ඇයත්_සිත්තරාවියකි 7…

“සනුකි ….
මම ඔයාගෙන් දෙයක් අහන්නද … ” හවස තේ එකත් අරගෙන ආපු සනුකිගෙන් සවිදු අසද්දි… සනුකි ගැස්සුනා… මේ සවිදු තමන්ගේන් අහන්න හදන්නේ මොනවද කියලා…

ඒත් ඇය තේ එක දීලා සවිදු එක්ක හිනා වෙලා….

“හා … අහන්න … ” කිව්වේය.

“ඒලෙවල් කාලේ අපි ෆ්බී එකේන් මැසේජ් කරද්දි ….
මම ඔයාට කියපු දේවල් මතකද … ” සවිදු අහද්දි සනුකි සවිදු දිහා හොරෙන් බැලුවේ…. දැන් නම් කියන්න වෙනවාම කියලා හිතලා..

“හ්ම්…
මතකයි … “

“ම්ම්…
එතකොට ඔයා දන්නවා…
මට ගර්ල් ෆ්රෙන්ඩ් කෙනෙක් හිටියා කියලා නේද … ” සවිදු අහද්දි සනුකිට එකපාරටම ගැස්සුනා ….

“ම්ම්… ඔව්…. අවුරුදු 6යකට කලින්…
ඒත් ඔයාලගෙන් ප්‍රෙපෝසල් එකක් ඒක මම දැනගෙන අවුරුදු 5කට පස්සේ ආපුවාම….

මම හෙව්වේ නෑ… තාම ඔයාලැ අතර සම්බන්දයක් තියනවා කියලා…
ඒ වගේම ඔයාව මට ප්රෙපෝස් කරපු වෙලාවේ මට බෑ කියන්න හිතුනේ නෑ…

මොකද මම හැමවෙලාවෙම හිතුවේ ඔයා මගේ වෙනවා නම් කිය…ලා …. ” සනුකි හිමීට කියද්දි… සවිදු සුසුමක් හෙළලා …

“හ්ම්… මට දැන් තනියෙන් ඉන්න ඕනේ…
ඔයා යන්න … “කියද්දි… සනුකිත් කාමරේට ගියා….

සනුකි කාමරේට ගිහින් එයාගේ මැසෙන්ජර් ඔන් කරලා බැලුවේ එදා සවිදු එවපු මැසේජ්…

ඒලවල් ඉවර කරලා ගෙදර ඉද්දි… සවිදුව අහම්බෙන්වත් දකින්න විදිහක් නැති වෙද්දි… සනුකි කලේ ෆෙස්බුක් පිටුව පෙරලලා සවිදුගේ අකවුන්ට් එක හොයපු එක… එදා ඒ එකවුන්ට් එක ලැබුන වෙලාවේ රටක් රාජ්යක් ලැබුනා වගේ හැගීමක් ආවේ… කොහොම හරි සනුකි දැම්ම රික්වෙස්ට් එක සවිදු ඇක්සෙප්ට් කලාට පස්සේ දෙන්නා සාමාන්‍ය විදිහට මැසේජ් කලා… සනුකි කොච්චර ආස උනත් කල්පනාවෙන් මැසේජ් කලේ… මොකද එයාට ඕන උනේ නෑ පොඩි වැරැද්දකින් සවිදු එයා එක්ක මේ තරම්වත් මැසේජ් කරන එක නවත්ත ගන්න….. කොහොමහරි එක සිදුවීමක් උන නිසා…

Hi savidu . Mn ada oyawa dakka..
Kawda ?ara lagin htiye girl friend da..

Hmm girlfriend thmai
Why any problem?

no.. nikan ahuwe.. eth ai oya mgen ehema ahuwe ..
Why any problem ?

oyata monada magen dana ganna ona?

Nop. Nikan..

Really.. nothing special.. ok then …
oyage girl friend nm hoda patai.. ai dannawada..

Oya fb eke dala thiyenne single kiyalane.. eka nisa..

Ow itin girlfriend kenek innwa kiyla ratatma kiynna ona nane

Ow eka nm aththa.. eth mn deyak ahannm.. wardawa hithanna epa .. ok
godaak aya kamathi thamangea girlwa pennanna…

eth oya ehema naththe… awankawamada ?

Ow mn awankwmai karanne. Eya honda patai nemei eya mta hondtma hondai
She,s my girlfriend and i love her truly

Eya mta savii kiyna nisa tmai mn mge fb name ektath eka damme.
Bye

ok.. sorry.. mn ehema ahuwe oya kiwa de nisa.. misak wena dekata neme..
I’m really sorry .. oyawa tharaha gassuwata.. bye savindu

එදා තමයි සවිදුයි සනුකියි මැසේජ් කරපු අන්තිම දවස…. ඒත් කෙල්ල ලග තාමත් ඒවා සුරැකිව තියනවා….

“එදා මම අහපු දේවල් වැරදි ඇති… ඒත් ඔයා දුන්නු උත්තර වලින් මගේ හිත ගොඩාක් රිදුනා.. ඒ නිසායි මම ඔයාව අමතක කරන්න හැදුවේ…. ඒත් මට කරන්න පුලුවන් උනේ නෑ… කෙනෙක් කියයි මම මෝඩයි කියලා… තමන්ට ආදරේ නොකරන කෙනෙක්ට ආදරය කරන එක..

එහෙමත් නැත්නම් බලාපොරොත්තු වෙන එක… ඒත් මම කියලා මොනා කරන්නද… මම සතුටින් ඉන්නවානේ ඒ දේ නිසා… සවිදු ඔයා මට කොයිතරම් රිද්දුවත් ගනන් නොගෙන හිටියත් මම ඉවසනවා… ඒ ඔයා ඉන්නේ මගේ ළගින් නිසා…. “

සනුකිට යන්න කියපු සවිදු කල්පනා කලේ සනුකි ගැන…

සවිදුට තරහයි තමන්ගේ ආදරයට අකුල් හෙලපු සනුකි ගැන .. ඒත් ඒකට සනුකි විතරක් නෙමේ… තමනුත් වැරදියි කියලා සවිදුට හිතුනා… සවිදුට එවලේ නිකිණිට වඩා වැදගත් උනේ එයාගේ පවුල.. ඒකයි සවිදු සනුකිව බැන්දේ… ඉතින් දැන් සනුකි කියන්නෙත් සවිදුගේ පවුල…. ටිකක් වෙලා හිතපු සවිදු තීරණය කලේ…. නිකිණිව ගිහින් හම්බවෙන්න ඕනේ කියලා ….

සවිදු විවාහ උනාට පසුව වෙනදා මෙන් තනියෙන් නිකිණිව මුණ ගැසුනේවත් නැත… ඒත් අද සවිදුට ඕනේ නිකිණිව තනියෙන් මුණගැසෙන්න …

“හෙලෝ … නිකිණි…
මම සවිදු කතා කරන්නේ … ” වෙනදට සුදු නෝනා, මැණික, චූටි කියලා නිකිණිට කතා කරපු සවිදු අද හිතලමයි … නම කියලා කතා කලේ…

සවිදු කතා කරපු විදිහෙන් නිකිණිට දුක හිතුනත්… සාමාන්‍ය විදිහටම ….

“නම කියන්න ඕන නෑ මහත්තයෝ…
ඔයා මට කාලයක් කතා නොකලට…

මම ඔයාගේ නම්බර් එක අයින් කලේ නෑ … ” කියද්දි… සවිදුට ඉබේම සුසුමක් පිට උනා…

“හ්ම්… මට ඔයාව හම්බෙන්න ඕනේ..
තනියම… අද පුලුවන්ද … “

“පුලුවන් පුලුවන්…
මම ලීව් එකක් දාන්නම් … ” කියලා නිකිණි ප්‍රේබෝධයෙන් කියද්දි…

“හ්ම්.. එහෙනම් මම තියන්නම් … ” කියලා සවිදු දුරකථනය තිබ්බේ… තවත් ඒ සතුට විද දරාගන්න බැරුව….

නැවත හමුවෙමු