49 වන කොටස
කල්පනාවක දැවටිලා හිටපු චේතනා එකපාරටම ගෑස්සුණේ සුපර්මාකට් එක ලඟ දි මුණ ගැහුණ ඒ දෙන්නා දැකලා…
චේතනා ලජ්ජාවට බිම බලා ගත්තා …
ගිහාන් පුදුමයෙන් දෑස් විසල් කරගෙන ඒ දෙන්නා දිහා බැලුවේ කොළඹ ඉන්න මේ දෙන්නා මෙහේ මොනවද කරන්නේ කියලා හිතාගන්න බැරුව….
දැන් මම කොහොමද ලක්ෂිකා ටයි චමිලටයි මුහුණ දෙන්නේ ….
ගිහාන් මුහුණ රතු කරගෙන ලක්ෂිකායි චමිලයි දිහා මාරුවට මාරුවට බැලුවා..
“ගිහාන් සර්….”
ලක්ෂිකා එහෙම ඇහුවේ පුදුම වෙලා වගේ…
ලක්ෂිකා ගිහාන් දිහායි චේතනා දිහායි බැලුවේ පුදුම වෙලා වගේ…
හැංගි හැංගි වෙස් බැන්දාට නටන්න වෙන්නේ එළිපිට කියන්නේ නිකන්ද?
මාවත් කොළඹට මාරු කරලා යැව්වේ මේ නාඩගම් නටන්න ඕන නිසානේ….
ලක්ෂිකා එහෙම හිතුවා…
“ලක්ෂිකා කොහෙද මෙහේ…”
ගිහාන් එහෙම ඇහුවම ලක්ෂිකාට කට කොනකින් හිනා ගියා…
“අපේ චමිලගේ මහගෙවල් තියෙන්නේ මෙහේ නේ සර්..කාලෙකින් ඒ පැත්තේ යන්නත් බැරි වුණා….”
චේතනා බිම බලාගෙනම උන්නේ ලක්ෂිකාටයි චමිලටයි මුහුණ දෙන්න බැරුව…
කොහොම මුහුණ දෙන්නද?ලක්ෂිකාට ගිහාන්ගෙන් ඈත්වෙනවා කියලා දහඅතේ දිවුරපු දිවුරිල්ලට…
“එහෙමද?..”
“කපල් එක මේ කොහේ යන ගමන්ද?..
ලක්ෂිකා එහෙම ඇහුවාම ගිහාන්ට ලැජ්ජා හිතුණා..
ලක්ෂිකා මේ දේවල් කොහොමද දැනගත්තේ ගිහාන් කල්පනා කරන්න ගත්‍තා..
සමහරවිට අපේ ඔෆිස් එකේ මාර්ගයෙන් හෙඩ් ඔෆිස් එකටත් මේ දේවල් ප්‍රචාරය වෙන්න ඇත්තේ..
හෙඩ් ඔෆිස් එකේ මිනිස්සුත් මට හිනාවෙනවා ඇති ගිහාන්ට එහෙම හිතුණා…
“අපි මේ ගෙදරට බඩු වගයක් ගන්න ආවා…”
“දෙන්නා එක්ක එකට බඩු ගන්න යන එක හොඳයි…”
ලක්ෂිකා එහෙම කිව්වාම චේතනායි ගිහානුයී මුහුණට මුහුණ බලාගත්තා..
“කොහොමද චමිල දැන්..?.”
ගිහාන් එහෙම ඇහුවේ කතාව වෙනතකට හරවන්න වගේ…
“හොඳයි ….කොළඹ ජීවිතේ දැන් ඉතින් පුරුදුයි”
“කොහොමද සර් දැන් ළමයි දෙන්නට එහෙම…”
“හොදින් ඉන්නවා…”
“සර් ඉතින් වැඩි විස්තරයක් දන්නේ නැතුව ඇති.සර්ට ඉතින් දැන් ඕවා හොයන්න වෙලාවක් නැතුව ඇති…”
ලක්ෂිකා එහෙම කියපු ගමන් ගිහාන්ගේ මුහුණ කළු වෙලා ගියා…චමිල ලක්ෂිකා දිහා බැලුවේ තරවටුවාත්මක බැල්මක් හෙළමින්….
ඒත් ලක්ෂිකා ඒගැන පොඩ්ඩක්වත් ගණන් ගත්තේ නැහැ…
“සර් හිටියත් හිරූෂා මිස්නේ තනියම ළමයි දෙන්නාව බලාගෙන හිටියේ..ඒ වගේ අම්මා කෙනෙක් ඉන්න දරු දෙන්නෙක්ට වරදින්නේ නෑ ඉතින්…”
“ඔව්..පුතා ඕලෙවල් එක්සෑම් එක හොඳට පාස්වුණා….හිරූෂාගේ මහන්සිය තමයි…”
“මිනිස්සුන්ට ඒ වගේ රත්තරන් ගෑ/නු/න්/ව වටින්නේ නෑ…හැමතැනම ඉන්නේ අනුන්ගේ මි/නි/ස්/සු/න්/ව අල්ලගන්න මාන බලන ගෑ/නු/නේ.මිනිස්සුත් තමන්ට රත්තරන් ටිකට ඉන්න ගෑ/නි/ට වඩා කොහෙවත් යන චාරයක් නැති ගෑ/නු/න්/ව ලොකු වෙනවා….”
ලක්ෂිකා එහෙම කිව්වා විතරයි ගිහානුයි චේතනායි මුහුණට මුහුණ බලාගත්තා…
ගෙදරදි ගිහාන්ගේ වදන් වලට තුවාල වෙලා තිබුණු චේතනාගේ හිත තවත් පෑරුණා…
චේතනාගේ ඇස්වලට කදුළු ඉනුවා…
ලක්ෂිකා කතා කරපු දේවල්වලට ගිහාන්ට කට උත්තර නැතිවුණා…ගිහාන් නිහඬව හිටියේ කර කියාගත දෙයක් නොහැකිව……
“අපි යන්නම් ගිහාන් සර්…පස්සේ වෙලාවක සෙට් වෙමු…”
චමිල එහෙම කිව්වේ ලක්ෂිකා නිහඬ නොවෙන බව දැනගෙන….
“හා…චමිල දෙන්නත් එක්ක වෙලාවක ඒ පැත්තේ එන්න..”
ගිහාන් එහෙම කිව්වේ සමුදෙන්න සූදානම් වෙලා..
“සර්ලා ඉතින් අලුත බැදපු ජෝඩුව නේ..අපි මොකටද ඇවිත් කරදර කරන්නේ..”
“අපි යමු ලක්ෂිකා..”
චමිල එහෙම කිව්වේ ලක්ෂිකාව මෙල්ල කරගන්න නොහැකි වෙච්චම තැන…
මම මේ මොනවාද කරගත්තේ සමාජයේ මිනිස්සු හැමෝම මැද්දේ හරියට නිකන් මාව නි/රු/ව/ත් වුණා වගේ නේද කියලා ගිහාන්ට හිතුණා…..
පුංචි අම්මායි බාප්පායි දෙවනිගමන ඉවරවුණ ගමන් ඇඳුම් බෑග් එකත් අරගෙන ආවේ හිරූෂාගේ ගෙදර ටික දවසකට නතර වෙන්න…
“එපා නංගී.අපි හින්දා කරදර වෙන්න..මේ ඔයාලා දෙන්නා තනියම නිදහසේ ඉන්න ඕනේ කාලේ…”
හිරූෂා කොච්චර එහෙම කිව්වත් හිරූෂාගේ නංගී නම් කනකට වත් ගත්තේ නෑ…
“මටත් චූටි දූව හරියට මතක් වෙනවා.මම ටිකක් ඇවිත් දූගේ හිත හදලා යන්නම්..”
පුංචි අම්මයි බාප්පයි ආපු ගමන් චූටි දු ඒ දෙන්නාව පොඩ්ඩක්වත් ගණන් ගත්තේ නැහැ…
පුංච් ටික වෙලවක් ගිහින් බලෙන්ම කේශාරා දුවව වඩාගෙන එක්ක ආවේ කාමරයට…
කාමරයේ ඇඳ උඩ හිටපු බාප්පා දැකපු ගමන් චූටි දුව ආයේ අඬන්න ගත්තා…
“අඩන්න එපා බබා.ඔයා බාප්පට බයයිද?..”
බාප්පා එහෙම ඇහුවේ බෑග් එකේ තිබ්බ ලොකු චොක්ලට් එකක් අතට අරගෙන කේශාරා බබාට පෙන්වන ගමන්…
චොක්ලට් එක දැක්කා විතරයි කේශාරා දුවගේ ඇඬිල්ල එකපාරටම නැවතුණා…
“බාප්පා ළඟට එනවද?ආවොත් විතරයි..චොකෝ දෙන්නේ.”
බාප්පා එහෙම කිව්වම චූටි දූ ඔලුව දෙපැත්තට වනලා බැහැ කියලා කීවා….
“බැහැද?.එහෙනම් චොකෝ දෙන්නේ නැහැ…”
බාප්පා එහෙම කිව්වම චූටී දෝණි බාප්පා දිහා බැලුවේ ඇස් වලින් හිනාවෙන ගමන්…
බාප්පා හිතුවා වගේ නරක නෑනේ..
එයාත් පුංචි වගේම හොඳයි….
චූටි දෝණිට එහෙම හිතුනා…
“එනවද?ආවොත් චොකෝ දෙනවා..”
බාප්පා එහෙම කියලා අත දිගු කරා විතරයි චූටි දූ බාප්පගේ අතට පැන්නා..බාප්පගේ අතට ගියා විතරයි චූටිදූට චොක්ලට් එක හම්බවුණා..
චූටිදූ බාප්පයි පුංචියි එක්ක ඇඳේ හාන්සි වුණා..බාප්පාගෙයි පුංචිගෙයි මැද්දේ චුටි දූ හාන්සි වුණා…
“චූටි මැණික.පුංචි එක්ක ඔයා තරහා වෙලා හිටියා නේද?..යාළුයි නේද දැන්..”
පුංචි එහෙම කිව්වාම චූටි දූ ලැජ්ජාවෙන් හිනාවුණා..
“බාප්පා එක්කනම් යාළුයි නේද බබා..?..”..
චූටි දූ බාප්පයි පුංචියි දිහා මොහොතක් බලාගෙන හිටියා.
බාප්පා හිතුවා වගේ නරක නෑ.
බාප්පත් මට ආදරේ…
බාප්පා පුංචිව මගෙන් උදුරගන්න එකක් නැහැ….
චූටි දූ එහෙම හිතුවා…
“කතා කරන්නකෝ කේශි බබා..ඔයා පුංචි එක්ක යාළුයි නේද?…දැන් කතා නොකර හිටියා ඇති..”
පුංචි එහෙම කියපු ගමන් චූටි දෝණි ලැජ්ජාවෙන් ඇඹරෙන්න ගත්තා…
“යාළුයි….”
කේශාරා දුව එහෙම කිව්වා…
“කෝ ඉතිං මොනාද බබාගේ ස්කූල් එකේ විස්තර කියන්නකෝ බාප්පිටයි පුංචිටයි…”
ඔන්න ඉතිං චූටි දෝණිගේ උපවාසේ ඉවරවෙලා…ගිරවියෙක් වගේ බාප්පයි පුංචියි එක්ක කියවනවා….
“අක්කේ මෙහේ එන්න…”
නංගි හිරූෂාට කෝල් එකක් අරන් එහෙම කිව්ව පරක්කුවට හිරූෂා නංගිගේ කාමරේ ළඟට ඇවිත් දොරට තට්ටු කරන්න ගත්‍තා..
“දොර ඇරලා තියෙන්නේ එන්න අක්කේ…”
හිරූෂා නංගිගේ කාමරය ඇතුළට ගියා.. චූටි දූ බාප්පයි පුංචියි එක්ක ගිරවියක් වගේ කතා කරන හැටි අහන් හිටියාම සතුට වැඩිකමට හිරූෂාගේ ඇස්වල කඳුළුත් පිරුණා..
දවස් ගානක් කතා නොකරපු චූටි දූ ලස්සනට කතා කරනවා..
හිරූෂාගේ හිත සතුටින් ඉපලුණා.
“චූටි දූ අම්මාට සොරි කියලා කියන්න..ආයේ බබා තරහා වෙලා මේ වගේ නෝටි වෙන්නේ එහෙම නෑ..අම්මා ගොඩාක් බයවෙලා හිටියේ.අම්මා පව් බබා..”
පුංචි එහෙම කිව්වා විතරයි චූටි දු අම්මාගේ ළගට ගිහින් අම්මාගේ අතේ එල්ලුණා..
“සොරි අම්මී…”
චූටිදූ එහෙම කිව්වේ අම්මාව තුරුල් කරගන්න ගමන්…
කාලෙකින් හිරූෂා චූටි දූව උදේ පාසලට බස්සවලා සඳුනිව හම්බවෙන්න සඳුනිගේ ඔෆිස් එකට ගියා..
සදුනිගේ කාර්‍යලයේ විසිටර් රූම් එකට වෙලා හිරූෂා සදුනි එනකම් මඟ බලාගෙන හිටියා…
“ඉතින් ඉතින් හිරූ…කොහොමද?..?.”
සඳුනි හිරූෂා ළඟින් වාඩිවුණේ එහෙම අහනගමන්…..
“හොඳින් ඉන්නවා සඳූ .මම ආවේ ඔයා එක්ක මගේ බිස්නස් එක ගැන කතා කරන්න…පොඩි ඇඩ්වයිස් ටිකක් ගන්න.”
“කි/ය/ප/න් කි/ය/ප/න් මම නේ උ/ඹේ ඇඩ්වයිසර්….”
“මගේ අතේ එකතු කරපු සල්ලි ටිකක් තියෙනවා..මට වාහනයක් ගන්නත් ඕනේ..තව මගේ හිතේ අදහසකුත් තියෙනවා ටවුමට කිට්ටු වෙන්න ටිකක් ලොකු බිල්ඩින් එකක් අරගන්න.හැබැයි මම ළඟ ඒ දෙකටම සල්ලි නෑ”
සඳුනි මොහොතක් කල්පනා කරන්න ගත්තා..
හමුවෙමු මීළඟ කොටසින්