තෙවනකොටස❄️_
භූමි පැලෙන්න මෙන් කකියන හිස අල්ලාගෙන ඊයේ රාත්රියේදී සිදුවූ දෙය සිහි කරන්නට උත්සහ කලේය……….. හොඳටම මත්පැන් ගෙන සිටගෙන සිටින්නටවත් නොහැකි තැන තමා සෙටියේ ඇලවුනා මතකය……….. බමණ මතින් දෑස ඉදිරිපිට ඇති සියල්ල තමා වටා කරකැවෙන්නා සේ දැනෙද්දි ඔහු දුටුවේ ඔහු ඉදිරිපිට කණුවකට පිටදී තරුණයෙක් සිප වැලඳගනිමින් සිටින යුවතියකි………………
දෑස් පිසදා තමා ඒ දුටු රුව කවුරුන්දැයි නිෂ්චය කර ගැනීමට වෙර දැරුවාද මතකය……….. ඒ සමගින් ඇගේ මුහුණ තමා දෙසට හැරුනේ හදවත තුලට ක්ෂණික කෝපයක් නැගෙන අතරේයි………….. ඔහුට පෙනුනේ ඒ #ටාෂියා ලෙසයි…………..
#ටාෂියා භූමිගේ ආදරය…………… ඔහු ඇයට අසීමිතව ආදරය කරන්නට පටන් ගත්තේ සරසවියේ දෙවන වසරේ දීය……. ඇය භූමිට වඩා අවුරුද්දක් පහලය……… සුදු දිගැටි මුහුණ…….. නා දළු වැනි දෙතොල් මනාව ස්ට්‍රේට් කරපු කොණ්ඩය ඔහුගේ සිත් ගත්තේය…………..
කෙමෙන් කෙමෙන් භූමි ඇයට ලං වුවද ඔහු තුල කුඩා කල සිට තිබූ හැදියාවක් නැති කම නම් වෙනස් නොවුනි……… නමුත් ඔහු ඇයට බොහෝ සෙයින් ආදරය කලේය………. භූමි මේ ලොව වැඩිපුරම ආදරය කලේ ටාෂියාටත් ඔහුගේ් එකම සොයුරාය වන සෙහන්ස්යාටත් පමණි
භූමි සිය මවට දැඩි ලෙස වෛර කලේය…………. එනිසාම ඔහු කොතරම් ආදරය කලද ටාෂියාව විශ්වාස නොකලේය……………. ගැහැණු ගැන ඔහුගේ තිබූ ඒ අපැහැදිලි චිත්‍රය නිවැරදි යැයි ඔප්පු කරමින් ටාෂියා ඇගේ වයසේම ධනවත් තරුණයෙක් හා ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගත්තේ සරසවිය තුල භුමිව අපකීර්තියට පත් කරමින්…… එතැන සිට භූමි ඉතා දරුණු පුද්ගලයෙක් විය…….
රැයක් දවාලක් නැත ඕනැම වෙලාවක මත්පැන් මත්ද්‍රව්‍ය ගෙන සිටින ඔහු තවත් නරක දේවල් හුඟක් කරයි…… ඇත්තටම භූමි දැන් කිසිවෙකුටත් පාලනය කල නො තරම් නරක්වී සිටියේය………
තමා ඊයේ ටාෂියා කියා වෙන කෙනෙක්ට රැවටුන බව දුටුවේ එම තරුණිය සමග සිටි තරුණයාට ලේ පනින්නටත් පහර දුන්නායින් පසුවයි…….
” ඒයි මොකද බකමූනෝ කතා නැත්තේ කියපන් මොකක්ද උඹට එකපාරම වුනේ………
රජීව් කියද්දි භූමි ගැස්සිලා අතීතයෙන් වර්තමානයට ආවා………….
” ශිට්………. මාර අවුල…… අදත් රැවටුනා බං…………. බීපුවම හැම එකියක්ම මට පේන්නේ ටාෂියා වගේ………
” අනේ මේ මගේ කට අවුස්සන්න එපා භූමි………… ටාෂියා……. අනේ ඒකිගේ මගුල…………. දැන් වත් ඔය මනස්ගාත නවත්තපන්…………
” හරි හරි උඹේ දේශනාව නවත්තගනින්…….. කොහේද උඹ ඉන්නේ..
භූමි හැමදාමත් ඔහොමය………..ඔහුට හොද නරක කියා දෙන්නට එන ඕනැම කෙනෙක්ට කරන්නේ බනින එකය..
” දේශනාව තමා……. වැදගත් දෙයක් ඉතින් උඹ අහන්නෑනේ…….. මං ගෙදර ඉන්නේ………
” අනිත් උන් ටිකත් එක්ක වරෙන් රෝයල් එක ගාවට මං දැන්මම එන්නම්………
” එන්නම් අද බොන්න බෑ හරිද භූමි…….
රජීව් ඔවුන්ගේ සෙට් එකේ ඉන්න හොදම එකාය………….. අනිත් අය වගේම ඔහුත් මත්පැන් පානය කරයි නමුත් ඕනැවට වඩා නොගනී……….
” හරි හරි අද නොබී ඉමු එහෙනම්……..
ඔහොම කිව්වාට අනිත් නසරානි උන් ටිකට එකතු වූ විට ඔය තීරණ සැනෙකින් වෙනස් වෙයි………..
භූමි රජීව්ගේ ඇමතුම විසන්ධි කර අනිත් අයට ඇමතුම් ගත්තේය…….. තෙනුක,,, ධනූ,,,, සිතිජ,, තරුන්,,, හා රවික ඔහුගේ අනෙක් අතිජාත මිතුරන් ඔවුන්ගෙන් සිතිජ හා රවික පමණක් සාමාන්‍ය පවුල් වල දරුවන් විය අනෙක් සියළුම දෙනා සමාජයේ ඉතාමත් ධනවත් පවුල් වල දරුවන්ය……… ඔවුන් තරුණමදයෙන් බොහෝ දුසිරිත් කලද ඔවුන් තුල සැඟව ඇති හොඳද නැතුවාම නොවේය………. ඔවුන් කිසිදා රවික හා සිතිජට විනාශ වන්නට ඉඩ නොදේ……… මිල මුදලින් උපකාර කරයි………. එපමණක් නොව ඔවුන් දෙදෙනා අද සේවය කරන්නේ භුමිගේ පියාට අයිති ව්‍යාපාර ජාලයේය………
” ඒයි අයියා…….. මොකද බං phone එක දිහා බලන් භාවනා කරන්නේ……….
ශාරද් වික්‍රමනායක …… භූමිගේ මල්ලි……….. රංගන වික්රමනායකගේත් ඔහුගේ දෙවන බිරිඳ වන ප්‍රවීණ රංගන ශිල්පිණි සවිතා ප්රනාන්දුගේත් පුතු……….. පැමිණ භූමි ලඟින් වාඩි වූයේ දුරකතනයට එබෙමින්………….
ශාරද් වගේම තව දියණියක් ඉන්නවා අැය #දේවාශි වික්‍රමනායක මේ දෙන්නා නම් භූමිට හුඟක් ආදරෙයි……. නමුත් භූමි ඔවුන් දෙන්නාට හේෂරට හා සෙහන්ස්යාට තරම් නම් ආදරය කරන්නේ නැත……….. තමා ලඟ නැති වුනත් දුරින් සිටියත් භූමිගේ පණ ඇත්තේ ඔවුන් ලඟය……..අම්මා හා තිබෙන වෛරය සේම ඔවුන් දෙදෙනා හට ඇති ආදරය ඊට වඩා වැඩිය…………. නමුත් භූමි ශාරද්ට හා දේවාශිට ආදරේ නැත්තේම නැත…….. ඔහු ඔවුන්ටද ලෙංගතුය…….
” මොනවත් නෑ බං…….. මේ උඹ අද ඔෆිස් යනවද මලයා………..
” ඔව් බං නොයා බෑනේ………. මේ ඒක නෙවේ අර board meeting එකට උඹ එනවා නේද අයියේ…… උඹ එතෙන්ට ආවොත් නම් වැඩේ කිරිගහට ඇන්නා වගේ හරි යයි……
” බලමු බලමු…………..
” බලමු නෙවේ උඹ නිකම් අර ටැමිල් ෆිල්ම් වල ඉන්න දුෂ්ඨ මැර වුනත් ප්‍රධාන නළුවා ඉන්නේ අන්න ඒ වගේ……… අර අජිත් කුමාර් සූර්යා එතකොට විජේ ආනන්ද් සාමි එහෙම ඉන්නේ අන්න ඒ වගේ……… කාටද ඉතින් ආඩම්බර මේ වගේ අයියා කෙනෙක් ඉන්නවා කිව්වම……..
” අනේ පල පල…….මොකද අද මාව මුරුංගා අත්තේ උඩින්ම තිබ්බේ…….
” ඔන්න ඒකනේ බැරි සහෝ…….. මං ආදරේට එහෙම කිව්වම උඹ වැරදිවට හිතනෝ…… මේ ඒක නෙවේ ඊයෙ මොකක් හරි නඩුවක් දාගත්තද……..
ශාරද් කීවේ අයියා දෙස විමසිල්ලලෙන් බලමින්…………….
” මොන නඩුවක්ද………..
” ඇත්ත කියනවා ඊයෙ රෑ මොකද වුනේ……..
” මොනවා වෙන්නද හොදට බීවා කාගේ හරි කරපිටින් ගෙදර ආවා එච්චරයි……..
” යකෝ…….. උඹ ආවේ තාත්තගේ කරපිටින්……..
භූමි එය ගනන්ගත්තේ නැති කොට ශාරද් තවත් කතා කරන්නට ගියේ නැත………
” මේහ් අයියේ…… ලෑස්ති වෙයන්………
” කොහේ යන්නද…… මට වෙන ගමනක් යන්න තියනවා…….. අන්න අහට්ට පල…….
භූමි ඔහුව තල්ලු කර දමා නැගිට්ටේ bathroom එකට යන්නටයි……..
” යමන් යමන් මාත් එක්ක අද ඔෆිස් එකට අයියේ………..
ශාරද්ගෙන් බේරුමක් නැත………….
” හරි එහෙනම් යමන්කෝ……. ගිහින් ලෑස්ති වෙය හිපාටුවා………
අයිය මලෝ කතා කරගන්නේ එලෙසය…….. ශාරද් පිටව ගිය පසු භූමි නානකාමරයට වැදී හොඳට නාගත්තේය…………. තදනිල් පාට ටවල් එකත් ඇඳගෙන එලියට ආව භූමිගේ ආරෝහ පරිනාහ දේහය පෙනුනේ කැටයම් කරලා වගේ…….
ඔය ඇඟ හදාගත්තෙම කායවර්ධන ව්‍යායාම් නිරන්තරයෙන් කරලා……….. දකුණත උරහිස මත සිට මදක් අත් ගොබය දෙසට වන්නට තිබුන පච්චය හින්දා රස්තියාදු ගතිය තව තවත් කැපී පෙනුනා……..
ඔහු තද නිල් පාට අත් දිග කමිසය මැද ඊට ක්‍රීම් පාට දිගු කලිසම තෝරාගත්තා……. භූමි කියන්නේ ඉතාමත් කඩවසම් තරුණයෙක්………. වරක් බැළුවොත් තව වරක් බලන්න හිතෙන තරුණියන් වශී වන සුන්දර රුවක් ඔහුට හිමිව තිබුනා……. ටිකක් ඉන්දියානු නළුවෙක් වන හර්ෂ්වර්ධන් රානේ වගේත්…….. පුදුම තරම් ආඩම්බර රෞද්‍ර මුහුණක් තියන අහංකාර චරිතයක්………. මුහුනේ හිනාවක් නම් දකින්න නොලැබෙන තරම්………………
අමාත්‍ය රංගන වික්‍රමනායක පහලට ආවේ දුරකතන ඇමතුමකයි…..
” මේ මොනවා කියනවද මඩුගල්ලේ…… මේ සැරේ ඡන්දෙනුත් සීට් එක දිනනවා කියන එක අහන්නත් දෙයක්ද……… ආ……නෑ…..නෑ මේ පොඩි සිද්ධියක් දන්නැද්ද කොල්ලොනේ…………. හරි හරි මං තියන්නම්………..
ඇමතුම විසන්ධි කල රංගන සවිතා දෙස හෙළුවේ ආදරණිය බැල්මක්……… නමුත් ඇගේ මුහුණ නම් එතරම් හොඳ නොවීය……….
” මොකද සවිතා………… මූණ එල්ලගෙන…
” මෙහෙම ගියොත් නම් ඉතින් මුහුණ එල්ලගෙන කෙසේ වෙතත් හංගගෙන නම් ඉන්න වෙයි………..
ඇය කිව්වේ නොරිස්සුමෙනි………… රංගන ඇය දෙස බැළුවේ ඇහිබැම රැළි කරමින්………
” මොකක්ද ඒ කතාව……..
” මේ රංගන……… දැන් නම් ඉවසුවා හොදටම ඇති……….. භූමිගේ පිස්සු වැඩ කවදාවත් නතර වෙන්නෑ…… ඒකෙන් වෙන්නේ මගේ ළමයින්ටත් පාරේ බැහැලා යන්න බැරි වෙන එක………….
සවිතා කීවේ කෝපයෙන් ඔහු දෙස බලමින්……… නමුත් රංගන එය ගනන් නොගත්තේය……… එනිසාම ඇගේ කෝපය තවත් වැඩි විය……..
“කොල්ලොනේ සවිතා…………….
” කොල්ලෝ නෙවේ රංගන තියන මුරණ්ඩු කමයි ඉරිසියාවයි……… එයා ශාරද් එක්ක ඉරිසියයි……… ඒකයි මේ හැමදේම………… මේ බිස්නස් වලට ශාරද් එකතු වුන එකට එයාගේ වැඩි කැමැත්තක් නෑ……… අම්මා වගේම නැතැයි පුතාත් ඒ කුණු ලේම තමා තියෙන්නේ……………
ඒ වදන ටික එකටම පඩිපෙල බසිමින් සිනාසෙමින් පැමිණි භූමිට හා ශාරද්ට හොදින්ම ඇසුනි…………. ශාරද්ට ඒ වදන වලට දැනුනේ පුදුම කෝපයක්……. අම්මා කොහොමත් උත්සහ කරන්නේ අයියාගේ අයිතිය නැති කරන්නට බව ඔහුට ඉවෙන් මෙන් වැටහුනි…….. නමුත් අයියාගේ සෙවනැල්ල නොමැතිව තමාට නැගිටින්නට නොහැකි බව ශාරද්ට සිතේ……….
” මොකක්ද ඔයා කිව්වේ………..
භූමි සවිතා අසලටම ආවේය…… ඔයා මෙයා කියනවා ඇර කවදාවත් භූමි ඇයට නෑකම් නොකියයි………..
” කිව්වේද…….. කිව්වේ තමුන්ට ඇහුන දේ තමයි……..
” මේ මගේ යකා අවුස්සන්න එපා හරිද… කුණුලේ කාගෙද කියලා මගෙන් අහගන්න එපා………..
” අහගන්න කියනවා බලන්න………….. මේ බලන්න රංගන මේ ලමයා මට කතා කරන හැටි………….
ඇය පැවසුවේ භූමි දෙසට ඇඟිල්ලක් දිගු කරමින්………
” භූමි වාඩිවෙලා කනවා………. තමුසෙ මොකක්ද ඊයෙ නටපු නාඩගම…….. නිකම් මගේ නම කැත කරන්න එපා මිනිහෝ මේ ඉලෙක්ෂන් එක කට උඩ තියලා………..
සවිතා එයටද මැද්දට පැන්නාය……….. භූමි ඉතාම ඉවසීමෙන් එයත් අසා සිටියේය………….
” බලන්න රංගන…….මං ඔයාට බොරුද කීවේ…. මෙයා හදන්නේ අපිව විනාශ කරන්න…… පලිගන්න හදන්නෙ අපෙන්………..
භූමි ඊට නම් කට කොණකින් සිනාවක් දැම්මේය…………
” අපෙන් නෙවේ…….. මං පලිගන්නේ තමුසෙගෙන්………… අපේ පවුල කඩා ඉහිරුවලා දැම්මට…………..
භූමි කිව්වේ කෝපාග්නියෙන් දැවෙන නෙත් ඇය වෙත හෙලමින්……….
” කඩා ඉහිරුවන්න හරි හමන් පවුලක් තිබුනද තමුසෙට……… තමුසෙගේ අම්මාගේ වැරදි හින්දායි රංගන මගේ ගාවට ආවේ…….. අනික තමුසෙට ආදරයක් තියන ගෑණියෙක්ද තමුසෙගේ අම්මා………… එහෙම ආදරයක් තිබුනා නම් එක්ක යන්න ඕනි නේද……. මොකද තමුන්ගේ අම්මා මුන්ව දාලා ගියේ අනාථයෙක් වගේ……
භූමිගේ ඉවසීමේ සීමාව පුපුරා ගියේය………. ඔහුගේ හදවත පුරාමවෛරයේ ගිණි පුළිගු දැල්වෙමින් තිබුනේ සවිතා ප්‍රනාන්දු පිලිබඳව පමනක් නොවේ………. ඒ වෛරය නන්දිතා කෙරෙහිද විය…………භූමි පැන සවිතාගේ බෙල්ලෙන් අල්ලාගත්තේය……… ඔහු තදින් ඇගේ ගෙල අල්ලාගෙන සිටියේය…….. සවිතා ඔහුගෙන් ගැලවෙන්නට වෙරදැරුවාය……….
” නවත්තනවා නවත්තනවා භූමි…… අත්හරිනවා එයාව……….
රංගන මැද්දට පැන සවිතා ගලවා ගැනීමට වෑයම් කලේය………. නමුත් ශාරද් කිසිවක්ම නොකර බලා සිටියේ තම මව ගැන ඇති වුන කලකිරීමෙනි………… බොහොම අමාරුවෙන් භූමිගේ අත්වලින් සවිතා මුදාගත් රංගන අත දිගහැර පහරක් ගැසුවේ භූමිට තරු පේන්නය………..
” භූමි……….. උඹ දැන්මම එලියට බැහැලා පලයන් ආය මගේ ඇස් දෙකට පේන්න එන්න එපා මෙහාට………….. උඹ හැදෙන්නෙ නෑ……… කවදාවත්ම හදන්නත් බෑ………. උඹට අම්මාගේ ආඩම්බරකම විතරයි ලැබිලා තියෙන්නේ……..
ආයෙම මේ ගෙදර පස්පාගනවා එහෙම නෙවේ…… දැන්මම පලයන් මේ ගෙදරින් තොලොන්චි වෙලා……. කාලකණ්නියා……… උඹට මගේ කියලා කිසි දෙයක් ලැබෙන්නෙ නෑ………උඹ මොකෙක්ද භූමි…… උඹ නිකමෙක්…….රස්තියාදුකාරයෙක් බේබද්දෙක් මැරයෙක් කාලකණ්නියෙක්………. උඹ නිකමෙක්……. උඹට කරන්න පුළුවන් දෙයක් නෑ……..බලපන් ශාරද් දිහා….. ඒ ළමයාගේ තියන වැදගත් කමවත් උඹට තියනවද……….. තවත් බලන් ඉන්නැතුව පලයන්………………
රංගන කෑගැසුවේ මුළු නිවසම දෙදුරුම්කන්නටය…………
••••මතු සම්බන්ධයි•••••