ඇයත්_සිත්තරාවියකි 10 … – අවසාන කොටස –
“මම තීරණය කලා සවෙනි…
අපේ ගෙදරින් යෝජනා කරපු කෙනාට කැමැත්ත දෙන්න…
එයාට දැන් ආදරේ නොකෙරුවත් මට හොද බිරිදක් වෙන්න පුලුවන් වෙයි…
පවුලක් කඩලා පවක් කරගන්නවට වඩා…. අම්මලගේ සතුට වෙනුවෙන් මම ඒ තීරණය ගන්නවා….
අනික දැන් සවිදුට එයාටම කියලා ජිවිතයක් තියනවා… ” නිකිණි කියද්දි සවෙනිත් මුකුත් නොකීවේ… ආදරයක් මත්තේ නැහිලා තමන්ගේ යාලුවගේ ජිවිතේ විනාශ වුනොත් කියලා….
“අද මම සනුකිව හම්බෙන්න ගියේ…
සවිදු වෙනුවෙන් මට එකම එක අවස්ථාවක්වත් තියනවද බලන්න…
මට වැඩක් නෑ සවිදු බැදලා හිටියත් නැතත්…
එයා කැමති නම් මම ළගට එන්න… මම එයාව පිලිගන්නවා…
මොකද මේ වෙනකන් මම ආදරේ කරපු එකම කෙනා එයා… ” කියලා සුසුමක් හෙළලා කියලා…
“ඒත් එයා මම ළගට කවදාවත් එන්නේ නෑ කිව්වා.. සවේනි
මට කිව්වා තවත් එයා ගැන හිතන්න එපා කියලා…
එයාට ඕනලු සනුකි ගැන හිතන්න… ” අන්තිම ටික කියද්දි නිකිණිට ඉබේම ඉකි ගැසුනා….
“හ්ම්… එහෙනම්… ඔයා ආයි එයා ගැන හිතන්න එපා…
කොහොමහරි හිත හදාගන්න…
අම්මලා ඔයාට තෝරපු කෙනා ඔයාට ආදරේ කරන මහත්තයෙක් වෙයි…
එයාලා කවදාවත් ලමයිට නරක දෙයක් තෝරන්නේ නෑනේ ” සවෙනි නිකිණිගේ උරහිස අත ගාමින් කියද්දි…
“ම්ම්… සනුකිත් සවිදුට ගොඩාක් ආදරෙයි…
ඒ දෙන්නා හොදට ඉදී…
ආයි මම කවදාවත් එයාලට බාධා කරන්නේ නෑ …” නිකිණි එහෙම හිතද්දි….
සනුකි හිතුවේ ….
“මම කරපු දේ වැරැද්දක්ද …. මම කිසි දෙයක් හොයන්නේ බලන්නේ නැතුවම ආදරයෙන් හිටපු දෙන්නෙක්ව වෙන් කරලා… මෙච්චර කල් මම මේ ගැන සවිදු එක්ක කතා කලේ නැත්තේ එයා මට අහිමි වෙයි කියලා බය නිසානේ… කමක් නෑ… මම අද සවිදුගෙන් අහනවා… එයාට නිකිණි ලගට යන්න ඕනේද කියලා… ඕන නම් මම එයාට ඩිවෝස් එක දෙනවා… “
සවිදු ගෙදර ඇවිත් නිදා ගන්න හදද්දි…
“සවිදු මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනේ… ” සනුකි කියද්දි… සවිදු පුදුමයට පත් වුනේ… තමන් විවාහ උනාට පසුව කවදාවත් සනුකි තමන් සමග මෙසේ කතා කර නැති නිසාය.
“ම්ම්… මොනා ගැනද .. ” සවිදු අසද්දි… සනුකි හොද හුස්මක් අරන්…
” මම දන්නවා ඔයා නිකිණි එක්ක යාලු වෙලා හිටියා කියලා..
ඒ වගේම මට ආදරය කරන්නේ නෑ කියලත්…
මාව බැන්දෙත් අම්මලට බැහැ කියන්න බැරි නිසානේ … ” සනුකි එක හුස්මට කියවගෙන ගිහින් නතර කරද්දි….
“ඔව්… ඔයා දන්නවා…
එහෙනම් මට ඔයා කියන්නකෝ…
ඔයා දැනගෙන හිටියා ඒලෙවල් දවස් වල මට කෙල්ලෙක් හිටියා කියලා… නේද… ” සවිදු අසද්දි… සනුකි බිම බලාගෙනම
“ඔව්.. ” කීවේය…
“හොදයි… එහෙනම් ඇයි ඔයා හොයලා බැලුවේ නැත්තේ…
මම රට ඉදලා ආවට පස්සෙත් ඒ සම්බන්දේ තියනවද…
එහෙමත් නැත්නම් වෙන කෙනෙක් ඉන්නවද කියල.. ම්ම් ” සවිදු සනුකිගේ ඇස් දිහා බලමින් කියද්දිත්… සනුකිට වෙන කොහෙවත් බලන්න බැරි කමට සුසුමක් හෙළලා…
“ම..මට බය හිතුනා…
ඒවා ඇත්ත උනොත් කියලා… ” කියද්දි… සවිදු හිනා වෙලා…
“ම්ම්.. ඔයා බය උනා… ඒවා ඇත්ත නම්..
මාව බැන්දත් ඔයාගේ හිත ඔයාව රිද්දයි කියලා…
ඒ නිසා කිසි දෙයක් හොයන්නේ නැතුව…
ඔයා ඔයාගේ හිතම රවට්ටගෙන …
මට ආදරේ නිසා , මාව ඕන නිසා මාව බැන්දනේ….
ඒත් තාමත් ඔයාගේ හිත රිද්දනවා නේද….
ඔයා කලේ වැරැද්දක් කියලා හිතිලා… ” සවිදුම තමන්ගේ හිත අපූරුවට පැහැදිලි කරද්දි… සනුකිට ඇඩුනා… සනුකි එහෙමම සවිදුගේ දෙපා මුල වැටිලා…
“ම..ම ඔයාට ආදරේ කලා… දෑනුත් ආදරෙයි ගොඩාක්…
ඔයාව දැක්ක වෙලේ ඉදන් මම තියපු හැම පියවරක්ම තිබ්බේ ඔයාව හිතලා…
ඔයා ඒ දවස් වල නිකිණිට ආදරෙයි කියද්දිත් මගේ හිත ගොඩාක් රිදුනා…
මම දැනගෙන හිටියා ඔයා අනිත් කොල්ලන් වගේ නෙමේ කියලා…
ඒත් ඒක අමතක කරලා… ඔයා රට ඉදන් ආවට පස්සේ ඔයාගේ අම්මා මට ගෙනාපු ප්රොපොසල් එකට මම ඉක්මනට කැමතියි කිව්වේ…
ඔයාව ලබා ගන්න… ඔයා ලග ඉන්න ඕන නිසා…
ඒ නිසාම මම වෙන කිසිම දෙයක් හිතුවේ නෑ …
ඒත් … ඔයා රට හිටියත් ඔයාගේ සම්බන්දෙට මුකුත්ම වෙලා නෑ කියලා…
ඔයා බැන්දේ මාව ඔයාගේ අම්මා නිසා විතරයි කියලා… දැනගද්දි …
මගේ හිත මාවම වැරදි කාරයා කරනවා …. ” සනුකිට කියන්න ඉඩ දුන්න සවිදු … ඇය කියලා ඉවර වෙද්දිම ඇයව නැගිට්ටලා… ඇස් වල කදුලු පිහිදාලා…
“අඩන්න එපා… කොයි විදිහකින් උනත් ඔයා දැන් මගේ බිරිද..
ඒ අයිතිය මින් පස්සේ වෙන කාටවත් අයිති වෙන්නේ නෑ..
නිකිණිටවත් දැන් ඔයාගේ තැන දැන් ගන්න බෑ… ” කියලා කියපු සවිදු.. සනුකිගේ නළල සිප ගත්තේ… ඇය කෙරෙහි ඇති සෙනෙහස පෙන්වීමට මෙනී…
වසර හතරකට පසුව ….💟💟💟
” අම්මි … මෙ..න්නෝ…
නිනිනි ආන්ටි තලූ බබාවත් අලන් ඇවිත් … ” කුස්සියට දුවලා ආපු සවිදුගෙයි සනුකිගෙයි අවුරුදු 3ක් වයස සෙනේශ් පුතු සනුකිගේ සායකුත් ඇද ඇද කියද්දි…
සනුකි කර කර හිටපු වැඩේ නවත්තලා අතත් පිහිදාලා… පුතුවත් වඩාගෙන සාලෙට ගියේය.
“ආහ්.. නිකිණි කලින්ම ඇවිත්නේ…
මම හිතුවේ වෙනදා වගේම පරක්කු වෙයි කියලා…
නේද සවිදු… මෙයා පුතාගේ කලින් බර්ත් ඩේ දෙකටම ආවේ රෑ වෙලානේ… ” සනුකි නෝක්කාඩු කියද්දි… නිකිණි හිනා වෙලා…
“නෑ අනේ… ඒ නිසාමයි ..
මෙදා සැරේ අපි නිවාඩු දාලා කලින්ම ආවේ නේද සුපුන්… ” එයාගේ හස්බන්ඩ් සුපුන්ගෙන් අහද්දි…
“ඔව්… ගිය සැරේ අපිට කනක් ඇහිලා ඉන්න බැරි උනානේ… ” සුපුන් හිනා වෙලා කියද්දි… හයියෙන් හිනා වුනු.. සවිදු…
“ඕකනේ.. උබට දවසක් ඉන්න බැරි උනා…
ඉතින් හිතහන්කෝ මගේ තත්වේ… ” සනුකිගෙන් ඈත් වෙලා කියද්දි.. සනුකි සවිදුට රවලා….
“සවී …වී ….”
හැමදේම හොදින් විසදුනා… ඒක පාර්ශිකව ආදරය කරපු සනුකිට අවසානේ සවිදුගේ බිරිද වෙලා ඒ පතපු ආදරය ලැබුනා…. සවිදුත් තමන්ගේ විවාහය පිලිගන්නට ආදරය කරපු නිකිණිව අත් ඇරලා සනුකිව පිලිගත්තා… නිකිණිත් සවිදුගෙත් සනුකිගෙත් විවාහ සම්බන්ධෙට බාධා කරන්නේ නැතුව… ගෙදරින් යෝජනා කරපු සුපුන්ව විවාහ කරගෙන හොඳ ජිවිතයක් ගෙවනවා… හැමෝම සතුටින් …
“මැණික…. ” ඇදේ ඇලවෙලා පුතුව නිදි කරමින් ඉන්න සනුකි ලගින් ඇල වුනු සවිදු සනුකිගේ ඉනෙන් අත දාලා පුතුගේ ඔලුව අතගාමින් සනුකිගේ උරහිසෙන් හිස තියාගෙන මුමුනද්දි…සනුකිත් ඇස් පියාගෙන…
“ම්ම් … “
“මට මෙච්චර ආදරය දෙනවට පිං මැණික…
මම ඔයාට ගොඩාක් ගොඩාක් ආදරෙයි…” සවිදු කියද්දී සනුකි ලොකු හුස්මක් ගත්තේ ඇස් වලට සතුටට නැගුනු කදුලු බිදුවක් කොපුල් හරහා යද්දි….
අවුරුදු ගානක් … තමන් අසන්නට පෙරුම් පිරු ඒ වචන මේ තරම් ආදරනීය විදිහට සවිදුගේ මුවින් පිට වෙද්දි සනුකි මුලු හිතින්ම හිතුවේ… තමන් අද කොයි තරම් වාසනාවන්තද කියලා… තමන් ආදරේ කරපු කෙනා සැමියා වෙලා ඔහුගෙන් සුරතල් පුතෙක් ලැබිලා ආදරය ලබන්නට මම පිං කර තිබුනා. ආදරෙයි මම මේ ජිවිතයට මගේ හුස්මට තරම් …
සමාප්තයි.
✒️සකුරා දුල්ෂි✒️
මම මේ කොටස් දහයේ පොඩි කතාව ලිව්වේ හිතට ආපු පොඩි අදහසක් නිසා…
විවාහයයි , ආදරයයි අතරේන් හැමවෙලාවෙම විවාහය ශක්තිමත්… ඒ නීතිමය බැදීම නිසාම වෙන්න ඇති… ආදර සම්බන්ධතාවක් කඩන ඉක්මනින් අපිට කවදාවත් බෑ විවාහ සම්බන්ධයක් කඩන්න… එහෙම විවාහ වුනු දෙන්නෙක් වෙන් උනත් ඔවුන් ජීවත් වන තාක්කල් වෙන විවාහයක් කරගත්තත් දික්කසාදය කියන කැළල නැතිවෙන්නේ නෑ… ඒ නිසාම මොන දේ උනත් ඉවසීමෙන් බුද්ධිමත් විවාහය ඇතුලේ වෙන ප්රශ්න වලට උත්තර හොයාගන්න ඕනේ…
සමහරු ආදරය නිසාම ආත්මාර්තකාමී වෙනවා.. ඒ නිසා කරන දේවල් එක පැත්තකින් සාධාරණ උනත් අනිත් පැත්තෙන් අසාධාරන වෙන්න පුලුවන්…
හදිස්සියෙන් විවාහ බැම්මකට බැදෙන්න උනු #සවිදු අන්තිමට තමාගේ ආදරයට වඩා විවාහය තෝරගන්නවා….
ආදරය නිසා ආත්මාර්තකාමි උනු #සනුකි අවසානය දක්වාම ආදරය විවාහය රැකගන්න හදනවා….
තමන්ගේ ආදරවන්තයාව අහිමී වීම නිසාම දුක් වූ #නිකිණි ඔහුව ලබා ගන්න උත්සහා කලත් පසුව ඇය විවාහයේ වටිනාකම අදුරගෙන… දෙදෙනාට බාධා නොකර තම දෙමව්පියන්ගේ අදහසට එකඟ වෙනවා …..
… #ඇයත්_සිත්තරාවියකි … කතාව අද සමාප්ත උනා…
ඔයාලට කොහොමද මේ කතාව දැනුනේ… කියලා කියන්නකෝ යාලුවනේ