියාගේ හැසිරීම අනුව සෝන්‍ය ඔහුට දක්වන ප්‍රතිචාර ගැන මට වරදක් කියන්නට බැරිය. කුඩා වියේ පටන් පියා ඔහුට සැලකූ අකාරය අනුව එවන් නිර්දය නොසලකා හැරීම් ඔහු වෙතින් බලාපොරොත්තු විය යුතුය.

එහෙත් මට ඇවැසි වූයේ ඔවුන් දෙදෙනා අතර ගැටුමක් ඇතිවීම වලකා ගන්නටය. කුමන හේතුවක් නිසාවත් පිය පුතුන් අතර ගැටුමක් සුන්දර නැත.

එයින් සෝන්‍ය මෙතෙක් ගොඩ නඟාගෙන තිබූ සියළු ප්‍රතිරූපයන් බිඳ වැටෙන්නට තිබිනි. එය නැවත නඟා සිටුවීම පහසු නැත.

සෝන්‍ය උන්නේ මහත් සතුටිනි. එනිසාම මටත් සතුටක් දැනිනි. ඒත් නොතේරෙන කනස්සල්ල ක් ඔහු ව පෙලෙන බව මට දැනිනි. එය හාරා අවුස්සා ඒ සිතේ සතුටට බාද කරන්නට මට උවමනා නොවීය.

ඔයාට පින් තාදී ඔයා නිසා තමා මම අද සතුටි න් ඉන්නෙ…

මා තුරුළු කරගෙන සෝන්‍ය කීවේ ආදරය පිරු ණු හඬකිනි.සිතට දැනු​නෙ සතුටකි. ඔහු තර හින් වේදනාවෙන් හිදිනවාට මගේ මනාපයක් නැත.

ඔයා සතුටින් ඉන්න එක තමා සෝනු මගෙත් සතුට.. මං ආස නෑ ඔයා තරහින් දුකින් ඉන්න වට…

මා කීවේ සැනසුම් සුසුමක් හෙලමිනි.

මම එහෙමට සතුටින් හිටපු එකෙක් නෙවී තාදී ඔයා ආවට පස්සෙ තමා මං සතුටින් ඉන්නෙ..

ඔහු කීවේ වේදනා බර හඬකිනි.

අම්මාගේ තාත්තාගේත් ගැටුම් අතර ගෙවුන ලමා වියත් මව අහිමිව ගෙවුන හුදකලා යොවු න් වියත් ඔහුට සුන්දර එකක් නොවන්නට ඇත

ඒ වේදනාව මට වටහා ගන්නට හැකිය.

දැන් ඒවා හිතන්න එපා සෝනු ආයිම අපිට දුකි න් ඉන්න වෙන්නෙ නෑ ඔයාට දුක හිතෙන මො නාත් මම කරන්නෙ නෑ….

ඒක මං දන්නවා තාදී මොන විඳිහකින් හරි ඔ යාව මටම ලැබුන එක මොනතරම් දෙයක් ද..

ඔහු කීවේ සැනසීමෙනි.

සෝනු…

මට ඔයාගෙන් දෙයක් අහන්න තියනවා..

අහන්න…

ඊට කලින් ප්‍රොමිස් වෙන්න…

මොනාද…

තරහා ගන්නෙ නෑ කියලා…

අනේ මන්දා තාදී ඔයත්…

ඇයි…

ඔහොම ප්‍රොමිස් වෙලා වෙලා මට නිදහසේ හැරෙන්නවත් වෙන එකක් නෑනෙ…
ඔහු කීවේ හිනැහෙමිනි.

මං හින්දා ඔයාගෙ නිදහස නැති වෙලාද තියෙ න් සෝනු…

පිස්සි මං එ​හෙම එකක් ද කීවෙ දැන්..

ඒත් මට බයයි සෝනු..

තාදී….

මං හින්දා ඔයාට පුංචිම දුකක්වත් වෙනවට මං කැමති නෑ සෝනු..

විකාර තියලා අහන්න ගිය දේ අහන්න තාදී…

සෝන්‍ය කීවේ තරමක නොරිස්සුම් හඬකිනි. එහෙත් මට එය අසන්නට නොහැකි වූයේ ඔහුගේ දුරකතනය නාදවූ නිසාය.

තත්පරයක් ඉන්න තාදි…

එ​සේ කියමින් ඔහු මගෙන් මෑත් වූයේ මසිත නොතේරෙන බියකින් පුරවමිනි.

මද වේලාවකට පසු සෝන්‍ය නැවතත් කාමර යට පැමිණියේ ඒ දෑස් ඒ මුහුණ දුටු මට දැනුනේ පුදුමාකාර බියකි.

මම ඉක්මනින් එන්නං තාදී..

ඔහු සැරසුනේ කාමරයෙන් පිටවන්නටය.

ඔයා කොහෙද යන්නෙ සෝනු…

ඇවිත් කියන්නං…

මොනවද සෝනු ඔයාට වෙලා තියෙන්නෙ හැම දාම කෝල් එකක් ආව ගමන් කොහෙද ඔය පිස් සු හැදිලා ව​ගේ දුවන්නෙ..

කියන දේ අහන්න තාදී….

බෑ යන තැනක මාවත් අරගෙන යන්න..

මා කීවේ සෝන්‍යගේ සුරතේ එල්ලෙමිනි.

විකාර කරන්නෙ නැතුව ඉන්නවා තාදී…

මගේ අත ගසා දමා සෝන්‍ය කාමරයෙන් පිට වූයේ මට කිසිවක් සිතා ගන්නට ඉඩ​නොදීය.

මෙය තවත් ඉවසා සිටිය නොහැක මම සාල ය ට දිව ගියෙමි සෝන්‍ය උන්නෙ නිවසින් පිටව න්න ට සැරසීය ඔහුට නො​පෙනෙන්නට මම ගේට්ටු වෙන් පිටතට ආවෙමි.

ඔහුගේ රතය පිට වෙනවාත් සමගම අසල වූ ත්‍රිරෝද රතයකට ගොඩවූ මා ඔහු පසුපස යන්නටවීමි.

සෝන්‍යගේ රිය නැවතුනේ පුද්ගලික රෝහලක රිය ගා​ලේය. එහි ගේට්ටුව අසලින් බැසගත් මම ඔහු පසුපස යන්නට වීමි. ඔහුගේ වේගයට සම වන්නට මට යන්නට වූයේ දුව​ගෙනය.

කෙතරම් වෙ​හෙස දැනුනත් මා වේගය අඩු නොකලේ ඔහුව මගහැරේවී යැයි බියටය.

සෝන්‍ය එක් කාමරයක දොර හැර එතුලට ගි​යේය. මම එහි දොරකඩ හිද හතිලෑවේ වෙ හෙ සටත් වඩා එතුලට එකවර යන්නට බියක් දැනු න නිසාය.

හිත තුල අනියත හිතවිලි වැලක් දඟ කලේය. බියටම මුළු ගතම දහදියෙන් තෙමී තිබිනි. මෙහි සිටින්නේ ඔහුගේ අනියම් පෙම්වතිය නම් ඇයට ඔහු නිසා දරුවෙක් ලැබී ඇතිනම් මගෙ දෙපා වෙව්ලා ගි​යේය.

සෝන්‍යගේ ඉකිබිඳුම් හඬ මට ඇසුනේ ඒ අතරය. තවත් ඉවසා සිටිය නොහැකිව මම කාමරය තුලට ගි​යෙමි. සුදු රෙදි කඩකින් වසා දැමූ සිරුරක් වැලඳගෙන සෝන්‍ය ඉකිබිඳිමින් සිටියේය.

ඔහුගේ අනියම් පෙම්වතිය දකිනු රිසින් ඒ රෙදිකඩ මා දුටු දසුනින් කෙතරම් බියපත් වීද කියතොත් යටිගිරියෙන් කෑ ගසා​ගෙනම සිහිසුන් වීමි.

හමුවෙමු