No photo description available.
Sakura Dulshi
todSoensrp7
u
a80
2
0uh
1
g
g
f07g9l60
ඇයත්_සිත්තරාවියකි 8 …

” දූ… ලොකූ තාම දවල්ටවත් කෑවේ නෑනේ…

දැන් වෙලාව හවස 3ත් පහු වෙලා … ” යාලිනී කියද්දි…

“ඔව්.. අම්මේ … උදේ එයාට වැඩක් තියනවා කියලා…
මට කරදර කරන්න එපා කිව්වා…

ඒකයි මම කන්නවත් කරදර කලේ නැත්තේ …. ” සනුකිට උදේ වෙච්ච දේ කියන්න බැරි නිසාමයි … ඇය මෙහෙම කිව්වේ…

සවිදු එයාට තනියෙන් ඉන්න ඕන කියලා කියපු වෙලාවේ ඉදන් සනුකි සවිදුගේ ඉස්සරහට ගියේ නෑ… සවිදුට මුහුණ දෙන්න බැරි කමක් වගේ ඇයට දැනුනා….

“දුව… ඔයාලා සතුටින් නේද … ” යාලිනී එකපාරටම අහද්දී… සනුකි ගැස්සිලා යාලිනී දිහා බැලුවා…

“ඇ..ඇයි… අම්මේ…
අපි ගොඩාක් සතුටින්… ” සනුකි බය වෙලා වගේ කියද්දි… සුසුමක් හෙළපු යාලිනී… සනුකිගේ ඔලුව අතගාලා…

“නිකන් දරුවෝ..
ඔයාලා සතුටින් නම් ඇති…

නැත්නම් මට දැනෙයි.. මම වරදක් කලා වගේ හැගීමක්… ” යාලිනී කියද්දි…. සනුකි හිනා වෙලා…

“අපි සතුටින් අම්මේ…. ” කියද්දි…

“හ්ම්… එහෙනම් කමක් නෑ…
දැන් දුව ගිහින් පුතාට කන්න එන්න කියන්නකෝ… “

සවිදුට කන්න අඩගහන්න කාමරයට ගියපු සනුකි නැවතුනේ බාත් රූම් එකේ ඉදන් තුවායක් ඇදගෙන එන සවිදුව දැකීමෙනි. විවාහා වෙලා අවුරුද්දකුත් වෙලා දෙන්නගේ සමීප සම්බන්ධතාවක් නැති නිසාම මීට කලින් සවිදුව මෙහෙම දැකලම තිබුනේ නෑ… ඒ නිසාම සනුකි ගිය වේගෙටත් වඩා අනිත් පැත්තට හැරුන විදිහ දැකලා සවිදුටත් හිනා ගියා…

“ඇයි… ආවේ … ” සවිදු සැරෙන් වගේ අහද්දි… බය උනු සනුකි..

“මේ…මේ…. අ..අම්මා කිව්වා…
දවල්ට කන්න එන්න කියන්න කියලා… ” සනුකි හිමින් කියද්දි…

“ඔව්.. ඉතින් මම කන්න ඕනේ කියලා මතක් වෙන්නේ මගේ අම්මට විතරනේ … ” සවිදු කියද්දි… සනුකි ගැස්සිලා ඉබේම සවිදු දිහා බලලා…

“ඈ..හ් … “

“ඈහ් නෙමේ…
මම දිහා කන්න වගේ බලන් ඉන්නේ නැතුව ..
ගිහින් බෙදනවා… ” කියලා සවිදු කියද්දි…

“වැඩේමයි… කන්න වගේ බලන්න .. ” සනුකි මුමුන මුමුන යද්දි ඒවා ඇසුන සවිදුටත් හිනා ගියා…

“පිස්සු කෙල්ල … ” තමන්ටම මුමුනමින් සවිදු ඇදුම් තෝරන්න පටන් ගත්තා…

සවිදුත් ගියාට පස්සේ සනුකි ෆ්බී පැත්තේ රවුමක් දාන්න හිතලා…. ඇදේ වැතිරිලා කොට්ටෙත් තුරුල් කරගෙන ෆෝන් එක ගත්තා විතරයි …. සනුකිට දන්නේ නැති නම්බර් එකකින් වට්ස් ඇප් එකෙන් මැසේජ් වගයක් ඇවිත්…. ඒ නිසා ෆ්බී යන්න කලින් මැසේජ් බලන්න හිතලා ඔන් කරද්දි… කව්ද මන්දා සනුකිට ෆොටෝ වගයක් එවලා ….

සැහැල්ලුවෙන් ෆොටෝ බලද්දි සනුකිගේ ඇස් වලට ඉබේම කදුලු ආවේ.. ඒ ෆොටෝ වල ඉන්න දෙන්නා දැකලා…. එතන හිටියේ සවිදුයි නිකිණි… තමන්ගේ කදුලු පිහිදගෙන… තමන්ගේ හිතටම සනුකි තරවටු කර ගත්තේ…

“ඇයි උබ මෝඩී වගේ අඩන්න හදන්නේ…
උබට තිබ්බා හොයලා බලන්න ….

සවිදුගෙන් ප්‍රොපොසල් එක ආව ගමන් කිසි දෙයක් හොයන්නෙ නැතිව කැමති උනානෙ …
සවිදු කව්ද කියලා හොඳට දැනගෙන .. අර කෙල්ල එක්ක තාම යාලුද කියලා හොයන්නෙවත් නැතිව….

උබ උබේ හිත රවට්ටගෙන සවිදුව බැද ගත්තනේ…
දැන් ඉතින් කුම්බලා මාලු කෑවා නම් විදවපන් බළලෝ වගේ… ඉදපන්…” කියලා හිතේ එක පැත්තක් කියද්දි… ඒ හිතම …

“නෑ නෑ.. සවිදු දැන් නිකිණි එක්ක යාලු නෑ…
ඒ මට ද්‍රෝහි වෙන්න බැරිකමකට වඩා…

එයා කැමති නෑ… එයා ආදරේ කරපු ගෑනු ලමයට වරදක් වෙනවට … “

සනුකිගේ හිත පිල් බැදලා සවිදුට පක්ෂවයි විපක්ෂවයි තර්ක කරද්දි…. සනුකිට මතක් උනේ ඒලෙවල් ඉවර වෙලා බ්‍රිටිශ් වේ ඉන්ග්ලිස් කෝස් එක කරද්දි… ගෙදර යන්න ගම්පහ බස් එකට නගින්න හදද්දි… ඒ බස් එකේම පිටි පස්සේ සවිදුයි නිකිණි ඉදගෙන කතා කර කර එයාලගේ ලෝකයක ඉන්නවා දැකපු හැටි…

සිතිවිලී වලින් තමන්ගේ හිත විසිරෙද්දි… සනුකි ෆෝන් එක අරන් රේඩියො දා ගත්තේ හිත හදා ගන්න… ඒත් ඒ ගිය සිංදුව ඇහුනාම … මේ සිංදුත් තමන්ගේ හරහටමයි කියලා හිතුන ….

—- නොබලා මා දිහා ඔයා යනවා කාගෙදෝ වෙලා
සඟවා වේදනා දරා හැමදා ආදරේ කලා
ඔබ නොයෙනා නිසා කවුරුත් එපා තනිවීලා ඉන්නවා …

සිනාවන් ගෙනා වසන්තේ දමා
කොහේ යන්නදෝ පියාඹලා

ඔයාගෙන් එහා ලොවක් නෑ මවා
මගේ ජිවිතේ මගේ ඔයා…..

පෙම් කෙරුව ඒ අතීතේ වෙන් වී ගියා
මාගේ බව කීව ඔබ දැන් ඇයගේ වෙලා

දැනෙනා මිලාන වේදනා සඟවා හිදින්න බෑ සදා
ඉකි ගා හඬාලා රෑ පුරා පෙර පෑ සිනාව සේදුනා
බලාන ඉන්නවා සිතා ….

සිනාවන් ගෙනා වසන්තේ දමා
කොහේ යන්නදෝ පියාඹලා…

සන්තෝස යාමේ රහසින් බොදවී ගියා
දුක් වින්ද කාලේ සැනෙකින් ලැබිලා මෙදා

මතකේ තියාන කී කතා දිවියේ පුරාම ඉන්නවා
මට දාලා යන්න බෑ ඔයා

නොපමාව එන්න මා සොයා
සමාව තියෙනවා සදා

සිනාවන් ගෙනා වසන්තේ දමා
කොහේ යන්නදෝ පියාඹලා

ඔයාගෙන් එහා ලොවක් නැ මවා
මගේ ජිවිතේ මගේ ඔයා…..

නොබලා මා දිහා ඔයා යනවා කාගෙදෝ වෙලා
සඟවා වේදනා දරා හැමදා ආදරේ කලා

ඔබ නොයෙනා නිසා කවුරුත් එපා තනිවීලා ඉන්නවා …….

නැවත හමුවෙමු