ඇයත්_සිත්තරාවියකි 6…
ඩියුටි ඉවර වෙලා සවිදු ගෙදර යන ගමන් සනුකිලා ඉන්න ප්‍රේස්ට්‍රි ශොප් එකට ගොඩ උනේ කේක් එකක් ගන්න…. මොකද අද සවිදුට හිතුනා හවස තේ එකත් එක්ක කේක් කෑල්ලක් කෑවා නම් කියලා…. කේක් අරගෙන ආයි යන්න හැරෙද්දි… සවිදු දැක්කේ කෙල්ලෝ වගයක් වට කරන් ඉන්න සනුකිව… සනුකිව මග හැරලා යන්න හදපු සවිදු නැවතුනේ… ප්‍රභාෂි කියපු දෙයින්… ඒ සේරම අහන් ඉදපු සවිදු…
“මේ කෙල්ල මට ආදරය කරලද….
ඒක පාර්ශික ආදරයක්… අවුරුදු ගානක් තිස්සේ…
මම එච්චර ගනන් ගන්නේ නැතුව ඉද්දිත් මගේ හැමදේම කරලා සද්දයක්වත් නැතුව ඉන්නේ මට ආදරේ නිසාද … ” තමන්ටම මුමුණ ගත්තු සවිදු… සනුකිගේ ලගට ගියේ…. ඇයව අපහසුතාවෙන් මුදවන්න හිතාගෙන…
“සනූ… ගෙදර යන්නේ නැද්ද…. ” තමන් ලගට ඇවිත් ආදරෙන් කතා කරපු සවිදු දිහා සනුකි ඇස් ලොකු කරලා බැලුවේ පුදුමෙන්…
ඒත් ඒ දේවල් ඇසුනු අනිත් අය පුදුමෙන් දෙන්නා දිහාම මාරුවෙන් මාරුවට බලද්දි…. ප්‍රභාෂි…
“ඒ..ඒතකොට සනූ…
උබ බැන්දේ සවිදුවද …” කියලා අහද්දි සවිදුටවත් සනුකිටවත් උත්තර දෙන්න නොදී….එෂානි…
“ඔව්… මේ දෙන්නා තමයි බැදලා තියෙන්නේ… ” කියලා කීවේ සතුටින් ඉපිලෙමින් ය…
“අපි දැන් යන්නද …. ” කියලා සනුකි අහද්දි… අනිත් අය ඒ පාර නම් මුකුත්ම නොකියා ඔලුව වැනුවා…
“එහෙනම් පරිස්සමින්…
බුදු සරණයි… ” කියලා සනුකි එෂානි දිහාවට හැරිලා…
“එෂානි…
ඔයා කොහොමද යන්නේ … ” සනුකි එෂානිගෙන් අහද්දි… එෂානි…
“අනුරාධ එනවා කිව්වා….
ඔයා සවිදු එක්ක යන්නකෝ… ” කියලා සවිදුට නොපෙනෙන්න සනුකිට ඇහැකුත් ගැහුවා….
දෙන්නම කාර් එකට නැගලා කිසිම කතාවක් නැතුව යද්දි… සනුකි රේඩියෝ එක ඔන් කලේ නිශ්ශබ්දතාවය තවත් ඉවසගන්න බැරුව …..
—-තව මොහොතක් මේ තරම් ලං වී ඉන්නවා නම්
හද දොරගුලු විවර කරන් රහසින් පවසන්නම්
අදහන්නට බැරි තරමට ආදරේ අරන්
තනිය පිරුනු මගේ හිත ඔබ පාට කල තරම් ……..
පොත් පිටු අතරෙම නැවතුනු මගේ හිත ආයෙත් හිනැහෙනවා
පෙම්පත් ලියනට හුරු නැති අත මගේ තාමත් ගැස්සෙනවා
සිනාසෙන්න කියාදුන්න රත්තරන් ඉතින්
සදාකල්ම දෙනවද ඔය ආදරේ ඉතින් …..
තව මොහොතක් මේ තරම් ලං වී ඉන්නවා නම්
හද දොරගුලු විවර කරන් රහසින් පවසන්නම් ……..
ආත්ම ගනනක පැතුමක සුන්දර සිහිනය සැබැවෙලා
මගේ ලෝකය ලග නැවතුන ඔබ මට ජිවිතයම වීලා
සිනාසෙන්න කියාදුන්න රත්තරන් ඉතින්
සදාකල්ම දෙනවද ඔය ආදරේ ඉතින් …..
තව මොහොතක් මේ තරම් ලං වී ඉන්නවා නම්
හද දොරගුලු විවර කරන් රහසින් පවසන්නම්
අදහන්නට බැරි තරමට ආදරේ අරන්
තනිය පිරුනු මගේ හිත ඔබ පාට කල තරම් ……..
සිංදුව පටන් අරගෙන අවසානේ තෙක්ම සනුකි බලන් හිටියේ සවිදු දිහා…
“මම වෙනස් උනේ .. ඒ හැමදේම ඔයා නිසා සවිදු… ඔයාව දැක්ක ඒ පළමු මොහොතේ ඉදලා මේ අද තෙක්ම මගේ ඇස් හෙව්වේ ඔයාවම විතරයි… මම කලේ වැරැද්දක් වෙන්න ඇති…. ඒත් ඔයාගේ ගෙදරින් මට යෝජනාවක් ආවාම…
මට බෑ කියන්න හිතුනේ නෑ… මම ඔයා කවදාවත් ලැබෙන්නේ නෑ කියලා මගේ හිත කියද්දිත්… ඒ හිතම දිගටම ඔයාට ආදරේ කලා… මට ඕන තැනක දිවුරන්න පුලුවන්.. මේ අවුරුදු ගානටම මගේ හිතේ හිටියේ ඔයා විතරයි කියලා…
ඔයා වෙනුවෙන් මම මාවම වෙනස් කලා.. මොකද මට ඕන උනේ එකම දෙයක් විතරයි.. ඒ ඔයාට ගැලපෙන කෙනෙක් වෙන්න…. එහෙම හැමදේම කරපු මට ඔයා මගේ ලඟටම ආපුවාම මොන දේ උනත් ඔයාව අයින් කරන්න ලෝභ හිතුනා….
මම හරියටම මෙහෙමයි කියලා නොදැන හිටියට මම දැනගෙන හිටියා ඔයාට ගෑණු ළමයෙක් හිටියා කියලා… ඔයා ඒ සම්බන්ධය රහසින් පවත්වද්දි…. මට ආපු ආරංචි වලින් මම දැනගත්තා…. ඒත් එහෙම දැනගෙනත් මම මුකුත්ම නොකලේ මට බැරි නිසා ඔයාව එපා කියන්න…. ඔයා දන්නවා නම් මේ හැමදේම මම දන්නවා කියලා… මට කවදාවත් සමාව දෙන්නේ නැති වෙයි … “
සවිදු දිහා බලමින් හිතපු සනුකි ඉක්මනට අහක බලාගත්තේ ඇස් වලට කදුලු උනපු නිසයි… සවිදු කිසි දෙයක් දැක්කේ නෑ වගේ හිටියත් ඒ හැමදේම සවිදු දැක්කා… මෙච්චර කල් සවිදුට සනුකි ගැන නොදැනුනු අමුතුම හැඟීමක්…
අද මෙච්චර කල් තමන්ට ආදරේ කරනවා කියලා ඇහුනාම දැනුනා…
නැවත හමුවෙමු