හවස ගිහින් නිකිණිත් එක්ක කතා කරලා සවිදු එද්දි රෑ 7ත් පහු වෙලා….
සවිදු පුදුම උනේ වෙනදට තමන් එනකම් මග බලන් ඉන්න සනුකි අද පේන්නවත් නොහිටපු එක… ඒ නිසාම තාත්තා එක්ක සාලේ ටීවී බල බලා හිටපු අම්මාගෙන්….
“අම්මා… කෝ….සනුකි… ” කියලා අහද්දි…. යාලිනී ටීවී එක දිහා බලාගෙනම…
“අද නම් හවස කාමරයට ගිය පාර දුවට එහෙමම ඉන්ද ගිහින් … ” කියලා සවිදුට කියද්දි… යාලිනීට හිනා ගියේ… සවිදු එයාටම කියාගත්තු දේ ඇසීමෙනී.
“සනූට අසනීපයක්ද දන්නේ නෑ…. ” තමන්ටම මුමුණමින් කාමරයට ගියාම සවිදු දැක්කේ … ඇදේ මුනින් තලා වී නිදන් ඉන්න සනුකිවය.
සවිදු කෝකටත් කියලා සනුකි ගාවින් හිදගෙන… නළලටත් බෙල්ලටත් අත තියලා බැලුවේ ඇග රස්නේද කියලා… ලා රස්නයක් මිස උනක් නම් නෑ කියලා දැනගත්ත සවිදු යන්න යද්දිම සනුකි නිදි මතේම සවිදුගේ උකුලෙන් හිස තියලා…
“අම්මා… ඔලුව රිදෙනවා…
ටිකක් අතගාන්නකෝ …. ” කියලා හිමින් කියද්දි සවිදු හිනා වෙමින් හිමීට සනුකිගේ ඔලුව අතගෑවේය….
සවිදු දැන් නිකිණිව අමතක කරලා සනුකිට බිරිඳ ලෙස තැන දීමට අද හිතා ගත්තා… ඒකමයි තකහනියක්ම අද ගිහින් නිකිණිව හම්බුනෙත් … බලාපොරොත්තු නොවුනත් මේ ලැබිච්ච ජිවිතය බාරගන්න සවිදු තීරණය කලේය…
පහුවෙනිදා ගෙදරට ආපු කෙනා දැකීමෙන් සනුකි පුදුම උනත් වෙනසක් නොපෙන්නාම…..
“එන්න… නිකිණි… සවෙනි අක්කේ….
අද නම් කවුරුත්ම ගෙදර නෑ…
සවිදු හොස්පිට්ල් ගියා… මළ ගෙයක් වෙලා අම්මා ඉතින් එයා එහේ ගියා… ” වෙනසක් නැතිව සනුකි කියද්දි…
“එහෙනම් හොඳයි… නේද…
නිකිණි…
අපිට නිදහසේ ඔයා එක්ක කතා කරන්න පුලුවන්… ” සවෙනි සනුකිට කියද්දි…
“මා එක්ක කතාකරන්න..
මොනවද…
ඊට කලින් ඉන්නකෝ ඔයාලට බොන්න මොනව හරි හදන් එන්න… ” සනුකි කුස්සියට යන්න හදද්දි…
“එපා එපා… අපි බීලා ආවේ..
අපිට ඕනේ ඔයා එක්ක කතා කරන්න… ” නිකිණි කියද්දි… සනුකිත් ඒ අසලින් ඉදගත්තේ කතා කරන්නේ මොනවද කියලා දැනගන්න…
“මේකයි… ඔයා නිකිණිව අදුරන්නේ…
සවිදුගේ යාලුවෙක් හැටියටනේ..
ඒත් ඒක නෙමේ ඇත්ත…
නිකිණි කියන්නේ සවිදුගේ ගර්ල් Fරෙන්ඩ්… ” සවේනි කියද්දි….
“ඉතින් අක්කේ..මම සවිදුව බැදලා අවුරුද්දකුත් ගියාට පස්සේ…
ඇයි ඔයාලා මට ඒ දේ කියන්නේ… ” සනුකි පුදුමෙන් අහද්දි…
“නෑ මේකයි…
ඔයාලා බැදලා අවුරුද්දකුත් ගියාට …
සවීට බෑ මාව අමතක කරන්න….
මේ ඊයෙත් අපි හම්බුනා…
තේරුමක් නෑනේ ඔය ජිවිතේ…
දැන්වත් එයාව අත ඇරියොත් හොද නැද්ද….” නිකිණි කියද්දි…සනුකිට තේරුනා එදා තමන්ගේ ෆෝන් එකට ෆෝටෝ එවන්න ඇත්තෙත් මෙයාලා වෙන්න ඇති කියලා…
“නිකිණි…. ඔයා කියනවා වගේ ලේසියෙන් අත අරින්න…
මේක නිකන් සම්බන්ධයක් නෙමේනේ…
මේක විවාහයක්…
අනික ඔයාලා කොහොමද දන්නේ මගේ ජිවිතේ තේරුමක් තියනවද නැද්ද කියලා දැනගන්නේ … ” සනුකි නොරිස්සුමෙන් කියද්දි…
“නෑ.. ඉතින් එහෙම නම් සවිදු මාව හම්බෙන්න එන්නේ නෑනේ… ” නිකිණි කියද්දි…. සුසුමක් හෙළපු සනුකි…
“ඔයා ඔය තරම් ඔයාව හම්බවෙච්ච එක ගැන කියන්නේ ඇයි කියලා මම දන්නේ නෑ නිකිණි…
ඒත් මම දන්නවා… සවිදු කලින් ඔයාට ආදරය කරලා තිබ්බත් දැන් එයා ඔයාට ලං වෙන්නේ නෑ කියලා…
ඔයා හිතන්න එපා මම සවිදු ගැන දන්නේ නෑ කියලා…
මම සවිදු හිතන පතන විදිහ පවා දන්නවා….
එයා ඔයාට මොනම හේතුවක් නිසාවත් ආයි ඔයාට ලං වෙන්නේ නෑ…
ඒ ඔයා කීවනේ සවිදු ඔයාට ආදරේ කලා කියලා… අන්න ඒ නිසාමයි ඔයාට ලං වෙන්නේ නැත්තේ…
ඔයා කලින් වගේ උනාට සවිදු කියන්නේ දැන් කසාද බැදපු කෙනෙක්…
ඒ නිසා ඔයා සවිදුව අමතක කරන්න… මොකද..
මොන දේ උනත් මම සවිදුව අත අරින්නේ නෑ…
ඔයාලා ආවේ එ ගැන කතා කරන්න නම් මට කියන්න තියෙන්නේ එක වැඩක් නෑ කියලා ” එක හුස්මට සනුකි කියාගෙන යද්දි… නිකිණි සවේනි මුහුණට මුහුණ බලා ගත්තේ මෙවැනි දෙයක් එයාලා බලාපොරොත්තු නොවුන නිසා…
එයාලා හිතුවේ.. ඔය සිද්දිය කීව්වාම… එයාලට බැනලා… සවිදුටත් බොරු කලා කියලා බනී කියලා… ඒත් එයාලා නොදන්න එකම දේ සනුකි මේ හැමදේම දැනගෙන හිටියා කියලයි……
“දැන් මොකද කරන්නේ… නිකිණි..
ඒ කෙල්ල පුදුම කෙල්ලෙක්නේ..
සවිදුව අත අරින්නෙම නෑ කියනවනේ… ” සවේනි පුදුමෙන් නිකිණිට කියද්දි…. ටික වෙලාවක් කල්පනා කර කර හිටපු නිකිණි…
“මට දැන් කරන්න තීන්නේ එක දෙයයි … සවේනි ….”
නැවත හමුවෙමු