බහින තැන ලඟයි. කිලාන් කිව්වේ ඇය සිතිවිලි මැද හිර වෙලා ඉන්නකොට.
දෙන්නම බස් එකෙන් බැස්ස. ඒත් එක්කම බස් එකේ හිටපු තව පිරිමි ලමයි කට්ටියකුත් බැස්ස. ඒගොල්ල බස් එකේ ඉන්නකොටත් සැරින් සැරේ තමන් දිහාත් කිලාන් දිහාත් බල බල මොනවාද කියවනව කෙල්ල දැක්කත් කෙල්ල එවෙලෙ ඒක එච්චර තැකීමක් කලේ නෑ. දැන් තමන් බහින තැනින්ම ඔවුනුත් බැහැගත්තු හින්ද කෙල්ලගෙ හිතට ආවෙ සැකයක්. ඒක ස්තිර උනේ තමන්ට ටිකක් පිටුපසින් ඒ පිරිමි ලමයි කට්ටිය එනව දැකපු හින්ද.
මේ අපේ පිටිපස්සෙන් කවුද කට්ටියක් එනව.
කෝ කොහෙද. කියල කිලානුත් හැරිල බැලුව. එන්නෙ කවුද කියල කොල්ල අදුනගත්ත. අත් ඒ ගැන එච්චර හිතන්න කොල්ලට ඕනෙ උනේ නෑ.
අහ්. මම ඒගොල්ලන්ව අදුරනව. ඔය ඔතන ඉන්න එකෙක්ට හොදටම පිස්සු. ඔයා උන්ව ගනන් ගන්න එපා.
ආ…. කිලාන් කොහොමද?
මේ ඉන්නෙ අලුත් කෑල්ල වෙන්නැති නේද? කොහෙන්ද බන් මෙච්චර ලස්සන කෙල්ලො. මාධවීට හුලන්ද?
කොල්ලට හිතුනෙ පොලව පලාගෙන යන්න. ඒ එතන මෙහන්සා හිටපු හින්ද. තමන් හින්ද කෙල්ලටත් කතන්දර අහන්න වෙන හින්ද.
කවුද මේ මාධවී. කෙල්ලට හිතුන.
අඩෝ උබ නම් මාර පොරක් යකෝ අපිට දාගන්න එක කෙල්ලෙක් වත් ඉතුරු වෙන්නෑනෙ මෙහෙම ගියොත්. ඔක්කොම එවුන් තොට වහ වැටෙන්නෙ මොකද?
කොල්ලට කරකියාගන්න දෙයක් නෑ. වෙන වෙලාවක නම් කොල්ල දන්නව කරන්න ඕනෙ මොකද්ද කියල. මෙවෙලෙ එහෙමකරන්න බැරි කෙල්ල ඉන්න හින්ද. ඇයට ලැජ්ජාවක් වෙන විදියට හැසිරෙන්නෙ කොල්ල කැමති නැති හින්ද. ඒක හින්දම කිලාන් තව ටිකක් ඉවසුව.
මුකුත් හිතාගන්න බැරුව හිටපු කෙල්ල මාරුවෙන් මාරුවට කිලාන් දිහායි අර කොල්ලො දිහායි බලනව. මාධවී කවුද? මොකද්ද මේගොල්ලන්ට කිලාන් එක්ක තියෙන ප්‍රශ්නෙ. කොල්ල නිහඩ හින්දම අර කොල්ලන්ට ඕනෙ එකක් කියන්න කරන්න පුලුවන් වෙලා කියල කෙල්ලට තේරෙනව.
ඇයි මොකද ඩෝ. අද උබේ කට වැහිලද? කෙල්ලො ඉස්සරහ නම් සිල් ගත්තු පූසා වගෙ. අර උබේ ගැන්සිය ඉන්නකොට නම්..
යකෝ මාධවී කියන්නෙ මගේ කෙල්ල. ඒකි මගේ.
කිලාන් ඉවසන තරම හොදටම වැඩී කියල කෙල්ලට හිතෙනව. ඇයි ඔහු මෙච්චර නිහඩ. ඇයි වෙනද වගේ කෙලින්ම ගිහින් මේ ප්‍රශ්නෙ බේරගනෙ නැත්තෙ. මේ කට්ටිය මෙච්චර කියවන්නෙ කොල්ල තාම වචනයක් වත් කිව්වෙ නැති හින්ද. ඒ උනත් තවත් ඔවුන්ගෙ ලැජ්ජ නැති නොහොබිනා කතා අහ අහ ඉන්න කෙල්ලට ඕනෙ උනේ නෑ.
අපි යමු. කෙල්ල කිලාන්ට කිව්වෙ හෙමින් සීරුවෙ.
ඇයි බයද පැනල යන්න හදන්නෙ. ඔහොම හිටපන් උබත් එක්ක මට ගනුදෙනුවක් තියෙනව බේරගන්න. කොල්ලන්ගෙන් කෙනෙක් කිව්වෙ ඔවුන්ගෙ මග හරස් කරල කිලාන් ලගටම ඇවිත් කොල්ලගෙ මූන ඉස්සරහට දබර ඇගිල්ල දිගු කරල කිව්ව.
ඒ උනාට උබ එක්ක බේරගන්න මට ගනුදෙනුවක් නෑ. කිලාන් හිනා වෙලා කිව්වෙ තමන්ගෙ මූන ඉස්සරහට දිගු වෙච්ච අත බලෙන්ම පහතට දාල. මේ කිලාන්ට තර්ජනය කරන්න ඉස්සෙල්ල දෙපාරක් හිතපන් කැලුම්. මම අයෙ නොකිව්ව කියන්න එපා. ඇයි උබ ඔය ගැන කොන්ද පන තියෙන පිරිමියෙක් වගේ ගිහින් මාධවීගෙන්ම අහන්නෙ නැත්තෙ? කිලාන් කිව්වෙ පුලුවන් තරම් ඉවසීමෙන්. ඒ ඉවසීමට යටින් තියේන ගෙරවිල්ල කෙල්ලට තේරුනා.
තව මොනවද යකෝ අහන්න ඉතුරුවෙල තියෙන්නෙ.
අහන්න තියෙන හැමදේම තාම ඉතුරුයි. මට අනුන්ගේ ගෑනු පස්සේ යන්න තරම් අසහනයක් නෑ. තෝ ගිහින් මාධවිගෙන්ම අහගනින් මොකද්ද මම කලේ කියල. කිලාන් කිව්වේ පුළුවන් තරම් හඬ පාලනය කරගෙන.
හහ්.
අපි යමු. කෙල්ල ආයෙත් කිව්වේ මේ විකාරය බලන් ඉදල ඇති වෙලා. එක්කෝ කිලාන් මේ ගැටලුව බේරගන්න ඕනේ. මොකට කට වහගෙන ඉන්නවද. කෙල්ල හිතුව.
අහ ඔයත් මුට හොදටම රැවටිලා වගේ නංගි. කිලාන් රණ්ඩුවට එන්නේ නැති පාර එතන හිටපු එකෙක් කිව්වේ කෙල්ලට.
මේ හලෝ. මම ගැන බලාගන්න මට පුළුවන්. රැවටිලා හරි නැතුව හරි ඒකෙන් ඔයාට වැඩක් නෑනේ. කෙල්ල කියාගෙන ගියා. ආව මෙතන මට හොද නරක කියල දෙන්න. කවුරු කියලද දන්නේ නැහැ හිතේ.
එපා මෙහන්සා. ඕව කියල වැඩක් නෑ.
අපි කට වහගෙන හිටපු හින්ද තමයි මෙච්චර් වත් කියවගෙන ආවේ.
මේ නංගි තමුසෙගෙ කට වැඩි හරිද?
මට තමුසේ කියන්න තමුසේ කවුද? කට වැඩි එක මම බලාගන්නම්. ඇයි ඔයා අඩු කරන්නද?
ඔව් ඇයි මට බැරිද? තරුණයා කිව්වේ කෙල්ලට ලං වෙමින්.
කිලාන් ඉක්මනට කෙල්ලව තමන් ගාවට ඇදල ගත්ත.
මේ මම උබට එකක් කියන්නම් කැලුම්. මෙච්චර වෙල උබලගෙ බලු කතා අහන් හිටියෙ රන්ඩුවක් ඇති කරගන්න ඕනෙ නැති නිසා මිසක් උබලට බයේ නෙමෙයි. හැබැයි මේ කෙල්ලට අතක් හරි තියන්න හැදුවොත් මම පෙන්නන්නම් මම කවුද කියල. මෙච්චර වෙලා උබලට කියන්න තියෙන දේවල් කිව්වනෙ. දෙයියනේ කියල පලයල්ලා. පරන කිලාන්ව අවුස්සගන්න විතරක් එපා.
ඇයි උබ ඒ තරම් ලොක්කෙක්ද ආ ඩෝ? තරුනයා කිව්වෙ ඔවුන් අසලට තවත් ලං වෙමින්.
කෙල්ලට නම් දැං හොදටම බයයි කට්ටිය ගහගනියි කියල. එතන තරුනයන් කීප දෙනෙක්ම ඉන්නව. කිලාන් තනියම. ඇය තදින්ම කිලානෙ අතින් අල්ලගත්තෙ ඒ හින්ද. කෙල්ල ඉන්නෙ බය වෙල කියල කිලාන්ට දැනුන. කොල්ල මෙච්චරවෙලඉවසුවෙත් ඒ හින්ද. නැත්තම මෙලහට අර කොල්ලො ටික දකින්න වෙන්නෙ ඉස්පිරිතාලෙ. බයටම ලොකු වෙච්ච කෙල්ලගෙ නිල් පාට දෑස දකින කොට කොල්ලට අත මිට මෙලවුනා.
මම උබට සැරයක් කිව්ව මගේ අත පය හිරි ඇරගන්න මට උවමනාවක් නෑ. උබට මාත් එක්ක හේතුවක් නැති කෝන්තරයක් තියෙන බව මම දන්නව. කොන්ද පන ඇතුව තියෙන ප්‍රශ්නයක් ගිහින් තොගෙ ගෑනිත් එක්ක විසදගනින් යකෝ. මෙච්චර හරි ඉවසුවෙ මේ කෙල්ල මෙතන ඉන්න හින්ද කියල දැනගනින්. කිලාන් කිව්වෙ තරහෙ උපරිමේටම ගිහින්.
කිලාන් මොකද්ද බං ප්‍රශ්නෙ. කට්ටියටම පිටිපස්සෙන් හඩක් ඇහුන. ඒ මිහින්. ඔහුත් එක්ක අනිත් කට්ටියත් හිටිය. කෙල්ලට ලොකු සහනයක් දැනුන මිහින්ව දැකල. ඇය ඉක්මනට අයිය ලගට ගියා. ඒ පීඩාකාරි මොහොතෙ උනත් කෙල්ල හිටියෙ කිලාන්ගෙ අසාමාන්‍ය ඉවසීම ගැන හිත හිත. මේ කැලුම් කියන කොල්ලත් එක්ක කිලාන්ගෙ ප්‍රශ්නෙ කෙල්ලට තේරුනෙ නෑ. කවුරුහරි කෙල්ලක් නිසා කියන එක විතරයි වචන හුවමාරුවෙන් කෙල්ල තේරුම් ගත්තෙ.
මොකක් උනත් මට මොකද මගේ කවුරුවත්යැ. කෙල්ල හිතුවෙ එහෙම. ප්‍රශ්නෙ මොකක් උනත් ඒකෙ කිලාන්ගෙ වැරැද්දක් නැති බව කෙල්ල අනුමාන කලා. කෙල්ලට මේ ප්‍රශ්න වලින් වැඩක් තිබුනේ නෑ. කෙල්ලට ඕනෙ උනේ ඉක්මනට එතනින් මිදිල යන්න.
මේ වෙලාවෙ අයියගෙ යාලුවො ආපු එක කොච්චර හොදද? ඇය හිත හිත හිටිය.
මෙන්න මේ බල්ලො ටික බුරාගෙන ආව බං.
හරි අපි පස්සෙ බලාගමු. කැලුම් යනුවෙන් හැදින්වූ තරුනයා කිව්වෙ කිලාන්ගෙ පිරිස වැඩි බව දැකපු හින්ද.
ඇයි ඇයි දැන්ම බලාගමු තව මොනවද පස්සෙ බලන්න තියෙන්නෙ. වරෙන් දැන්ම මොනවද උබලට බලන්න තියෙන්නෙ. බිතුම් කිව්වෙ කැලුම්ගෙ ඉස්සරහට යමින්. තොපි කිලාන්ට පාට් දාන්න ආවෙ අපි නැති හින්දද. ඔන්න දැං අපි ඉන්නව කෝ අර බලන්න ඕනෙ කිව්ව ඒවයින් එකක් දෙකක් දැන්ම බලපං.
කිලාන් ඉක්මනට බිතුම්ව අල්ලගත්ත. එපා මචං නිකම් ඉදිමු.
නිකං ඉන්න. පිස්සුද බං හිටපං මං අර මූනත්තහඩුව කුඩු වෙන්න දෙකක් ඇනල එන්නම්. මොකද කියන්නෙ වලි නම් වලි. දසුනුත් කිව්ව.
නිකා හිටපං බං ගැරඩි මරල පව් පුරෝගන්න ඕනෙද. සෙනාල් කිව්ව. දැන්වත් ඉතිම් පලයල්ලා. නැත්තම් උබලට හතර හන්දි කඩාගන්න ආසාවක් එහේ තියේ නම් හිටපල්ල අවුලක් නෑ. සෙනාල් ආපහු කිව්වෙ කැලුම්ට.
හරි අපි පස්සෙ බලාගමු. කිලාන් උබ අහු වෙයිනෙ. කැලුම් එහෙම කියල යන්න හැරුන.
ඇයිතව් මොනා බලන්නද කාල වරෙන්කො. දසුන් කෑගැහුවෙ නකුට අකුලගෙන යන කොල්ලො තුන් දෙනාට.
ඇති ඇති බං ගෝරි දාගත්ත කියල වැඩක්යැ අදීශ කිව්ව.
ඔය කැලුමගෙ කට වැඩී බං තියෙන්නෙම ගෑනු වැඩ ඕකා වැඩි දවසක් නොගිහින් අපෙන් නැතත් කාගෙන් හරි කනව කෑමක් ආයෙ ඩත් නැතුව බත් කන්න. අම්මපා. බිතුම් කිව්වෙ තරහෙන්. ඇති රෙද්දකුත් නෑ.
දැං මේ වලිය ගැන මොකද කියන්නෙ කිලාන්. මේවෙනකොට මිහින්ගෙ අතේ එල්ලිලා හිටපු කෙල්ල දිහයි කිලාන් දිහයි බලල සෙනාල් ඇහුව.
මං ඇදගත්තු ඉටිගෙඩියක් නෑ. උං තමයි මෙතන වලිගෙ පාගගෙන දැගලුවෙ.
ඔක්කොටම කලින් මිහින් උබ කෙල්ලත් එක්කගෙන පලයන්. මෙහන්සා මෙතන ඉන්න එක හරි නෑ. සෙනාල් ආයෙත් කිව්ව.
ඔව් ඒක ඇත්ත. අපි යමු.
ගොඩක් ස්තුතියි උදව්වට. මෙහන්සා කිව්වෙ කිලාන්ට. ඒක ඇහිල කොල්ලො ටික දෙන්නම දිහා බැලුවෙ අදහගන්න බැරි දෙයක් උන ගානට.
ඒක හිතන්නෙපා මෙහන්සා. ඉලාන් කිව්වෙ මිහින් ගැන සිහින් ඉරිසියාවක් හිතට දැනෙද්දි.
හෙට හම්බෙමු මචං. ඔක්කොටම පොදුවෙ කිව්ව මිහින් කෙල්ලත් එක්කගෙන එතනින් නික්මුනා.
දැං කිලාන්. එතනින් ඈතට යන මෙහන්සයි මිහිනුයි දිහාත් ඒ දිහා දහසක් හැගුම් ඇස් වල රදවගෙන බලන් ඉන්න කිලාන් දිහාත් බලමින් හඩ අවදි කලේ සෙනාල්. උබට තේරෙනවනෙ අපිට කොච්චර ප්‍රශ්න ගොඩක් තියෙනවද කියල. ඒ ඔක්කොටම උත්තර හොයාගන්න ඕනෙ නිසා සිද්දිය මුලඉදලම කියපං. බොරු ඇත්ත මික්ස් නෙවේ. සම්පුර්න ඇත්ත සිද්දිය අපිට දැනගන්න ඕනෙ.
කට්ටියගෙම මූනු දිහා පිලිවෙලින් බලපු කිලාන් ඔවුන්ට ඔක්කොම කියල හිත නිදහස් කරගන්න හිතුව අන්තිමට.
ඒකි අරුන් තුන්දෙනාටත් බැන්නද බං. බිතුම් ඇහුවෙ කිලාන් විස්තරේ කිව්වට පස්සෙ. හිතාගන්නත් බෑ.
ඔව්. සිතිවිල්ලේ හිටපු කිලාන් කිව්ව. එදා මට බැන්න වගේම තමයි. උං තුන්දෙනත් හොල්මං උනා මං හිතන්නෙ.
පුදුමයි උබත් එක්ක ඔච්චර ෆිට් උනා කිව්වම.
නෑ එයා මාත් එක්ක ෆිට් උනේ නෑ. කිලාන් කිව්වෙ හෙමින්. එයා ආවෙ වෙන කරන්න දෙයක් නැති කමට. අනිත් එක එවෙලෙ අරුන් තුන් දෙනාට බැන්නෙත් මම නිසා නෙමෙයි එයාට හරි වැරද්ද පෙන්නගෙන ආපු නිසා. අසාදාරනේ පෙන්නන්න බැරි නිසා. නැතුව මං ගැන තියෙන යාලුකමක් වත් නිසා නෙමෙයි.
ඉතින් උබ මොකද ඒ ගැන වොරි වෙන්නේ. ඒකිට කොල්ලෙක් ඉන්නවනෙ. රටේ ලෝකෙ ඉන්න හැම එකා ගැනම හිත හිත ඉන්න ඒකිට බැහැනෙ. අදීශ කිව්ව.
නෑ නෑ මම හිතන්නෙ නෑ ඒ ගැන. කිලාන් කිව්වෙ වහාම සිතිවිලි වලින් මිදිල.
කිලාන්. වෙන වෙලාවල නම් කවුරුහරි පාට් දාන්න ආවොත් උබ නිකම් ඉන්නෙ නෑ. අද මොකද එහෙම හිටියෙ.
මෙහන්සගෙම හිදට බං. මංඑහෙම කලේ එයාගෙම හොදට. ඒ එලහරක් ටිකත් එක්ක මං ගහගන්න ගියා නම් දකින මිනිස්සු හිතන්නෙ මොනාද. මේ එක කෙල්ලක් හින්ද කොල්ලො රන්ඩු වෙනවනෙ. අපි යුනිෆෝම් පිටින් අනිත් එක. ඉස්කෝල වලටත් ඕක ගිහිල්ල එයාට ප්‍රශ්නයක් වෙයි කියල බයට මම නිකම් හිටියෙ.
කට්ටියම කිලාන් දිහා බැලුවෙ ඔහුව අගයන බැල්මකින්. ඔහු කෙල්ලෙක්ගෙ ගෞරවය ගැන හිතල දෙයක් කරපු පලවෙනි වතාව මේක වෙන්න ඕනෙ කියල ඔක්කොටම හිතුන.
ඒ උනත් කිලාන් මෙහන්සා අරුන්ට බැනපු නිසා නම් උන් නිකම් ඉන්න එකක් නෑ කියල මට හිතෙනව. දසුන් කිව්වෙ කල්පනාකාරීව.
අන්න ඒක නම් මමත් හිතුව බං. ඒ අදීශ
හහ්. එව්ව කොහෙද. එහෙම උනොත් මන් නිකම් ඉදීද. උන් ඉතින් දත් නැතුව බත් කන්න තමයි. කිලාන් කිව්වෙ දත්මිටි කමින්. කොල්ලට ඒ තරම් තරහයි වෙච්ච දේට. ගරු කරන්න ඕනෙ කෙල්ලටත් කතන්දර අහගන්න උනේ තමන් නිසා කියල හිතෙනකොට කිලාන්ට තරහ පාලනය කරගන්න බෑ.
කට්ටියම කොල්ල දිහා බැලුවෙ පුදුමෙන්.
අහ්. ඒ පාර මේ මොකද. මිහින් ඒ ගැන බලාගනී. උබ ඉද්පං පාඩුවේ. බිතුම් කිව්වෙ කිලාන්ට.
උන්ගෙං එයාට ප්‍රශ්නයක් උනිත් ඒ මං නිසා. ඒ නිසා……
මට පේන්නෙ මෙතන වෙන මොකක් හරි තියෙනව. සෙනාල් කිව්වෙ කිලාන්ට කියන්න ගිය එක මැදින් පැනල. කිලාන් මං උබට එදත් කිව්ව අදත් කියනව. ඒ කෙල්ල ගැන හිතන එක නතර කරගනින්. නැත්තම් පිට එවුන් මදිවට යාලුවො යාලුවො ප්‍රශ්න ඇති කරගන්න තමා අපිට වෙන්නෙ.
බම්බුව මගේ හිතේ ඇති කෙහෙල්මලක් නෑ.
නැත්තම් හොදයි.
ඉතිං කොහොමද මචං අද තරගෙ. අදීශ කතාව වෙන පැත්තකට හැරෙව්වෙ කිලාන්ගෙ හැටි දන්න නිසා. ෆයිනල් ඒවි නේද?
මං හිතනව ඒකෙනුත් සිලෙක්ට් වෙයි කියල.
අන්න ඒකට නම් උබ අර කෙල්ලට පින් දීපං
කතාව තියල ගෙදර යමල්ලා. අම්ම බලයි එකාමාරට ඉස්කෝලෙ ඇරිච්ච වෙලේ ඉදං මෙච්චර වෙල මං කොහෙද කියල. අපේ ඉහල උසාවියෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙනවට වඩා හොදයි මං බෙල්ලෙ වැල දාගන්නව. දසුන් කිව්ව.
ඔව් ඔව් යමල්ල. මාරම බඩගිනී දැං. කිලාන් කිව්වෙ ඉස්සර වෙමින්.
ඉතිම් එහෙනම් මේ පාරෙ ඕනෙ තරම් කඩ තියෙන්නෙ අපිටත් අරන් දීල කාපංකො මොනා හරි
ඇයි දැං තොපිට හදිස්සි කිව්වෙ ගෙදර යන්න. මගේ දත ගලවන්න තියේ නම් හෙට එලි උනත් කමක් නෑ.
ඔව් ඉතිං තෝ හින්දනෙ අපිත් කන තරම් කටු කන්නෙ.
යන තැනක කන්න තියේනම් නැගෙනහිරින් ඉර පෑව්වත් මොකද
නැගෙනහිරින් තමයි බූරුවො ඉර පායන්නෙ.
ඉතිම් ඒක තමයි මාත් කිව්වෙ
ඔව් ඉතිං තොපිට මොකද හැමදාම මගෙ පොකට් එකටනෙ තට්ටු වෙන්නෙ
උබනෙ හැමදාම අපිට කන්න දීල පුරුදු කරගත්තෙ.
අර මොනවද කෑව නම් විදවපං බලලෝ කීවලු.
ඈ යකෝ දැං ඒකටත් වැරදි මං ද?
නැතුව ඉතිං අපි යැ.
අම්මප තොපි වගේ ගෝතයො ටිකක් මොකට හදාගත්තද මන්ද. කන්න දීලත් හොදක් නැති හැටි. කිලාන් බනිමින්ම ආපන ශාලාවක් වෙත යන්නට වූ අතර කොල්ලො ටිකත් ඔහු අනුගමනය කලා.
මේ වෙද්දි අයියයි නංගියි නිවසට යමින් හිටියෙ.
නංගි දැන් ඉතිම් මට කියන්න වෙච්ච හැම දෙයක්ම.
ඔයාට තිබ්බෙ මුකුත් නොකිය ඉන්නනෙ.කෙල්ල සිද්දිය කියල ඉවර උනාම මිහින් කිව්වෙ තරහෙන්.
මම කොහොමද කට වහගෙන ඉන්නෙ මට කියපු දේවල් අහගෙන. මට හිතාගන්න බෑ ඇයි කිලාන් මුකුත් කිව්වෙ නැත්තෙ කියල.
ඒ ඔයා නිසා නංගි.
මං නිසා? ඒ කොහොමද?
හිතන්න බැරි වෙලාවත් කිලාන් ඒ කොල්ලො ටිකත් එක්ක ගහගන්න ගියා කියල. එතකොට දකින මිනිස්සු හිතන්නෙ මොකක්ද? එක කෙල්ලෙක් හින්ද කොල්ලො ටිකක් අන්ඩු වෙනව. එතකොට ඒක හොද නැත්තෙ ඔයාට.
නිසා තමයි ඌ කට පියන් ඉන්න ඇත්තෙ. නැත්තම් කිලාන් කවදාවත් එහෙම නිකම් බලන් ඉන්න එකෙක් නෙවේ. මිහින් කිව්වෙ කිලාන්ගෙ සිතිවිලි දිහා බලන් හිටිය වගේ. කොල්ලෙක් විදියට කිලාන්ව තේරුම්ගන්න මිහින්ට අමාරු උනේ නෑ. මෙහන්සත් අයිය දිහා බලන් හිටියෙ පුදුමෙන්. ඔහු එච්චර දෙයක් හිතුවද? ඇයි ඒ?
කිලාන්ට සාමාන්යෙන් තරහකාරයො නෑ. ඌ හැමෝමත් එක්ක හොදට හිනා වෙල කතාබහ කරන එකා. හිතාගන්න බෑ කැලුම්ට මොකද්ද කිලාන් එක්ක තියෙන ප්‍රශ්නෙ කියල.
ඔයා ඒ කැලුම් කියන කෙනාව දන්නවද?
උගෙ නම කැලුම් කියල දන්නව. අපෙ ඉස්කෝලෙ නෙමෙයි.
හ්ම්ම්ම්. මාධවී කියල කෙල්ලෙක් ගැන කියල රන්ඩු උනේ.
අහ්. මාධවී කියන්නෙ කිලාන්ට කැමැත්තෙන් හිටපු කෙල්ලක්. කොල්ලො විහිලු කරන්ව කිලාන්ට ඔය කෙල්ල ගැන කියල මට ඇහිල තියෙනව.
අහ් මම හිතන් හිටියෙ කිලාන් කියන්නෙ කෙල්ලන්ට පේන්න බැරි කෙනෙක් කියල.
ගොඩක් අය පෙන්නන්නෙ නම් එහෙම තමයි. ඒ උනාට ගොඩක් ඉන්නව කිලාන් කතා කරොත් පැනල එන්න තරම්.